මොකද ලංකාවට වෙන්න යන්නේ...
Srilankamirror - පිළිකා රෝගය නිට්ටාවටම සුව කරන ඖෂධයක් ලොව කිසිඳු රටකින් මේ වනතෙක් සොයාගෙන නොමැති බවත් තමන් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පිළිකා රෝගයට ප්‍රතිකාර සොයාගැනීමට තමන්ට හැකිවූ බවත් සෑසී වෙද මැදුරෙහි අධිපති වෛද්‍ය මහානාම ඒ හපුගොඩගේ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එසේම එම පිළිකා මර්ධන ඖෂධය තුළින් මාස දෙකක් වැනි කෙටි කලකදී පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි බවද වෛද්‍ය හපුගොඩ මහතා පැවසීය.
එහෙත් මෙම ප්‍රතිකාර කිරීම නවතා දමන ලෙසට තමාහට බලපෑම් එල්ල වෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් මෙම ඖෂධය සඳහා ජිනීවා පේටන්ට් අයිතිය ලබාගැනීම සඳහා විශාල මුදලක් වැයවන හෙයින් එය ලබා ගැනීමටද අපහසු කාර්යයක් බව හපුගොඩ මහතා පෙන්වා දෙයි.
මේ වනවිට තමන්ට විදෙස් රටවලින් ආරාධනා ලැබෙන බවත් මෙම වෙදකම තවදුරටත් මෙම රටේ කරගෙන යිමට නොහැකි වුවහොත් තමන් විදෙස් ගතවන බවද ඔහු පවසයි.
එවිට මෙම ඖෂධයම විශාල මුදලකට නැවත ලංකාවට මිලදී ගැනීමට සිදුවන බවද ඒ මහතා එහිදී පැවසීය.