මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොනවද මේ කරල් දූරියන්?? 🥜🥜 (Ice Cream Bean 🥜)
    කරල් දූරියන් - දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නෑ.පාරේ අයිනේ ගොඩවල් දාලා තියෙද්දී මටත් හිතුනා මේ ගැන හොයන්න.

    කවදාවත් දැකලා නැති එකපාරට දැකපූ කරල් දූරියන් මොනාද කියලා.මුලින් හිතුවේ සියඹලා කියලා.. නෑ නෑ ඒ සියඹලා නෙමේ.

    මේ කරල් දූරියන් වල උපත කොහෙද කියලා දන්නවාද? දකුණු ඇමරිකානූ කලාපයේ තමා මේ කරල් දූරියන්වල නිජබිම ලෙස ගැනෙන්නේ.ඊට අමතරව පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර් වලත් මේ පළතුර හරි ජනප්‍රියයී

    මේ කරලේ පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා.අපි මේකට කරල් දූරියන් කිව්වට මේක ලෝකප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Ice Cream Beans කියලයි..


    මේකේ මදේ පුලුන් ගොඩක් වගේ.. කනකොට පොඩි ඇඹුල් රහක් එනවා.. ඒ දූරියන් රහමද කියන්න දන්නේ නෑ මොකද මම දූරියන් කාලා නෑ...

    මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා..ඊ බීජය නම් නිකන් කන්න බෑ.. හැබැයි මේ බීජය තම්බලා කන්න පුලුවන් ලූ.. ඒක නිකන් කඩල වගේලු..

    කොලොම්බියා වල මේ පලතුර විශේෂ දෙයක් සදහා භාවිත කරනවා.කොලොම්බියා වල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවාලු.. කොලොම්බියා වල මේ වෙනුවන්න නම් කෙරුනු සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා...

    ආතරයිටීස්, රක්තවාතය වගේ ලෙඩ වලට මේ කරල් දූරියන් හොද පළතුරක්ලූ.

    මේක අපේ රටේ තිබුණට අපේ රටේ මේ භෝගය අපනයන බෝගයක් ලෙසයි හැදින්වුයේ..ඒ කියන්නේ විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් මෙතෙක් කල් ගියේ...

    හොද විදේශ ආදායමක් ලැබෙන පළතුරක්.හැබැයි ඉතින් Covid හින්දා මේ සියල්ල දැන් අතරමග නතර වෙලා.ඉතින් ඒ නිසා තමා දැන් දැන් පාරවල් දෙපස දූරියන් කරල් එහෙමත්නැත්නම් Ice Cream Bean දැකගන්න ලැබෙන්නේ.

    ඔන්න ඔහොමයි Ice Cream Beans කරලියට ආවේ.

    Original Article Click Here
     
    Last edited by a moderator:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මම හරියටම දන්නැ මේ දෙකම එකම කුලේද කියලා නම්, හැබැයි මේ දෙකේ කිසිම සමානකමක් මට නම් පෙනේන් නැ.
    රසේ වත් ගෙඩියේ හැඩයේවත් ඇයි දන් නැ කරල් දූරියක් කියන්නේ.
    මේකත් රහයි ටිකක් කොකෝවා වගේ හැබැයි දූරියන් තරම් නම් ගතියක් නැ
     
    • Like
    Reactions: netudara and NRTG

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    අයිස් පලම් කියලා නේ කියන්නේ මේවට :oo:
    මොනවා වුනත් අමුතු රහක් තියෙනවා. :yes:
     
    • Like
    Reactions: netudara

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දූරියන් ගෑවෙන්න නම දාගෙන තියෙන්නේ විකුණගන්න වෙන්න ඕනේ , නැතිනම්
    කිසිම සමානකමක් නෑ . ඩොන්කා කනවා වගේ ගතියක් තියෙනවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    දූරියන් ගෑවෙන්න නම දාගෙන තියෙන්නේ විකුණගන්න වෙන්න ඕනේ , නැතිනම්
    කිසිම සමානකමක් නෑ . ඩොන්කා කනවා වගේ ගතියක් තියෙනවා
    ඩොන්කා කියන්නේ මොනවද බන් ? ඇහුවෙත් අදයි :eek:

    කාලා නැහැ. දැක්කෙත් අදයි

    කවුරුවත් වැඩිය නොකන පලතුරක් බන්..
    රසක් කියලා ලොකුවට නෑ..
    සීත පලාත් වල හැදෙනවා කියන්නේ.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඩොන්කා කියන්නේ මොනවද බන් ? ඇහුවෙත් අදයි :eek:
    මැංගුස් වලට කිට්ටුවෙන් යන හැඩයක් ,ව්‍යුහයක් තියෙන කහ පාට ගෙඩියක්. පොලවෙ ගහලා තමයි පලන්නෙ..

    ඩොංගා කියලත් කියනවා . දකුණු රටේ හැදෙන පලතුරක් කියලා තමයි විකුනන්නෙ
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඩොංකා කියන්නෙ ඕවට නෙමෙ යකුනෙ මැංගුස් වගේ ඇතුල එලිය කහ පාට බූව වගේ තියෙන රවුම් ගෙඩි ජාතියක්
     
    • Like
    Reactions: netudara and NRTG

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඩොන්කා කියන්නේ මොනවද බන් ? ඇහුවෙත් අදයි :eek:
    හරි නම ඩොංගා මේ ලින්ක් එකට ගිහින් බලන්න
    https://www.yourchoiceway.com/2020/06/what-is-this-donga-sandoricum-koetjap.html

    ඒවගේම අපේ wishmitha lokaya app එක google play එකෙන් download කරගන්න...මේ වහේ ගොඩක් විස්තර තියෙනවා

    කවුරුවත් වැඩිය නොකන පලතුරක් බන්..
    රසක් කියලා ලොකුවට නෑ..
    සීත පලාත් වල හැදෙනවා කියන්නේ.
     
    • Like
    Reactions: charitha2011

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මටනම් මෙලෝ රහක් නෑ..... දූරියන් අහසනම් මේක පොලොව වගේ තමා....
     
    • Like
    Reactions: netudara