මොනද_මේ_ගල්

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කියවපල්ලා සම්පූර්ණෙන්
    Repost එකක්ද කියා නොදනිමි.උපුටා ගැනීමකි

    ආතල් කතා අංක 2

    10954980_718683324919022_8408843397680012761_n.jpg
    11002658_718683381585683_2970102515340430715_n.jpg

    ගල් ගැන සම්බාව්‍යා විග්‍රහයක් නොකිරීම ගැන මාගේ මිතුරන් මා විමසුවේය. ඒ අයගේ බලවත් ඉල්ලීම මත මේ ගල් විචාරය ලියන්නේය. ගල් ඒ කාලේ ඉඳන් මේ පින් බිමේ තියෙන්නට ඇතිය. ඒත් ගල් සගිස්කුරුත්තේට එකතු වන්නේ බුද්ධාගමත් එක්කය. මහින්ද හාමුදුරුවෝ (මෙයා නෙමෙයි අනේ ලංකාවට බුද්ධාගම ගෙනාපූ මහින්ද හිමි.) වැඩියේ මිහින්තලේ ගලක් උඩටය. ඒ නිසා මිහිඳුගේ පරපුරත් ගල් වලට කැමතිය. බුද්ධාගමත් එක්ක ඉන්දියාවේ සිට ආපු අට අනූවක් කස්ටිය එක්ක ගල් වඩුවෝත් ආවේය. ගල් ආඳෝත් ආවේ ඒ කට්ටිය එක්ක දැයි කියන්නට දන්නේ නැතිය. ඒ ගැන දැනගන්න සූරීයප්පෙරුම මහතාගෙන ඇසුවාම එතුමා කිව්වේ අපේ අම්මාගෙන් අසා ගන්න ලෙසය. පුරාවිජ්ජා චක්කර නාහිමි විචාල කල උන්වහන්සේ කරුණාවෙන් වදාලේ, එ ගැන තව හාරලා බලන්නම් ඒත් ඔහේ වගේ ගල් මූසලයෝ ඉන්නකම් මේවා කොරන්න අමාරු බවය. ගල් මූසලයෝ හෙහ් හෙහ් චිත්‍රපටියකට ලස්සන නම්ක් නේද කියා ඇහුවාම උන්නාන්සේ කිව්වේ. චිත්තර පටියට කෙසේ වෙතත් ඒවා හදන උන්ට නම් ගැලපෙනවා කියාය.
    මිහින්තලේට ආවාට. අපේ පොරසිද්දම ගල සීගීරී ගලය. ඊට පස්සේ දඹුලු ගලය. තන්තිරිමලෙත් ගලක් තියෙනවාය. ඒ උනාට ඔය ඔක්කෝටම වඩා පුරාණේ හිටන් ත්‍රස්තවාදින්ට ආරක්ෂාව සැපයූවේ රිටිගලය. අර ආපු ගල් වඩ්ඩෝ සෙට් එක අහුවෙන අහුවෙන ගල කැපුවේය. ඒ නිසා අද සුද්ද්න්ට පෙන්නා කීයක් හරි හොයා ගන්න ගල් ආඳොන්ට පුළුවන්ය. සඳකඩපහන, මුර ගල්, පිලිම, ඔක්කෝම ගලේ කෙටුවාය. මට නම් හොඳම එක තියෙන්නේ පොලොන්නරුවේය. ඒ ගල් විහාරයය. ගල් කැපුවා විතරක් නොව ගලේ ලියලාත් තිබේය. එව්වාට කියන්නේ සෙල් ලිපි කියාය. කස්ටිය කියන්නේ ඒ කාළේ උන්නා වගේ ගල් වඩුවෝ දැන් නැහැ කියාය. දැන් ඉන්න උන් ගැන දන්න මා නම් එසේ කියන්නේ නැතිය. දැන් ඉන්න උනුත් අහු උන තැන ගල් කපනවාය. කස්ටිය කියන්නේ ගලේවල යනවා කියාය.
    එක එක ජාතියේ ගල් තියෙනවාය. කලු පාට චොකලට් පාට සුදු පාට ආදි වසයෙන්ය. සම හරක්ට වටින්නේ සුදු ගල්ය. ඒ ගල් ගැන දන්නේ නැති උන්ය. වටිනාම ගල නිල් පාටය. ඒව තියෙන්නේ රත්නපුරේය. රතු කැට, ආරනූල් වෛරෝඩි අර රෝඩී මේ රෝඩී ඔක්කොම තියෙනවාය. නිකන් තියෙන ගල් වැඩක් නැතිය. වටිනාකම වැඩිවෙන්න නම් ගල් කැපිය යුතුය. ඒ නිසා කවුරු කවුරුත් නිකන් තියෙන ගල් කපා ගන්න එක හොඳය. හොඳ පොරකට අහු උනොත් හොඳ ගානක හොයා ගත හැකිය. රත්නපුරේ අයනම් පටන් ගන්න කොටම පතල් හාරනවාය. ඊළඟට ගල් කපනවාය. ඒ අය එහෙම කොලාට අනික් අය එකෙම කොරන්න හොඳ නැතිය. ඉස්සෙල්ලා ගල් කපා පස්සේ හෑරූවාට අවුලක් නැතිය.
    පොඩි කාලේ අඹයක් කඩන්න ගල් ගහලා පුරුදු වෙන වල් කොල්ලෝ. දැලි රැවුල එනකොටම සංස්ථාවේ ගල් ගහනවාය. මේ ගල් ගැහිල්ල නම් නැගලාම යනවාය. ලංකාවේ හැමතැනම ගල් කඩ දැම්ම අත්තනගල්ලේ මැඩොම්ට අපි පින් දිය යුතුය. අදටත් බයිලාවක් ගහගෙන ආතල් එකේ ඉන්නේ, එපින් බලෙන්මය. නැත්නම් ඉස්සර ගලක් හොයාගන්න පතලේ යනවා වගේම යන්න ඕනය. වාහනෙට පැස්ටෝල් වගේ අපිට ගල් අවස්සිය නිසා හැම ටවුමක් ගානේ ගල් කඩ තියෙනවාය. වැඩියෙන් යන්නේ කාලේ ගල්ය. ගල් ගැහුවාම ගඳයි කියා හාමිනේ කියනවාය. ඒ නිසා ඒවාට මැතොඩ් තියෙනවාය. ගල් ගැහිල්ල ගැන වෙනම විග්‍රහයක් පස්සේ දෙන්නම්ය. සම හරක්, ගොන් හරක්ට ඔය කලු ගල්, ගඩොල් භාගේ ගල් දීලා, ගල් ගහන්න කියනවාය. බුදුසාදුටත් ගල් පෙරලපු පරපුරේ උන්ට ඕවා කජු කනවා වගේය.
    ඔය ගල් සේනාවක් සිරසේ හැඩ් කුවාටස් වලටත් ගල් ගැහුවේය. සිරසේ කස්ටිය ඒවා නඩු බඩු ලෙස තියාගත්තේය. ඒවා අරගෙන ඇවිත් අලි පාටියේ හැඩ් කුවාටස් එකට ගැහුවේය. ඒ ටැලිවිසොන් එකෙන් ගහන ඒවා පයිසෙකට ගනන් ගන්නේ නැති නිසාය. සිරසට වැරදුනේ මෙතනය, රනිල් ගල් වලට කැමතිය. එ නිසා නිකන් තියෙන ගල්, උන්නැහේට දීලා සමහර අය වටිනාකමක් ලබා ගන්නවාය. ඒ උනාට සිරසේ ගල කපන්න නොගියේය. උන්නැහේ මේ ගල අරන් ඇවිත් මාද්දිය සාකාච්චාවේදි සිරස කැමරා එකටම ගැහුවේය. සිරසට එදා ඉඳන් ගනවාය. ඒ ගහපු උන් එක්ක දැන් ධාතූ පෙන්නනවාය..මඩ කන්ඩි දානවාය. බොම්බත් ගැහුවේය. ක්ලෙමොත් ගැහුවේය. ඒවා දරුණු ප්‍රහාරයන්ය. ඒත් රනිල්ගේ ප්‍රහාරය ඊටත් වඩා දරුණුය. මොකෝ ඒ ප්‍රහාරයෙන් සිරසට සෑහෙන රිදුනේය.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    තව ටිකකින් මේ නූල ගල් වෙනවාය ...........ඒ මොකක් නිසාවත් නෙමේය ....අපේ උන් ගල් බම්ප් එකකින් නොගසන නිසාය :shocked: