මොකද්ද බන් මූ මේ කියන්නෙ??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මොකද්ද බන් මූ මේ කියන්නෙ??

    මේ දිනවල ලොවපුරා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන පරිගණක වෛරසය පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශික එන්. කොග්ගලහේවා මහතා අදහස් දක්වා තිබෙනවා.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබුනේ ලොව පුරා රටවල් 150කට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ පරිගණක පද්ධතිවලට හානියක් නොවූයේ කප්පම් ලැයිස්තුවේ සිංහල භාෂාව අඩංගු නොවුණ නිසා බවයි.

    එමෙන්ම හැකර්වරු විසින් ලෝකයේ රටවල් ගණනාවක පරිගණක පද්ධතිවල ඇති සියලුම වැදගත් ලිපිගොනු ආක්‍රමණය කර කප්පම් මුදල් ඉල්ලමින් කළ අනතුරු ඇඟවීම රටවල් ගණනාවක් ඉලක්ක කරමින් භාෂා ගණනාවකට පරිවර්තනය වුවත් ඔවුන්ට ලංකාව ඉලක්ක කර ගැනීමට නොහැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

    ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසා තිබුණා.

    “කෙසේ වුවද එයින් අප රටට මෙම වෛරසයෙන් ඇතිවිය හැකි අවදානම කිසිසේත් අවම වන්නේ නැත. වාසනාවකට මෙන් මේ වනතෙක් ලංකාවේ මෙවැනි සිදුවීමක් වාර්තා නොවුවද යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් කප්පම් ගෙවීම සදාචාර විරෝධී ක්‍රියාවක් වුවද ඔවුන්ගේ කප්පම් මුදල ගෙවීමෙන් හෝ තම වටිනා දත්ත නැවත ලබා ගැනීමට අපහසු වන්නේ ඔවුන් කප්පම් මුදල ශ්‍රී ලංකාවේ එතරම් භාවිතයක් නොමැති ‘බිට් කොයින්’ වලින් ඉල්ලා සිටින බැවිනි. එම නිසා ශ්‍රී ලාංකිකයන් ලෙස මෙයින් ගැලවී සිටීමට තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව රටේ ආරක්ෂාවටත් ඉතා වැදගත් වන්නේය.
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    ගණන් ගන්න එපා බං. දේශපාලකයන්ට කඩේ ගිහින් රස්සාවකට පැනගත්තහම ඔහොමවෙනව
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    “කෙසේ වුවද එයින් අප රටට මෙම වෛරසයෙන් ඇතිවිය හැකි අවදානම කිසිසේත් අවම වන්නේ නැත. වාසනාවකට මෙන් මේ වනතෙක් ලංකාවේ මෙවැනි සිදුවීමක් වාර්තා නොවුවද,
    යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත්,
    කප්පම් ගෙවීම සදාචාර විරෝධී ක්‍රියාවක් වුවද,
    ඔවුන්ගේ කප්පම් මුදල ගෙවීමෙන් හෝ තම වටිනා දත්ත නැවත ලබා ගැනීමට අපහසු වන්නේ,
    ඔවුන් කප්පම් මුදල ශ්‍රී ලංකාවේ එතරම් භාවිතයක් නොමැති ‘බිට් කොයින්’ වලින් ඉල්ලා සිටින බැවිනි.
    එම නිසා ශ්‍රී ලාංකිකයන් ලෙස මෙයින් ගැලවී සිටීම තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව රටේ ආරක්ෂාවටත් ඉතා වැදගත් වන්නේය.

    දැන් කියවන්... :rolleyes: රතු ටික අතහැරලා... ;)