මොකක්ද මේ "Strait of Hormuz" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,586
    124,971
    113
    දෙහිවල
    මොකක්ද මේ හෝමූස් සමුද්‍ර සන්ධිය කියන්නේ?
    තොපිට මම දැන් සිංහලෙන් කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් ගත්ත තොරතුරු එක්ක. එළකිරි මුස්ලිම් කොන්ග්‍රසයේ උනුත් බලාපිය ඇවිත්. ආතල් එකට වචන එහෙ මෙහෙ කරාට මේ හිච්චි අමුතු ඇටේ මොන ප්‍රශ්නද බන්.

    කතාවට එමු,

    තෙල් සුලබ රටවල් පිහිටා තිබෙන පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සම්බන්ධ කරන එකම මුහුදු හෝ සමුද්‍ර නාලිකාව ලෙස අප හදුන්වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියයි. එය පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක සමඟ සම්බන්ධ කරයි. ගෝලීය ආර්ථිකයේ තෙල් හා ද්‍රව, ස්වාභාවික වායු අපනයනයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන අතරම එය ඉරානය, ඉරාකය, කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අපනයනය කරන ඛනිජ තෙල් ප්‍රවාහනය සදහා යොදාගන්නා ප්‍රධාන මාර්ගයයි. මෙයට අමතරව "Fujairah" හරහා සැපයුම් සිදුකිරීමට හැකියාව පැවතුනත් දාරිතා ගැටළු හේතුවෙන් තවමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවා තම අපනයන බොහොමයක් ප්‍රවාහනය කිරීමට මෙම සමුද්‍ර මාර්ගය යොදාගනී.

    "Strait of Hormuz" එහෙම නැත්නම් "හෝමූස් සමුද්‍ර සන්ධිය" කිලෝමීටර 55 සිට 95 දක්වා පළලින් යුතු අතර, උතුරින් ඉරානයත්, දකුණින් අරාබි අර්ධද්වීපය සහ ඕමානයේ මුසන්දම් අතර පිහිටීම සලකුණු කරයි. ඉරානයේ ආර්ථික සහ යුදමය හදවත වන Bandar Abbas /බන්ඩාර් අබ්බාස් එහි උතුරු වෙරළ තීරයේ පිහිටා ඇති අතර ඒ අසල ඉරාන දූපත් වන Qeshm, Hormuz, Hengām සහ Lārak පිහිටා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයද හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටා ඇති අතර සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානයෙහි වෙනස කිලෝමීටර 65යේ සිට 80 දක්වා දිවයයි.

    Map of Strait of Hormuz

    Map of Strait of Hormuz

    සමුද්‍ර සන්ධියේ වපසරය වටා ප්‍රධාන දූපත් අටක් අඩංගු වන අතර ඉන් හතක් ඉරානය විසින් පාලනය කරනු ලැබේ. Abu Musa, Greater Tunb සහ Lesser Tunb දුපත් වල අයිතිය සම්බන්දයෙන් ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මත ගැටුම් පවතින අතර 1970 ගණන්වල සිට ඉරානය මෙම දූපත් වල හමුදා පාලනයක් පවත්වා ගෙන යයි.

    මෙහිදී මෙම සමුද්‍ර මාර්ගය හරහා අපනයනය කරනු ලබන ඛනිජ තෙල් නිෂ්පාදන වලින් 4/5 චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ප්‍රමුක ආසියාවේ රටවල් කරා ගමන්කරයි. තවත් සරලව පැවසුවොත් ඉන්දියානු සාගරයට, පැසිෆික් සාගරයට සම්බන්ධ කරන මැලක්කා සමුද්‍ර සන්ධිය සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය ගෝලීය ආර්ථිකයේ වඩාත්ම වැදගත් ඛනිජ තෙල් ගමනාගමනය සිදුකරනු ලබයි.

    තෙල් ටැංකි එහෙම නැත්නම් "Oil tankers" මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී කිලෝමීටර 3ක පළලින් යුතු සහ කිලෝමීටර තුනක ස්වාරක්ෂක කලාපයකින් යුතුව ගමන්කල යුතුය. අදාළ යාත්‍රාවේ සිට අනෙකුත් යාත්‍රා දක්වා මෙම ස්වාරක්ෂක කලාපය නියාමනය කිරීම නාවික නීතියයි. මෙහිදී යාත්‍රා ගමනගමන් මංතීරු බොහෝමයක් ඕමානි මුහුදු කලාපයේ සහ ඉතිරිය ඉරාන භෞමික මුහුදු කලාපයේ පිහිටා ඇත. නමුත් එම මංතීරු ජාත්‍යන්තර සමුද්‍ර නීතියෙන් (maritime law) සහ එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) අනුව පාලනය වේ.

    ඉරානය නැව් මාර්ගවලට උතුරි දෙසින් සමුද්‍ර සන්ධිය පාලනය කරන අතර ඕමානය දකුණට සමුද්‍ර සන්ධිය පාලනය කරයි. කිසියම් හේතුවක් මත උතුරු දෙසින් නැව්ගත කිරීම හෝ ගමනාගමනය කඩාකප්පල් කිරීමේ හැකියාව ඉරානයට තිබුණද, තෙල් ටැංකි හැසිරවීමට නොහැකිතරම් දිගු කාලයක් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පළල අවහිර කිරීමට ඉරානයට හැකියාවක් නැත.

    1984 දී, ඉරාන-ඉරාක යුද්ධය අතරතුර, සතුරු පර්සියානු ගල්ෆ් රටවල් හෝමූස් සමුද්‍ර සන්ධිය ප්‍රමුක කලාපයේ එකිනෙකාගේ තෙල් ටැංකි නැව් වලට පහර දීමට පටන් ගත් අතර ඉරානය, කුවේට් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ට සහ ඉන් පිටතට යන ටැංකි නැව් වලටද පහර දුන්නේය. "Tanker War" ලෙස හැදින්වූ මෙය අවසන් වුයේ තෙල් ටැංකි 100 කට වැඩි ගණනකට පහර එල්ලවීමෙන් පසුවය.

    ලෝකයේ ඛනිජ තෙල් සැපයුමෙන් 20% පාලනය කරන මෙම සමුද්‍ර සන්ධිය යම්කිසි හෙයකින් වැසීමක්, ගමනාගමන පාලනයක් හෝ යුද කලාපයක් බවට පත්වීමක් තුලින් එමගින් සේවාවන් ලබන ආසියාතික රටවල් සදහා මරු පහරක් වන අතර එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් සදහාද ඉහළ බලශක්ති පිරිවැයක් ඇතිකරනු ලබයි. ලොව කාර්යබහුලම තෙල් නැව් මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධිය යම් ලෙසකින් වසා දැමීම හෝ අවහිර වීම ගෝලීය ආර්ථිකයට ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරන අතරම
    ජාත්‍යන්තර වෙළඳාමට බාධා එල්ලකරයි.

    මෙම සමුද්‍ර සන්ධිය ලොව විශාලතම බොරතෙල් ටැංකි හැසිරවීම සඳහා ප්‍රමාණවත් තරම් ගැඹුරකින් යුක්ත අතර සන්ධිය හරහා දිනකට තෙල් බැරල් මිලියන 20 ක් පමණ ප්‍රවාහනය සිදුකරයි. එලෙසම මෙම සමුද්‍ර සන්ධිය හරහා වසරකට ඩොලර් බිලියන 600 කට ආසන්න බලශක්ති වෙළඳාමක් හුවමාරු වෙයි. මෙහිදී ඉරානයෙන් පමණක් නොව අනෙකුත් රටවල් වන ඉරාකය, කුවේට්, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන්ද බලශක්ති හුවමාරුව සිදුවේ. නිදසුනක් වශයෙන්, සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 6 ක් පමණ අපනයනය කිරීම සඳහා සමුද්‍ර සන්ධිය භාවිතා කරයි. එය කලාපිය රටක් වැඩියෙන්ම සිදුකරන අපනයනයයි. ඉරානය දිනකට බැරල් මිලියන 1.7 ක් පමණ අපනයනය කරයි.

    INTERACTIVE - Strait of Hormuz Map Iran Israel-1750677677

    ඉරානය සමුද්‍ර සන්ධිය වසා දමන්නේ කෙසේද?

    එක්සත් ජාතීන්ගේ නීතිරීති වලට අනුව ඕනෑම රටකට තම වෙරල තිරයේ සිට අදාළ රටේ වපසරියට සාපේක්ෂව වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12 දක්වා පාලනය ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා ඇත. මෙහිදී මෙම සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානයේදී එහි සියලු නැව් මාර්ග සම්පූර්ණයෙන්ම ඉරානයේ සහ ඕමානයේ භෞමික ජලය තුළ පිහිටා ඇති නිසා ඉරානයට සෑම මසකම සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නැව් 3,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවහිර කිරීමට එම පටුම ස්ථානය යොදාගත හැක. විශේෂඥයින්ට අනුව, එය කිරීමට වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ වේගවත් ප්‍රහාරක බෝට්ටු සහ සබ්මැරීන භාවිතා කරමින් බිම්බෝම්බ දැමීමයි. තවද යුද නැව් සහ වාණිජ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමයි. විශේෂඥයින් පවසන්නේ ඉරානයට සමුද්‍ර සන්ධිය තාවකාලිකව අවහිර කළ හැකි බව නමුත් එය පවත්වා ගැනීමට නොහැකි බවයි.

    ඉරානය සමුද්‍ර සන්ධිය අවහිර කරයිද?

    ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් අනුමත කර ඇති බව රාජ්‍ය සම්බන්ධ මාධ්‍ය වාර්තා කළේය. අවසාන තීරණයක් ඇත්තේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය වෙතය. එය උත්තරීතර නායකයාගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන රටේ ජ්‍යෙෂ්ඨතම ජාතික ආරක්ෂක ආයතනයයි.

    ඉරානය පසුගිය ගැටුම්වලදී ජල මාර්ගය වසා දමන බවට නැවත නැවතත් තර්ජනය කර ඇතත්, කිසි විටෙකත් එය ක්‍රියාත්මක කර නැත. හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ද 1980 බාගයේදී ඇතිවූ බරපතල ගැටලුව සමබන්දයෙන් වුවත් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීම සදහා කිසි විටෙකත් බරපතල ලෙස බාධා නොකළේය.

    විකල්ප මාර්ග මගින් අවහිරයක් සමනය කළ හැකිද?

    හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ ඉරාන නිරන්තර තර්ජනය හේතුවෙන්, වසර ගණනාවක් තිස්සේ ගල්ෆ් කලාපයේ තෙල් අපනයනය කරන අනෙකුත් රටවල් විකල්ප අපනයන මාර්ග සංවර්ධනය කිරීමට මේ වනවිට පෙළඹී ඇත.
    පාරිසරික බලපෑම් තක්සේරුකරණ වාර්තාවකට අනුව, සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 5 ක් දක්වා ප්‍රවාහනය කළ හැකි කිලෝමීටර් 1,200 ක් දිග මාර්ගයක් වන නැගෙනහිර-බටහිර (East–West pipeline) නල මාර්ගය සක්‍රීය කර ඇත.
    2019 දී, සෞදි අරාබිය බොරතෙල් රැගෙන යාම සඳහා තාවකාලිකව ස්වාභාවික ගෑස් නල මාර්ගයක් නැවත සකස් කළේය.
    එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය අභ්‍යන්තර තෙල් බිම් ඕමාන් බොක්කෙහි (Gulf of Oman) ෆුජයිරා (Fujairah) වරායට බැරල් මිලියන 1.5 ක දෛනික ධාරිතාවක් සහිත නල මාර්ගයක් හරහා සම්බන්ධ කර ඇත.

    2021 ජූලි මාසයේදී ඉරානය ඕමාන් බොක්ක වෙත බොරතෙල් ගෙනයාමට අදහස් කරන ලද ගෝරේ-ජැක්ස්ක් නල මාර්ගය ආරම්භ කළේය. මෙම නල මාර්ගයට දැනට දිනකට බැරල් 350,000 ක් පමණ රැගෙන යා හැකිය - නමුත් වාර්තාවලින් පෙනී යන්නේ ඉරානය තවමත් එසේ කර නොමැති බවයි.

    කෙටි සටහන : @Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී

    එහෙන් මෙහෙන් ගත්ත ටිකක් එක්ක කියුවේ. තව දේවල් එකතුකරන් යන්න (y) (y)
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එක පාරක් මයින් දාලා වහන්න ට්‍රයි කරා US වෝර් ෂිප් එකකුත් ඩැමේජවුනා මයින් එක වැදිලා ඊට පස්සේ කුඩු වෙන්න කෑවා USA වලින් පස්සේ වැඳලා වැඳලා වටේ රටවල් වලට කියලා ශේප් කර ගත්තේ ඉරානේ.

    https://en.wikipedia.org/wiki/Operation_Praying_Mantis

    ඕකෙන් කෑවාට පස්සේ තමයි ඉරානේ ඉරාකේ යුද්දේ අවසන් කරන්නත් කැමති වුනේ.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo

    Correct we lift crude oil from Sohar, OMAN frequently now.. Sohar is ready for Hormuz Block
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113

    මොක්කුද බං මේ?
    ටුවක්කුවෙ හයියටද උඩ යන්නෙ?
    නැත්තං කකුල් දෙකෙන්ද?
    ගෙම්බොද මංද ගිය ආත්මෙ?

    බලපංකො නිකං හරියට මහ ලොකු වැඩක් කරනව වගේ 🤭
     
    Last edited: