මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    38454784_1694637603967351_5309402656798670848_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    360x60%20Pix%20EST%20Banners_Sinhala.png


    හුස්ම ගත්ත වසර තුනක්
    =====================
    අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පාසැල් මිතුරෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා රෝහල් ගත වී සිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය සතුටු දායක මට්ටමක නොවීය. ඒ නිසා අගමැති තම පාසල් මිතුරා රෝහලට ගොස් බැහැදැක තම ආණ්ඩුව වසර තුනක් තිස්සේ අත්කරගත් ප්‍රගතිය පෙන්වා ඔහුව සතුටු කිරීමට ඔහු තීරණය කළේය. A4 කොලයක් රැගෙන තම අත් අකුරෙන්ම " හුස්ම ගත්ත වසර තුනක්" යන මාතෘකාව යටතේ ආණ්ඩුවේ ප්‍රගතිය මෙලෙස සටහන් කළේය.
    • දින 100 න් අලුත් රටක් සෑදීම.
    • විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම.
    • කැබිනට් මණ්ඩලය 30 ට අඩු කිරීම.
    • මහ බැංකු බැඳුම්කර වංචාව.
    • ලොව හොඳම කොටස් වෙළඳපල කඩාවැටීම.
    • ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 134 සිට 161 දක්වා අවප්‍රමාණය වීම.
    • හම්බන්තොට වරාය චීනයට බදු දීම.
    • මත්තල ගුවන් තොටුපල බදු දීමට සැරසීම.
    • ආයෝජනයට නුසුදුසු රටක් බවට පත් කිරීම.
    • මුළු රටටම Wi-Fi ලබා දීම.
    • වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් ඇරඹීම.
    • පුංචි කාර්වල මිල අඩුකිරීම.
    • රත්තරන් උකස් ණය කපා දැමීම.
    • ගැබිණි මවුවරුන්ට රු 20,000 ක පෝෂණ මල්ලක් ලබා දීම.
    • බදු පිට බදු ගැසීම.
    • වසර තුනට රාජ්‍ය ණය රුපියල් බිලියන 3000 කින් වැඩි කිරීම.
    • රටේ ආර්ථික වර්ධන වේගය 7% සිට 3% දක්වා රැගෙන ඒම.
    • විරැකියා අනුපාතය වර්ධනය කිරීම.
    • පාතාල ලෝකය වර්ධනය කිරීම.
    • පොහොර සහනාධාරය ඉවත් කිරීම.
    • මැතිවරණ කල් දැමීම.
    • දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම.
    • ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට පත් කිරීම.
    පසුගිය දිනක ඉහත ලියන ලද සටහනත් ගෙන තම මිතුරා ප්‍රතිකාර ලබමින් සිටින පෞද්ගලික රෝහලට ඇතුලත් වූ අගමැතිතුමා තම මිතුරා සිටින කාමරයට ගොස් ඔහු ගෙනා පලතුරු කූඩය මේසය මත තබා ආණ්ඩුවේ වසර තුනක ප්‍රගතිය කියවන්නට පටන් ගත්තේය. ස්වල්ප වෙලාවක් ගිය පසු රෝගි මිතුරා අත පය සොලවා යමක් කියන්නට උත්සාහ දැරුවද අගමැතිතුමා සිතුවේ ඔහු තම ආණ්ඩුවේ ප්‍රගතිය අසා සතුට පල කරන බවයි. සුළු වෙලාවක් අතපය සෙල වූ රෝගී මිතුරා අගමැතිගෙන් ප්‍රතිචාරයක් නොලැබුන නිසා මේසය මත තිබු කොලයක් සහ පෑනක් රැගෙන යමක් ලියා අවසන් හුස්ම හෙලුවේය. මිතුරාගේ අභාවයෙන් කණගාටු වූ අගමැතිතුමා ඔහු අවසන් වරට ලියු සටහන තම සාක්කුවේ දමාගත්ත ද ඔහුට එය කියවන්නට අමතක විය.
    මිතුරාගේ පවුලේ උදවියට තම කණගාටුව ප්‍රකාශ කළ අගමැතිතුමා ඉන්පසු පක්ෂ රැස්වීම බලා පිටත් වුයේ එය කලින්ම සැලසුම් කර තිබු නිසාවෙනි. රැස්වීම පටන්ගත් පසු අගමැතිතුමාට තම මිතුරා රෝහලේ දී ලියු සටහන මතක් වී එය සාක්කුවෙන් රැගෙන කියවන්නට විය. අපහසුවෙන් ලියු සටහනක් වූ එය කියවන විට රනිල්ට හීන් දාඩිය දැම්මේ ය. එහි ලියා තිබුණේ පහත පරිදි ය.
    " අයිසේ රනිල්..තමුසේ හිටගෙන ඉන්නේ මගේ ඔක්සිජන් බටේ උඩ...තමුසේ ලංකාවේ මිනිස්සුන්ට කරන්නෙත් දැන් මට කරන දේම තමයි...මේ අවුරුදු තුනේ කවුරු හරි හුස්ම ගත්තනම්, ඒ මීට අවුරුදු තුනකට කලින් හුස්ම ගන්න බැරි තරමට දිනපතා ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණ කරපු, දැන් තමුසෙට අවනත වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණ විතරයි..."

    ==========================
    සොනාල ගුනවර්ධන

    uputa ganimaki

    :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගම් පෙරළියට යටවෙන වැවේ සංස්කෘතිය

    මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ගම්පෙරළිය නව කතාව ලියන ලද්දේ විසිවන සියවස මුල් භාගයේ දකුණු පළාතේ ගමක සිදුවූ සමාජ පෙරළිය පාඨකයා වෙත සන්නිවේදනය කිරීමටයි. ඔහු ඉන්පසු කලියුගය සහ යුගාන්තය රචනා කරමින් නව ලිබරල් ධනවාදී පෙලැන්තියක් විසින් ගමේ මෙන්ම නගරයේ ද බලය ලබාගන්නා හැටි විවරණය කරයි. මෙරට වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා ගම් පෙරළිය ආරම්භ කිරීමට නිකවැරටිය ප‍්‍රදේශයේ මඩත්තව වැවේ දී ප‍්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේය. එහි පැවති උත්සවයේ දී සිය කතාව පවත්වමින් ඔහු කියන්නට උත්සාහ කළේ කුමක්ද. මෙතෙක් කල් වැව්වල මඩ සහ වැලි ඉවත් කළ කොන්ත‍්‍රාත්කරුවන් අතට ගිය මුදල් ගමේ ගොවි සංවිධානයට ජනතාව අතට ලබා දෙන බවයි.

    මෙරට ජීවමානව පැවති වැව් තිස් දහසකට අධික බව පැරණියන් කියති. එයින් තවමත් පහළොස් දාහකට අධික සංඛ්‍යාවක් ජීවමානව ක‍්‍රියාත්මක වෙයි. වැවක මූලික අරමුණ කුඹුරට ජලය සැපයීම යන්නෙන් අර්ථකථනයක් තිබුණද. එය ප‍්‍රථම අරමුණ නොවේ. වැවේ මූලික අරමුණ වනුයේ පොළවේ පවතින භූගත ජලය ඉහළට ඔසවා හාත්පස පරිසරය තෙත්ව තබා ගැනීමයි. අහස් වැව් මූකලන් වැව් වැනි වැව් බඳවන ලද්දේ ජල සම්පත මැනවින් ලබාගෙන භූගත උල්පත් ආරක්ෂා කරමින් වන සතුන්ට ද ඉන් ප‍්‍රයෝජනයක් ලැබෙන පරිද්දෙනි. මහ වැව් නිර්මාණය කළ පසු ඒවාට දිවෙන අගාර පාරවල් හරස ් කර කුළු වැව් බඳවන ලද්දේ මහ වැව් රොන් මඩ වලින් පිරී යෑම වළක්වාලීමටයි. එම කුළු වැව් පද්ධතිය ද වන සතුන්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වූ බව පැවසිය යුතුය. වැව ආහාර ගබඩාවකි. වැව සමග තිබෙන ගම්ගොඩ ස්වයං පෝෂිත ආර්ථිකයකි. වැව අයිති ගමේ සංස්කෘතියටයි. එම නිසා වැව මවක් මෙන් රැුකගැනීමට වැව් භාර මුතුන්මිත්තන්ගේ අදිටන විය.

    නමුත් යටත් විජිත සමයේ ඉංග‍්‍රීසීන්ගේ මුල් වෑයම වූයේ වැවෙන් ගම ඈත් කොට රාජකාරිය තහනම් කොට ස්වයංපෝෂිතභාවය නැති කිරීමයි. වැව් දෙකඩ කොට එ් උඩින් මහා මාර්ග ගමන් ගත්තේ එහෙයිනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙරට පිහිට වූ පසු කුඩා වැව් සලකන ලද්දේ පොල් කටු වැව් විලසිනි. කාර්යක්ෂමතාවක් නැති කුඩා දිය කඩිති වැනි කුඩා වැව් තිබීමෙන් පලක් නොවන බැව් කී වාරිමාර්ග අධ්‍යක්ෂවරුන්ද එකල සිටියහ. මහවැලි ව්‍යාපාරය දියත් කළ පසු ග‍්‍රාමීය වැව් රාශියක් ඝාතනයට ලක්විය. මහවැලි එච්. කලාපයේ පමණක් වැව් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ඩෝසර කොට උලූප්පන ලද්දේය. මින්නේරිය මහ වැවේ තිබූ කුළු වැව් පද්ධතිය විනාශ කොට ඉහත්තාවේ තේක්ක වගාව ප‍්‍රචලිත කරවීය. සමහරක් වැව් එහි අගය නොසලකා කුඹුරු අස්වැද්දුමට යොදවා ගැණුනි. අදටත් උතුර දිග තැනිතලා ප‍්‍රදේශ වල තනිවුණු වැව් එල්ලංගා පද්ධති රාශියක් පවතී. එ්වා පෝෂණය කළ මහ වනය ඝාතනට ලක්වීමෙන් විශේෂයෙන්ම අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිවිපාක වශයෙන් ඉස්මතු වූ වල් නාශක සහිත හේන් ගොවිතැන නිසා මහා වනස්පති මෙන්ම කටු පඳුරු ළඳු කැලෑ පැවති පරිසරයම මුඩු බිම් බවට පත් වී තිබේ. විල්පත්තු වන විනාශයේ දී ඝාතනය වූ කුඩා වැව් සංඛ්‍යාව ගැන තවමත් ගණන් තබා නොමැත.

    වැවත් සමඟ ගැමි දිවියේ සාමූහිකත්වය ප‍්‍රකට වූ බව පැරණියන් දනිති. ගම් සභාව හෝ වරිග සභාව රැුස් වූ කල්හි වැව ගැන ගම ගැන තීරණ දෙන්නට ඔවුහු සමත් වූහ. වෙල් විදානේ විල්ලඹු ආතා නැකැත් රාළ ගමරාළ ආදී ගමේ වැඩිහිටියන් අතින් වැවත් කුඹුරත් හේනත් පරිසරයත් වන සතුන් ආදී අපා දෙපා සතුන් සමඟ තිබූ සහජීවනයත් ආරක්ෂා කර ගන්නා ලද්දේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පිහිටුවාලීමෙන් පසුව මෙරට ගොවි සංවිධාන ඇති විය. එ් හා සමගාමීව ගමේ ශ‍්‍රමදාන සංගම් ඇති වී ගමේ වැඩිහිටයන් අතින් ගමේ නායකත්වය ගිලිහිණ. ගමේ අමුණ ගමේ වැව ඇළ දොළ ප‍්‍රතිසංස්කරණයට කොන්ත‍්‍රාත් ගැනීම ඇරඹිණ. කොන්ත‍්‍රාත් ගැනීම යනු ගොවි සංවිධානයේ අරමුදල තරකර ගැනීමට කරන වැඩකටයුත්තකි. ශ‍්‍රමදානය මගින් ගමට දේශපාලන පක්ෂවල ආධිපත්‍ය කැන්දාන පැමිණියහ. වැව ඝාතනය ඇරඹුණේ එලෙසයි. නමුත් විසිවන සියවසේ අග භාගය පමණ වන තෙක් පැරණි වැඩිහිටියන් ගම්වල ජීවත්ව සිටි හෙයින් වැව් ඝාතනයට රිසි සේ අවසර නොලැබුණි. එදා වැව්වල රොන්මඩ ඉවත් කෙරුණේ කට්ටි කැපීමෙනි. මහා වැව්වලට රොන් මඩ පැමිණීම හැකිතාක් වළක්වනු ලැබිණ. එ් සඳහා ඉස්වැටි පෝටා වැටි යොදා ගත්හ. නියං කාලවලදී කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය කරගන්නා ලද අතර උලපත් ජලය බහුල එම පරිසරය පුරාණ වාරි සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගත්හ.

    පස් ලෝඩර් සහ ඩොසර් ලංකාවට බහුල වශයෙන් ගෙන්වන ලද්දේ ඉතාමත් මෑතකදීය. මේ යන්ත‍්‍ර සූත‍්‍ර නිසා සංවර්ධනයේ විශාල විපිරියාසයක් සිදුවිය. මහා කඳු පොළවට සමතලා වූ අතර වගුරු ගොඩ වුණි. තෙතමනය සිඳී ගිය අතර වැව් කපා දැමිණ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සමයේ දී වැව් දහසක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹිණ. එහිදී වූයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීමයි. මේ සඳහා යොදා ගන්නා ලද මහ යන්ත‍්‍ර සූත‍්‍ර නිසා විශාල විනාශයක් සිදු වූ බව මගේ විශ්වාසයයි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රය පුළුල් වී යෑමත් සමඟ වැලි සැපයීම මහා ජාවාරමක් බවට පත් විය. ගංගා ඇළ දොළ වල වැලි හිඟවීමත් සමඟ වැව් තාවුලූවල වැලි කැපීම ඇරඹිණ. මේ වෑයමට මුල් කාලයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පරිසර අංශ වලින් විරෝධය පළ විණ. එහෙත් පසුව මේ කටයුත්ත ඉතා වේගයෙන් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්තව ගියේය. එහි උච්ච ප‍්‍රාප්තිය යාන් ඔය වැලි නිධිය හෑරීමයි. යාන් ඔය පිටාර නිම්නය තුළ ගොවිතැන් කරමින් සිටි ජනතාව ඉන් පලවා හැරීම මුලින්ම සිදු වූ අතර ඔවුනට නිසි සේ වන්දි ගෙවීමක් පවා නොකළහ. අනතුරුව මේ වැලි කොන්ත‍්‍රාත්තුව දේශපාලකයන්ගේ ගජ මිතුරන් අතට හුවමාරු විය. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු එවකට සිටි වාරිමාර්ග ඇමැතිගේ ගෝල බාලයන් මෙයට වහ වැටිණ. අද එය මහා පරිමාණ වැලි මංකොල්ල කෑමකි.

    ගොවිතැනත් බතත් සමඟ ගමත් වැවත් තවමත් හැල්මේ ගමන් කරති. නව ලිබරල් ආර්ථික ප‍්‍රවණතා කුමක් තිබුණ ද ග‍්‍රාමීය ආර්ථිකය තමන්ට අවශ්‍ය පරිදි සංස්කෘතියට පරිසරයට ගැලපෙන පරිදි හැසිරවෙයි. හම්බන්තොට වරාය මත්තල

    ගුවන්තොටුපළ ආදී ජාතික සම්පත් පිටරට විකිණෙන අවස්ථාවක ගමට හුදකලාව සිය අනන්‍යතාවය

    රැුකගෙන පැවතීම ලිබරල් ව්‍යවසායකත්වයට බාධාවකි. පාලනයේ අධර්මිෂ්ට බව නිසාම රටට වැහි නැත. කන්න හයක් දැන් රජරට වැසි නැතිව ගොවිතැන් කර නොමැත. කෘෂි රසායන යන්ත‍්‍ර සූත‍්‍ර ගමට ගෙනවුත් අලෙවි කරමින් ඇති කළ පෙරළිය තවදුරටත් ඉදිරියට ගෙනියන්නට නම් ගම සහමුලින්ම විවෘත විය යුතුය. වැව ගැන ගම්ගොඩ ගැන ගැමියාගේ තීබූ පහන් හැඟීම් මාතෘත්වය ඉවත්විය යුතුය. වැව් හාරා වැලි පැටවීම ගමට භාර දෙන්නට යහපාලනයට අවශ්‍යව තිබෙන්නේ මේ නිසයි. බිලියන අසූවක් ගම්මානවලට මුදා හැරි පසු වැවත් ගමත් ඝාතනය වනු නියතය. මුදල් ඉදිරියේ ගම කළඹවන්නට මෙන්ම එ් මඟින් ඡුන්ද කුට්ටිය කඩා ගන්නට ද දේශපාලකයන් දක්ෂය. එවිට ගමේ ඇති කළ හැකි නවීන සංවර්ධනය ඉදිකිරීම් ගැන කතා කරන්නට ප‍්‍රමුඛත්වය ගන්නට ගමට නොහැකිය. එයට මැදිහත්වීමට චීනා හෝ ඉන්දියන් දෙමළා ගම් වදිනු නිසැකය. ඉක්ටා මෙන්ම සිංගප්පූර් වෙළෙඳ ගිවිසුම්වල තිබෙන භයානක සැලසුම් ගැමියන් ලවාම ක‍්‍රියාත්මක කරලීමට ඇරඹි පෙරළිය ගම් පෙරළියක් බව අප තේරුම් ගත යුත්තේ එහෙයිනි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පෝ වර්ග
    ==============

    වාමාංශික ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්‍රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.

    මුස්පේන්තු ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්‍රේත කොට්ඨාසයකි.

    හිඟන ජෙප්පො
    ~~~~~~~~~~~
    මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්‍රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්‍යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.

    පුක් පඬි ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

    භීතිකා ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්‍රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    ළාමක ජෙප්පො
    ~~~~~~~~~~~
    90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්‍රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්‍ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්‍රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.

    වහල් ජෙප්පො
    ~~~~~~~~~~
    අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්‍රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

    ඩිමෙන්ෂියා ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්‍රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්‍රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.

    උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.

    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.

    ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.

    ==================
    සොනාල ගුණවර්ධන

    :P
     
    Status
    Not open for further replies.