මොකද්ද මේ වහාබ් වාදය?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද්ද මේ වහාබ් වාදය?

    wahab1.jpg



    හත්සිය ගණන්වල සවුදියෙන් බිහි වී ලංකාව හොල්ලන මොකද්ද මේ වහාබ් වාදය?


    ශ්‍රී දළදා මාලිගාවේ උස පරයා ගොඩනැඟිලි තැනීම තහනම් කර නාගරික සංවර්ධන අධිකාරිය පනවා ඇති නීතියකට පටහැනිව යමින් ඉස්‌ලාම් පල්ලියක කුලුනක්‌ එසවීමට යන පුවත නිසා දෙසතියකට පෙර මහනුවර උණුසුම් විය. මල්වතු අස්‌ගිරි නාහිමියන් දෙපළ මෙයට විරෝධය පළ කළ අතර පල්ලියේ කුලුන ඉදිකිරීම තාවකාලිකව නතර කරන ලදි. ලෝකයේ රටවල් ගණනාවක්‌ම තම රටේ සමහර නගරවල තිබෙන ජාතික හෝ ආගමික ස්‌මාරකවල උස ඉක්‌මවන පරිදි එම නගර තුළ ගොඩනැඟිලි තැනීමට ඉඩ නොදෙති. උදාහරණයක්‌ වශයෙන් ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. නගරයේ පිහිටි Washingtion Monument සහ ප්‍රංශයේ අයිµල් කුලුන දැක්‌විය හැකිය. ඇමරිකා එක්‌සත් ජනපදයේ පළමුවන ජනාධිපති වන ජෝර්ඡ් වොෂින්ටන් (1732 - 1799) සැමරීම සඳහා 1848 දී සෑදීමට පටන් ගෙන පුරා වසර 40 ක්‌ තිස්‌සේ සාදා 1888 දී නිමාවට පත් කෙරුණු අඩි 555 ක්‌ උස Washingtion Monument ස්‌මාරකයේ උස පරයමින් වොෂින්ටන් ඩී. සී. නගරය තුළ ගොඩනැඟිලි සෑදීම ආණ්‌ඩුවේම නියෝගයක්‌ මත සදහටම තහනම් ය. එසේම 1889 දී ප්‍රංශයේ පැරිස්‌ නගර මධ්‍යයෙහි සාදන ලද අඩි 1063 ක්‌ උස අයිµල් කුලුන ඉක්‌මවා කිසිදු ගොඩනැඟිල්ලක්‌ සැදීමට ද තහනම් ය. එය පැරිස්‌ නගර සභාවේ නීතියකි. මෙයින් දෙන පණිවුඩය වන්නේ ජාතික ස්‌මාරකවලට ගරු කළ යුතු බවය. මහනුවර ඉස්‌ලාම් පල්ලියේ එසවීමට ගිය කුලුන හඳුන්වන්නේ Minarate යන නමිනි. ඉස්‌ලාමීය මිනරේට්‌ ඉදිකිරීමක බොහෝ විට කවුළු සහිත තට්‌ටු කිහිපයක්‌ ඇති අතර එය මස්‌ථකයෙහි අඩ සඳ සහ තරු සලකුණ සෑදීම ද බොහෝ විට සිදු වෙයි. ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ පිහිටි රාඡ්බීර් නමැති නටබුන් වූ ඉස්‌ලාමීය පල්ලියෙහි එකිනෙකට සමාන්තරව සිහිවන ලෙස ඉදිකරන ලද Minarate කුලුනු දෙකක්‌ ඇත. මේවා සාදන ලද්දේ 1954 දී ය. මේ කුලුනු දෙක හිටි ගමන්, භූමි කම්පාවකදී සිදුවන ආකාරයට කම්පනය වන්නට පටන් ගන්නා අතර, අද වනතුරු කිසිදු ආකාරයක පුපුරා යැමකට හෝ බිඳ වැටීමකට ලක්‌ව නැත. එම තත්ත්වය ප්‍රාතිහාර්යයක්‌ ලෙස සැලකේ. මේ කුලුනු දෙක අසල සොහොන් ස්‌මාරකයක්‌ ඇත. එය තුළ ඇත්තේ අද නටබුන්ව ඇති රාඡ්බීර් පල්ලිය 1954 දී ඉදි කළ කුටුබදින් අහමඩ් ෂා නමැති පාලකයාගේ මව් රැජනගේ සිරුර ය. කුටුබදින් අහමඩ් ෂා යනු වහාබ් වාදියෙකි. මහනුවර ඉස්‌ලාම් පල්ලිය සම්බන්ධයෙන් පසුගිය සතියෙහි මෙම පුවත්පතෙහි ලිපියක්‌ පළ වූ අතර එහිද වහාබ් වාදය ගැන සඳහන් වෙයි. මේ පල්ලිය ඉදිකරන්නෝ වහාබ්වාදීහු යයි එම ලිපියේ සඳහන් ය. දැන් ඔබ කියවන මේ ලිපිය මගින් සාකච්ඡා කෙරෙන්නේ වහාබ් වාදයේ ඉතිහාසය ගැන ය.

    ඉස්‌ලාමය තුළ සුන්නි සහ ෂියා යනුවෙන් ප්‍රධාන කොටස්‌ දෙකක්‌ පවතී. සුන්නි ඉස්‌ලාමයට අනුව මහම්මත්තුමාගේ ධර්මය ඉදිරියට ගෙන යැම සඳහා සුදුසු ලෙස පිළිගනු ලබන්නේ එතුමාගේ බිරිඳගේ පියා වන අබු බකර්තුමාය. එතුමා ක්‍රි. ව. 573 දී ඉපදී 634 දී පරලෝ සැපත් වූහ. කලිෙµට්‌ නමැති ඉස්‌ලාමීය ආගමික පරිපාලන ප්‍රදේශයක්‌ භාරව කටයුතු කරන මෙවැනි උසස්‌ ආගමික උතුමන් කාලිµaවරු ලෙස හඳුන්වනු ලැබේ. ෂියා ඉස්‌ලාම් විශ්වාසයට අනුව එම කාලිµa තනතුරේ හිමිකාරයා වන්නේ මහම්මත්තුමාගේ බෑණනුවන් වන අලි ඉබත් අලි කාලිබ් ය. එතුමා ක්‍රි. ව. 601 දී ඉපදී 661 දී පරලෝකප්‍රාප්ත වූහ. වහාබ් වාදය යනු මෙහි මුලින් කී සුන්නි ඉස්‌ලාමයේ ශාඛාවකි. මේ ශාඛාව මූලධර්මවාදී, පාරිශුද්ධවාදී, අධි සම්ප්‍රදායික සහ ප්‍රතිසංස්‌කරණවාදී මතවාදයන් සහිත ශාඛාවක්‌ බව පිළිගනු ලැබේ. එයට හේතුව මෙම ශාඛාවේ අනුගාමිකයන් සියයට සියයක්‌ම ශුද්ධ වූ කුරාණයෙහි එන ඉගැන්වීම්වලට අනුව කටයුතු කිරීමය. එහෙත් බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයකු වන Robert Lacey කියන පරිදි වහාබ් වාදීහු එනමින් තමන් අමතනු ලැබීමට මහත් සේ විරුද්ධ ය. ඔවුන් වඩා කැමැති වන්නේ තමන් මුවහිදුන් හෙවත් එකම දෙවියකු පිළිබඳ විශ්වාසය තබා සිටින කණ්‌ඩායමක්‌ ලෙස හඳුන්වනු ලැබීමය.



    වහාබ් වාදයේ ආරම්භකයා​

    සවුදි අරාබියේ මධ්‍යම ප්‍රදේශයට අයත් නඡ්ඩ් නමැති කුඩා නගරයේදී 1700 දී උපන් මොහොමඩ් ඉබන් අබ්ද් අල් වහාබ් මෙහි ආරම්භකයා ය. ඔහු බස්‌රාවෙහි (හෙවත් නූතන ඉරාකය) අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු සවුදි අරාබියේ පළමුවන ශුද්ධ නගරය වන කාබා පල්ලිය පිහිටි මක්‌කමටත්, මහම්මත්තුමාගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති මදීනාවටත් නිතර වන්දනාවේ ගියේය. (සවුදි අරාබියේම පිහිටි මදීනාව ඉස්‌ලාමයෙහි එන දෙවන ශුද්ධ නගරයයි) වහාබ් තුමා සෑම කාලයකදීම විශ්වාස කළ කාරණයක්‌ විය. ඒ වූ කලී ලොව සිටින්නේ එකම දෙවියකු බවත්, ඒ අල්ලා දෙවියන් වහන්සේ බවත් ය. මෙය ඒකදේවවාදය ලෙස හඳුන්වනු ලැබේ. වහාබ්තුමා ජීවත් වූ වකවානුවේදී බහු දේව වාදය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැතින. මිනිස්‌සු විවිධ දෙවිවරුන් කෙරෙහි විශ්වාසය තැබුවා පමණක්‌ නොව එකවර දෙවිවරුන් කිහිපදෙනකු අදහමින් පිහිටාධාර ඉල්ලූහ. මෙය සෑම කල්හිම විටින් විට මතු වූ තත්ත්වයකි. ආගමික ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන කැරන් ආම්ස්‌ට්‍රොaංග් නමැති ලේ�කාව ලියා ඇති පරිදි මෙයට වසර දහස්‌ ගණනකට පෙර මහම්මත්තුමා කාබා පල්ලිය සොයා ගන්නා විට එය පූර්ව ඉස්‌ලාමීය යුගයේ ප්‍රධාන දෙවියකු වූ හුබාල් (Hubal) ට කැප කර තිබිණි. හුබාල්ගේ ප්‍රතිමාව මනුෂ්‍ය රූපයක්‌ හා සමාන විය. ඔහු ඇදහූ බැතිමතුන් එකල ජීවත් වූයේ උතුරු අරාබිය සහ නූතන ජෝර්දානයේ පිහිටි පෙට්‍රා ප්‍රදේශවලය. ඊට අමතරව කාබා පල්ලිය තුළ සහ ඒ අවට දේව රූප සහ සංකේත 360 ක්‌ තිබිණි. මිනිස්‌සු ඒවාට වන්දනාමාන කළහ. කාබා පල්ලිය බහුවිධ දේව විශ්වාසයෙන් ගලවා ගත් මහම්මත් තුමා සියලු දේව රූප සහ සංකේත ඉවත් කර එය අල්ලා දෙවියන් වහන්සේට කැප කළේය.

    ලොව සිටින එකම දෙවියන් අල්ලා දෙවියන් පමණක්‌ය යන මතය ප්‍රචලිත කිරීම සඳහා වහාබ් තුමා ඉස්‌ලාම් ආගම තුළ ප්‍රතිසංස්‌කරණ රාශියක්‌ කළේය. ශුද්ධ වූ කුරාණයෙහි එන ඉගැන්වීම් අනුගමනය කරන ලෙස තම ශ්‍රාවකයන්ට බල කළ එතුමා මහම්මත්තුමා අනුගමනය කළ සම්ප්‍රදාය සහ නීති රීති කෙරෙහි කැපවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම සම්ප්‍රදාය සහ නීති රීති සහිත වාක්‍ය යනුවෙන් හඳුන්වනු ලැබේ.

    වහාබ් තුමා ජීවත් වූ නඩ්ඡ් ප්‍රදේශය අයත් පළාතේ පාලකයා වූයේ මොහොමඩ් ඉබන් සවුද් ය. මෙම එමීර්වරයා සමඟ මිත්‍රත්වයක්‌ ඇති කර ගැනීමටත් ඔහු සමඟ එක්‌ව එවකට පැවැති ඉස්‌ලාමය ප්‍රතිසංස්‌කරණය කිරීමට ගිවිසුමක්‌ ඇති කර ගැනීමටත් වහාබ්තුමාට හැකි විය. 1744 දී ඉබන් සවුද් පවුල සහ වහාබ් පවුල අතර නෑකමක්‌ ද ඇතිවිය. ඒ ඉබන් සවුද්ගේ පුත්‍රයා වූ අබ්දුල් අසීස්‌ සහ වහාබ් තුමාගේ දියණිය සරණ බන්ධනයට පිවිසීමෙනි. එම වසරේදීම ඉබන් සවුද් එමීර්තුමා පළමුවන සවුදි රාජ්‍යය පිහිටුවිය. සාන්තුවරුන්ට යාඥා කිරීම, දේවාල සහ සොහොන් කොත්වලට වන්දනා ගමන් යැම ගස්‌, ගල්ගුහා සහ ගල්වලට වැඳීම, එම රාජ්‍යය තුළ සපුරා තහනම් විය. වහාබ්වාදයේ මූලාරම්භය මෙතැනය. සවුදි රජ පවුල සහ වහාබ් තුමාගේ පවුල අතර සම්බන්ධය එදා මෙන්ම අදටත් පවතින බව දැන ගන්නට තිබේ. වහාබ්වාදයට විරුද්ධ ඉස්‌ලාමීය කණ්‌ඩායම් මෙන්ම පක්‍ෂ ඉස්‌ලාමීය කණ්‌ඩායම් ද ලොව පුරා සිටිති. ඔවුහු විටින් විට ගැටෙති. ශ්‍රී ලංකාව තුළ ද මේ තත්ත්වය මෙසේමය.





    අනුර සොලමන්ස්‌
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z