මොකක්ද මේ කළු පෙට්ටිය
උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි.කාල තුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙත වෙඩි තැබුවත් හානි වෙන්නේ නැත.සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක් උණුසුම් තැනක පැය භාගයක් තැබුවත් ක්‍රියා විරහිත නොවේ.අඩි 20000ක් ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුණත් කිසිවක් වෙන්නේ නැත.
සෑම කළු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් තිබේ. ” ගුවන් ගමන් තොරතුරු, විවෘත නොකරන්න. [Flight Recorder, Do Not Open] ”
ඔව්, මේ අපි කවුරුත් අහලා තියන ගුවන් යානා වල ඇති “කළු පෙට්ටිය [BLACK BOX]” ගැන කරුනු ටිකක් තමයි කියන්න යන්නේ.දන්න අයත් ඇති.කොහොම වුණත් කියවලා බලන්න දැනුමට එකතු කර ගන්න යමක් තියේවි.
ගුවන් යානයක් අනතුරකට පත් වූ පසු එය සිදුවූ හැටි කියන්නට බොහෝ විට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ.ඒ වගේම තමයි යානයේ සුන්බුන් හොයා ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි.එහෙමමයි කියලා ගුවන් අනතුරත් තවත් එක් අනතුරක් කියලා අමතක කර දාලා ඉන්න බෑ.තවත් ගුවන් අනතුරක් වෙන්න තියන ඉඩකඩ අසුරන්න ක්‍රියා කල යුතුයි.
1953 දී සිදු වූ ලොව පළමු ජෙට් ගුවන් අනතුර විමර්ශණය කළ ‘ඩේවිඩ් වොරන්ට’ තේරුම් ගියේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ නියමු කුටියේ සිදුවූ කතාබහ දැන ගත හැකිනම් අනතුරේ ගැඹුරු රහස් සොයා ගත හැකි බවයි
එවකට ඕස්ට්‍රේලියනු ගගනයානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කළ ඩේවිඩ් වොරන් 1956 දී ගුවන් යානාවලට සවි කළ හැකි කුඩා උපාංගයක් තැනීය.ඒ තුළ කඩා වැටෙන් ගුවන් යානයේ අවසන් තොරතුරු ඉබේම රැස් වේ.’විද්‍යාත්මක ගුවන් යානා තොරතුරු රෙකෝඩරය[FDR- Flight Data Recorder/ CVR- Cockpit Voice Recorder]” හැඳින්වූයේ මෙයයි.මේ අපි කවුරුත් දන්න කළු පෙට්ටියයි.
උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි.අනතුරට පත් ගුවන් යානයේ සුන්බුන් මැදින් තැඹිලි පාට පෙට්ටිය සොයා ගන්නා විට කළු පැහැ ගැන්වී ඇති බැවින් මේකට කළු පෙට්ටිය කියන්න කවුරුත් පුරුදු වුණා.
මේ තුළ අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානය ගමන් කළ උස හා වේගය, ගමන් කළ දිශාව, රේඩියෝ සංවාද, නියමුවන්ගේ කතාබහ පටිගත වේ.වර්තමානයේ මේ සඳහා විශේෂ පරිඝණක උපාංග යොදා ගැනේ.
කළු පෙට්ටියේ නිර්මාතෘ වූ ඩේවිඩ් වොරන් මහතා 2010 ජූලි 19 වෙනිදා මෙලොවින් සමු ගත්තා.ඒ වන විට වයස අවුරුදු 85ක්.ඔහුගේ සිරුර තබා මිහිදන් කළ ශව මංජුසාවේ ඔහුට ගෞරවයක් වශයෙන් වගන්තියක් ලියා තිබුණි.ඒ ‘Flight Recorder, Do Not Open’ යන්නයි.
Don't forget to give rep++