මොඩ වීමටත් තව කෙනෙක් නුවනති වීමටත් හෙතුව

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    මොඩ වීමටත් තව කෙනෙක් නුවනති වීමටත් හෙතුව

    කෙනෙක් මොඩ වීමටත් තව කෙනෙක් නුවනති වීමටත් හෙතුව කුමක්ද?
    ලබන ආත්මයේදි නුවනති කෙනෙක් වීමට කල යුතු කුසල කර්ම කවරෙද?
     

    sadahamsisila

    Member
    Jan 12, 2014
    9
    1
    0
    මොඩ වීමටත්, නුවනති වීමටත් හෙතුව...

    සුරා පානය කිරීම මෝඩ වීමට හේතුවක් බව මට ගුරුවරයෙක් පවසා තිබෙනවා. එබැවින් සුරාපානයෙන් වැළකීම හා අන් අයට බොන්න දීමෙන් වැළකීම නුවනට හුරුයි. තවද කෙනෙක් මෝඩ වන්නේ අන් අයව ගොනාට ඇන්දවීමේ විපාක වශයෙන් විය හැකියි.

    තවද පහන් පූජාව, ඉදිකටු පූජාව, දැලිපිහි පූජාව ආදිය තීක්ෂණ නුවණක් ලැබීමට හේතු වේ.

    සකුලා තෙරණිය කාශ්‍යප තෙරුන් පිරිනිවන් පෑමෙන් පසු එම චෛත්‍යයට එක රැයක එක පහනක් පූජා කිරීමේ විපාක ලෙස පහත අනුසස් ලැබුනු බව ථෙරි අපදනයේ සදහන්වේ.
    1. හැමතැනම ප්‍රදීප දැල්වේ
    2. දිවැස් ලැබේ
    3. තීක්ෂණ නුවණ ලැබේ
    4. යසසින් දිලිසේත්
    5. ශ්‍රද්ධාව හා ප්‍රඥාව මානව පිහිටයි
    6. උසස් කුල සම්පත් ඇත්තෙක් වේ.

    කර්ම ඵලයට බලපාන්නේ අපේ සිතයි. කැලබුනු සිතින් පහන් දහසක් පිදීමට වඩා එකග සිතින් එක් පහනක් පිදීමේ අනුසස් වැඩි බව අප වටහා ගත යුතුය. කර්මය හා කර්ම ඵල ගැන වැඩි විස්තර දැන ගැනීම උදෙසා පහත link එකේ ඇති e-book එක download කර කියවන්න. ඔබට තෙරුවන් සරණයි.
    https://archive.org/details/KarmaVipaka
     
    • Like
    Reactions: IDG