මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ?

    මොකක්ද මේ “වන් වර්ල්ඩ්“ කියන්නෙ?


    page-oneworld.jpg



    ගුවන් සේවා කර්මාන්තයත් අනෙකුත් කර්මාන්ත හා වෙළඳ ව්‍යාපාර මෙන් ම විවිධාංගීකරණයට නිරන්තරයෙන් ම ලක් වේ. අද පවතින තරගකාරී ස්වභාවයත් පාරිභෝගික දැනුවත් කමත් ආදී කරුණු හේතුවෙන් ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගුවන් කර්මාන්තය පවත්වා ගෙන යාමට නම් විවිධ අලෙවි උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු ව ඇත. ගුවන් සමාගම් එක් ව සන්ධාන ගත වීම ද මෙවන් උපාය මාර්ගයක් ලෙස දැක්විය හැක.


    Oneworld_logo-500x499.png


    2014 මැයි මස 1 වන දින සිට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම ද ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් වල සන්ධානයක් හා සන්ධානගත වී තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ ඔබ දකින්න ඇති. ඒ වගේ ම මේ කුමක් ද යන්න සමහර විට ඔබට පැහැදිලි නොමැතිව බවට සැක නැහැ. මෙවන් සන්ධාන ගත වීමකින් ගුවන් සමාගමට ආර්ථික වාසි සැලසෙනවා මෙන් ම මගීන් ට ද විවිධ වාසි සැලසේ. අවාසි ද නැතිව ම නොවේ.

    ගුවන් සේවාවන් සන්ධාන ගත වීම අද ඊයෙ සිදු වූ දෙයක් නොව 1930 දශකය දක්වා ම දිව යන්නෙකි. මුලින් ම ගුවන් සේවා සන්ධානයක් ඇති කර ගනු ලබන්නේ Panair do Brasil සමාගම සහ එහි ම මව් සමාගම වන Pan American World Airways යන සමාගම් දෙක ලතින් ඇමරිකාවේ ගමනාන්ත බෙදා හදා ගැනීම වෙනුවෙන්. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සන්ධාන වර්ධනය විය. සන්ධාන ගත වීම ගුවන් සමාගම් දෙකක් අතර හෝ ඊට වැඩි ගණනක් අතරේ සිදු විය හැක. දැනටමත් ගුවන් සමාගම් දෙකක් අතර බොහෝ සන්ධාන ඇති වී තිබේ. Codeshare යනුවෙන් හඳුන්වන මෙම කුඩා සන්ධාන මගින් ගුවන් සමාගම් දෙක තම මෙහෙයුම් ගමනාන්ත බෙදා හදා ගැනීමක් සිදු කරනු ලබන අතර උදාහරණයක් ලෙස ශ්‍රීලන්කන් (SriLankan) ගුවන් සමාගම එටිහාඩ් (Etihad) ගුවන් සමාගම සමග එළඹී ඇති මෙවන් ගිවිසුමක් නිසා දකුණු අප්‍රිකාවට එටිහාඩ් ගුවන් යානයක ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් ටිකට් පතකින් ගමන් කළ හැක. දකුණු අප්‍රිකාවට සෘජු ගුවන් ගමන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සිදු නො කළත් මෙම ගිවිසුම් නිසා අපහසුවකින් තොර ව මගීන්ට එම ගමනාන්තයට ගමන් කිරීමේ පහසුව සැලසේ.

    EY_EDM_Sril_fouble.jpg


    මෙවන් ගුවන් සමාගම් දෙකක් අතර ඇති වන ගිවිසුම් වලට අමතරව ලොව බොහෝ ගුවන් සමාගම් එකට එක් වී ගුවන් සන්ධාන කීපයක් අති කර ගෙන තිබේ. ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සන්ධාන තුනක් තිබෙන අතර ඒවා “ස්ටාර් එලායන්ස්“ (Star Alliance), “වන් වර්ල්ඩ්“ (Oneworld), “ස්කයි ටීම්“ (Sky Team) යනුවෙන් දැක්විය හැක. මෙයින් විශාලතම සන්ධානය වන්නෙ “ස්ටාර් එලායන්ස්“ සන්ධානය වන අතර එහි පූර්ණ සාමාජික ගුවන් සමාගම් ගණන 26 වන අතර එම සමාගම් වල අනුප්‍රාප්තික ගුවන් සමාගම් ද 25 ක් පමණ තිබේ.

    2423454_orig.jpg


    Sky-Team-partners-%26-logo_tcm832-288016.jpg


    oneworld.jpg


    “වන් වර්ල්ඩ්“ ගුවන් සන්ධානය ගත හොත් එහි පූර්ණ සාමාජිකත්වය ගුවන් සමාගම් 15 ක් වන අතර අනු සමාගම් 30 ක් පමණ තිබේ. “ස්කයි ටීම්“ ගුවන් සන්ධානය ගත හොත් එහි පූර්ණ සාමාජිකත්වය 20 කි.

    මෙසේ සන්ධාන ගත වීම නිසා ගුවන් සමාගම් වලට අන්‍යෝන්‍ය වශයෙන් වාසි සැලසේ. එක් වාසියක් වනුයේ ලොව විවිධ ප්‍රදේශ වල පිහිටි ගුවන් සමාගම් සමග සන්ධාන ගත වීම නිසා මෙහෙයුම් ගමනාන්ත ජාලයේ මෙහෙයුම් ගමනාන්ත ප්‍රමාණය ඉහල යාමක් සිදු වීමයි. එනම් උදාහරණයක් ලෙස “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම “වන්වර්ල්ඩ්“ ගුවන් සන්ධානය සමග සන්ධාන ගත වීම නිසා එම සන්ධානයේ අනෙකුත් ගුවන් සමාගම් විසින් මෙහෙයුම් සිසු කරනු ලබන ගමනාන්ත වලට මෙහෙයුම් සිදු කරන ආකාරයෙන් අලෙවි කටයුතු සිදු කළ හැක. උදාරණයක් ලෙස බ්‍රසීලයට “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම මෙහෙයුම් සිදු නොකළත් “ඇමරිකන් එයාර්ලයින්ස්“ (American Airlines) ගුවන් සමාගම එම රටට මෙහෙයුම් සිදු කරන නිසා අප ගුවන් සමාගමට බ්‍රසීලයට යනවා මෙන් පෙනී සිටිය හැකි අතර ගුවන් ටිකට් පත් විකිණීම සිදු කළ හැක. තවත් සරලව පැවසුව හොත් “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගමේ ගමනාන්තයක් ලෙස බ්‍රසීලයේ ගුවන් තොටුපලවල් ද දැක්විය හැක.

    මෙයට අමතරව ගුවන් සමාගම් වලට වියදම් අඩු වීමක් ද සිදු වේ. කාර්යාල පොදුවේ භාවිතා කිරීමට හැකි වීම, නඩත්තු කටයුතු බෙදා හදා ගත හැකි වීම ආදියත් ගුවන් තොටුපල වල කාර්ය මණ්ඩල පොදු වේ භාවිතා තළ හැකි වීමත් විශේෂයෙන් වියදම් අඩු කර ගැනීම් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.

    මීට අමතරව පාරිභෝගිකයින්ට ද විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. විශේෂයෙන් මෙහෙයුම් වියදම් අඩු වන නිසා අඩු මුදලකට සේවා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා මෙන් ම එක් ගමනාන්තයකට තිබෙන පිටත් වීම ගණන ද සාපේක්ෂව වැඩි වේ. එමගින් මගියාට අතර මග ගුවන් තොටුපළ වල ගත කිරීමට සිදු වන කාලයත් අඩුවේ. ඒ වගේ ම ගුවන් තොටුපළ වල විවේක කාමර (Lounge) පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඉහළ යයි. උදාහරණයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සතු වන විවේක කාමර මෙම “වන්වර්ල්ඩ්“ ගුවන් සන්ධානයේ ගුවන් සමාගම් හා බෙදා හදා ගැනීමට හැකි වන නිසා වෙනත් ගුවන් සමාගම් වල පැමිණෙන මගීන්ටත් එම පහසුකම් ලබා ගත හැකිය.

    20140430.jpg


    ගුවන් සමාගම් වල නිරන්තර ගුවන් ගමන් වල යෙදෙන මගීන් උදෙසා ගමන් කරන දුර සඳහා ප්‍රසාද දීමනා (Frequent Flyer Programs) ලබා දීමට ගුවන් සමාගම් කටයුතු කරන අතර “ශ්‍රීලන්කන්“ ගුවන් සමාගම් “ෆ්ලයි ස්මයිල්ස්“ (FLY SMILES) වැඩ සටහන දැක්විය හැක. මෙම වැඩසටහන් වල ගමන් කරන දුර සඳහා ලකුණු එකතු වන අතර බොහෝ ලකුණු එකතු වූ පසු ඒවා ගුවන් සමාගමට ලබා දී ඒ සඳහා නොමිලේ ගුවන් ටිකට්පත් හා වෙනත් සේවාවන් ලබා ගත හැක.

    මෙම ගුවන් සන්ධාන සමග එක් වීමෙන් ඒ සන්ධානයේ ඕනෑම ගුවන් සමාගමක ගමන් කර මෙම ලකුණු එක ගිණුමකට එකතු කර ගත හැකි අතර ඒ ලකුණු සන්ධානයේ ඕනෑම ගුවන් සමාගමක දී සේවාවන් ලබා ගැනීමට භාවිතා කළ හැක. එය මගීයාට සැලසෙන වාසියකි.

    මෙවන් සන්ධාන ගත වීමක දී අවාසි ද නැතුවම නොවේ. යම් මාර්ගයක මෙහෙයුම් කරන්නෙ එක් සන්ධානයකට අයත් ගුවන් සමාගම් පමණක් නම් ඔවුන්ට මිල ඉහළ දැමීම සිදු කළ හැක. එය මගීයාට අවාසියකි. ඒ වගේම එක ගමනාන්තයකට පිටත් වීම් කීපයක් ගුවන් සමාගම් කීපයක් එකතු වී සිදු කරන්නේ නම් සන්ධාන ගත වීමෙන් පසු මෙම වාර ගණන අඩු කිරීමට හැකියාවක් තිබෙන නිසා පිටත් වීම ගණන අඩු වීමෙන් මගියාට ලැබෙන පහසුව අඩුවේ. කෙසේ වෙතත් එය ගුවන් සමාගමට වාසියකි.

    ශ්‍රීලන්කන් ගුවන් සමාගම සන්ධානගත වී තිබෙන්නේ “වන් වර්ල්ඩ්“ නම් සන්ධානය සමග වන අතර එමගින් ගුවන් සමාගමට විශාල වාසියක් ලැබේ. විශේෂයෙන් ගුවන් ගමනාන්ත ප්‍රමාණය 1000 ක් පමණ ගණනකට වැඩි වේ. ඒ වගේම ලොව වටා සාමාජික ගුවන් සමාගම් වල 600 ක් පමණ වන විවේක කාමර පහසුකම් ලබා ගැනීමටත් මගීයාට හැකි වේ. එය මගියාට වාසියකි.

    “වන්වර්ල්ඩ්“ ගුවන් සන්ධානය ආරම්භ වන්නේ 1999 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. දැනට මෙම සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටුවා තිබෙන අතර එයාර් බර්ලින්(Air Berlin), ඇමරිකන් එයාර්ලයින්ස් (American Airlines), බ්‍රිටිෂ් එයාර්වේස්(British Airways), කැතේ පැසිපික්(Cathay Pacific), ෆින් එයාර්(Finnair), ඉබරියා(Iberia), ජපෑන් එයාර්ලයින්ස්(Japan Airlines), ලෑන් එයාර්ලයින්ස්(LAN Airlines), මැලේසියා එයාර්ලයින්ස්(Malaysia Airlines), කොන්ටාස් එයාර්වේස්(Qantas), කටාර් එයාර්වේස් (Qatar Airways), රෝයල් ජෝර්දානියන්(Royal Jordanian), එස් 7(S7 Airlines), ටෑම් එයාර්ලයින්ස් (TAM Airlines) සහ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් (SriLankan)එහි සාමාජිකයින් වන අතර එම සමාගම් වල අනුබද්ධිත ගුවන් සමාගම් ද 30 ක් පමණ තිබේ.


    flight-oneworld-network-map.jpg


    2009 වර්ෂයේ දී එළඹී දස වන සංවත්සරයත් සමගම මෙම සන්ධානයේ වෙළඳ සලකුණ එළි දැක් වූ අතර එය ගුවන් සමාගම් වලට කැමති නම් තම යානා වල ප්‍රදර්ශනය කළ හැකි විය. එම සලකුණෙහි මීටර් 2 ක් උස අකුරු වලින් සන්ධානයේ නම මුද්‍රණය කරනු ලබන අතර යානයේ බඳෙහි පසෙකින් සලකුණ මුද්‍රණය කරනු ලබයි. ගුවන් සමාගමේ නම කුඩා අකුරින් සන්ධානයේ නමට පහළින් මුද්‍රණය කරනු ලබයි. යානයේ වලිගය කොටසේ සුපුරුදු පරිදි ගුවන් සමාගමේ සලකුණු මුද්‍රණය කල හැක.


    Sri-Lankan-Airlines-joins-oneworld_6.jpg


    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Good post.

    - Alliance eke fights thiyenawanam flight delay ekakadi support ekak ganna puluwan (connection flight ekata welawata yanna bari wunoth).

    - Frequent flier status thiyenawanam eka onema airline ekaka use karanna puluwan. Mama points/miles ganne Qatar airways. UL/MH wala giyath e miles QR ekata ganna puluwan.
     
    • Like
    Reactions: W33R3

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    Good post.

    - Alliance eke fights thiyenawanam flight delay ekakadi support ekak ganna puluwan (connection flight ekata welawata yanna bari wunoth).

    - Frequent flier status thiyenawanam eka onema airline ekaka use karanna puluwan. Mama points/miles ganne Qatar airways. UL/MH wala giyath e miles QR ekata ganna puluwan.

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Good post.

    - Alliance eke fights thiyenawanam flight delay ekakadi support ekak ganna puluwan (connection flight ekata welawata yanna bari wunoth).

    - Frequent flier status thiyenawanam eka onema airline ekaka use karanna puluwan. Mama points/miles ganne Qatar airways. UL/MH wala giyath e miles QR ekata ganna puluwan.

    ඔන්න ඉතිං පම්පෝරිය පටන් ගත්ත.. :lol:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    Good post.

    - Alliance eke fights thiyenawanam flight delay ekakadi support ekak ganna puluwan (connection flight ekata welawata yanna bari wunoth).

    - Frequent flier status thiyenawanam eka onema airline ekaka use karanna puluwan. Mama points/miles ganne Qatar airways. UL/MH wala giyath e miles QR ekata ganna puluwan.


    :)
     

    Similar threads