අයිස් ක්‍රීම් එකක් කන්න යන්න කොළඹ තියෙන සුපිරි තැන් 7 ක්FEATURED
දැන් ඔය කෙල්ලත් එක්ක ඩේට් අවුට් එකක් යන්න ප්ලෑන් කරනකොට තෝරගන්න සෑහෙන්න රෙස්‍ටුරන්ට් අනං මනං තැන් තියෙනවනේ. හැබැයි එහෙම තැනකින් කෑවත් සමහර වෙලාවට අයිස් ක්‍රීම් බඩගින්නක් එන වෙලාවක් තියෙනවා. එහෙම නැත්තං කෙල්ලත් එක්ක ලව් ටෝකකුත් දාගෙන රසම රස අයිස් ක්‍රීම් එකක් කන්න නිදහස් තැනක් තියෙනවා නං මරු කියලා හිතෙන වෙලාවලුත් තියෙනවනේ. මේ කියන්න යන්නේ එහෙම වෙලාවක කොළඹ අවට යන්න තියෙන තැන් කීපයක් ගැන.
1. Carnival Ice Cream
Ice Cream Parlours
Source – facebook.com/Carnival.lceCream
කානිවල් කිව්වහම නං නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ කොළඹ කරක් ගහලා තියෙනවා නං. ඒ තරමට පෙම්වතුන් අතර ජනප්‍රිය අයිස්ක්‍රීම් පොට් එකක් තමයි කානිවල් කියන්නේ.
කොල්ලුපිටිය හන්දිය කිට්‍ටුවම වගේ තියෙන කානිවල් එකේ තියෙන්නේ හැමදාම දකින චොකලටුයි, වැනිලායි, ෆෘට් ඇන්ඩ් නට්සුයි විතරක් නෙවෙයි. සෑහෙන්න රේන්ජ් එකක අයිස් ක්‍රීම් එතන තියෙනවා. බටර් ස්කොච් වගේ දන්න රසවල ඉඳන් මින්ට් චොකලට් වගේ ෂුවර් නැති රස දක්වා, දූරියන් වගේ පික්සු කොර රස දක්වා අයිස්ක්‍රීම් මෙතන තියෙනවා. ඕන ජාතියකින් ස්කූප් ඕන තරමක් අරගෙන ඒ උඩට ගැලපෙන සෝස් එකකුයි, තව ටොපින්ග් එකකුයි දාගන්න තමයි තියෙන්නේ. ඊට අමතරව අයිස්ක්‍රීම් කොම්බෝ එහෙමත් තියෙනවා.
දැන් කානිවල් එක අලුතින් හදලා නිසා සේනාවක් ආවත් නිදහසේ අයිස්ක්‍රීම් එකක් කන්න ඉඩ කඩ ඕන තරම් තියෙනවා.
නොම්බරේ: 0115346139
2. Il Gelato
Ice Cream Parlours
Source – facebook.com/IlGelatoTraditionallyItalian
සුපිරි කොලිටියේ ඉතාලි අයිස්ක්‍රීම් එකක් කන්න නම් කොළඹ යන්න වෙන තැනක් නෑ ඉල් ජිලාටෝ ඇරෙන්න. ගාණ කානිවල් එකේ ගණන් වලට වඩා පොඩ්ඩක් සැරයි, හැබැයි ඒ ගාණට කිසිසේත්ම පාඩුවක් නම් වෙන්නෙ නෑ මෙතන තියෙන අයිස්ක්‍රීම් වල රස ගැන හිතනකොට.
සාමාන්‍යයෙන් ඉල් ජිලාටෝ එකේ තියෙන අයිස්ක්‍රීම් රසවල් වෙන තැන්වල දකින්න ලැබෙන්නෙ නැති තරම්. උදාහරණයක් විදියට අපිට ලංකාවේ වෙන කොහෙවත් බිස්කට් පුඩින් රස අයිස් ක්‍රීම් දකින්න ලැබිලා නැහැ. එතකොට ඕරියෝ රස එහෙම ගත්තත් එමමයි. කොහොමත් මේ අය ලෝබ නැතුව අයිස්ක්‍රීම් ස්කූප් එකක් දාන නිසාත්, මේ දවස්වල ස්කූප් තුනකට එක ස්කූප් එකක් ෆ්‍රී දෙන නිසාත් ගාණ ලොකු අවුලක් කියලා දැනෙන එකක් නෑ.
තව දෙයක්. කෙල්ලත් එක්ක ගිහින් පැය දෙක තුනක් මල් කඩ කඩ ඉන්න නම් මෙතන සෙට් වෙන්නෙ නෑ. එකක්, මෙතන තියෙන උස පුටු සැපපහසු නෑ. අනික මෙතන ලොකු ඉඩක් නෑ. කපල් දෙකක් ආපු ගමන් හවුස් ෆුල්!
නොම්බරේ: 0115328328
3. Rio Ice Cream
Ice Cream Parlours
Source – facebook.com/RIOICECREAM, zmtcdn.com
නියම ලංකාවේ අයිස් කිරිං එකක් අඩු ගාණට, හිත පිරෙන්න කන්න යන්න ඕන නං මේ වගේ තැනක් තවත් නෑ. ඇත්තටම රියෝ අයිස්ක්‍රීම් කියන නම හැදෙන්නේ යාපනේ වුනත්, අපි කොළඹ අවට තැන් ගැන කතා කරන නිසා රියෝ වැල්ලවත්ත පාලර් එක ගැන විතරයි කතා කරන්න යන්නේ.
රියෝ එකේ අයිස්ක්‍රීම් ඉස්සර තරම් කණ පැලෙන්න ලාබෙට හම්බ නොවුනත්, තවමත් අනික් කොළඹ තියෙන අයිස්ක්‍රීම් පාලර්ස් වලට වඩා මෙතන ගණන් අඩුයි. ඒ වගේම තමයි රස ගැනත් කාටවත් වැරැද්දක් කියන්න බැරි තරමයි. හැබැයි අර යාපනේ රියෝ එකේ තියෙන වැඩි සීනි ගතිය නම් වැල්ලවත්තේ රියෝ අයිස්ක්‍රීම් වල නැහැයි කියන එකත් කියන්න ඕන.
මෙතන වැනිලා සහ චොකලට් වගේ සාමාන්‍ය රසවල ඉඳලා, චොකලට් චිප්ස්, සන්ඩේ වගේ එක එක විදියේ ආතල් අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. මේ අයිස්ක්‍රීම් වල දැනෙන විශේෂම දෙයක් තමයි මොන රසින් ආවත් අඩු වෙන්නේ නැති කිරි රසය. ඒක බොහොම ආශ්වාදනීය හැඟීමක් ගේන්නේ.
මෙතන වටපිටාව ගැන කියනවා නං ටිකක් විතර සෙනඟ හැමතිස්සේම. සමහර වෙලාවට කවුරුහරි නැගිටලා යනකල් හිටගෙන ඉන්නත් වෙනවා. හැබැයි මේ මොන දුක විඳගෙන හරි රියෝ එකෙන් අයිස්ක්‍රීම් එකක් නොකා එතන පහුකරගෙන එන අයිස්ක්‍රීම් ලෝලියෙක් ලංකාවේ නෑ කියලා බය නැතුව කියන්න පුලුවන්.
නොම්බරේ: 0112058051
4. The Havelock Place Bungalow – Homemade Ice Cream
Ice Cream Parlours
Source – drecome.lk, surovski.wordpress.com
හැව්ලොක් ප්ලේස් බන්ග්ලෝ කියන්නේ අද ඊයේ පටන් ගත්තු තැනක් නෙවෙයි. බූටික් හොටෙල් එකක් සහ රෙස්‍ටුරන්ට් එකක් වෙන මෙතන කෑම බීම ගැන නෙවෙයි අපි කතා කරන්න යන්නේ. මෙතන තියෙන හෝම්මේඩ් අයිස්ක්‍රීම් ගැන. සාමාන්‍යයෙන් ගණන් වැඩි තැනක් වෙන මෙතන අයිස් ක්‍රීම් වලට ඒ තරම් ගාණක් ගෙවන්න ඕන නෑ. කොහොම වුනත් ගෙදර හදපු කිතුල් පැණි සමග අයිස් ක්‍රීම්, ඉඟුරු අයිස්ක්‍රීම්, මී පැණි එක්ක අයිස්ක්‍රීම් වගේම අරක්කු අයිස්ක්‍රීම් වගේ පිස්සු ආතල් අයිස්ක්‍රීම් එකක් රස බලන්නත් අපි දන්න තරමින් කොළඹ අවට වෙන තැනක් නෑ. ඒ නිසා අපි හැව්ලොක් ප්ලේස් බංගලාව නිර්දේශ කරනවා.
මෙතන තියෙන පරණ තාලේ පෙනුමත් එක්ක, පරණ කොළඹට ආස කරන කෙනෙක්ට නම් නැගිටලා යන්න හිතෙන එකක් නෑ. මෙතනට වැඩි සෙනඟක් එන්නෙත් නැති නිසා නිවී හැනහිල්ලේ අයිස්ක්‍රීම් එකක් කාලා, චැට් එකක් දාගෙන ඉඳලා එන්න පුලුවන්.
නොම්බරේ: 0112585191
5. Sen-Saal – Thimbirigasyaya
Ice Cream Parlours
Source – sensaal.com, tasty.lk, sevenby3.blogspot.com
තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ග්‍රවුන්ඩ් එක පහුකරගෙන යනකොට හැව්ලොක් පාරේ අනික් පැත්තේ තියෙන සෙන්-සාල් එකට ගොඩක් දෙනෙක් යන්නේ එක්කෝ බනිස් ගෙඩියක් හරි පේස්ට්‍රියක් හරි අරගෙන යන්න, එහෙම නැත්තං කෝපි එකක් බීලා යන්න තමයි. හැබැයි මෙතන ඇතුළේ පැත්තකින් තියෙන අයිස් ක්‍රීම් පාලර් එක මසුරන් වටිනවා. විශේෂයෙන්ම වෙනස් වෙනස් රස තියෙන අයිස් ක්‍රීම් කන්න කැමති අය මෙතන තියෙන හේසල් නට් අයිස්ක්‍රීම් වලට නැත්තං ආමන්ඩ් අයිස්ක්‍රීම් වලට සෑහෙන්න කැමති වෙයි.
අයිස් ක්‍රීම් අරගෙන සල්ලි ගෙවලා ඊට එහාපැත්තේ තියෙන ඩයිනින් ඒරියා එකට ගිහින් නිවී හැනහිල්ලේ කන්නත් පුලුවන්. කොහොමත් හවස වරුවට වුනත් මෙතන නිස්කලංකයි.
නොම්බරේ: 0112508802 / 0115923432
6. Alerics Ice Cream
Ice Cream Parlours
Source – tasty.lk, owler.com
බ්‍රෑන්ඩ් එකක් වුණු ඇලරික් එකත් අනිවා මේ ලිස්ට් එකට දාන්න ඕන. ඇලරික් ඉතිහාසය පටන් ගන්නේ 1949 කාලේ ඉඳන්. හැබැයි මේ වෙනකොට ගොඩක් දෙනෙක් එහෙම අයිස් ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක් තිබුණද කියලවත් දන්නෙ නැති එක කණගාටුවක්.
මිල ගණන් වලින් රියෝ එකටත් වඩා අඩු ගාණට ලිබර්ටි ප්ලාසා ආකේඩ් එක ඇතුලේ තියෙන ඇලරික් අයිස්ක්‍රීම් එක්කෝ චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි වගේ තනි රසකින් ගන්නත් පුලුවන්. එහෙම නැත්තම් චොකලට් චිප්, මින්ට් චොකලට් වගේ රස කීපයක් එක්ක තියෙන තේරීමක් කරන්නත් පුලුවන්. රස ගැන කියන්න තරම් ලොකු විශේෂයක් නැතත්, අයිස්ක්‍රීම් එකක් කන්න ඕන කියලා හිතුණු වෙලාවක ඇලරික් කියන්නේ හිත කැඩෙන්නේ නැති චොයිස් එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්.
මෙතනත් ගොඩක් වෙලා ඉඳගෙන චැට් එක දාගෙන ඉන්න හරියන්නෙ නම් නෑ හැබැයි.
නොම්බරේ: 0114387630
7. CityRest Fort
Ice Cream Parlours
Source – facebook.com
කොටුව අවට කොහෙද අයිස්ක්‍රීම් කන්න තැනක් තියෙන්නේ? විශේෂයෙන්ම මහ පාන්දර වුනත්? අන්න එහෙමනම් යන්න ඕන තැන තමයි සිටි රෙස්ට් ෆෝට් කියන්නේ. බොහොම ප්‍රියමනාප ඉඩක තියෙන මේ හෝටලේ අයිස්ක්‍රීම් පාලර් එක පෙනුමෙන් ඉහළ වුනත් ගාණෙන් නම් සාක්කුවට බොහොම සනීපයි. එතකොට අයිස්ක්‍රීම් රස වැරැද්දක් කියන්නත් බැරි තරමට හොඳයි.
මෙතනත් චොකලට්, ස්ට්‍රෝබෙරි වගේ සරල රස වර්ග වගේම පීච්, චෙරි, එතකොට දූරියන් වගේ ලේසියෙන් බලාපොරොත්තු වෙන්න බැරි රසවලුත් තියෙනවා. ඒ වගේම මින්ට් චොකෝ චිප්, ෆ්‍රෙන්ච් වැනිලා, නිව්යෝර්ක් චීස්, කොකනට් වගේ ප්‍රිමියම් රස වර්ගත් මෙතන තියෙනවා. හැබැයි තමන්ට ඒ රසවලින් කෝක හරියයිද කියලා පොඩ්ඩක් දැනගෙන අයිස්ක්‍රීම් එකක් මිලදී ගන්න එක කෝකටත් හොඳයි.
මේ අයිස්ක්‍රීම් පාලර් එක තියෙන්නේ ඇත්තටම සිටි රෙස්ට් ෆෝට් හොටෙල් එකේ ලොබි එකේ නිසා බොහොම සැප පහසුවට ඉඳගෙන කයියක් ගහගෙන අයිස්ක්‍රීම් කන්න කිසිම ගැටළුවකුත් නැහැ.
නොම්බරේ: 077108 0433

Last edited: