මීට දින කිහිපයකට පෙර පැවති Google I/O හීදී Google සමාගම විසින් නව සේවාවන් හා නිපැයුම් කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබූවා. එහි දී එළිදැක්වුණු නවතම Android මෙහෙයුම් පද්ධතිය යි Android L. මෙය android L නම් කේත නාමයෙන් දැනට හැඳින්වුවත් බොහෝ විට Android Lolliop (Android 5.0 හෝ 4.5) නමින් හැඳින්වෙනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය. Android L තවමත් නිකුත් කර නොමැති වුවත් Developers ලා වෙත Developer Preview සංස්කරණයක් නිකුත් කර ඇත. එමෙන්ම මෙම නව මෙහෙයුම් පද්ධතිය දැනට සහාය දක්වන්නේ Nexus 5 හා Nexus 7 සඳහා පමණයි.
මූලික වශයෙන් Android L හි වෙනස්කම් 3ක් දැකිය හැක. ඒ නම් Material Design ලෙසින් හැඳින්වෙන නව design ශෛලිය, වැඩි දියුණු කරන ලද notification සහ අලුත් කරන ලද multitasking පහසුකම් ය.
Material Design
මේ අතුරින් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් දිනාගෙන ඇත්තේ නව Material Design ශෛලියයි. මීට පෙර පැවති අඳුරු Holo design රටාව වෙනුවට මේ නව වර්ණවත් design රටාව යොදාගනු ඇති අතර Google පවසන පරිදි විවිධි හැඩතල හා ඝනකමක් සහිත ස්ථර යොදාගනිමින් නිර්ඹාණය කොට ඇත. සරලව ගත්කල විවිධ animations හා සෙවනැලි සහිත ආකාරයක් පිලිඹිබු වේ.
එමෙන්ම වේගවත් බවින්ද ඉහල මෙය භාවිත කරන්නාට වැඩි පහසුවකින් හා කාර්යක්ෂමතාවයකින් යුතුව භාවිත කල හැක. නමුත් තවමත් මේ නව මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම අවසන් කර නොමැති නිසා දැනට Calculator, Dialer වැනි apps කිහිපයක් පමණයි Material Design අනුව නිර්මාණය වී තිබෙන්නේ.
නව Multitasking මෙනුව
නව multitasking මෙනුව පෙනුමින් සරල වන අතර පොතක පිටු පෙරළන අයුරින් ඔබ open කර ඇති apps අතර සැරිසැරීමට හැකියාව ලැබේ. මීට අමතරව වැදගත්ම දේ වන්නේ එහි functionality එකයි. එනම් Google Chrome වැනි බ්‍රව්සර වල වෙබ් පිටුද වෙන වෙනම open වන අතර ඒ නිසා වඩා පහසුවෙන් වෙබ් පිටු අතර සැරිසැරිය හැකියි. එයින් පෙනී යන්නේ Google විසින් Web App හා Native App අතර ඇති වෙනස අඩු කිරීමට උත්සාහ දරන බවකි. එනම් Google Chrome App සඳහා වැඩි අවධානයක් ලබා දීමට රුකුල් දීමක් ලෙස මෙය හැඳින් විය හැක.
නව Notification හා Lock Screen
නව notification මෙනුව නිසා වඩා පහසුවෙන් notification බලා ගැනීමට හැකියාව ලැබෙන අතර notification සඳහා action එකක් ගැනීමද පහසු වනවා. එනම් උදාහරණයක් ලෙස ඔබට SMS එකකට reply යැවීම සඳහා මින් පසුව SMS app එක open කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඉහළ සිට පහළට එක් වරක් swipe කිරීමෙන් Notification bar එක ලබා ගත හැකි අතර තවත් වරක් පහළට swipe කිරීමෙන් Quick Setting මෙනුව ලබාගත හැක. මීට පෙර ඒ සඳහා ඇඟිලි 2න් swipe කිරීමට සිදු විය.
මේ සියල්ලට අමතරව Battery Life, Search හා තවත් බොහොමයක් දේ පිළිබඳවද සිය නව මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ දී අවධානය යොමු කරන බවද Google පවසයි.
මම නම් නෙමෙයි ලිව්වෙ.
මෙන්න මෙකෙන් ගත්තේ http://syco.me.
නොදන්න කටියට දනගන්නයි දැම්මෙ.
Last edited: