මොකක්‌ද මේ මාතලේ උමඟ?

Ajantha1977

Member
Sep 2, 2011
29
5
0
මොකක්‌ද මේ මාතලේ උමඟ?

මොකක්‌ද මේ මාතලේ උමඟ?

දුටු දුටුවන් විශ්මයට පත්කරවීමට තරම් සමත් නිර්මාණයන්ගෙන් ශ්‍රී ලංකාව පෙහොසත්ය. දිවයින පුරා විසිර පවතින සොබා සෞන්දර්ය සපිරි පාරිසරික දායාදයෝ ඉන් ප්‍රමුඛ වෙති. අහස සිඹින මහ සෑ සාගර බඳු වැව් හා ජලාශ ඇතුළු ලංකාවාසීන් ගොඩනැඟූ අසිරිමත් සදාතනික සිහිවටන රාශිය ද ඊට අයත් වෙති.

ගංගාවන් 103 ක්‌ පෙන පිඬු නගමින් ගලා බසින රටේ උමං ගංගාවක්‌ පිළිබඳ මෙතෙක්‌ අසා තිබුණේ ජනප්‍රවාදවල පමණි. එහෙත් උමං ගංගාවකට නෑකම් කියන ස්‌වභාවික භූමි නිර්මාණයක්‌ දැකගැනීමේ භාග්‍ය ඉකුත් දා අපට හිමිවූහ.

පොත් පත් රැසක තිබූ මං සළකුණු සහ ප්‍රදේශවාසීන්ගෙන් ලද ඇසදුටු තොරතුරු ඔස්‌සේ එකී බිම් ගුහාව සොයා ගියේ එහි අපූරු තොරතුරු "දිවයින" පාඨකයනට ලබාදීමේ අදහසිනි.

නාලන්ද රෝහල අසලින් දිවෙන නාලන්දා ගෙඩිගේ මාවතේ කි. මීටර් දෙකක්‌ ගියවිට ඓතිහාසික නාලන්දා ගෙඩිගෙත් දියපිරි බෝවතැන්න ජලාශයත් හමුවෙයි. ඉන් ඔබ්බට ඇත්තේ නිල්ල පිරුණු සොඳුරු දුම්බර කඳුවැටියයි.

ලංකාවේ මධ්‍ය කේන්ද්‍රය යෑයි බොහෝ දෙනා සලකනුයේ මාතලේ නාලන්දාවයි. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් බිහි වූ විශිෂ්ට ගෘහ නිර්මාණයක්‌ වූ නාලන්දා ගෙඩිගෙය ලංකාවේ හරි මැද පිහිටියේ යෑයි අදත් බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

ගෙඩිගෙය පසුකොට කිලෝමීටර් දෙකක්‌ ගිය තැන හමුවන්නේ කුඩා කඳුගැටයකි. එහි මීටර 20 ක්‌ ඉහළට නැගීමේදී මෙකී අද්භූත බිම් ගුහාවට ළඟාවිය හැකිය.

එතැන දුටු පළමු විටම ඇතිවන්නේ භීතියකි. දෙවනුව විස්‌මයකි. චමත්කාරය මුසු සන්ත්‍රාසයෙන් ඇළලී යන අන්දමේ අත්දැකීම් රැසක්‌ එය තුළට ගිය කවරෙකුට වුවද ලබාගත හැකිය.

ලුණුගෙය නමින් ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිත මෙම බිම් ගුහාව පිහිටා ඇත්තේ අඹන්ගඟ අසබඩය. වර්තමානයේ බෝවතැන්න ජලාශයට මායිම්ව පිහිටි බිම් ගුහාවේ ආරම්භය පොළවෙන් මීටර් 15 ක්‌ පමණ ගැඹුරින් නිර්මාණය වී තිබේ.

පොළවෙන් පහළට බැසීමට සතර අතින් බිම් කවුළු කීපයකි. ඒ සියල්ල රළුගල් සහ රළු කැලෑවකින් වැසී ගොස්‌ ඇත.

කට විවරය තරමක්‌ විශාල ගුහා දොරින් ඇතුළට ගිය විට පාෂාණමය ගුහාවේ තව තවත් ලොකු කුඩා දෝනා රැසක්‌ දැකගත හැකිය. එකී ගුහා ඔස්‌සේ ද තව තවත් ලොකු කුඩා දෝනා රැසකි. ඒ සෑම එකකට පාහේ වැඩුණු අයකුට වුවද සිටගෙන පහසුවෙන් ගමන් කළ හැකිය. බිම් ගුහාවේ ආරම්භය තුළ ඇතෙකුට වුවද සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩකින් යුක්‌තය.

කාලාන්තරයක්‌ පුරා දිය දහරා ඇඳී ගොස්‌ ඛාදනයට ලක්‌වූ බිම් දෝනා පුරාම අඳුර ඉතා දැඩිය. අප රැගෙන ගිය පන්දම්වලින් පවා ඡායාව මිස ඒ තුළ සැබෑ තතු දැකගත නොහැකි විය. ප්‍රධාන ගුහා දොරටුවේ සිට දකුණු දෙසට විහිද යන ප්‍රධාන දෝනාව කොතරම් දිගුදැයි කිසිවකුත් මේ දක්‌වා සොයාගෙන නැත. දෝනා පුරා තැන තැන දිය දහරා ඇදී යයි. සිසිල් දිය බිඳු පාෂාණ බිත්ති පුරා ඇදවැටෙයි. හුණුගල් විශේෂවලින් තැනුණු හිරිටැඹ බිත්ති පුරා දැඩිව බැඳී පවතී. දහස්‌ ගණනක්‌ වවුල් රංචු හා උන්ගේ වසුරු අපහට ඇති කළේ ලොකු අපහසුවකි. ඇතුළත වායුව අඩුබවක්‌ද දැනුණි. පැයකට ආසන්න කාලයක්‌ ඒ තුළ නිරීක්‍ෂණය කළ අපහට දිස්‌වූයේ කුතුහලයෙන් පිරීගිය දැවැන්ත සංකීර්ණ පාෂාණ නිර්මාණයකි.

එහි කාහට වුවද මෙකී බිම් ගුහාවේ අතීත තොරතුරු සෙවීමේ පිපාසාවක්‌ ඇතිවෙයි. "දිවයින" පාඨකයන් වෙනුවෙන් අපිදු එම කාර්යයට අතගැසුවෙමු. 1962 දී මෙම බිම් ගුහාව නිරීක්‍ෂණය කළ ශ්‍රී සද්ධර්මවාගීශ්චර සාහිත්‍යාචාර්ය මාතලේ ශ්‍රී උපනන්ද හිමියන් ලියූ පොතකට අනුව බිම් ගුහාව සම්බන්ධ අතීත පුවත් රැසකි.

විජයබා - පැරකුම්බා රජ දවස මෙහි වවුල් කාරමින් ඖෂධ සංයෝග කොට වෙඩි බෙහෙත් සාදා තිබේ. රජ සමයේ ගිනි අවි නිපදවූ තැනක්‌ බවටද මතයකි.

ඉපැරණි ගෙඩිගෙය සහිත අසල දුටුගැමුණු රජ සමයේ යුද්ධ කඳවුරු මෙම බිම් ගුහාව අසල පිහිටා තිබී ඇත. ගඟෙන් එගොඩ ප්‍රදේශය අදත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් ගබඩා ගමකි. එය අකරහැඩිය නමින් හැඳින්වෙයි.

මෙම බිම් ගුහාවට සහ නාලන්දා ගෙඩිගෙය සමීපයේම කොටුගොඩැල්ල නමින් පෙදෙසක්‌ වෙයි. එය ඉංග්‍රීසීන්ගේ ඉපැරණි බලකොටුවක්‌ ව පැවැති බව ඓතිහාසික මූලාශ්‍ර රැසක සඳහන්ය.

මෙකී කරුණු අනුව මෙම බිම් ගුහාව ඓතිහාසික කථා පුවත් රැසක්‌ සඟවාගෙන සිටිතැයි කිව හැකිය. අනෙක්‌ ප්‍රමුඛ මතය වන්නේ මෙය උමං ගංගාවක කොටසක්‌ බව කීමය. අප කවුරුත් දන්නා පරිදි මාතලේ පොළෝ තලය යට උමං ගංගා ඇතැයි යන්න ප්‍රබල ජනප්‍රවාදයකි. දුම්රිය මඟ පවා නාලන්ද හරහා දිගු නොවූයේ එම නිසායෑයි පැරැන්නෝ තාමත් කියා සිටිති. ඉපැරණි ජන කවියකද මේ බව සඳහන් ය.

රටින් රටේ ගංගාවල් ඇත එමට

එයින් ජලය ගලනා බව දැකී මට

තිබෙන්නේය ඒ තුළ නොව සැබෑ වට

උමන් ගඟක්‌ ඇත මාතලේ පොළෝ යට

අඹන්ගඟ අසලම මෙම අද්භූත බිම් ගුහාව පිහිටීම නිසා එම මතයද බැහැර කළ නොහැකිය.

ශ්‍රී ලංකා සංචාරක ක්‍ෂේත්‍රය තුළ නාලන්දා ගෙඩිගෙයට මුල් තැනක්‌ හිමිවෙයි. දෙස්‌ විදෙස්‌ සංචාරකයන් විශාල වශයෙන් නාලන්ද ගෙඩිගෙය නැරඹීමට පැමිණෙති. ඒ අසලම පිහිටි මෙම බිම් ගුහාව පිළිබඳවද නිසි පර්යේෂණයක්‌ සිදුකොට එහි පවතින ඓතිහාසික හා භූ විද්‍යාත්මක වටිනාකම් සොයා ගත හැකි නම් සංචාරක ස්‌ථානයක්‌ ලෙස ද මෙම භූමි ප්‍රදේශය වැඩිදියුණු කළ හැකිය.

මෙම බිම් ගුහාව නැරඹීමට යැමේදී බාධක රැසක්‌ හමුවෙයි. පළමුවැන්න ඒ තුළ ඇති දැඩි අඳුරය. දෙවැන්න එහි පවතින වවුල් සහ උරග ඝනයේ සතුන්ගේ බලපෑම්ය. එහි තැනින් තැන ඔක්‌සිජන් අඩුබවක්‌ද පෙනී යයි. එබැවින් බිම් ගුහාව නිරීක්‍ෂණය කිරීම මෙන්ම එය නැරඹීමට යාමද හිතුමතයේ නොකළ යුත්තකි. ඒ සඳහා පෙර සූදානමක්‌ මෙන්ම මඟපෙන්වීමක්‌ ද අවශ්‍යය.

එම ගමනේදී හමුවන වැදගත්ම ස්‌ථානය නාලන්දා ගෙඩිගෙයයි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී ගෙඩිගෙය ජලාශයට යටවීමට නියමිතව තිබිණි. නමුත් එවක සේවය කළ ඉංජිනේරුවන්ගේ සහ පුරාවිද්‍යා නිලධාරීන්ගේත් දක්‌ෂතාව ලොවට පෙන්වා දෙමින් ගලින් ගල ගැලවූ ගෙඩිගෙය පස්‌ යොදා තැනූ විශාල වේදිකාවක්‌ මත නැවත ගලින් ගල තබා නිවැරදිව ගොඩනංවා තිබෙනු දැකීම ද විස්‌මයජනකය. පැරණි දාගැබෙහි නටඹුන් මෙන්ම විනාශ වූ සංඝාවාසයක හෝ වෙනත් පැරණි ගොඩනැඟිල්ලක නටඹුන් රැසක්‌ ඒ බිම විසිර පවතියි.

හැර එහි ඇති විශේෂ ගල් කැටයම් දෙකක්‌ද වෙයි. එය නම් මේතාක්‌ ශ්‍රීලංකාවෙන් හමුවූ දුර්වලතම මෛථුන්‍ය රූප දෙකක්‌ද ගෙඩිගෙය කැටයම්වලින් හමුවීමය. ඒ හැරුණුකොට නාලන්දා ගෙඩිගෙය රාවණා යුගයේ සූරිය මධ්‍ය රේඛාව සේ ක්‍රියා කළ ස්‌ථානය වූ බවටද රාවණා යුගය පිළිගන්නා විද්වතුන්ගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකාවේ අතීතය සොයා බලන විද්වතුන්ට පර්යේෂකයන්ට මෙන්ම සංචාරකයන්ටත්, අධ්‍යාපනය ලබන රටේ සිසු කැළටත්. නාලන්දා ගෙඩිගෙයින් මෙන්ම මුලින් කී අද්භූත බිම් ගුහාව ආශ්‍රයෙන් ද බොහෝ දේ උගත හැකිය.

නිමල් කණහැරආරච්චි

විශේෂ ස්‌තුතිය මඟපෙන්වූ පාඨශාලාචාර්ය ප්‍රේමචන්ද්‍ර මැණික්‌දිවෙල මහතාට සහ විශ්‍රාමලත් සංස්‌කෘතික අධ්‍යක්‍ෂ ඩී. ඩබ්. කරුණාරත්න මහතාට.
මූලාශ්‍ර - ඓතිහාසික මාතලේ 1989 සහ මාතලේ (1962) ග්‍රන්ථ

http://www.divaina.com/2011/07/10/feature04.html
repost nam samawenna
 

Ajantha1977

Member
Sep 2, 2011
29
5
0
මේ මාතලේ උමගයි නාවක්‌කන්නි ළිඳයි අතර සම්බන්ධයක් ඇත්දැයි සැක සහිතයි.
මේ Post එකත් කියවා බලන්න
ලොව අටවන පුදුමය විය යුතු නාවක්‌කන්නි ළිඳ
http://elakiri.lk/forum/showthread.php?t=1299572
 

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    මාතලේ සිට නාවුල දක්වා භූගත කුහර පවතින බවට මතයක් මමද අහල තියෙනවා. තවත් එවැනි කුහර තියෙනවලු සමනල වැව කිට්ටුව. ජියෝලොජි කරපු අය දන්නවා .

    ස්තුතියි..හොද පෝස්ටුවක් ..!
    :love::love: