මොනවද පැනඩෝරා ලේඛන? 😳

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    මොකක්ද මේ පැනඩෝරා? 😳

    28468270c60b18a266731.jpg


    ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු ආදිය මේ වනවිට ලොවට අනාවරණය වීම ආරම්භ වී ඇත.
    මෙම අනාවරණය නම් කර ඇත්තේ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) යන නමිනි.පැන්ඩෝරා යන වචනයට ග්‍රීක පුරවෘතවල කතාවක් ඇති අතර පැන්ඩෝරා මංජුසාව යනු විවෘත නොකළ යුතු දෙයකි. මන්ද එය විවෘත කළ හොත් ඉන් එළියට එන්නේ ලෝකයට අහිතකර දේවල් වන බැවිනි. ඒ අනුව මෙම ලේඛනවලට පැන්ඩෝරා නම යොදා තිබෙන්නේ ඒ අර්ථයෙනි.

    පැන්ඩෝරා ලේඛනය යනු කුමක්ද ?

    ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය එළි දක්වා ඇති මෙම නවතම වාර්තාවට අනුව ලොව ධන කුවේරයින්ගේ රහසිතග ගනුදෙනු , මුදල් විශුද්ධිකරණය හා බදු පැහැර හැරීමට අදාළ ලියකියවිල මිලයන 12 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ. මෙවන් ගනුදෙනු පිළිබඳව වසර 7 ට පසු එළි දැක්වූ නවතම හා යාවත්කාලීනම වාර්තාව මෙයයි.
    මෙම අනාවරණය සිදු කර ඇත්තේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ගවේෂණාත්මක මධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් සහ ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් මෙම අනාවරණයට සම්බන්ධ වී සිටී. ගෝලීය මූල්‍යායතන 14කින් ලබාගත් ලිපිලේඛන මිලියන 11.9ක් පදනම් කරගෙන පැන්ඩෝරා පෙපර්ස් සකස් කර තිබෙන බව ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්', මහා බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' ආදී මාධ්‍ය වාර්තා කර තිබේ. 'වොෂින්ටන් පෝස්ට්' සහ 'ගාඩියන්' ද විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමඟ එක් වී මෙම ආනවරණය සිදු කිරීමට සහාය ලබා දී ඇත.
    හිටපු රාජ්‍ය නායකයන් 35 දෙනකු පමණක් නොව, රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි පිරිසකගේ රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු අනාවරණය වී ඇත.‍ එපමණක් නොව, අතිශය ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනකුගේ නම් ද 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණයට ඇතුළත් වෙයි.
    ජෝර්දානයේ අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් ඇතුළු රටවල් රැසක නායකන් සහ දේශපාලඥයන්ගේ රහසිගත වත්කම් සහ අයථා මුදල් ගනුදෙනු පිළිබඳ 'පැන්ඩෝරා පේපර්ස්' අනාවරණය කර තිබේ.

    • පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණ කෙරුණු ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් වන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ නමය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව එක්රැස් කර ඇතැයි පැවැසෙයි.
    • බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳ විස්තර ද පැන්ඩෝරා පේපර්ස් අනාවරණය කර ඇත.
    • කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳවත් ද විස්තර ද 'පැන්ඩෝරා පේපර්ස්' හරහා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
    • රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ පිළිබඳව ද මෙහි අනාවරණය කර ඇත.
    • ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සතුව ඇති දේපල වත්කම් පිලිබඳව ද
    • සුපිරි පොප් ගායිකා ශකීරා සතු කලු සල්ලි පිලිබඳව ද
    • ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී ඇත.
    • මෙලෙස අනාවරණය වූ නම් අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂගේ නමත් සඳහන් වෙයි. නිරූපමා රාජපක්ෂ වත්මන් ජනාධිපති සහ අගමැති ධුරය හොබවන රාජපක්ෂ පවුලේ ඥාති වරියකි. ඇය සහ ඔහුගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් එක්ව ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බව එම තොරතුරුවල සඳහන් වී ඇත.
    මෙහිදී පැන්ඩෝරා ලේඛනයේ ඇති චෝදනා සම්බන්ධව ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගැනීමට පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මූලිකත්වය ගෙන ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම ලේඛනවල නම් ඇතුළත් සියලුම පාකිස්ථාන ජාතිකයින් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවය. අදාළ විමර්ශනයෙන් ඔවුන් වැරදිකරුවන් ලෙස හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහි නිසි ක්‍රියා මාර්ග ගන්නා බවද පාකිස්ථාන අග්‍රාමත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ය. මේ අතර පැන්ඩෝරා ලේඛනයෙන් අනාවරණ කළ තොරතුරු පිළිබදව ශ්‍රී ලංකාව ස්වාධීන පරික්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසා ඇත. එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැන්ඩෝරා ආයතනය හෙලිකළ මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ පොදු සම්පත් අවභාවිතය මගින් උපයාගත් මුදල්දැයි සොයා බැලීමට පුළුල් අභයන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව ය.

    කෙසේ වෙතත් මෙම පැනඩෝරා ලේඛන මේ වන විටත් ලොව පුරා ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ධනපතියන් විසින් නීත්‍යානුකූල නොවන ලෙස බදු පැහැර හරිමින්, රහසිගත ලේඛන භාවිතා කරමින් පරිභෝජනය කරන කළු සල්ලි පිළිබඳව ගන්නා ක්‍රියාමාර්යන් ගැන මහජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙනි.

    තොරතුරු : අන්තර්ජාලය ඇසුරෙනි.
    https://www.icij.org/
    සටහන: Chethana Fernando
    Cover credit: Adeesha Bimsara
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    ඕවා හම්බ කරන හැටි ටිකක් විස්තර කරගමු ද?

    මම දන්නා විදිහට Big project / purchasing ලොකු වලදී agent commision / sales commission / consultants fee නමින් commission එකක් ගන්න පුලුවන්. ගොඩක් අය ඒවා රටට ගේන්නේ නෑ... ලිහිල් ප්‍රතිපත්ති තියෙන සිංගපූරු වගේ රටවල Bank ගිනුම් තියාගෙන ජල්ටෝන් කරනවා.

    ඊළඟ under valued import වලදී partially කරන invoice වල ඉතිරි කොටස ඔය Black money account වලින් යවනවා. ටැක්ස් ගහන්නේ invoice value එකට නිසා import ටැක්ස් වලින් ගෙවන්නේ ත් අඩුවෙන්. එතකොට easy වෙළඳ අධිකාරයක් හදාගන්න පුලුවන් පිරිවැය අඩුවෙන් ගෙන්වලා.

    Export කරන අය ලැබෙන මුදල් ඔය වගේ foreign bank accounts වල තියාගෙන ආපහු ඔය ගේමම ගහනවා

    තව කොටසක් Antigen test kit importing වගේ 3USD / test kit ඒවා 5 USD වලට invoice කරලා වැඩිපුර ලංකාවෙන් පිට කරලා වෙන රටවල වත්කම් රැස් කරනව.

    පොදු ලක්ශනයක් තමයි නිතර විදේශ ගතවීම්, ළමුන් හෝ සමීප නෑයන් පිටරට වල citizens වීම.

    තව උන්ඩියල් කියලා එකකුත් තියනවා ඉස්ලාමික කොටසක් කරන එකක්. බදු වංචා වලට බහුලව යොදාගන්නා ක්‍රමයක්.

    බලවත් රාජ්ය විසින් ස්වාධීන ලෙස පෙන්වන සමාගම් තියාගෙන project කරනවා.

    ලංකාවේ ලොකුවට රඟන දූශිත සමාගම් China Railway Construction Corporation Ltd, Vamed, China Harbor Engineering Company

    Later : Government Servants duties for corruption
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියො කිව්ව නේද මේව ලියල තියෙන්නෙ කොටි කියල @erozan
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ලොවේ සැමා එකම දයේ
    දූ දරුවන් වේවා.

    වාද නැතේ බේද නැතේ
    ලස්සන ලොව හෙට අපට උදා වේවා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    Why tax files do not open for Pandora Papers list and Panama Peper name lists...

    They are them and their friends 😄 but instead they gonna register 18 year of school children in 2024 😂