6 ශ්‍රේණියේ මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබූ බවත් එහි තිබී ඇත්තේ වෙබ් අඩවියක නමක් පමණක් බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සිදුවීමේ වගකීම අදාළ නිලධාරීන් විසින් භාරගත යුතුය. මෙය චේතනාන්විතව කළ දෙයක් නොවන බවත්, සුළු අත්වැරදීමකින් සිදුවූවක් විය හැකි බවත් අත්වැරදීමකින් සිදුවුවද, එවැනි දෙයකින් ඇතිවන ප්‍රතිඵලය යහපත් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
අදාළ පෙළපොත් මෙතෙක් දරුවන් අතරට බෙදා දී නොමැති බවත් මතභේදාත්මක පිටු ඉවත් කර, සෙසු කොටස් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බවත් ඔහු පැවසීය.