මොකක්ද මේ Emotionally Smart කියන්නෙ?

Jagzy

Well-known member
  • Jul 13, 2021
    192
    255
    63
    මේක එෆ්බී එකෙන් ගත්ත එකක්. මේක කියවද්දි ඊයෙ යාලුවෙක්ට උන අත්දැකීමක් මතක් උන. උබර් ඊට්ස් එකක් දාල කෑම දෙකක්, ඩිලිවරි කරන්න ආපු එකා ලොකේශන් එකෙ ලගම ඉදලා, මොකක් හරි හින්ද ඌට ලොකේෂන් එක හොයාගන්න බෑ කියලා, යාලුව පාර කියද්දී ඌට එන්න බෑ කියලා කෑම එකත් අරන් ගිහින්, මේ වගේ උන් තමා ඉස්සරහ්ට ඉතුරු වෙන්නෙ හොදම එවුන් ටික මෙහෙන් ගියාම. :dull: :yes:
    ------------------------------------------
    මේක පරණ පෝස්ට් එකක්...
    "මුට විහිලුවක්වත් තේරෙන් නෑ"
    පහුගිය දවසක දුරකතන ඇමතුමක් එනව. ලංකාවෙ චිරප්‍රසිද්ධ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුගෙන්.
    'ලක්මාල්, මං වැරැද්දක් කරා ඔයාට'
    'සර්...ඒ මොකක්ද අප්පේ ඒ' මං ඇහුවෙ හිනා වෙවී...
    "මං ලක්මාල්ගෙ post එකක් ගත්ත මගෙ ලෙක්චර් එකකට. ඒක අහල පොලීසියෙ DIG මහත්තුරුත් ඇඬුව"
    "ඉතිං සර් මොකක්ද ඒකෙ වැරැද්ද ?"
    "මං ලක්මාල්ට කීවෙ නෑනෙ ඒක. ඒක ඔයාගෙ intellectual property එකක්"
    "අනේ සර්...මොනව හරි ලියල දැම්මට පස්සෙ ඒක Public property එකක්නෙ" කියල මං කීවෙ සිනහවෙන්. හැබැයි කොහොමටත් මම ඉතාම ගරු කරන මේ උදාර මනුස්සයාගෙ මේ නිහතමාණි ගුණය මාව තවත් පුදුමයට පත් කරා.
    ආදරණීය මිත්‍රවරුනි, මේ ගුණය⁣ට අපි කියනව "Emotianally smart" කම කියල...මේක ලංකාවෙ ඉතාම දුලබ මනුස්ස කොලිටියක් !
    ඉස්කෝලවල අපට අකුරු ගැන, පොත්පත් ගැන, ගණන් හදන හැටි උගන්නනව. විශ්ව විද්‍යාල වල මහා විෂය කරුණු වනපොත් කරවනව. ඒ කියන්නෙ Book smart වෙන්න උගන්නනව. පොත පත සම්බන්ධව smart වෙන්න උගන්නනව. ඒත් හැඟීම් සම්බන්ධව එහෙම නැතිනම් Emotionally smart වෙන්න කවුරුත් උගන්නන්නෙ නෑ.
    මොකක්ද මේ Emotionally smart කියන්නෙ. හැඟීම් කලමණාකරනයෙ දක්ෂකම. තමන්ගෙ හැඟීම් විතරක් නෙවෙයි අනිත් මනුස්සයාගෙ හැඟීම් තේරුම් ගන්න එක ඒකට අනුව වැඩ කරන එක Emotionally Smart මිනිහෙකුගෙ ලක්ෂණයක්...
    ඔබ ගුරුවරයෙක් කියල හිතන්න. දුර්වල ළමයෙකුව අනිත් ළමයි ඉස්සරහ බයිට් නොකර උගන්නන එක, ගුටි පූජා නොදී උගන්නන එක Emotionally smart ගුරුවරයෙකුගෙ ලක්ෂණයක්....ඔබ තමන්ගෙ ශිෂ්‍යයාගෙ හැඟීම්වලට සංවේදියි. ඒවට ගරු කරනව...
    ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් කියල හිතන්න. ටිකක් ක්ලිනික් එකට පරක්කු වෙලා එන රෝගියෙක්ව බැනල එලවන් නැතුව "කමක් නෑ එන්නකෝ" කියල ප්‍රතිකාර කරන්න පුලුවන් නම් ඔබ Emotionally smart. ඈත ඉඳල එන මනුස්සයෙකුගෙ වැඩ ටික එක දවසෙන් ඉවර කරල යවනව නම් ඔබ Emotionally smart. ඔබ අර මනුස්සයාගෙ හැඟීම් වල⁣ට සංවේදියි. ඒකට ගරු කරනව...
    ඔබ දෙමාපියෙක් නම් තමන්ගෙ දරුවන්ට ගිරිය පුප්පගෙන කෑගහන් නැතුව, අතට අහුවෙන එකෙන් නෙලන් නැතුව දෙයක් කියල දෙන්න පුලුවන් නම්, දරුවගෙ මුහු⁣ණෙ තියෙන චූටි හැඟීම් වෙනසක් අඳුනගෙන දරුවගෙ අත අල්ලගෙන පැත්තකට ගිහින් "මොකද පුතේ" කියල අහන්න පුලුවන් නම් ඔබ Emotionally smart. ඔබ දරුවගෙ හැඟීම්වලට සංවේදි. ඒවට ගරු කරනව...
    ඔබ ඉහල රාජ්‍ය නිලධාරියෙක් කියන්න. තමන්ගෙ සේවය පතාගෙන එන මනුස්සයාගෙ ලියුමක අඩුවක් තියෙනව කියල හිතන්න. ඒ වෙනුවෙන් ආයෙත් දවසක මිනිහෙක් රස්තියාදු නොකර ඒ වැඩේ කරල දෙන්න ක්‍රමයක් හොයනව නම් ඔබ Emotionally smart මිනිහෙක්...
    දැං මේ Emotionally smart මිනිහෙක් අඳුනගන්නෙ කොහොමද ? ඔබ වැඩකරන ආයතනයෙ සේවකයන් අතර ඔබ ජනප්‍රියයි. ඔබට කෑගහන් නැතුව ඔවුන් ලවා වැඩක් කරගන්න පුලුවන්. ඔවුන් ඔබ වෙනුවෙන් තමන්ගෙ සීමාවෙන් එහාට වුනත් ගිහින් වැඩ කරනව. ඔබ ගුරුවරයෙක් නම් ඔබ ශිෂ්‍යයන් අතර ජනප්‍රියයි. ඔබේ දරුවන් ඔබට පණ ඇරල ආදරෙයි. ඔබේ බිරිඳ, ස්වාමියා ඔබට පැලෙන්න ආදරෙයි, ඔබ අඩියක් ගැහුවට නටන්නෙ නෑ. ඔබ එලියට ගියාට අඩව් අල්ලන්නෙ නෑ. මේ ජනප්‍රියත්වය ඔබව සාර්ථකත්වය කරා ගෙන යනව. ඔබ සතුටෙන් ඉන්න මිනිහෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි.
    Emotionally smart නැති මිනිස්සු ඉන්නව නේද ? ඉංගිරිසියෙන් මුංට කියනව "A real pain in the ass " කියල. සිංහලෙන් නම් "මල වාතයක්" "මල ඇණයක්" කියල. ඇයි? මේ උදවිය අනිත් මිනිස්සුන්ගෙ හැඟීම්වලට අබමල් රේණුවක ගරුත්වයක් නෑ. තමන්ට වෙන ඕන මිනිහෙක්ට ඕන දෙයක් කරන්න කියන්න නිදහස තියෙනව කියල හිතනව. තමන්ගෙ මතය තමයි මතය කියල හිතනව. ලෝකය කැරකෙන්නෙ තමන් වටේ කියල හිතනව...
    මේ ටික කියවනකොට හිනත් යනව ඇති නේද? මේ ජාතියෙ උන්දල මතක් වෙලා !
    මෙච්චර ජරා චරිත ලක්ෂණ තියාගෙන මුං Survive වෙන්නෙ කොහොමද ?
    මේ ජාතියෙ උන් ගැලවිජ්ජාවට සුලබව කියන දේවල් තමයි, "ඕකත් ගණන් ගන්න දෙයක්ද ? " "මුට විහිලුවක්වත් තේරෙන්නෙ නෑ" " උඹව හදාගන්නනෙ එහෙම කියන්නෙ"
    තමන්ගෙ තියෙන අසංවේදී තුච්ඡ හැසිරීම වහගන්න ඔහොම කියන එවුන් ඔබ වටේ ඉන්නවද ?
    උන්ව ජීවිත⁣යෙන් අයින් කරල දාන්න !
    හොඳට මතක තියාගන්න. ඔබේ හැඟීම්වලට, සිහිනවලට ගරු නොකරන මානසික හිඟන්නො අයින් කරල තියන්න. ඔබ අන් අයට එහෙම නොවී ඉන්න. ඔබ අනිත් මිනිස්සුන්ගෙ හැඟීම්වලට ගරු කරන මිනිහෙක් වෙන්න.
    දෙයක් කියද්දි කරද්දි දෙපාරක් හිතන්න !
    ඔබ ආර්ථිකමය වශයෙන් සමාජමය වශයෙන් දියුණු වෙයි !
    ඒත් එක්කම ඔබට හොඳ මිනිස්සු ටිකක් වටේ ඉතුරු වෙයි !
    ඔබව කාලෙකට පස්සෙ දැක්කත් හදවතින්ම හිනාවෙලා කතා කරන පිරිසක් ඔබට ඉතුරු වෙයි !
    ඒකත් දියුණු මිනිහෙකුගෙ ලකුණක් !
    ලක්මාල් කුලසේකර
    ප.ලි - කමෙන්ට් කියවද්දි මේ ටික එකතු කරන්න හිතුන. මගෙ ලියවිලි ඔබ ඕනෑම කෙනෙක් එක්ක බෙදා ගන්න. ඕන තැනක ෂෙයාර් කරන්න. මගෙ නම තිබ්බත් නැතත් මට අංශුමාත්‍රික ගැටලුවක් නෑ. ඔබ කවුරු හෝ මේ අකුරු කියවන එකයි මගෙ සතුට. ලිව්වට පස්සෙ මේ අකුරු Public !
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    11,980
    20,595
    113

    meke gatha yuththak thiyenawa.

    habai lokuma awula thmai burula dunna gaman godak sinhalu eka abuse karanawa.
     
    • Like
    Reactions: Jagzy and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    31,553
    171,218
    113
    Colombo, Sri Lanka
    ඔහොම එවුන්නම් ලංකාවේ සේවා ආයතන වල කොහෙවත් නැහැ රජයේ හෝ පවුද්ගලික
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,723
    2
    40,698
    113
    පහුගිය දවසක දුරකතන ඇමතුමක් එනව. ලංකාවෙ චිරප්‍රසිද්ධ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුගෙන්.
    'ලක්මාල්, මං වැරැද්දක් කරා ඔයාට'
    'සර්...ඒ මොකක්ද අප්පේ ඒ' මං ඇහුවෙ හිනා වෙවී...
    "මං ලක්මාල්ගෙ post එකක් ගත්ත මගෙ ලෙක්චර් එකකට. ඒක අහල පොලීසියෙ DIG මහත්තුරුත් ඇඬුව"
    "ඉතිං සර් මොකක්ද ඒකෙ වැරැද්ද ?"
    "මං ලක්මාල්ට කීවෙ නෑනෙ ඒක. ඒක ඔයාගෙ intellectual property එකක්"
    Emotionally smart people be like

    Bobby Firefighter GIF by 9-1-1 on FOX
     
    • Haha
    Reactions: cheyrav

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    748
    1,465
    93
    Emotionally smart kiyana kenekge emotional intelligence/ emotional quotient(EQ) eka high. Ehema wena ekek hema ekatama anukampa karala uu ekka empathise wenawamayi kiyanna baa. Ehema un samahara welawata wena unge emotions walin advantage ekat gannawa. Emotionally blackmailing karannet me wage un. Ethics tiyena miniheknam honda peththata use karannat puluwan, ehema neti ekeknam loke lokuma con artist kenek wennat puluwan. Lankawe godak inne EQ eka wedi et ethics neti emotions walin advantage eka ganna minissu.
     
    Last edited: