මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "ශ්‍රී ලංකාවේ විනිසුරුවන් බහුතරයක්‌ දූෂිතයන්" යෑයි රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රසිද්ධ චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු වී ඇති බැවින් එම වරදට දඬුවම් නියම නොකිරීමට ඔහුගෙන් හේතු විමසීම සඳහා නීතිපති සකස්‌ කළ ආඥවේ කෙටුම්පත ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (30 වැනිදා) ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

    මෙම නඩුවට අදාළව රන්ජන් රාමනායක මහතාට භාරදීම සඳහා නීතිපති සකස්‌ කළ චෝදනා පත්‍රයේ කෙටුම්පතද අතිරේක සොලිසිටර් ජනරාල් නවාන මහතා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    මෙම කෙටුම්පත් දෙකම ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් නඩු දිනයේ ශේ්‍රෂ්ඨාධිකරණය කළ දැනුම් දීමකට අනුවයි.

    කෙටුම්පත් දෙක අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායකට එරෙහිව නඩුවක්‌ පවත්වාගෙන යැම පිළිබඳව ශේ්‍රෂ්ඨාධිකරණය ගන්නා තීරණය ලබන 08දා ඔහුට දැනුම් දෙන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සඳහන් කළේය.

    රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක්‌ පැවැත්වීමට තීරණය කරනු ලැබුවහොත් ඊට පෙර ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා පත්‍රය කියවා භාරදීම සිදු කෙරනු ඇත. ඉන් අනතුරුව චෝදනාවලට වැරදිකරුද, නැද්aද යන්න ඔහුගෙන් විමසනු ඇත.

    නි. ඇමැති රන්ජන් රාමනායක මහතා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට කැඳවනු ලැබුවේ දැනට වසරකට පමණ පෙර ඔහු ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදුව ඇති බවට ඉදිරිපත් වූ පැමිණිලි 2 ක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි.

    විනිසුරුවන් හෙළා දකිමින් ඔවුන්ට අගෞරවයක්‌ වන ආකාරයට ඔහු කළ ප්‍රකාශයේ බරපතළකම ගැන සලකා ඔහු කළ වරදට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 105 (3) යටතේ ඔහුට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වා සුදුසු දඬුවමක්‌ නියම කරන ලෙසද පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ.

    රන්ජන් රාමනායකට එරෙහිව එම පැමිණිල්ල කළේ මහගල්කන්ද සුදන්ත හිමි, ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු වන රණවක සුනිල් පෙරේරා මහතා විසිනි.

    අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් කේ. මලල්ගොඩ සහ දෙහිදෙනිය යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්වේ.

    අධිනීතිඥ රසික දිසානායක මහතා සහ නිසංසලා විඡේසිංහ මහත්මිය පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටිති.

    රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතායි.

    ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    cart.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දඩත් බදුත් ගහලා රටත් විකුණනවා

    කෝප් කමිටුව, ජාතික ආර්ථික කවුන්සිලය, මත්තල ගුවන්තොටුපළ, මරණ දඬුවම, ඊළඟ පොදු අපේක්ෂක කවුද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජවිපෙ ජනහමු දස දහස ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතායි.



    ප්‍රශ්නය:- කෝප් කමිටු සභාපතිත්වය නැවතත් ජවිපෙටම හිමි වුණා. කෝප් කමිටු සභාපතිත්වයෙන් ඔබ ඇත්තටම කළේ මොකද්ද?

    පිළිතුර:- නැවත පත්වීමත් සමග කෝප් කමිටුවෙන් අපි නව වැඩපිළිවෙලක් ආරම්භ කළා. අඩුපාඩුකම් සහිතව වුවත් ජාතික විගණන පනත දැන් ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තු කමිටු සභා කාමරෙන් එළියට ගෙනිහින් මෙය වඩාත් ගවේෂණශීලී මහජනතාවට ඍජුව සම්බන්ධ විය හැකි රාජ්‍ය ආයතනවලට වැඩි බලපෑමක් කළ හැකි ආකෘතියකට යන්නට අපි කටයුතු කරනවා. ඊට අදාළ ක්‍රමවේද කීපයක් හදලා තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිදුවීමේදී අපේ මැදිහත්වීම රට දුටුවා. අලුත් තත්ත්වය යටතේ කාටවත් මගහැරලා යන්න බෑ. පාර්ලිමේන්තුව හරහා ජනතාවට යම් සේවයක් කිරීමට හැකිය යන නිදර්ශනය දීමේ තෘප්තිය අපට තිබෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ‍වූ ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි කර ජාතික ආර්ථික කවුන්සිලයක් පත් කිරීමට ජනපතිවරයා කටයුතු කළා. ආර්ථිකයේ ප්‍රතිපත්තිමය වෙනසක් වී ඇති බවක් පෙනෙනවාද?

    පිළිතුර:- ඔය කමිටුවලින් දැන් වැඩක් නෑ. ඔය කමිටුවලට ආර්ථිකය දශමයකින්වත් ඉදිරියට ගෙනියන්න බෑ. මොන කමිටු පත්කරගත්තත් ආණ්ඩුවට සිද්ධවෙලා තිබෙන්නේ දඩයි බදුයි ගහලා ඉතිරි වෙලා තියෙන සම්පත් ටික ඉන්දියාවට හරි චීනෙට හරි විකුණලා එදාවේල හොයාගන්නයි. මේ රට දැන් හරියට බංකොලොත්වෙච්ච කඩයක් වගේ. කඩේ ඉතිරි වෙලා තියෙන බඩු ටික විකුණනවා වගේ වැඩක් දැන් වෙන්නේ. මේ තිබෙන ආර්ථික පිළිවෙතම වෙනස් විය යුතුයි. මේ අවුරුදු හැත්තෑවක් තිස්සේ ගෙවන්න තියෙන රුපියල් බිලියන දහ දාහක් ණය ටිකම ඇති රට සංවර්ධනය කරන්න. වර්ෂයක ණය ගෙවලා ඉවර කරන්න රටේ ජාතික ආදායම මදි. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ ණය අරගෙන තවදුරටත් යන්න බෑ කියලා පැහැදිලියි. ණය ගත්තෙ සංවර්ධනයට නම් වෙච්ච සංවර්ධනයක් තියෙන්න එපැයි. සංවර්ධනයක් වුණා නම් ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවෙද්දී රට ඇතුලේ තෙල් මිල වැඩිකරන්න ආණ්ඩුවට සිද්ධ වේවිද? දැන් මේ සූත්‍ර හදාගෙන තෙල් මිල වැඩි කරන්නෙත් බදු වැඩි කරන්නෙත් ජනතාවගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. වෙනස් වෙන්න ඕනෙ කමිටු නෙවෙයි. ආර්ථික ප්‍රතිපත්තියයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට පැවැරීමට ගිවිසුම්ගතවීමේ සූදානමක් ඇතැයි ජවිපෙ චෝදනා කළත් ඉන්දීය ලෝක් සභාවේදී එරට සිවිල් ගුවන් සේවා ඇමැතිවරයාම එය ප්‍රතික්ෂේප කළා. ඉන්දියාව පවා ප්‍රතික්ෂේප කරන ගිවිසුමක් ඇතැයි ජවිපෙ කියන්නේ කොහොමද?

    පිළිතුර:- අපි කරන්නේ චෝදනාවක් නෙවෙයි. මේක හරි පැහැදිලිව අගමැතිවරයා පිළිගත්තනෙ. චීනෙට හම්බන්තොට වරාය දීම නිසා ඉන්දියාවට මත්තල ගුවන්තොටුපළ දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ රට ලෝ​ෙකට කොච්චර ණය වෙලාද කිව්වොත් දේපළ විකිණීමෙන් ඔබ්බට ගිහින් චීනෙයි ඉන්දියාවයි දේශපාලනිකවත් සතුටු කිරීමට සිදුව තිබෙනවා. චීනය සහ ඉන්දියාව අතර තිබෙන බල අරගලයට අවසානයේදී වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ලංකාවේ ජාතික සම්පත්වලින්. දැන් ලෝක් සභාව නෑ කියලා කියනවා නම් ඒකම ආණ්ඩුවටත් කියන්න පුළුවන්නෙ. මත්තල ඉන්දියාවට දෙන්නේ නෑ කියලා කියන්නැයි අපි ආණ්ඩුවට අභියෝග කරනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- උතුරේ නිවාස හතළිස් දහසේ ව්‍යාපෘතිය, නිව්යෝක් ටයිම්ස් ප්‍රශ්නය ආදියේදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් යම් උණුසුම් අදහස් පළ කෙරුණා. ලංකාවේ ආර්ථික ප්‍රශ්න විදෙස් පිළිවෙතට බලපාන තැනට වර්ධනය වෙලාද?

    පිළිතුර:- ස්වාධීන නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ඉතිහාසයේ අපට තිබුණා. අද අපි එතැනත් නෑ. අද අපට තිබෙන්නේ එක පැත්තකින් යුරෝපයටත් අනෙක් පැත්තෙන් සිංගප්පූරු ගිවිසුමෙන් ලෝක වෙළෙඳ සංවිධානයටත් වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති හරහා චීනයට හා ඉන්දියාවටත් ගැට ගැහුණු දේශපාලනයක්. ආර්ථික වශයෙන් දුබල වෙද්දී ජාත්‍යන්තරයේ දේශපාලනික වශයෙන් බෙල්ල හිරවෙනවා. රටවල ආර්ථික දුබලතාව ජාත්‍යන්තරය හැමදාමත් පාවිච්චි කරනවා. අපි පැත්තකින් තියන්න. කෙන්යානු ඇමැතිවරයෙක් එරට පාර්ලිමේන්තුවේදී තම රටට අනාගතයේදී ජාත්‍යන්තර වශයෙන් අසරණ වන තැනට පාර කැපෙනු ඇති බව කියමින් ඊට උදාහරණ ලෙස දැක්වූයේ සියෙරාලියෝනය හා ශ්‍රී ලංකාවයි. සියෙරාලියෝනයට හා ලංකාවට චීනය කළ මැදිහත්වීමෙන් කෙන්යාව ආදර්ශයක් ගත යුතු යැයි ඔහු කිව්වා. අන්තර්ජාලයෙන් මේ කතාව ඕනෑම අයෙකුට බලන්න පුළුවන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එජාපය හා ශ්‍රීලනිප තදබල මත ගැටුමක් මතුවෙලා. පිලිපීන ජනාධිපතිවරයා ඊට ප්‍රසාදය පළකරද්දී ගෝලීය වශයෙනුත් ජී.එස්.පී. සහනය වැනි කාරණාවලට යම් තෙරපුමක් එල්ල වී තිබෙනවා. එල්ලා මැරීම විපාකදායී දඬුවමකින් ඔබ්බට ගිහින් ද?

    පිළිතුර:- මේ තියෙන්නේ එල්ලුම් ගහ ගැන කතාවක් නෙවෙයි. ජාතික යැයි කියලා හවුල් ආණ්ඩුවක් හැදුවාට මේ පක්ෂ දෙකටම ඕනෑ වුණේ හදාගත්ත ආණ්ඩුවේ ප්‍රබලයා වෙන්නයි. මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්තුරු දුබල වෙන්නේම මේ බල අරගලයේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒක කොච්චර දුරට ගිහින්ද කිව්වොත් දැන් තිබෙන්නේ එකිනෙකා පරයමින් වැඩ කරන බල බිඳවැටීමක්. මෛත්‍රීපාල මහත්තයා රනිල් මහත්තයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමෙත් රනිල් මහත්තයා මුවින් නොබැණ වුණත් මෛත්‍රී මහත්තයට විරුද්ධව ක්‍රියා කිරීමෙනුත් පෙනෙන්නේ එයයි. එල්ලුම් ගහ ගෙනාවාට ලෝකයේ අපරාධ අඩුවෙලා නැති බව මේ කියන අයම දන්නවා. එල්ලුම් ගහ නිසා මත්ද්‍රව්‍ය භාවිතය අඩුවෙච්ච රටක් අපට කියන්න. මේ තියෙන්නේ අතිශය පුද්ගලික පැවැත්ම වෙනුවෙන් හදාගත් සටන් පාඨයි. සමහර වෙලාවට ඒ සටන් පාඨවල ජීව කාලය පැය විසි හතරයි. හැබැයි ඒ සටන් පාඨවලින් රටේ කීර්ති නාමයට ජාත්‍යන්තර වශයෙන් ඇතිවන අපකීර්තිය බරපතළයි. එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවෙච්ච රටක් ඒක ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් දර්ශකය පැත්තෙන් හොඳ නෑනෙ. ඒක සංවර්ධන දර්ශකයක් නෙවෙයි. ලංකාව හිරකිරීමට බලාගෙන ඉන්න අධිරාජ්‍යවාදීනුත් මානව හිමිකම් ආදී වෙනත් විෂය පැත්තෙන් ඒවා විග්‍රහ කරගැනීමත් මේ අතරේ වෙනවා. මේ මෝඩ පාලකයන්ට ඒවා තේරෙන්නේ නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දුනහොත් උදයංග වීරතුංග ගෙනැවිත් දෙන බවට හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාට අභියෝග කළා. රටේ බරපතළ නීතිමය ක්‍රියාවලින් සරල දේශපාලනික කොන්දේසි බවට පත්වෙන්නේ ඇයි?

    පිළිතුර:- මම නම් කම්පාවෙන්නේ ඔය බඩගෝස්තරවාදී දූෂිත දේශපාලකයන්ගේ චණ්ඩි කතා මාධ්‍ය කතා ගැන නෙවෙයි. හොරකම් කරන ගමන් සුදු රෙදි අඳින කට්ටිය කතා කියන්න ඕනෑ. රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ පාලනයත් දූෂිතයන් රකින පාලනයි. කනගාටුව ජනතාව ගැනයි. තමන් අකැමැති එකා හොරකම් කරද්දී මහා දූෂණ හැටියට පෙනෙන ජනතාවට තමන් කැමැති එකා හොරකම් කරනකොට හොඳයි. එන්න ඒ වගේ කාලකන්නි පැති බෙදාගත් පටු විදියට හිතන ජනතාවක් ඉන්නවා. මොන හොරත් හොරා කියලා නිවැරැදි වෙන්න ඕනේ ජනතාවයි. ඇති පදම් හොරකම් කරන පාලකයෝ බෝධිසත්වයෝ වගේ කතා කියන්නේ තමන් මොනවා කළත් පිළිගන්න ජනතාවක් ඉන්න නිසයි. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ජනමාධ්‍ය වුණත් එදාවේල මාතෘකා අරගෙන දුවනවා මිස මේ වැරැදි පෙන්වන්න කටයුතු කරන්නේ නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- දේශපාලන පළිගැනීම් මුවාවෙන් දේශපාලන උසස්වීම් දෙන බවට චෝදනා කරමින් අධ්‍යාපන වෘත්තිය සමිති වැඩ වර්ජනයක් දියත් කිරීමට උත්සාහ කරද්දී ජනාධිපතිවරයා එය අත්හිටෙව්වා. ආණ්ඩුව තුළ පක්ෂ වශයෙන් ඇති මේ බල බෙදුම විසින් ප්‍රජාතන්ත්‍රවාදයට පාර කපනු ලැබ ඇතැයි ඇතැමුන් කියනවා. මේ තර්කය පිළිගන්නවාද?

    පිළිතුර:- ඔය බල බෙදීමක් නෙවෙයි. බල දුබලතාවයක්. ජනාධිපතියි අගමැතියි මේ විදියට තීන්දු ගනිද්දී පරිපාලන නිලධාරීන් මොකද්ද කරන්නේ? ඔවුන් පිළිපදින්න ඕනෑ කාගේ නියෝග ද? මේක හරි විහිළුවක්. පරිපාලන ක්‍ෂේත්‍රය විතරක් නෙවෙයි. තෙල් මිල ගත්තත් එහෙමනෙ. මුදල් ඇමැති හරි කැබිනට් මණ්ඩලය හරි තෙල් මිල වැඩි කරනවා. ජනාධිපති අඩු කරනවා. ආයෙ ජනාධිපතිත් වැඩි කරනවා. මේ රටේ ජනතාවට මේ විහිළුව විඳවලා දැන් ඇතිවෙලා තිබෙන්නේ. මම කියන්නේ කවුද හරි තීරණේ ගත්තේ කියන එක නෙවෙයි. පැහැදිලි ලෙසම මේ රට දැන් අරාජිකයි. වැඩ වර්ජන, උද්ඝෝෂණ විරුද්ධ පක්ෂයේ විරෝධතා, කැරැලි කෝලාහල මගින් රටක් අරාජික වෙන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙන්නේ පාලක පන්තියේ අසමත්කම් නිසා අරාජිකවීමක්. ජනතාව හිතන විදියට මේකට විකල්පෙකුත් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් යම් උකටලීභාවයක් තිබුණත් ඊළඟ ජනාධිපතිවරණය ගැන පොදුජනයා අතරේ යම් උද්‍යෝගයක් හටගෙන තිබෙනවා. ක්‍රීඩා තාරකාවල, ව්‍යාපාරිකයන්ගේ නම් කියැවෙනවා. දේශපාලන ඡන්ද පදනම්වලට පොදු අපේක්ෂකයන්ට තවමත් බලපෑම් කළ නොහැකැයි ඔබ හිතනවාද?

    පිළිතුර:- ජේ.ආර්. ජයවර්ධන කියන පුද්ගලයා ජනාධිපති වෙනකොට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඔහුට තිබුණා. ඔවුන්ගේ වැඩපිළිවෙල ඒ මොහොතේ ආකර්ශනීයයි. හැබැයි අසාර්ථක වුණේ නැද්ද? ආර්. ප්‍රේමදාස කියන්නේ ක්‍රීඩකයෙක් නෙවෙයිනෙ. මහින්ද රාජපක්ෂත් එහෙමයි. දේශපාලනයම කරපු අය. රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ගත්තත් රඟපාලා ආපු අය නෙවෙයි. ඒ ගොල්ලො සාර්ථක නම් රට මෙහෙම අසාර්ථක වෙන්නෙ කොහොමද? අපි කතා කරන ණය බර, බදු බර, මන්දපෝෂණය, ඇති නැති පරතරය, දුප්පත්කම, විරැකියාව, උද්ධමනය, රුපියලේ වැටීම ආදී වශයෙන් මේ ඔක්කොම ගත්තාම අපි ඉන්නේ හොඳ පැත්තේ නෙවෙයි. අපි බලන්න ඕනේ නළුවද ගායකයද ක්‍රීඩකයද කියලා නෙවෙයි. මේ කියන තනි පුද්ගලයන්ට ඇති නැති පරතරය දුප්පත්කම දශමයකින් හරි අඩු කරන්න පුළුවන්ද? රුපියල කඩාවැටීම නවත්වන්න පුළුවන් ද? විරැකියාවට උත්තරයක් දෙන්න පුළුවන් ද? මේ සියදිවි නසාගැනීම්වලට මන්දපෝෂණයට උත්තර දෙන්න පුළුවන් ද? මේවාට ජනතාව වගේම ඔවුන්ගේ මොළේ සුද්ධ කරන මාධ්‍යයත් වගකියන්න ඕනෑ. මොකද මාධ්‍ය බලන්නෙත් වැඩපිළිවෙලක් නෙවෙයි. මරණාධාර සමිතියකවත් වැඩ කරපු නැති අය දැන් මාධ්‍යවලින් උඩ දානවා. මෙන්න මගේ සංකල්පය, මට දෙන්න රට යැයි කියනවා. මාධ්‍යට වෙන වැඩක් නැත්නම් මිනිස්සුන්ගේ මොළේ සුද්ධ නොකර නිකන් හිටියත් කමක් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය:- ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දීමට පත්කළ විද්වත් කමිටුවට පිටින් ගොස් මන්ත්‍රීවරුන් ක්‍රියාකිරීම ගැන චෝදනා එල්ල වෙද්දී 20 වැනි සංශෝධනය ගැන උද්‍යෝගය ගැන වැඩි කතාවක් නෑ. නව ව්‍යවස්ථාව හා 20 අතර ඇති සම්බන්ධය මොකද්ද?

    පිළිතුර:- 20 ගේන්න සිදුවුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කතාවට විතරක් සීමා වෙලා බාලගිරි දෝෂය උදාවෙච්ච නිසයි. පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරලා ඉවර වෙලා අතුරු වාර්තා ඉදිරිපත් කරලා පළාත් පාලන ඡන්දෙදි ඒ ගැන කතා නොකරම අතෑරියාට පස්සේ අපි මොකද කරන්නේ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නව ඡන්ද ක්‍රමයක් හදලා ජාතික ප්‍රශ්නයට යම් සාධාරණ විසඳුමක් දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා නම් හෙට වුණත් සහාය දක්වන්න අපි ලෑස්තියි. 20 බදාගෙන ඉන්න අපිට වුවමනාවක් නෑ.




    ප්‍රශ්නය:- ජවිපෙ ජනහමු දස දහසේ වැඩසටහනක් දියත් කරනවා. මේ අතරේම ජනතාව පුද්ගලවාදී දේශපාලනයට ඇද වැටී ඇතැයි ඔබ චෝදනා කරනවා. මිනිස්සු පුද්ගලයන් පස්සේ දුවන්නේ මේ රටේ දේශපාලන පක්ෂවල අසාර්ථකභාවයක් නිසා නොවේද?


    පිළිතුර:- අන්න වැදගත් ප්‍රශ්නය. ජනහමු දස දහස කියන්නේ වියුක්ත වැඩපිළිවෙලක් නෙවෙයි. රට රකින රට හදන ජනතාවාදී පාලනයක් ගොඩනගන්නේ කොහොමද කියන සාකච්ඡාවක්. මේ රටට ප්‍රතිපත්ති මාලාවක් හැදීමේ අරමුණෙන් ජාතික විද්වත් සංවිධාන ඉදිරිපත් කරන ජාතික වැඩපිළිවෙල යටතේ ජවිපෙ සම්බන්ධ වන ආකාරය වන්නේ ජනහමු දස දහසයි. මේ රට හදන්නෙ කොහොමද කියන රටට වැදගත් ප්‍රශ්නය තමයි අපි ජනතාවගෙන් අහන්නේ. මේ රටේ ප්‍රශ්න හඳුනාගැනීමත් උත්තර සෙවීමත් ජනතාව සම්බන්ධ කරගන්නේ නැතිව කරන්න බෑ. මාස හැටෙන් අලුත් රටක් කිව්වත් ගම්පෙරළිය කිව්වත් වෙනසක් නොවෙන්නේ ඒ නිසයි. අපි කරන්නේ ජනතාව එක්ක ඇත්ත ප්‍රශ්නය කතා කරන එකයි. මේ රටේ කලාකරුවන්, විද්වතුන්, උගතුන්ගේ වගේම මාධ්‍යවේදීන්ගේ සහායත් ඊට අවශ්‍යයයි. මේ මොහොතේ පුරවැසි වගකීම එයයි. රටට ඕනෑ වැඩපිළිවෙලක් මිස පුද්ගලයෝ නෙවෙයි. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියන්න වගේ පුද්ගලයෝ පොරවල් වෙලා තියෙන්නේ වැඩපිළිවෙලක් නැති නිසයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    මහ බැංකුව කඩලා පටන් ගත්ත පොනිල්ගේ පංචවිධ ක්‍රියාවලිය
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යහපාලන ආණ්ඩුව අතමිට සරු කර ඉල්ලුමට සැපයුම දුන්නා - දැන් ඇති තරම් වාහන තියෙනවා..! වැඩිවුන වාහන මිල ගැන ඇමති කබීර් කියන කතාව (VIDEO)

    වාහන සඳහා අය කරන බදු මුදල් ඉහල දැමීමත් සමඟ ඒ සඳහා බොහෝ දෙනාගෙන් එල්ල වුනේ විවේචනයක්. කෙසේ වෙතත් මෙලෙස විශාල බදු මුදලක් අයකර වාහන මිල ඉහල දැමීමට හේතුව මෙරට ජනතාවට අවශ්‍ය තරම් වාහන තිබෙන නිසා බවයි අමාත්‍ය කබීර් හෂීම් පෙන්වා දෙන්නේ.

    එසේම 2015 වසරේදී යහපාලන ආණ්ඩුව පැමිණි පසු ජනතාවට වාහන ගැනීමේ සිහිනය සැබෑ වූ බවත් දැන් මාර්ගවල වාහන වැඩි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්.




    http://nethgossip.lk/article/31533

    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_4453e7a85e.jpg

    සද්දෙ විතරයි කොරපු ලබ්බක් නම් නෑ...
    හෝ... හෝ... වැරදුනා දඩයි බදුයි නම් ගැහුව රෙද්දෙ රෙවෙන්නම

    යහපාලනය = බදු+ දඩ
     
    Status
    Not open for further replies.