මොකක්ද මේ crochet

Coco99

Member
May 21, 2017
14
9
0
ලංකාවෙ වැඩිය ප්‍රසිද්ද නැති උනත් ලොකෙ ගොඩක් ජනප්‍රිය කලවක් තමා මේ ගෙත්තම් කලාව.
ඇත්තම කියනවනම් මීට අවුරුදු කීපයකට කලින් කවුරු හරි මගෙන් ඇහුවනම් මොකක්ද මේ crochet කියන්නෙ කියල මං දන්නෙත් නෑ. ගොතන කටු දෙකක් පාවිච්චි කරල කරන knitting ගැන cartoon වල එහෙම ඉස්සර දැකල තිබ්බට මේ crocheting කියන එක ගැන අදහසක් තිබ්බෙ නෑ.:no:
ඒත් මට ඔය knitting ඉගෙන ගන්න ලොකු පිස්සුවක් තිබ්බ. ඉතින් මං ගොතන කටු ගන්න කඩ කීපයකටම ගිය ඒත් ඒ හැමොම මට දෙන්නෙ කවදවත් දැකලවත් නැති විදිහෙ අමුතු කට්ටක් ඉතින් එක කඩෙකින් ඔය අමුතු කට්ටත් අරගෙන මම ගෙදර අවා. ගෙනාපු කට්ට වගෙ එකකින් ගොතනව මං දැකලම නෑ.:confused::confused: ඉතින් මං කට්ට පැත්තක දාල පැන්සල් දෙකක් උල් කරගෙන ගොතන්න ගත්ත. ඒත් එහෙම කරනකොට wool වල පන්සල් තුඩේ තියෙන මිනිරන් ගෑවෙනව. මට වැඩේ එපා උනා. ඔය අතරෙ තමයි එක photo එකක් දැකල මොකක්ද මේ crocheting කියල දැක්කෙ. අර අමුතු කට්ට පාවිච්චි කරන්නෙ කොහොමද කියල එදා ඉඳන් මං ඉගෙන ගත්ත.

ඉතින් ඊට පස්සෙ තමයි දැන ගත්තෙ ලංකවෙ ටිකක් හරි ප්‍රසිද්ධ knitting නෙවෙයි crocheting කියල.:shocked:

32ff6238e235b8a65cf3021e00edfbd9.jpg

මේ වගේ සරල නිර්මාණයක ඉඳල ඊලඟට තියෙනව වගෙ ටිකක් සංකීර්ණ නිර්මාණ දක්ව මේ කලව හදාරන්න පුළුවන් .

1a25e99ecbc31f24d2c81628f79b0d38.jpg

crocheting කියන්නෙ අග පොඩි කොක්ක්ක් වගෙ තියෙන කට්ටක් පාවිච්ච් කරල wool වලින් නිර්මාණ කරන් එක. මේක ලංකවෙ රේන්ද ගෙතීමට වඩා වෙනස්.

crochet-hooks1.jpg

ඉතින් මේ තියෙන්නෙ ඔය crochet hooks එක එක නිර්මණ අනුව වගේම පාවිච්චියට ගන්න wool වල ප්‍රමණය අනුවත් තෝර ගන්න ඔනෙ කටුව වෙනස් වෙනව. මං නම් තාම ලං මේ වගේ ලස්සන ලස්සන කටු දැකල නෑ. මෙහෙ හැම තැනම ගන්න තියෙන්නෙ මෙන්න මේ වගේ කටු
HB-H-002-Titoni-Crochet-Hooks.jpg

4a24a70ab1c76bcc01d26a895bd02cf1.jpg

ඉතින් මේ crochet ගැන මම දන්න විස්තර අනික් අයත් එක්ක බෙදා ගන්න මම බලපොරොත්තු වෙනව. (මමත් ඉතින් වැඩි දෙයක් දන්නෙ නෑ. මං කියන දේවල් වල වැරද්දක් තියෙනවනම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න. මාත් තාම ඉගෙන ගන්නවනෙ):lol::lol:
ඉතින් දැන් ලංකවෙ ටික ටික අභාවයට යන මේ ගෙත්තම් කලාව ගැන මේක දැකල කාට හරි උනන්දුවක් ඇති වේවා කියල ප්‍රාර්තනා කරනව.:):)
 
Last edited:

Coco99

Member
May 21, 2017
14
9
0
මට කව්රු හරි කියනවද මං මේකෙ ඉතුරු ටික දාන්න ඕනෙ මෙකෙමද නැත්තන් වෙන thread එකකද ???
(දන්නෙ නැති නිසයි අහන්නෙ )
 
Coco99

Member
May 21, 2017
14
9
0
Crochet walata hoda nul lankawe adui..tikak mahansi wenna oni...wool nul echcharama hari na...
:):)
ඒක ඇත්ත crochet දිගටම කරන අය ගොඩක් වෙලවට හොඳ නූල් ගෙන්න ගන්නව. හැබැයි ගෙන්න ගන්නව නම් මෙහෙ තියෙන එවට වඩා ගනන්. පුරුදු වෙනකන් මෙහෙ තියෙන ඒවගෙන් කරන්න නම් පුලුවන්.
ගොඩක් අය කියනව මෙහෙ නූල් හොඳ නැති නිසා කරන්න බෑ කියල. හැබැයි ඉතින් ඕනෙ කම තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:):)
ඒක ඇත්ත crochet දිගටම කරන අය ගොඩක් වෙලවට හොඳ නූල් ගෙන්න ගන්නව. හැබැයි ගෙන්න ගන්නව නම් මෙහෙ තියෙන එවට වඩා ගනන්. පුරුදු වෙනකන් මෙහෙ තියෙන ඒවගෙන් කරන්න නම් පුලුවන්.
ගොඩක් අය කියනව මෙහෙ නූල් හොඳ නැති නිසා කරන්න බෑ කියල. හැබැයි ඉතින් ඕනෙ කම තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ

Apoi ow...man nam mehe ewayen thama karanne..
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට කව්රු හරි කියනවද මං මේකෙ ඉතුරු ටික දාන්න ඕනෙ මෙකෙමද නැත්තන් වෙන thread එකකද ???
    (දන්නෙ නැති නිසයි අහන්නෙ )
    මේකෙම දාපන්.

    good post.
    පස්සේ රේප් දෙන්නම්..
     
    Coco99

    Member
    May 21, 2017
    14
    9
    0
    මුලින් කියන්න ඕන් මං කියන දේවල් වල වැරද්දක් තියෙනව නම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න.
    ලංකාවෙ ගොතන්න දන්න අය ගොඩක් හිටියත් මං මේක අභාවයට යන කලාවක් කියල කිව්වේ මේක දැන් කාලෙ ළමයි ඉගෙන ගන්නෙ නෑ.
    අම්මල දැන ගෙන හිටියට ළමයින්ට උගන්න ලොකු උනන්දුවක් නෑ. අම්මලට හිතනව අති මේක ළමයින්ගෙ කාලෙ කන වැඩක් කියල. මොකද ළමයින්ට මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ.
    අපේ අම්ම උනත් කැමති නෑ මං මේක ඉගෙනගන්නවට. අපෙ අම්ම ගොතන්න දන්නෙ නෑ. ඉතින් එයාට අගයකුත් නෑ.

    ඉතින් මේ crocheting කරනව නම් මුලින්ම ගොත්න කටුවකු wool බොලෙකුයි අරන් ලෑස්ති වෙන්න ඕනෙ.
    මුලින්ම ඉගෙන ගන්න නම් මොන size කටුවක්ද ගන්න ඕනෙ කියල මං හරියටම දන්නෙ නෑ.
    ඒත් 5mm කටුවක් හොඳයි කියල කියනව. නූල් නම් ලොකු තොර ගැනීමක් ලංකාවෙ නෑ.තියෙන සම්පතකින් වැඩේ ඉගෙන ගන්නයි තියෙන්නෙ.

    ඉතින් ගොතනව නම් මුලින්ම ඒකෙ තියෙන basic stitches ටික ඉගෙන ගන්න ඕනෙ.
    අනික් ගොඩක් ඒවට වගේ මේවටත් UK වලයි USA වලයි නම් දෙකක් තමා පාවිච්චි කරන්නෙ

    1+Conversion+Chart.jpg

    මේවගෙන් මුලින්ම ඔය slip stitch කියන එක ඉගෙන ගන්න ඕනෙ. සරලව කියනව නම් ඕකෙන් කරන්නෙ ගෙතුම කරගෙන යන්න පුලුවන් වෙන විදිහට කටුවට නූල අමුන ගන්න එක . එක කරන්න විදි නම් ගොඩක් තියෙනව ඒත් දිගටම කරන කෙනෙක් එක විදිහකට පුරුදු වෙන එක හොඳයි.
    youtube එකේ videos බලලා crocheting ඉගෙන ගන්න පුලුවන් ඉතින් එහෙම ඉගෙන ගන්න අයට උදව්වක් වෙන්නයි මෙහෙම දාන්නෙ.

    instruction%2B1.jpg

    ගොඩාක් අයට මුලින් පටන් ගන්න කොටම ගොතන්න එප වෙන්නෙ මේක හරියට එන්නෙ නැති නිසා මං කරන ක්‍රමය තමා මේක.
    මුලින්ම නූල ටිකක් දිග ඇරගෙන මේකෙ නූලෙ නිදහස් කෙලවර නෙවෙයි අනික් කෙලවර මහපට ඇගිල්ලෙන් මේ විදිහට අල්ලගෙන නිදහස් කෙලවර ඇගිල්ල වටේ දෙපාරක් ඔතා ගන්න.
    ඔතන කොට මේ විදිහට cross වෙන්න එක කරන්න ඕනෙ.
    ඊට පස්සෙ නිදහස් කෙලවර රූපයෙ වගේ ඇඟිල්ලෙන් අල්ල ගන්න.

    instruction%2B2.jpg

    රූපයේ වගේ යටින් තියෙන නූල ඇතුලෙන් ගොතන කටුව දාල
    මේ විදිහට පස්සෙ තියෙන නූල කොක්කට අමුණ ගන්න.

    instruction%2B3.jpg

    මේ විදිහට ඇදල අරගන්න. දැන් ඉතින් වැඩේ හරි වගේ තමා.

    instruction%2B4.jpg

    මේ වගේ දන් නූල දෙපැත්තෙන් අල්ලල අදින්න

    instruction%2B5.jpg

    දැන් පුලුවන් ඉතුරු වැඩ පටන් ගන්න.
    මේක් ඉතින් මහ ලොකුවට දැම්මට මේකට තත්පර 5 විතර තමා යන්නෙ
    ඒත් මේක ඉගෙන ගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ.

    මේ ක්‍රමය අමාරුයි කියල හිතෙනව නම්. තව ඕනෙ තරම් ක්‍රම තියෙනව. ඉගෙන ගන්න ආස කෙනෙක් youtube video එකක් බලන්න.
    කියවල ඉගෙන ගන්නවට වඩා ඒක ගොඩක් ලේසි.:)

    මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට bella coco කියන්නෙ හොඳ youtube channel එකක්
    (ඒක නිසා තමා මාත් coco99 කියල මේ profile එක හැදුවෙ;);))

    Coco99

    Member
    May 21, 2017
    14
    9
    0
    මේකෙම දාපන්.
    මුලින් කියන්න ඕන් මං කියන දේවල් වල වැරද්දක් තියෙනව නම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න.
    ලංකාවෙ ගොතන්න දන්න අය ගොඩක් හිටියත් මං මේක අභාවයට යන කලාවක් කියල කිව්වේ මේක දැන් කාලෙ ළමයි ඉගෙන ගන්නෙ නෑ.
    අම්මල දැන ගෙන හිටියට ළමයින්ට උගන්න ලොකු උනන්දුවක් නෑ. අම්මලට හිතනව
    ති මේක ළමයින්ගෙ කාලෙ කන වැඩක් කියල. මොකද ළමයින්ට මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ.
    අපේ අම්ම උනත් කැමති නෑ මං මේක ඉගෙනගන්නවට. අපෙ අම්ම ගොතන්න දන්නෙ නෑ. ඉතින් එයාට අගයකුත් නෑ.

    ඉතින් මේ crocheting කරනව නම් මුලින්ම ගොත්න කටුවකු wool බොලෙකුයි අරන් ලෑස්ති වෙන්න ඕනෙ.
    මුලින්ම ඉගෙන ගන්න නම් මොන size කටුවක්ද ගන්න ඕනෙ කියල මං හරියටම දන්නෙ නෑ.
    ඒත් 5mm කටුවක් හොඳයි කියල කියනව. නූල් නම් ලොකු තොර ගැනීමක් ලංකාවෙ නෑ.තියෙන සම්පතකින් වැඩේ ඉගෙන ගන්නයි තියෙන්නෙ.

    ඉතින් ගොතනව නම් මුලින්ම ඒකෙ තියෙන basic stitches ටික ඉගෙන ගන්න ඕනෙ.
    අනික් ගොඩක් ඒවට වගේ මේවටත් UK වලයි USA වලයි නම් දෙකක් තමා පාවිච්චි කරන්නෙ

    1+Conversion+Chart.jpg

    මේවගෙන් මුලින්ම ඔය slip stitch කියන එක ඉගෙන ගන්න ඕනෙ. සරලව කියනව නම් ඕකෙන් කරන්නෙ ගෙතුම කරගෙන යන්න පුලුවන් වෙන විදිහට කටුවට නූල අමුන ගන්න එක . එක කරන්න විදි නම් ගොඩක් තියෙනව ඒත් දිගටම කරන කෙනෙක් එක විදිහකට පුරුදු වෙන එක හොඳයි.
    youtube එකේ videos බලලා crocheting ඉගෙන ගන්න පුලුවන් ඉතින් එහෙම ඉගෙන ගන්න අයට උදව්වක් වෙන්නයි මෙහෙම දාන්නෙ.

    instruction%2B1.jpg

    ගොඩාක් අයට මුලින් පටන් ගන්න කොටම ගොතන්න එප වෙන්නෙ මේක හරියට එන්නෙ නැති නිසා මං කරන ක්‍රමය තමා මේක.
    මුලින්ම නූල ටිකක් දිග ඇරගෙන මේකෙ නූලෙ නිදහස් කෙලවර නෙවෙයි අනික් කෙලවර මහපට ඇගිල්ලෙන් මේ විදිහට අල්ලගෙන නිදහස් කෙලවර ඇගිල්ල වටේ දෙපාරක් ඔතා ගන්න. ඔතන කොට මේ විදිහට cross වෙන්න එක කරන්න ඕනෙ. ඊට පස්සෙ නිදහස් කෙලවර රූපයෙ වගේ ඇඟිල්ලෙන් අල්ල ගන්න.

    instruction%2B2.jpg

    රූපයේ වගේ යටින් තියෙන නූල ඇතුලෙන් ගොතන කටුව දාල
    මේ විදිහට පස්සෙ තියෙන නූල කොක්කට අමුණ ගන්න.

    instruction%2B3.jpg

    මේ විදිහට ඇදල අරගන්න. දැන් ඉතින් වැඩේ හරි වගේ තමා.

    instruction%2B4.jpg

    මේ වගේ දන් නූල දෙපැත්තෙන් අල්ලල අදින්න

    instruction%2B5.jpg

    දැන් පුලුවන් ඉතුරු වැඩ පටන් ගන්න.
    මේක් ඉතින් මහ ලොකුවට දැම්මට මේකට තත්පර 5 විතර තමා යන්නෙ
    ඒත් මේක ඉගෙන ගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ.

    මේ ක්‍රමය අමාරුයි කියල හිතෙනව නම්. තව ඕනෙ තරම් ක්‍රම තියෙනව. ඉගෙන ගන්න ආස කෙනෙක් youtube video එකක් බලන්න. කියවල ඉගෙන ගන්නවට වඩා ඒක ගොඩක් ලේසි.:)

    මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට bella coco කියන්නෙ හොඳ youtube channel එකක්
    (ඒක නිසා තමා මාත් coco99 කියල මේ profile එක හැදුවෙ;);))