මොකද්ද මේ වහබ්වාදය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අද ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකේම ඉස්ලාම් ආගම අදහන්නේ නැති ඕනම කෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි වහබ්වාදය. මොකද්ද මේ වහබ්වාදය කියන්නේ ? මේක කොහොමද මුස්ලිම් නොවන උඹට මට බලපාන්නෙ ?

    වහාබ්වාදයේ ආරම්භය.
    වහාබ්වාදය කියන්නේ අබ්දුල් වහාබ් (විකි යොමුව ) ගේ ඉස්ලාමය පිලිබඳ දැක්ම. මෙයාගේ තොරතුරු නම් විකියෙන් බලාගන්න පුළුවන්.

    වහාබ්වාදයට පෙර අරාබිය.

    වහාබ්වාදයට යටත්වෙන්න කලින් අරාබිය ( ඉස්සර සෞදි අරාබිය කියලා තිබ්බේ නෑ ) අවශ්‍ය කෙනෙකුට ඕනැම ආගමක් අදහන්න නිදහසක් තිබ්බා. කොටින්ම සමහර ක්‍රිස්තියානි දේවස්ථාන පවා තිබ්බා. ඒ වගේම ඉස්ලාමයේ තවත් නිකායක් වුණු සූෆි සෝහොන් වන්දනාවත් කෙරුණා. ලස්සනම දේ කියන්නේ සූෆි ඉස්ලාමිකයන්
    ක්‍රිස්තියානි පල්ලිවල සමතකා කරන්න ගියෙත් නෑ. ක්‍රිස්තියානි පල්ලිවල අය සූෆි මතවාද වලට ගරහන්න ගියෙත් නෑ. ඉතින් මේ සම්ප්‍රදාය වහාබ් තමන්ගේ මතය පතුරුවන්න කලින් තිබ්බා.

    හැබැයි තිබ්බ එකම ප්‍රශ්නේ අරාබිය වෙන්වෙලා තිබ්බේ ගෝත්‍රික පාලනයට. ඒ කිව්වේ එක් එක් ප්‍රදේශ වල ප්‍රාදෙශිය පාලකවරුන්. මේ තත්වේත් වහාබ්ට හොඳ අවස්ථාවක් වුනා. වහාබ් කරේ බලයට කෑදර දේශප්‍රේමි ප්‍රාදේශිය නායකයෙක්ව හොයපු එක. මෙන්න මේ නායකයා තමයි මුහම්මද් ඉබ්නු සෞද් කියන පුද්ගලයා.(ලන්කාවෙත් වහාබ්වාදය පැතිරෙන්න මූලිකවම බලයට කෑදර නායකයෝ හේතුවුනා.) වහාබ් යෝජනා කරා සරල ගිවිසුමක් බලයට කෑදර ඉබ්නු සෞද්ට

    ගිවිසුම මෙහෙමයි,

    මම උදව් කරන්නම් මුළු අරාබීයේම පලාකයා වෙන්න ඔයාට.ඔයාටයි ඔයාගේ පරම්පරාවටයි සම්පූර්ණ දේශපාලන බලය මම සහතික වෙන්නම්. මට අවශ්‍ය ඔයාගේ බලයත් එක්ක මගේ ආගමික මතවාදය පතුරුවන්න. රාජ්‍යපාලනය සම්බන්ධ ඕනැම තිරනයක් ගන්න ඉබ්න් සෞද්ටත් සෞද්ගේ පරම්පරාවටත් ආගම සම්බන්ධ තිරන ගන්න අයිතිය වහබ්ටත් වහාබ්ගේ පරම්පරාවටත් ලැබෙනවා.

    ඔන්න ඔකයි ගිවිසුම.

    මේ අය මුලින්ම කරේ කුඩා කුඩ්ඩා ප්‍රදේශ ඈන්ඳා ගනන් එක. ඉබ්න් සෞද්ගේ ප්‍රාදෙශිය රාජ්‍යට වඩා දුබල ප්‍රාදේශිය රාජ්ය වලට ගැහුවා. ඒක යටටපත් කරා. ඇඳා ගත්තා. ඉටපස්සේ බලයෙන් පොඩ්ඩක් වැඩි ප්‍රදේශයක පහරදුන්නා. ඔහොම ඔහොම මුළු අරාබියම පාලනයට ගත්තා. මේන්න මේ පාලන ප්‍රදේශයට සෞද් කරේ එයාගේ නම මුලට දාපු එක. එදා ඉඳන් අරාබිය සෞද්ලාගේ අරාබිය සෞදි අරාබියවුනා (එමිරේට් ඔෆ් දිරියා).

    මේක මුස්ලිම් නොවන අයට බලපාන්නේ කොහොමද ? බලපාන්නේ මෙහෙමයි. වහාබ් කියන්නේ අංක එකේ අන්තවාදියෙක්. සෞද් ප්‍රාදේශිය රාජ්‍ය යටත්කරන කොට වහාබ්ට තමයි තිබ්බේ ආගමික බලය. වාහාබ් ට ලැබුණු බලයත් එක්ක එයාගේ මතය හැරෙන්න වෙන කිසිම මතයක් තියෙන්න ඉඩ දුන්නේ නෑ. සූෆි වන්දනා කරන තැන් කුඩුකරා. ක්‍රිස්තියානි පල්ලිත් කුඩුකරා. ඉස්ලාමය පමණයි කියන තැනකට ඒ ප්‍රාදේශිය රාජ්‍යන් ගෙනාවා.සෞද්ගේ බලය පැතිරෙනවත් එක්කම මුළු අරාබියම ඉස්ලාම් පමණයි කියන තැනට ආව.


    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ ....

    දැන් ලංකාවේ වහබ්වාදය පැතිරෙනව. වෙනම සහ්‍රියා බැංකු ක්‍රම,අහාර හලාල් සහතික ක්‍රම, ශරියා විශ්වවිද්‍යාල වගේ දේවල් මේවයේ මූලික ලක්ෂණ.

    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ ....

    දැන් ලංකාවේ වහබ්වාදය පැතිරෙනව. වෙනම ශරියා බැංකු ක්‍රම,අහාර හලාල් සහතික ක්‍රම, ශරියා විශ්වවිද්‍යාල වගේ දේවල් මේවයේ මූලික ලක්ෂණ. මේව බලයට වගේම වහාබින්ගේ කොමිස්වලට කෑදර නායකයෝ හින්දා වහාබින්ට ලැබුනු දේවල්. දැන් හරි සාමකාමි වගේ හිටියට, එදා වහාබ් කපටි කමින් පොඩි පොඩි ප්‍රාදේශිය රාජ්‍ය නතු කරගත්තා වගේ ගේමක් යන්නේ. අපි ඇහැරුනේ නැත්තන් (අපි කිව්වේ මුස්ලිම් නොවන හැමෝම ) අපිටත් වෙන්නේ එදා වහාබ් ක්‍රමයෙන් මුළු අරාබියේම මුස්ලිම් නොවන්නන්ගේ අයිතිය උදුරා ගත්ත වගේම අපේ අයිතිය උදුරගන්නකන් බකං එලාගෙන ඉන්න වෙන එක. ඔය බලයටටයි කුවෙට් සෞදි කොමිස් ව්ලටයි කෑදර දේශපාලුවෝ ගැන නම් විශ්වාසයක් තියාගන්න එපා. තම තමන් ඇහරෙන්න. ඇත්තටම රටජාතියට ආදරය කරන කෙනෙක්ට චන්දේ දෙන්න. ඒ වගේම හැම වෙලාවේම බඩුවක් ගන්න කොට මුස්ලිම් නොවන කඩේකටම යන්න. හේතුව තමයි වහාබ්වාදය ලංකාවේ පැතිරෙන්න මුදල් පොම්ප වෙන යාන්ත්‍රන නවත්තන්න ඕනේ. නැත්තන් උඹේයි මගෙයි තුන්වෙනි හරි හතරවෙනි හරි පරම්පරාවට වෙන්නේ කොන කපාගෙන ජිවත් වෙන්න.

    ඊලඟ ලිපියෙන් ලංකාවේ වහබ්වාදය පැතිරුණේ කොහොමද ඒ වගේම වහබ්වාදයට මුදල් පොම්ප කෙරෙන යාන්ත්‍රණය ගැන කතාකරමු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    1595168063802.jpg

    අරාබියේ එහෙම උනාට ලංකාවේ බලයට කෑදර නායකෝයෝ නැහැ. එන්න එකවෙන්න අපි යමු ඉදිරියට හකීම් බදුර්දීන් සමග එක්ව නැගිටිමු 😬😬
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හිතන්නේ උප්පැන්නෙන් ජාතිය අයින් කරන්න ඕනේ කියන එකත් මේකෙම කොටසක්. ඔක්කොමලා ශ්‍රී ලාංකික කියන එක හොඳයි තමයි. හැබැයි ඊට පස්සේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියන එක මේ ගොල්ලෝ ප්‍රශ්න කරනවා. බෞද්ධ විතරක් පාසල් තියන එක ප්‍රශ්න කරනවා. උඹලට සම අවස්ථා පණත මතක ඇති. හැමෝම ශ්‍රී ලංකික නං ඇයි අපට බෞද්ධ පාසල් වලට යන්න බැරි? කියලා
    මතක තියාගන්න, ඉස්සර හිටිය මොට්ට තම්බි නෙවෙයි දැන් ඉන්නේ. උන් ගේම ගහන්න පටන් අරන් අවුරුදු විසි තිස් ගානක්. කෙහෙල්මල් චන්ද ක්‍රමයක් නිසා උන් ආණ්ඩු හදන්න තීරණාත්මක බලවේගය වෙලා උන්ගේ බලය වැඩි කරන් තියෙන්නේ.

    බල ලෝභී කට්ටිය තමයි උන්ට පිදුවේ ඉතින්.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අන්න දේශපාලන වහලෙක් ඇවිලල, උගේ ආසාවනේ.
     
    • Haha
    Reactions: ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    View attachment 86620
    අරාබියේ එහෙම උනාට ලංකාවේ බලයට කෑදර නායකෝයෝ නැහැ. එන්න එකවෙන්න අපි යමු ඉදිරියට හකීම් බදුර්දීන් සමග එක්ව නැගිටිමු 😬😬
    ප්‍රභාකරන් දෙමල්ලුන්ගේ ත්‍රස්තවාදයේ නායකයා වගේම හම්බ ත්‍රස්තවාදයේ නායකයා බදුර්දීන්. මෝඩ පුතානෝ තමන්ගේ තියන ලොකු කමට සේරමට වට කරන ඉන්නේ කුමන්ත්‍රණ කාරයොයි, ත්‍රස්තවාදීන්. ඔය පල් මෝඩයා දන්නේ නෑ ඕකාට ඇරලා යන්න වැඩිකල් නෑ කියල. අරහෙන් පාටලී කුමන්ත්රණේ ගේනව, මෙහෙන් රාජිත ඇතුලේ හොර නඩය, එහෙන් හම්බයෝ රැල.
     
    • Like
    Reactions: D_Mad

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ප්‍රභාකරන් දෙමල්ලුන්ගේ ත්‍රස්තවාදයේ නායකයා වගේම හම්බ ත්‍රස්තවාදයේ නායකයා බදුර්දීන්. මෝඩ පුතානෝ තමන්ගේ තියන ලොකු කමට සේරමට වට කරන ඉන්නේ කුමන්ත්‍රණ කාරයොයි, ත්‍රස්තවාදීන්. ඔය පල් මෝඩයා දන්නේ නෑ ඕකාට ඇරලා යන්න වැඩිකල් නෑ කියල. අරහෙන් පාටලී කුමන්ත්රණේ ගේනව, මෙහෙන් රාජිත ඇතුලේ හොර නඩය, එහෙන් හම්බයෝ රැල.

    මෝඩ පුතාවගේම හිටපු බුරියානි කෑදර රාජ්පක්ශලාවත් ඇන්දුවා.
     
    • Like
    Reactions: ryandok

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ochchar lokuwata ona na ban. muhammed = child abuser and womanizer ochcharai. eka nemai athal eka grade 10 history subject eke mu gena ugannaddi mama hithuwe mu patta hoda ekek kiyala ban :lol: :lol: :lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉයේ පෙරෙදා සම්පත් බැංකුවේ සිද්දියත් වහබ්වාදයේ එක් ප්‍රතිඵලයක්. මේ රටේ කිසිම ආණ්ඩුවකට කොන්ද පණ නෑ බුර්කාව තහහම් කරන්න.
     
    • Like
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වහාබි අන්තවාදයට ගොදුරු වූ ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජය

    https://elakiri.com/threads/ලාංකීය_වහාබි.1833267/
    හොඳ ලිපියක්. සාම්ප්‍රදායික සුෆි මුස්ලිම්ලටත් මේ වහාබි අයගේ බලපෑම තිබ්බා. ඇත්තටම සහරාන් මුලින්ම් ටාගට් කරේ සුෆි මුස්ලිම් වරුන්ව. හරියටම වහාබ් කරාවගේ
    සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…
    June 2, 2019 at 9:20 am | lanka C news
    සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…

    අබූ උබයිදා නැමැති ත්‍රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක් නැති වුවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම දැන් අප්‍රසන්න වන තරමටම අපට ඇසී තිබේ. මේ මනෝ විකෘතික ඝාතකයා නිසා මේ වන විට බරපතළම අර්බුදයකට ලක් වී ඇත්තේ මේ රටේ මුස්ලිම් මිනිස්සුය.


    ඒ බව අපට කියන සජීවී සාධකය දැන් අප අබියසය. ඔහු අබූබක්කර් මුහම්මදු මුසාෆීර්ය. මේ මිනිසා සොයාගෙන අපි කාත්තන්කුඩියට ගියෙමු.


    වසර දෙකකට කලින් ලේ වැකි සිරුරින් යුතුව දුක්ඛිතව මඟ වැටී සිටි මේ තරුණයාගේ රුව මාධ්‍යවල පළ වූවා මතකය. ඒ වර්ෂ 2017 මාර්තු 10 වන දින ආලියා මන්සන්දියේ දී සහරාන් හසීම් ප්‍රමුඛ මැර පිරිසක් එල්ල කළ ප්‍රහාරයේදී ය. එහිදී සහරාන්ගේ තියුණු කඩු ප්‍රහාරයෙන් ද, සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ගේ පිහි පහරින්ද කැපුම් තුවාලවලට ලක්ව දිවි බේරාගත් මුසාෆීර් තම රුධිරයෙන් කී කතාව මේ රටේ මහා සමාජයට ඇසුණේ නැත. ඔවුන්ට එය මුස්ලිම් සමාජයේ ඇති වූ තවත් එක් ගැටුමක් පමණක් විය. ඒ නොඇසි කතාව මහා ලේ ගංගාවක් සේ මේ රට ගිල්වා දමමින් ගලාගෙන ගියේය.


    එදා නෑසූ කන්ව සිටි අප දැන්වත් අබුබකර් මහමුදු මුසාෆීර්ගේ කතාව ඇසිය යුතුය. ඒ මේ ම්ලේච්ඡත්වයට එරෙහිව සටන් කළ සැබෑ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැඩය හඳුනාගැනීම සඳහාය. අබූබක්කර් මුහම්මදු මුසාෆීර් ඒ මාරක ප්‍රහාරය එල්ල වුණු අතීත සිදු වීම පිළිබඳ සිය හඬ අවදි කරන්නේ මෙසේය.


    “ඒ වර්ෂ 2017 මාර්තු 10 වෙනිදා. කාත්තාන්කුඩි ආලියා මංසන්දියේදී ගමේ බහුතරයක් වෙසෙන අපේ සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන සූෆි මුස්ලිම් නැමති සංවිධානය විරෝධතාවක් පැවැත්තුවා. ඔවුන් විරෝධතා ව්‍යාපාරය පැවැත්තුවේ සහරාන්ගේ තවුහීද් ජමාත් සංවිධානයට එරෙහිවයි.


    ඒ වෙන කොට කාත්තන්කුඩියෙදි සහරාන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණේ අබ්දුල් රමීස් මව්ලවිතුමා. සහරාන්ගේ කමකට නැති අන්තවාදී වැඩවලට සාධක සහිතව විරුද්ධ වුණේ එතුමා.”


    “රැස්වීම තියන තැන මමත් හිටියා. ටික වේ ලාවයි ගත වුණේ. තැඹිලි පාට ටී ෂර්ට් ඇදගත් කණ්ඩායමක් කඩු පිහි අරගෙන එකපාරමට අපි ඉන්න තැනට කඩා වැදුණා. මම ඔවුන්ව හඳුනා ගත්තා.


    ඒ කණ්ඩායම මෙහෙයවූයේ අයි.එස්.අයි.එස් එකට එකතු වුණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හසීම්.


    ඔහුගේ සොහොයුරා වුන සායින්දමරුදු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත්තු රිල්වාන් ද ඇතුළු 100ක වගේ පිරිසක් එතැනට ආවා.”


    “සහරාන්ගේ මල්ලි වන සායින්දමරුදු නිවසක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියගිය රිල්වානුයි නියාස් සහ අජුවත් කියල දෙන්නෙකුයි මුලින්ම මගේ මස්සිනාට පහර දුන්නා. පස්සෙ මං ළඟට දුවගෙන ඇවිත් මාව වට කරලා අල්ල ගත්තා. මට හෙල්ලෙන්නවත් ලැබුණෙ නෑ.


    ඔවුන් ජිහාඩි සටන දිනේවා. අල්ලාහ් අක්බර් කියාගෙන පළමු කඩු පහර මට එල්ල කළා. රිල්වාන් තමයි මට මුල්ම කඩු පහර දුන්නේ. නියාස් සහ අජුවත් කියන දෙන්නත් කඩුවලින් කෙටුවා. එකෙක් ගලකින් මට පහර දුන්නා. මම හිටියෙ මරණ බයේ. නිරායුධ අපි මොනවා කරන්නද? ඒ එක්කම සහරාන් කෑ ගහලා මෙහෙම කිව්වා.


    “ජිහාඩ් සටන කාත්තාන්කුඩියෙන් ඇරඹුවා. ජිහාඩ් පිළිගනිව්…”


    ඔහුත් එක්කම සහරාන් එක්ක හිටපු පිරිසත් එකවරම කෑ මොර දුන්නා.


    මම දුවන්න උත්සාහ කළා. දුවාගන්න බෑ. කලන්තෙයි. මුළු ඇඟේම ලේ වැක්කෙරනවා. මම ගිහින් පැත්තකින් ඉඳගත්තා.”


    එදා මුන්ගේ ඉලක්කය වුණේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය නියෝජනය කරන සූෆි මුස්ලිම්වරු. එයාලගේ හැසිරීමට විරුද්ධ මව්ලවි අබ්දුල් රමීස් මව්ලවිතුමන්ව ඝාතනය කරලා එයාලට විරුද්ධ අනිත් අයත් ඝාතනය කරන්නයි එයාලට ඕන වුණේ. නමුත් එයාලට ඒ දෙය කරන්න බැරි වුණා. ආලියා හන්දිය කියන්නේ සහරාන්ට එරෙහිව දැඩි පිරිසක් හිටපු පෙදෙසක්.”


    “මම මුලින්ම කිව්වෙ. සියලු දෙනාම ආවෙ තැඹිලි පාට ටී ෂර්ට් ඇඳගෙනයි. මේ ම්ලේච්ඡයා සහරාන් අපිව කඩුවලින් කැපුවෙත් හිනා වෙවී. මේ මිනීමරුවන්ගේ පහරදීමෙන් මගේ ශරීරයේ තැන් හතරක තුවාල සිදු වුණා. මොවුන්ගෙන් ජීවිතය බේරාගෙන පුළුවන් විදිහට පැනගනිද්දි එතැන හිටපු අය මාව රෝහල් ගත කළා. මාව බලන්න ආවෙත් මගේ පවුල නඩත්තු කරගන්න ඒ දවස්වල උදව් කළෙත් අබ්දුල් රමීස් මව්ලවිතුමන් විතරයි. අද ඔය කෑ ගහන කවුරුත් එතැන හිටියේ නැහැ.”


    අබුබකර් මහමුදු මුසාෆීර්ගේ මුහුණ දෙස බාගෙන සිටියෙමි. ඔහු මේ අන්තවාදී ආගමික වියරුව පිළිබඳ උපන් පිළිකුල එළිපිට කියමින් හිඳී. සහරාන් රටේ පොදු සමාජයට භීතිය ගෙනාවේ පාස්කු බෝම්බයත් සමඟය. එහෙත් ඔහු සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය මත අතිශය දරුණු පීඩාවක්, භීතියක් පතිත කරගෙන සිට වසර ගණනාව සම්බන්ධව අප නොවිමසූ අයුරු පිළිබඳ උපදින්නේ විස්සෝපයකි.


    සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ආගමික ඇදහිල්ල ව්‍යසනයට ලක් කරමින් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගෙන සිය උම්මන්තක ආගමික අන්තවාදය ව්‍යාප්ත මේ විකෘති ම්ලේච්ඡයා, අන්තවාදී නැඹුරුවක් සහිත තව්හිද් ජමාද් සන්දර්භයෙන් පවා ඉවත් කර දැමූවේ ඇයිදැයි පාස්කු බෝම්බය පුපුරා යන තුරු අප තැකීමක් කළේ නැත. එහෙත් ඔහු කියන්නේ මේ අන්තවාදී ව්‍යසනය තවමත් නිමා වී නැති බවය. එහි බිහිසුණුකම තවමත් ඔවුන්ව ස්පර්ශ කරමින් ඇති බවය.


    “ මේ ටික ඔබට කියන්න ඕන. එදා කඩු කිණිසි අරන් ඇවිත් මට පහරදීපු සහරාන්ගේ අනුගාමිකයන් දෙන්නෙක් මීට සති දෙකකට පමණ පෙර කාත්තාන්කුඩියේ ගැවසෙනවා මම දැක්කා. අවස්ථා කීපයකදි ඔවුන්ව මා දුටුවා. හඳුනා ගත්තා. සහරාන් සහ රිල්වාන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන මැරුණා. ඒ සංවිධානෙ තහනම් කියනවා. ඔවුන්ගේ අනුගාමිකයො අත්අඩංගුවේ කියලා කියනවා. ඒත් එදා මට පහර දීපු සහරාන්ගේ දකුණු අත වගේ ඉඳලා මිනී මරන්න ආව අජුවත් සහ නියාස් මෙහෙම බය නැතිව එළිපිට ඇවිදිනවා පෙනිලා යනවා.


    එහෙම ඉන්නෙ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න බෑ. මුන් තමයි කාත්තන්කුඩියේ අන්තවාදය වපුරලා මරණ බය ඇති කළේ. මේ අය අතරින් තමයි මරාගෙන මැරෙන බෝම්බකාරයො හැදුණෙ. ඔවුන් නිදැල්ලේ. අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඒකයි. ඇත්තම කියන්නම්. අපි තවම බියෙන්.”


    “ මේ සිද්ධියට පස්සේ ඊට විරුද්ධව නැඟෙනහිර පළාතේ කාත්තාන්කුඩියේදී 2017 මාර්තු මාසය පුරාවටම විරෝධතාවක් පැවැත්වුණා. කාත්තාන්කුඩියට මෙතරම් පිළිකාවක් වෙච්චි සහරාන් හෂීම්ට එරෙහිව ඉස්ලාම් පූජකවරුන් මෙන්ම බොහෝ සංවිධාන බුද්ධි අංශ වෙත පැමිණිලි සහ තොරතුරු දුන්නා. සහරාන් හෂීම් අයි.එස් සංවිධානය හා සම්බන්ධ වී සිදු කරගෙන යන අන්තවාදය වැළැක්වීමට පියවර ගන්නැයි ඉල්ලුවා. බුද්ධි තොරතුරු ඉහළ තැන්වලට ගියාද නැද්ද කියන්න දන්නෙ නෑ.”


    ඔහු කියන්නේ ඔහු අත්දුටු යථාර්ථය ය. තව්හිද් ජමාද් මැරයෝ තවමත් කාත්තන්කුඩියේ හොල්මන් කරමින් සිටිති. මේ මිනිසුන් තවමත් තැතිගෙනය. ඔවුන් පමණක් නොව මුළු සමාජයම එක ඕපාදූපයකින් අකර්මණ්‍ය වන තරමට මිනිසුන්ගේ විශ්වාසය බිඳී ගොස්ය.


    ඒ පසුබිම දේශපාලන ගොදුරු බිමක් බවට පත් කරගැනීමට බොහෝ පිරිස් කටයුතු කරමින් සිටිති.


    යළිත් අප රටක් ලෙස අසමත්ය. රටේ සමස්ත දේශපාලනය මුළුමනින්ම අසමත්ය. නිරුවත්ය. මුස්ලිම් සමාජයෙන් පැමිණි සියලු අනතුරු හැඟවීම් පයිසයකට මායිම් නොකර රට මළ ගෙයක් වූ පසු එහි වගකීම සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය වෙතම මුදාහරිමින් අශික්ෂිත ජාතිවාදය වපුරවමින් සිටිනා අප මොන විදිහේ හිපාටුවන් දැයි අපේ හදවතට තට්ටු කර විමසිය යුතුව ඇත.


    එහෙත් ඒ වෙනුවෙන් පුහුණු කළ මනසක් අප සතුව නැත. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයටත් වඩා බිහිසුණු යථාර්ථය එයය.


    ******************


    පාස්කු ප්‍රහාරය එල්ල වුණේ ජිහාඩ් පිළිපදින්නෙ නැති සමස්ත මුස්ලිම්වරුන්ට


    එම්.එස්.එම්.සීමාක් සින්නලෙබ්බේ.
    (කළමනාකාර කමිටුව,අල්හාජ් අබ්දුල් ජවාඩ් ආලිම් වලියුල්ලා කමිටුව )


    “සහරාන් 2011 වසරේදී දාරුල් අඩාර් නැමති සංවිධානයක් ගොඩනඟාගෙන හිටියා. ඒකෙන් අයින් වෙලා තමයි ජාතික තවුහීද් ජමාත් නමින් අලුත් සංවිධානයක් හැදුවේ. සහරාන් ජිහාඩ් අන්තවාදියෙක් කියලයි, අන් ආගමිකයින් මරාදැමීමට උත්සහා දරනවා කියලයි, තමන් දෙසන ඉස්ලාමය නොපිළිගන්නා මුස්ලිම් මිනිස්සු මරන්න ගියා කියලයි, රජය පොලිස්පති ඇතුළු සියලු ආරක්ෂක අංශවලට 2017 වසරෙදීම ලිඛිතව දැනුම් දුන්නා.”


    “ මෙම පුද්ගලයා 2013 වසරේ ඉදලා ජිහාඩ් මූලධර්මය ව්‍යාප්ත කරන්න උත්සහා දැරුවා. සහරාන් අන්තවාදය ව්‍යාප්ත කරනවා කියලා පැමිණිලි 20ක් විතර කාත්තාන්කුඩි පොලිසියට කරලා තියෙනවා. වර්ෂ 2013-14 කාලයේදී මේ පුද්ගලයාට එරෙහිව නඩු දෙකක්ද පැවරී තිබුණත් ඔහු ඒ නඩු දෙකෙන්ම නිදහස් වුණා.”


    “ කාත්තාන්කුඩියේ බදුරියා මස්ජීදයට සහරාන් දවසක් හොරෙන් රිංගල අන්තවාදය වපුරන්න ගියා. ඒකට ගම්වාසීන්ගෙන් එල්ල වුණ විරෝධය නිසා නැවතත් පොලිස් පැමිණිල්ලක් සහරාන්ගේ නමට වැටුණා. මුස්ලිම් දේවස්ථානයක් තිබියෙදී ඊට මීටර් 20 පමණ ඈතින් ජිහාඩ් දේවස්ථානයක් සහරාන් විසින් හදන්නේ 2016 දීයි. ඒ නව කාත්තාන්කුඩි එස්.සී.ආර්.මාවතේ.”


    “ සහරාන්ගේ අන්තවාදයට ලොකු විරෝධයක් මතු වුණත් ඔහුගේ දේශනවලට හසුවූ පිරිස් 250ක් 300ක් විතර හිටියා. ඔවුන්ගේ ඔළු සෝදා ජිහාඩ් සටන්කරුවන් විදිහට ඇදගෙන තිබුණා. සහරාන්ගේ මේ අන්තවාදී ක්‍රියාවන්ට සූෆි මුස්ලිම් සංවිධානයේ අබ්දුර් රවූෆ් මිස්බායි මව්ලවි තුමන් දැඩිව විරුද්ධ වුණා. මේ නිසා සහරාන් ඔහු විසින් තමන් දේශනා කරන ධර්මය නියම ඉස්ලාම් ධර්මය බවත් එය නොපිළිගන්නා සියලු මුස්ලිම් වැසියන් මරා දැමිය යුතු බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.”


    ඒ වගේම මඩකලපුව මීරා මුස්ලිම් විදුහලේ පාසල් දැරියන් සංස්කෘතික වැඩසටහනක ගී ගැයුවයි කියල විදුහල්පතිවරයාටත් ගුරුවරුන්ටත් දරුවන්ටත් පහත් අන්දමින් කතා කර ඔවුන් ඝාතනය කළ යුතුයි කියල ප්‍රචාරය කරල තිබුණා. මේ ඔහුගේ ධර්මය ඉස්ලාම් ධර්මය නොවෙයි.


    2016.12.09 වනදා සහරාන් කාත්තාන්කුඩියේදී අන්ජාතීන් මරා දැමිය යුතුයි කියලා ඔහුගේ පල්ලියේදී කතා කීවා . ජාතික කොඩියට ගීයට නිගරු කළා. වර්ෂ 2017.2.17 දිනයේ කාත්තාන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී අයි.එස්.අයි.එස් සංවිධානයට සහාය පළ කරමින් අයි.එස්.නායකයගේ ගුණ වයමින් අයි.එස් ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට ප්‍රතිඥාවක් දුන්නා. ජිහාඩ් අරගලය කාත්තාන්කුඩියෙන් අරඹන බවට ප්‍රතිඥා දුන්නා.


    2017.2.17 ජාතික කොඩිය ප්‍රතික්ෂේප කළා. මුස්ලිම් ජිහාඩ් රටක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. වර්ෂ 2017.3.3 වනදින කාත්තාන්කුඩි ජුම්මා දේශනයේදී ජිහාඩ් අන්තවාදය ගැන කතා කළා. මීට පස්සෙ, එනම් 2017.03.10 ආලියා මංසන්දියේදී සූෆි මුස්ලිම්වරුන් විසින් තවුහීද් ජමාත් නායක සහරාන්ගේ අන්තවාදයට එරෙහි විරෝධතාවක් තිබ්බා. එය මැදට පැනලා තමයි කපා කොටා දැමීම් හා පහර දීම් සිදු කර තිබු‍ණෙ.


    සහරාන් කියන ආකාරයට හෝ අයි.එස්.ගහන පදයට නටන්න මේ රටේ මුස්ලිම්වරුන් සූදානම් නැහැ කියන එක ඒ කාලයේදීම මුස්ලිම්වරුන් ඔප්පු කර පෙන්නුවා. ජිහාඩ් අන්තවාදය මුළු දිවයිනේම තහනම් කළ යුතුයි. සහරාන් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ ජිහාඩ් නොපිළිපදින සමස්ත මුස්ලිම් ජනතාවටම එරෙහිවයි.