මෛත්‍රී මරාගේ අගමැතිකම එපා කියයි
එජනිස ආණ්ඩුවේ අවසන් කැබිනට් රැස්වීම විය හැකි කැබිනට් රැස්වීම මීට ස්වල්ප මොහොකට පෙර එනම් රාත්‍රී 7.00 ට අරලිගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්වීම ගැන මැදමූලන මරාගේ තීන්දුව කැබිනට් ඇමැතිවරුන්ට දැනුම් දීමට නියමිතය. කැබිනට් රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මධ්‍යම කාරක සභාව රාත්‍රී 8.30ට රැස්වීමට නියමිතය. එහිදී ජනාධිපතිවරණයකට මධ්‍යම කාරක සභා අනුමැතියද ලබා ගැනීමට නියමිතය
මෙකී රැස්වීම් ද්වයෙන් පසුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට මැදමූලන මරා අත්සන් තබනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. රජයේ මුද්‍රණාලය වැදගත් ගැසට් නිවේදනයක් මුද්‍රණය කිරීමට සීරුවෙන් තබා ඇත.
මරා විසින් අද රාත්‍රී පෝස්ටරයක් ඇලවීමට ද රට පුරා කණ්ඩායම් සූදානම් කර තිබේ.
කෙසේ වෙතත් මැදමූලන මරා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාපාරය හා එක්වීමට ආණ්ඩුවෙන් වෙන් වන ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයට අයත් වන මැති ඇමැති පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙන් වීමට නියමිත ය.
පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතව ඇත්තේ තව දින තුනක් පමණි. එනම් අවසන් දිනය 24 දා ය. යම් හෙයකින් ආණ්ඩුවෙන් වෙන් වන මැති ඇමැති කණ්ඩායමට ප්‍රචාරක වාසියක් ලබා නොදීමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම 24 දා රාත්‍රියේ සිදුකිරීමට ගිය හොත් නීතියට අනුව අවශ්‍ය අවම දින ගණන් අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හා පාප් වහන්නේ පැමිණෙන දිනය අතර ගැටුමක් ඇති වනවා ඇත. ඊට අමතරව මැදමූලන මරාගේ ශුභ දිනය අතරද ගැටළුවක් පැන නගිනු ඇත.
නීතියට අනුව ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස් වරයා විසින් දින 16-21 ත් අතර කාලයකදී නාම යෝජනා කැඳවිය යුතු අතර නාම යෝජනා අවසන් දිනයෙන් පසුව සති 4-6 අතර කාලයක් තුල ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
සෑම අතින්ම සැලකූ විට අද මධ්‍යම රාත්‍රී අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන 21 සිකුරාදා එනම් අනිද්දා රැස්වීමට නියමිත අතර එදින පොදු පෙරමුණකින් සහ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දු කිරීමට නියමිත ය.
අද දහවල් වන විටත් එජාප නායක රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකත්වය ආණ්ඩුවෙන් කැඩී එන කණ්ඩායමට නායකත්වය දෙන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ලබා දීමට ගෙන ඇති තීරණය වෙනස් වී තිබුනේ නැත.
මේ අතර සංවාදයට ලක්ව ඇති මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා සමග මැදමූලන මරා අද දහවල් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති අතර අගමැති ධූරය ඔහුට ලබා දීමට කැමැති යයි ප්‍රකාශ කර ඇතත් මෛත්‍රීපාල සිරිසේන ඇමති වරයා එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
LEN.