" පුද්ගල පෞද්ගලිකත්වයට හානිදායක ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නීතිරීති සම්පාදනය කර ඇති බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ද කටයුතු කළ යුතු බවත්"
LankaCnews
LankaCnews
සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන ලෙසද සියලු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේය.
විවිධ රටවල පුද්ගල පෞද්ගලිකත්වයට හානිදායක ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නීතිරීති සම්පාදනය කර ඇති බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ද කටයුතු කළ යුතු බවත් යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.