මොකක්ද මේ SpiderCam ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පසුගිය IPL තරගාවලිය නරඹපු හැමෝම මේ කැමරාව දකින්න ඇති..... ක්‍රීඩකයන් අතරින් ගොස් ඔවුන්ගේ සමීප දර්ශන ලබා දෙන්න මේ කැමරාව සමත් වුණා.ක්‍රිකට් ක්‍රීඩාව සදහා මෙය මෑතකදී හදුන්වා දුන්නත් පාපන්දු, රගර්, ටෙනිස් වෙනි ක්‍රීඩා වලදී මෙම කැමරාව බොහෝ සෙයින් පාවිච්චි වෙනවා

    වසර 2000 දී Jens C. Peters විසින් ප්‍රථම වරට සාර්ථකව SpiderCam කැමරාවක් ඉදිරිපත් කලා.එතැන් පටන් මේ වන විට විවිද තාක්ෂණික දියුණු වීම් වලට ලක් වෙමින් අද පවතින තත්වය දක්වා පැමිණ තිබෙනවා.

    දැන් අපි බලමු පිටිය පුරාම ගමන් කලා හැකි පරිදි නිර්මාණය වෙලා තිබෙන මේ කැමරාව ක්‍රියා කරන්නේ කොහොමද කියලා.
    මෙම කැමරාව රදවල තියෙන්නේ කේබල් 4ක් මගින්.රුපයේ දැක්වෙන ආකාරයට මෙම කේබල් 4 පිටිය කෙළවරවල් වල රදවා තිබෙනවා.මෙම එක එක කේබල කප්පියක් හරහා ගොස් මොටරයකට සවි කරලයි තිබෙන්නේ. මෝටරය කැරකිමදී කේබලය එතීම සහ දිග හැරිම නිසා කේබලයේ දිග වෙනස් වෙනවා.

    1.jpg

    කේබලය කප්පියක් හරහා ගොස් කේබල රදවනයට සම්බන්ද වන ආකාරය.

    කේබල වල දිග වෙනස් කිරීම මගින් කැමරාව ක්‍රීඩාංගනය තුල ඕනෑම ස්ථානයක ඕනෑම පිහිටීමකට ගෙන ඒමට හැකි වෙනවා.



    මෙම කේබල් රදවනය විශේෂ පාලක පද්ධතියක් මගින් පාලනය වෙනවා.ඒ සදහා විශේෂ පාලක පුවරුවක් භාවිතා කෙරෙනවා.
    මෙම පාලක පද්ධතිය භාවිතා කර රුපයේ පරිදි කැමරාව ඕනෑම තැනකට ගමන් කරවීමට මෙන්ම කරකවිමටද හැකි වීම නිසා තරගයකදී ත්‍රිමාණ චලිතයක යෙදෙමින් ඕනෑම ආකාරයකට රූපගත කිරීමට මෙම කැමරාවට හැකි වෙනවා.


    මේ වීඩියෝවෙන් SpiderCam ක්‍රියාත්මක වන ආකාරය සහ තවත් විස්තර බලා ගන්න පුළුවන්.




    උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය බ්ලොගයෙනි