මොකද්ද රනිල්ට හැදිලා තියෙන පිස්සුව?
සමහර බටහිර රටවල මානවහිමිකම් වලින් ලංකාවට ලෙඩ පිට ලෙඩ දමන කොට Australiyawa තමයි පහුගිය කලේ ටිකක් හරි ලංකාවට සහයෝගෙන් හිටියේ. මුට එකත් ප්‍රස්නයක්.
copyright:Hiru news sinhala
මහින්ද රාජපක්ෂ රජයේ අභිරහස් සම්බන්ධයක් අගමැති රනිල් හෙළි කරයි
ඕස්ටේ‍්‍රලියාවට පැමිණෙන ශ‍්‍රී ලාංකික නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් නතර කිරීම වෙනුවෙන් පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලදී ඕස්ටේ‍්‍රලියානු රජය නිහඬව සිටි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ද ඕස්ටේ‍්‍රලියන් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැති සම්බන්ධය බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ට අභිරහසක් වූ බවයි. එමෙන්ම වත්මන් ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික අමාත්‍යවරයා පසුගිය රජයෙන් ලැබුණු ආකාරයේ පිළිගැනීමක් නව රජයෙන් අපේක්ෂා නොකළ යුතු බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
ඕස්ටේ‍්‍රලියාවට මෙරට සිට නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් යැවීම සඳහා පසුගිය රජයේ ඇතැම් පුද්ගලයන්ගේ සම්බන්ධයක් පැවැති බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එහෙත් එම සංක‍්‍රමණිකයන් නතර කිරීමට හිලව්වක් ලෙස පසුගිය රජයේ මානව හිමිකම් උල්ලංගණය කිරීම්වලදී නිහඬව සිටීමට ඕස්ටේ‍්‍රලියාව එකඟ වී තිබෙනවා. මෙරට මුහුදු සීමා ආරක්ෂා කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයාට නාවික හමුදාව යොදා ගත හැකි වුණා. එහෙත් දේශපාලන සම්බන්ධයකින් තොරව එම ආරක්ෂක දැලෙන් මිදී පලා යාමට නීතිවිරෝධී සංක‍්‍රමණිකයන්ට ද දුෂ්කර වූ බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත්, නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් පිළිබඳ ගැටළුව ඕස්ටේ‍්‍රලියාව මුහුණ දෙන ප‍්‍රබලතම අර්බුදයක් බව පිළිගත යුතුයි. ඒ සඳහා පැවැති මහින්ද රාජපක්ෂ රජය සමඟ ගිවිසුම්ගත වීමට ඕස්ටේ‍්‍රලියානු රජය කටයුතු කර ඇති බව අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළා.
හිටපු ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික අමාත්‍ය ස්කොට් මොරිසන් ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් මුණ ගැසීම ප‍්‍රතික්ෂේප කිරීම රාජ්‍ය තාන්ත‍්‍රික කි‍්‍රයාදාමයන්ට පටහැනි බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත්, ඕස්ටේ‍්‍රලියානු රජය, මහින්ද රාජපක්ෂ රජයට සහාය දැක්වීම හේතුවෙන් තමා ඕස්ටේ‍්‍රලියානු විරෝධියෙකු නොවන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අවධාරණය කළේ. එහෙත් පසුගිය සිදුවීම්වලින් ඕස්ටේ‍්‍රලියානු රජය ද පාඩමක් උගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.