පුරාණයේ රජ වරුන් ඇතුලු සියලු දෙනා සමනොල සිරස තරණයට යොදා ගත්තේ රත්නපුර පලාබද්ගල මාර්ගයයි. එබැවින් ඒ මාර්ගය රජ මාවත විය.
ස්වභාව සෞන්දර්යයෙන් අනූන රත්නපුර මාර්ගයේ සුවිශේෂී සංධිස්ථාන ගනනාවක් පවතී. මේ සෑම ස්තානයක් අරභයාම ගෙතුනු රමණීය අතීත කතා ඇත
ඒවා බොහෝ විට යම් යම් තැන් වල ලියැවුනු හා මුඛ පරම්පරා ගතව පැමිනි ඒවාය.
රත්නපුර මාර්ගයේ ධර්මරාජ ගලේ කොටා ඇති පඩි නිවැරැදිව ගැනීමට නොහැකි බව පැවසේ. ඔබ කී වරක් මෙහි පඩි ගැන ඇත්ද. මේ පඩි කෙටූ ගල් පව්ව පිළිබඳව අතීත කතාවක් ඇත්තේය.
" ගැත්තාට අනුකම්පා කල මැනවි දේවයන්
වහන්ස !"
"නුඹ කල වරදට සමාවක් නෑ බමුණුගම
නිළමේ !
නමුත් තොපගේ තරුණ වයසත් අතීත
ක්‍රියාකාරකමුත් සළකා මා තමුන්ට අභය
දානය දෙනවා."
"ඔබ වහන්සේට සක්විති රජකම හිමිවේවා"
"බමුණුගම තොපගේ චාටු බස් වලින් මා
මුලා කල නොහැකියි.
තා කල වරද ඉතා බරපතලයි.
එසේ හෙයින් එයට දඬුවමක් දිය යුතුමයි."
"ගැත්තාට අනුකම්පා කර ලිහිල් දඬුවමක්
දෙන්න මහ රජානෙනි"
"තොප වහාම ශ්‍රී පා හිමය මද්‍යයේ මාවත
අහුරා ඇති සුවිසල් ගල් කුලේ පඩි
නැගීමට පහසු අයුරෙන් ක්‍රමවත්ව
සැකසිය යුතුයි.
එක් කොන්දේසියක් තිබෙනවා. යම්
හෙයකින් කිසිවකු තොපගේ සහයට
පැමිනියහොත් එවලේම තගේ මරණ
දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට මා
පසුබට නොවන බවද දනුව !
ඒ ගල් කුළේ ඇති දිය සීරාව හේතුවෙන්
බැතිමතුන් පහලට රූටා වැටුනු අවස්තා
තිබනව.
ඒ කාලය තුල තොපට නිළමෙ වරයෙකු
ලෙස හිමි වැටුප ඒ ලෙසම
භාණ්ඩාගාරයෙන් ගෙවීමටද අණ කරමි"
කාර්‍යය අවසන් වූ වහාම තා නිදහස්
පුරවැසියෙක් බව දනුව!
...................... ...................... .............................
කහවත්ත බමුණුගම ප්‍රදේශයේ මේ නිළමෙවරයා ඉහත ගල් පවුවේ පඩි කැපීම ඇරඹීය. එහෙත් එය හිතෙන තරම් පහසු නොවීය. කිහිප විට ගලේ රූටා යමින් අත පය සූරා ගනිමින් නමුත් ඉතා නිවැරදිව සිය කාර්‍යය කිරීමට හේ වග බලා ගත්තේය.
කෙසේ හෝ බමුණුගම නිළමේ වරයා මේ සිරිපා මහ හිමය තුලම වයසට ගිය බව තේරුම් ගියේ පඩි කපා අවසන් වෙද්දීය.
දැන් තමා හොඳටම මහලුය. දිවියේ අනිත්‍ය ස්වභාවය පිලිබදව හොඳින් වටහා ගත හැකිය. මේ නිස්සාර දිවියේ ඉතිරි කාලයද මේ ගල් පව්වටම දිය කර හැරීමට අදිටන් කර ගත්තේය. ඔහුට බවුන් වැඩීමට හොඳම ස්තානය මේ දඬුවම් ගල් පවුව බවට හේ තීරණයකට එළැඹියේය.
පූජනීය ලෙස දිවියේ ඉතිරි කාලය ගල් පවුව මස්තකයේ ගෙවා දැම්මේ ඉතා සතුටිනි. ධර්මයට නැඹුරැව සිටි බමුණුගම නිළමේ වරයාගේ මෙමදඬුවම් ගල් පව්ව "ධර්මරාජ ගල" වූයේලු.
https://www.facebook.com/share/p/XUuqJDrUkEKmWAG6/?mibextid=oFDknk
තව කතාවක් තියෙන්නේ ධර්මරාජ හෙවත් සමන් දෙවියන් නිසා එහෙම උනා කියල.

apey iskole dharmaraja, apita kiwwe budun ta kiyana namak kiyala 