මොකක්ද මේ "Google Cromecast" කියන්නේ?

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මොකක්ද මේ "Google Cromecast" කියන්නේ?

    මොකක්ද මේ "Google Cromecast" කියන්නේ?

    s4-tvhero.jpg


    අන්තර්ජාලය හරහා ඔබ නරඹන TV Shows, Music, YouTube සහ Netflix ඇතුලත්ව තවත් බොහොමයක් දේවල් නිවසේ තිබෙන රූපවාහිණී යන්ත්‍රයෙන්ම නැරඹීමට හැකියාව තිබෙනවා මෙම උපකරණය හරහා .ගූගල් සමාගමේ මෙම උපකරණය Smart TV සඳහාද හොඳ විකල්පයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

    අන්තර්ජාලය හරහා Smartphone, Tablet සහ Notebook වලින් ඔබ නරඹන සෑම දෙයක්ම ඔබ නිවසේ තිබෙන රූපවාහිනී යන්ත්‍රයෙන්ද නරඹන්න පුළුවන් ආකාරයට මෙම උපකරණය නිර්මාණය කර තිබෙනවා . ඔබ නිවසේ තිබෙන රූපවාහිනී යන්ත්‍රයේ HDMI Port එකට මෙම උපකරණය සවි කිරීමෙන් සරලව දුරකථනය සහ රූපවාහිනී යන්ත්‍රය අතර ගොඩනැගෙන WiFi සම්බන්ධතාවය හරහා ඔබට ඉඩ ලැබෙනවා අන්තර්ජාලයේ ඔබ වඩාත් ප්‍රිය කරන දේවල් රූපවාහිණී යන්ත්‍රයේ තිරයට ගෙන ඒමට. රූපවාහිනී යන්ත්‍රයේ තිබෙන පුළුල් තිරය නිසා වෙනදා නොලැබූ නවතම අත්දැකීමක් එයින් ඔබට ලබා ගන්න පුළුවන්.

    මෙම උපකරණයටම සමාන වෙනත් උපකරණ වෙළඳ පොලේ තිබුනත් Chromecast හා සසඳන විට ඒවා වල මිල ඉතා අධිකයි . මෙම පහත තිබෙන පින්තූරයෙන් ඔබට එය දැකගන්න පුළුවන්.


    s4-tvhero.jpg


    35$ ක් වැනි මුදලකට Amazon වෙබ් අඩවිය හරහා මෙම උපකරණය ඔබ නිවසටම ගෙන්වා ගන්න පුලුවන්.

    රූපවාහිණී යන්ත්‍රයේ HDMI port එකට මෙම උපකරණය සවි කොට ඒ සඳහා බලය සැපයීමට රූපවාහිනී යන්ත්‍රයේම තිබෙන USB port එකකට මෙහි ඇතුලත් micro usb cable එක සවි කල යුතු වෙනවා. රූපවාහිනයේ අමතර USB port එකක් නොමැතිනම් ඔබට power adapter එක හරහා අවශ්‍ය කරන බලය සපයන්නටද පුලුවන්. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම උපාංග මෙම උපකරණය සමග නොමිලේම ලැබෙනවා. පහතින් ඔබට එම උපාංග දැකගන්නට පුළුවන්.


    394078-google-chromecast.jpg


    මේ අවස්තාව වන විටනම Streaming කිරීමට හැකියාව තිබෙන දේවල් තරමක් සීමිතයි. නමුත් වැඩි දෙනෙක් භාවිතා කරන YouTube, Netflix, Google Play Movies, Music, Chrome, HBO වගේ දේවල් නම් නැරඹීමට හැකියාව තිබෙනවා. නමුත් ඉදිරියේදී නම් මේ සඳහා තවත් බොහොමයක් දේවල් ඇතුලත් වීමට නියමිතයි.

    Untitled.png



    ගත්තේ මෙතනින් Link

    අලුත් දෙයක් දැන් ගත්තා නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දා ගෙන යන්න