මොඩර්න් මස්වැද්දා
මිනිස්සු ආහාර සඳහා සතුන් දඩයම් කළේ ශිෂ්ටාචාරයේ නොදියුණුම යුගයේ සිටය. නමුත් ඔවුහු කිසි දිනක විනෝදය පිණිස සතුන් දඩයම් කළේ නැත. හුදෙක් ආහාර පිණිස සතුන් දඩයම් කළ ඔවුහු සතුන් මියෑදෙන විට ම්ලේච්ඡත්වයෙන් එදෙස බලා සිටියේ නැති අතර එම සතුන්ට දසවධ දුන්නේද නැත. ශිෂ්ටාචාරයේ දියුණුවත් සමඟ සතුන් දඩයම් කිරීම අඩුවිය.
පසුගිය සතියේ සමාජ ජාල වෙබ් අඩවි උණුසුම් කළ ඡායාරූප පෙළක් ප්රසිද්ධ වෙමින් තිබුණි. එම ඡායාරූපවල පළවූයේ නකල්ස් රක්ෂිතයේ වෙසෙන ඉතා දුර්ලභ ගණයේ සතුන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කර පුළුස්සා කන ඡායාරූප පෙළක්ය. එම ඡායාරූප දඩයක්කරුවකු දුටුවද ඔහුගේ සිත කම්පනයට පත්කරවන සුළුය. එම ඡායාරූප එතරම්ම ම්ලේච්ඡ සහගත බවකින් යුක්තය. එම සතුන් දඩයම් කර, පුළුස්සමින් ආහාරයට ගන්නා කකුල් දෙකේ තිරිසනුන් එම ඡායාරූපවල පෙනී සිටියේ විශාල ආශ්වාදයක් ලබමිනි.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්රසිද්ධියට පත්වූ එම ඡායාරූපවල පැහැදිලිව හඳුනාගත හැකි කකුල් දෙකේ තිරිසනුන්ගේ (මිනිසුන්) රූප හයක් තිබුණි. මීට අමතරව කුඩා දරුවකු පෙනී සිටින ඡායාරූප කිහිපයක්ද එම ගොන්නේ තිබුණි. තිරිසන් අයුරින් දඩයම් කළ සතුන්ගේ ඡායාරූප තිහකට අධික ප්රමාණයක් සමාජ ජාල වෙබ් අඩවිවල පළවී තිබුණි.
මෙම කකුල් දෙකේ තිරිසන් පුද්ගලයන් අතර හීන්දෑරී උස පුද්ගලයකු වැඩිපුර සිටින ඡායාරූප පළවී තිබුණි. මෙම කකුල් දෙකේ තිරිසනුන් කණ්ඩායමේ ම්ලේච්ඡ දඩයම්කරු ඔහු බව එම ඡායාරූපවලින් වැටහේ. මෙම තිරිසන්නු සතුව මිල අධික වායු රයිµල් සහ වායු පිස්තෝල පවතින බවද එම ඡායාරූපවලින් අනාවරණය විය. මීට අමතරව උල්පිහි කිහිපයක්ද එම ම්ලේච්ඡයන් ළඟ තිබෙනු දක්නට ලැබුණෝය.
එම ඡායාරූප පෙළෙන් මෙම මස් වැද්දන්a දඩයම් කළ වල් ඌරන්, මීමින්නන්, ඉත්තෑවන්, මුවන්, දඬු ලේනුන්, කලවැද්දන් ආදී සතුන් හඳුනාගත හැකි විය. මින් සමහරක් සතුන් වඳවී යන දුර්ලභ ගණයේ අහිංසක එවුන්ය.
මෙම කණ්ඩායමේ ප්රධාන මස් වැද්දා එම සතුන්ට දස වධ දෙන අයුරු ඡායාරූප ගතකර තිබුණේ කිසිදු හිරිකිතයකින් තොරවය. තවත් කකුල් දෙකේ තිරිසනෙක් පණ අදිමින් සිටින සතෙකුට "බියර්" පොවන ඡායාරූපයක් දමා තිබුණු අතර මුවෙකුගේ හම ගලවන පිංතූරයක්ද ගෙන තිබුණේ එම කාලකණ්ණි මස් වැද්දන්ගේ ම්ලේච්ඡත්වය ලොවටම විදහා පාමිනි.
මෙම මස් වැද්දන්ගේ ඡායාරූප පෙළ එලෙස සමාජ වෙබ් අඩවිවල ප්රචාරය වෙද්දී පැය ගණනක් ඇතුළත එම කකුල් දෙකේ තිරිසනුන් සෙවීමේ මෙහෙයුම ආරම්භ විය. ජාතික වනජීවී අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ සහ ශ්රී ලංකා පොලිසියේ දුරකථන අංක කිහිපයක් සමාජ වෙබ් අඩවිවල පළවී තිබුණේ මෙම මස් වැද්දන් පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම දන්වන ලෙසටයි.
මේ අතර සමහර සමාජ ජාල ඔස්සේ (විශේෂයෙන්ම ෆේස්බුක්) මේ පිළිබඳ පුද්ගලයන් අතර නොයෙක් කටකතා සහ ගැටුම් ඇතිවිය. සමහර අය කීවේ ප්රධාන මස්වැද්දා සුරයක් දාගෙන සිටින නිසා මොහු බෞද්ධයකු බවත්, බෞද්ධයෝ මෙවැනි තිරිසන් ක්රියා කරන එක කිසිසේත් පිළිගත නොහැකි බවයි. තවත් සමහරු මොහු කිසි දිනක බෞද්ධයකු විය නොහැකි බවත් අනිවාර්යෙන්ම කතෝලිකයකු බවත් පවසා තිබුණි.
මෙවැනි හේතු අරබයා සමාජ වෙබ් අඩවිවල විවිධ ජාතීහු අතර පුංචි යුද්ධයක් පටන් ගත්තේaය. ඔවුහු කිසිවෙකුවත් මෙම මස් වැද්දන් පිරිස තමන්ගේ ජාතියක, ආගමක අයෙක් යෑයි පිළිගැනීමට අකමැති වූහ. එයින්ම ගම්ය වනුයේ මෙම මස් වැද්දන්ගේ ම්ලේච්ඡත්වය කිසිවෙකුත් පිළිනොගන්නා බවයි.
මෙම ඡායාරූපය දුටු බොහෝ මිනිසුන් මෙම මස් වැද්දන්ට සාප කර තිබුණි. ඒ අතර මෙම මස් වැද්දන්ගේ ගණයේ කිහිප දෙනෙක් මෙම ක්රියාව වරදක් නොවන බව ප්රකාශ කර තිබුණි. කෙසේ වෙතත් මෙම මස් වැද්දන්ට ගැලවීමක් ලැබුණේ නැත. ඔවුහු ගැන විවිධ තොරතුරු අදාළ බලධාරීන්ට ලැබෙමින් තිබුණි.
මෙම මස් වැද්දන් පිරිසද සමාජ වෙබ් අඩවිවලින් මෙම ඡායාරූප සහ තමන්යට එල්ලවන චෝදනා දුටුවාය. ඒ මොහොතේ එම තිරිසනුන්ට තරු පෙනුණි. ඔවුනගේ සිතට සියුම් බියක් දැනුණේ නීතියෙන් ලැබෙන දඬුවම් ගැන සිතාය.
ප්රධාන මස් වැද්දා ඇතුළු පිරිස වැඩේ වැරැදී ඇති බව තේරුම් ගත්තේය. රටපුරා නොව ලොව පුරා ප්රචාරය වී ඇති මෙම ඡායාරූප නිසා තමන්ට කිසි දිනක නීතියේ රැහැනෙන් බේරී සිටීමට නොහැකි බව එම මස් වැද්දොa කල්පනා කළහ. පසුව නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට භාරවීමට ප්රධාන මස් වැද්දා තීරණය කළේය.
පොලිසියට භාරවූ පසු මෙම මස් වැද්දන්ගේ තොරතුරු රටටම අනාවරණය කර ගන්නට හැකිවිය. ප්රධාන මස්වැද්දා සාද් ශරාෆ් නමැති මුස්ලිම් ජාතිකයෙකි. අනෙක් අය සිංහල සහ දෙමළ ජාතිකයන්ය. මෙම මස් වැද්දන් එම දුර්ලභ ගණයේ සතුන් මරාදමා එලෙස ඡායාරූපවලට නඟා ඇත්තේ දැනට වසර පහකට පමණ පෙරය. සාද් ශරාෆ් නමැති ප්රධාන මස් වැද්දා ඉරාඡ් වීරරත්නගේ සංගීත වීඩියෝවක පෙනී සිටි පුද්ගලයෙකි.
අනෙක් පුද්ගලයන් පස්දෙනා පන්විල, තෙල්දෙනිය ප්රදේශවල පදිංචිකරුවන්ය. මොවුන් සියලු දෙනාම සතුන් දඩයම් කිරීමට යොදාගත් වායු රයිµල්, පිස්තෝල ආදිය සමඟ තෙල්දෙනිය උසාවියට ඉදිරිපත් කළහ. එහිදී මෙම මස් වැද්දන් හයදෙනා දින ගණනක් රක්ෂිත බන්ධනාගාර ගතකොට පසුගිය හත්වැනිදා ඇප මත නිදහස් කරන්නට අධිකරණය කටයුතු කළේය.
මෙවැනි තිරිසන් ආකාරයට නීති විරෝධීව සතුන් දඩයම් කරන මස් වැද්දෝ තවත් අනන්තවත් සිටිති. ඔවුහු මෙරටින් වඳවී යන දුර්ලභ ගනයේ සතුන් පවා කිසිදු හිතක් පපුවක් නොමැතිව දඩයම් කරති. එය මහා ජාතික අපරාධයකි. ගමේ පමණක් නොව නගරවල පවා දැන් දඩ මස් ඇත. එයින් ගම්ය වනුයේ නීති විරෝධී අයුරින් සතුන් දඩයම් කිරීම වැඩිවී ඇති බවයි.
මෙවැනි මස් වැද්දොa නීතියේ රැහැනට කොටුවන්නේ ඉතාමත් අහම්බෙනි. එමනිසා මෙවැනි මස් වැද්දන් කොටුකර ගැනීමේ නවතම වැඩපිළිවෙලක් වගකිව යුතු නිලධාරීහු කඩිනමින් ක්රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් වන සතුන්ට මෙන්ම රට තුළ සිදු වන්නේද ජාතික අපරාධයකි.
ගයාන් සමරසිංහ
වැද්දන් දඩයම අත්හරිනවිට
ම්ලේච්ඡත්වය ෆේස්බුකියට ගෙනා මොඩර්න් මස්වැද්දාමිනිස්සු ආහාර සඳහා සතුන් දඩයම් කළේ ශිෂ්ටාචාරයේ නොදියුණුම යුගයේ සිටය. නමුත් ඔවුහු කිසි දිනක විනෝදය පිණිස සතුන් දඩයම් කළේ නැත. හුදෙක් ආහාර පිණිස සතුන් දඩයම් කළ ඔවුහු සතුන් මියෑදෙන විට ම්ලේච්ඡත්වයෙන් එදෙස බලා සිටියේ නැති අතර එම සතුන්ට දසවධ දුන්නේද නැත. ශිෂ්ටාචාරයේ දියුණුවත් සමඟ සතුන් දඩයම් කිරීම අඩුවිය.