මොකද්ද මේ Elementary OS ??

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    dhanushkablog.wordpress.com

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ගහන හැම code එකම වැඩ කරන්න ඕන. හදන හැම design  එකම සුපිරියම එන්න ඕන කියලා ප්‍රර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ මුලින්ම කියන්න හදන්නේ FOSS ගැන. ගොඩක් දවසකින් FOSS ගැන මුකුත් දම්මේම නැති නිසා එකක් දාන්න හිතුවේ. මේ පොස්ට් එකේ කියන්නේ Linux OS එකක් ගැන. නම දැක්ක ගමන් දන්නවනේ මොකද්ද කියල. :D Elementary OS තමයි මේකේ නම. මේක හේතු කීපයක් නිසා ජනප්‍රිය වෙලා තියනවා.

    eos-beta-1-freya-screen09.jpg


    මුලින්ම නිර්මාණය වුනේ Ubuntu OS එකට Themes සහ Application pack එකක් විදියට. නමුත් පස්සේ වෙනම Linux Distro එකක් බවට පත් වුනා. බැලූ බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ. ඒක තමයි ප්‍රධානම හේතුව. මේ නිසාම ගොඩක් දෙනෙක් වරද්දගන්නවා මේක Free දෙන Apple version එකක් කියලා. නමුත් ඇත්තටම මේක Linux OS එකක්. මේ තියෙන්නේ මේකේ අලුත්ම version එක freya එකේ screenshot එකක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ ලෝක ප්‍රකට Canonical සමාගමේ Ubuntu පාදක කරගෙන. Ubuntu Software Center එක භාවිතා වෙනවා Application Manage කරන්න. මේ OS එකේ use කරන්නේ ඒකටම නිර්මාණය කරපු Pantheon කියන Shell එක. ඒ වගේම මේ OS එකට විශේෂව තියන Applications වගයකුත් තියනවා.

    Plank - යටින් තියන Dock එක
    Midori - web browser එක
    Scratch - text editor එක
    Gala - windows manager එක
    Geary - Email Client එක
    Switchboard - Settings application / Control Panel
    Music - Audio Player එක


    මේ තියන්නේ ප්‍රධාන ටිකක් විතරයි. තව Applications තියනවා. ඒ වගේම Ubuntu Software Center එකෙන් ගන්නත් පුළුවන්.

    මේ applications එක්ක Pantheon Shell එක හොඳින්ම වැඩ කරන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මේ වෙද්දී ඇවිත් තියන් version විදියට කියනවා නම් මෙහෙමයි.

    screenshot-2.png


    Jupiter - මේ තමයි මුලින්ම release උන stable version එක. 2011 දි තමයි ආවේ. Ubuntu 10.10 base එක විදියට තිබුනේ මේකේ.

    Luna - මේකේ beta version එකක් තමයි මුලින්ම ආවේ.ඒ 2012 අගදී. පස්සේ 2nd beta එකකුත් ආවා 2013 දි. 2013දීම release කරා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක හඳුන්වලා දුන්නේ මේ version එක. base වෙලා තියෙන්නේ 12.04 කියන Ubuntu LTS version එක.

    Freya - අලුත්ම version එක. මේකේ මුලින්ම නම දාල තියෙන්නේ ISIS කියලා, නමුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් නිර්මාණය උන නිසා ඒ නමින්, නම මාරු කරන්න උනා. මේකේ first beta එක ආවේ 2014 දි, 2nd beta එක 2015 පෙබරවාරි 8 release උනේ. final version එක ආවේ පහුගිය අප්‍රියෙල් 11 වෙනිදා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක තමයි මේ version එක release උනේ. මේ නිසාම වසරේ ගොඩක් අයගේ අවධානයට යොමු උන Linux distro එකක් උනා මේක.

    Loki - මේ තියෙන්නේ ඊලඟට එන්න තියන version එක, දන්නවනේ ඉතින් :D linux වලදී නම් වලට එහෙම ප්‍රධානම තැනක් ලැබෙනවනේ. අනිත් OS වලින් Linux වෙනස් වෙන්නත් මේක හේතුවක් වෙනවා. මේකේ base වෙන්නේ Ubuntu 16.04 , ඒ කියන්නේ මීළඟ Ubuntu LTS එක. 2021 වෙනකන් Support කරනවනේ LTS එකක් නිසා. මේ වෙනකන් තියන ලොකුම අඩුවක් තමයි Elementary වලටම කියලා App Store එකක් නැති එක. මේකෙදි ඒක විසඳනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම උනත් Preview එකක් එන අවුරුද්ද වෙද්දී බලාගන්න පුළුවන් වෙයි.

    අනිත් හැම Linux Distro එකකටම වැඩිය හොඳම Graphics මම දැකලා තියෙන්නේ Elementary OS එකේ. මේ තියෙන්නේ ScreenShot ටිකක්.

    dhanushkablog.wordpress.com


    Linux Distro එකක් use කරලා බලන්න ඕන ඒකෙ තියන Fun එක ගන්න නම්. මේ තියෙන්නේ Official Site එක. මේකේ Amount එක 0$ කියලා දාලා free ගන්න පුළුවන්. කැමති නම් මුදලක් ගෙවන්නත් පුළුවන් :D

    Linux is a cancer that attaches itself in an intellectual property sense to everything it touches. - Steve Ballmer

    FOSS වලට ජයවේවා !!



    dhanushkablog.wordpress.com