සාමාන්‍යයෙන් පුද්ගලයකුට හෝ ආයතනයකට මූල්‍ය අවශ්‍යතාවක් පැන නැඟුණ විට බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට පැමිණ ලබා ගන්නා ණය මුදලකින් තම මූල්‍ය අවශ්‍යතාව ඉටු කර ගත හැකිය. එසේම යම් ආයතනයකට තම ආයතනයේ අයිතියෙන් කොටසක් තවත් පාර්ශ්වයකට පවරා දීමෙන්ද තම මූල්‍ය අවශ්‍යතාව ඉටු කර ගත හැකිය. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ තුළ ලියාපදිංචි සමාගම්වලට තම මූල්‍ය අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට මෙම ක්‍රමය පහසුවෙන් යොදා ගත හැකිය.
උදාහරණයක් ලෙස කොටස් ප්‍රාග්ධනය වැඩි කිරීමෙන් එනම් අතිරේක කොටස් නිකුතුවක් සිදු කිරීමෙනි. මෙම ක්‍රම දෙක මඟින් ආයතනයකට පහසුවෙන් මුදල් සොයා ගත හැකි වුවද එම ක්‍රම දෙකේ යම් යම් සීමාවන්ද දක්නට ලැබේ. විශේෂයෙන්ම ණය මුදලක් ලබා ගැනීමේදී ණය ලබා දෙන ආයතනය හෝ බැංකුව විසින් විවිධ කොන්දේසි පනවනු ලැබේ. එමෙන්ම ඒ සඳහා විවිධ සුරැකුම්වල අවශ්‍යතාවද ඇතිවේ. එමෙන්ම කොටස් නිකුත් කිරීමෙන් මූල්‍ය අවශ්‍යතාව ඉටුකර ගැනීම තුළින් ආයතනයේ අයිතියද කොටස් මිලදී ගන්නා පුද්ගලයන්ට හිමිවීම තුළින් එම පුද්ගලයන්ට ආයතනයේ තීරණයන්ට බලපෑම් එල්ල කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එසේම ණයක් ලබා ගැනීමේදී මූල්‍ය ආයතන හෝ බැංකු විසින් ඉල්ලනු ලබන පොලියක් ගෙවීමට සිදුවන අතර කොටස් නිකුතුව නිසා එම කොටස් මිලදී ගන්නා පුද්ගලයන්ට ලාභාංශ ගෙවීමට සිදුවේ. මෙම ක්‍රම දෙකට විකල්පයක් ලෙස යම් ආයතනයක මූල්‍ය අවශ්‍යතාව ඉටු කර ගැනීමට යොදා ගත හැකි ක්‍රමයක් ලෙස ණයකර නිකුතුව පෙන්වා දිය හැකිය.
ණයකර යනු ආයතනයක් විසින් තමාගේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබද නිවැරැදිතාව මහජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන යම් නිශ්චිත කාලයකට ජනතාව වෙතින් ණය මුදලක් ඉල්ලා සිටීමයි. මෙහිදී මෙම මුදලට යම් පොලියක් ගෙවීමට පොරොන්දු වන අතර වෙළෙඳපොළේ නිකුත් කරන ණයකර විශාල ප්‍රමාණයක් නිකුත් කරන්නේ සුරැකුමකි. එනම් ඇපයක් රහිතවය. ණයකර ඉහත සඳහන් කළ ණය මුදලකත් කොටස් නිකුතුවකත් දෙකේම ලක්ෂණ ඇතුළත් වූ දෙමුහුන් උපකරණයකි. ණය මුදලක් ලබා ගැනීමේදී මෙන් යම් නිශ්චිත පොලියක් නිශ්චිත දිනකදී ගෙවන බවට ණයකරයේදීද පොරොන්දු වෙයි. එසේම ණයකර නිකුත් කරන්නේද නිශ්චිත කාල සීමාවකටය. ණයකර හිමියන්ට ආයතනයේ අයිතිය හිමි නොවේ. එසේම ණයකර නිකුතුවේදීද කොටස් නිකුතුවේ දක්නට ලැබෙන යම් සමාන ලක්ෂණ දැකිය හැකිය. එනම් කොටස් නිකුතුවේදී මෙන් ආයතනයේ මූල්‍ය තත්ත්වය හා ස්ථාවරත්වය ජනතාව වෙත ප්‍රකාශ කර ඍජුවම මහජනතාව වෙතින් ණය ලබා ගැනීම සිදුවේ.
ජනතාවට මෙම ණයකරවල තම ආයෝජන සිදු කිරීමෙන් බැංකුවල හෝ වෙනත් මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් ලබන පොලියට වඩා පොළියක් ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් බැංකු හා මූල්‍ය ආයතන සිදු කරන මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියට විකල්පයක් ලෙස මෙම ණයකර නිකුතුව පෙන්වා දිය හැකිය. එනම් ණයකර නිකුත් කරන ආයතනවලට බැංකුවකින් මුදල් ලබා ගන්නා පොලියට වඩා අඩු පොලියට මෙම ණය ලබා ගත හැකිය. ආයෝජකයන්ට ණයකරවල ආයෝජනයෙන් වැඩි පොලියක් ලබා ගත හැකි වුවද බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කිරීමට වඩා වැඩි අවදානමකට මුහුණ දීමට ණයකර ආයෝජකයන්ට සිදුවේ.
එනම් යම් අවස්ථාවක ණයකර නිකුත් කර ආයතනය බුන්වත්භාවයට පත්වුවොත් අනෙකුත් ණය හිමියන් සියල්ලන්ගේම ණය ගෙවා අවසානයේය ණයකරවල මුදල් ගෙවීම සිදුවන්නේ. එනම් මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ට තම තැන්පතුවට ලැබෙන ප්‍රමුඛතාව ණයකර හිමියන්ට නොලැබේ. කොටස් හිමියන්ට එනම් ආයතනයේ හිමිකරුවන්ට පෙර ණය කර හිමිකරුවන්ගේ මුදල් ලබා ගැනීම සිදුකළ හැකිය. මේ නිසා ණයකර හිමියන්ගේ ආයෝජනයේ අවදානම සාපේක්ෂව බැංකු තැන්පතුවක අවදානමට වඩා වැඩිය.
මේ නිසාම යම් ආයතනයක් ණයකර නිකුත් කිරීමේදී එම ණයකරවල අවදානම පිළිබඳ ස්වාධීන ආයතනයකින් ලබා ගන්නා සහතිකයක් ලෙස එම ණයකර සම්බන්ධයෙන් ලබා ගන්නා ණය ශේර්ණිය පෙන්වා දිය හැකිය.
ණය ශේර්ණිගත කිරීමේ ආයතනයක් විසින් ආයතනයේ ණයකර ශේර්ණිගත කරනු ලැබීම ශ්‍රී ලංකාවේ නෛතික ප්‍රතිපාදනයක් වන බැවින් මහජනයා වෙත නිකුත් කරන ණයකර සියල්ලටම ණය ශේර්ණියක් ලබා ගැනීම අනිවාර්ය වේ. මෙම ණයකර සඳහා ලැබෙන ණය ශේර්ණිය සහ එම ණය කර වෙත ගෙවන පොලිය අතර අනුලෝම සම්බන්ධයක් පවතින බව 2013 වර්ෂයේ නිකුත් කළ ණයකර හා එම ණයකර වෙත ලැබුණු ණය ශේර්ණිය හා පොලී අනුපාතය විමර්ශනයෙන් පැහැදිලි වේ.
(වගු අංක 1 බලන්න) යම් ආයතනයක ණය ශේර්ණියේ ප්‍රකාශ වන්නේ එම ආයතනයේ ස්ථාවරත්වයයි. ආයතනයේ ණය ශේර්ණිය මඟින් මහජනතාවට පෙන්නුම් කරන්නේ එම ආයතනයට ස්ථාවරව තම ණය ගෙවා දැමිය හැකි බවයි. සාමාන්‍යයෙන් ආයතනයට ලැබෙන ණය ශේර්ණියට වඩා එක් මට්ටමක්වත් අඩු ණය ශේර්ණියක් එම ආයතනයේ ණයකරවලට හිමිවන බව පෙනේ. ඊට හේතුව ණයකරවලට හිමිවන ප්‍රමුඛතාව අඩු වීමය. උදාහරණයක් ලෙස ලංකා බැංකුවේ ණය ශේර්ණිගතය AA+ වුවත් ලංකා බැකුවේ ණයකරවල ණය ශේර්ණිගතය AA වේ.
2013දී නිකුත් කළ ණයකර හා එම ණයකර වෙත ගෙවනු ලබන පොලී අනුපාත විමර්ශනයේදී ජනතාව වැඩි අවදානමක් භාර ගන්නා විට ඊට වැඩි ප්‍රතිලාභයක් හිමිවන බව පැහැදිලි වේ. එනම් ස්ථාවරත්වය ඉතාමත් ඉහළ ණය ශේර්ණියක් වන AA ශේර්ණිය හිමිවන ලංකා බැංකුවේ ණයකරවලට ආයෝජනයෙන් 13.25% පමණ සාමාන්‍ය පොලී අනුපාතයක් ලැබෙන අතර ඊට වඩා වැඩි අවදානමක් සහිත එනම් අඩු ණය ශේර්ණිගත කිරීමක් හිමි සෙලාන් බැංකුවේ ණයකරවල ආයෝජනයෙන් වැඩි පොලියක් එනම් වැඩි ප්‍රතිලාභයක් හිමවන බවයි.
වර්තමානයේ බැංකු විසින් වසරක ස්ථිර තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලිය සාමාන්‍යයෙන් 11%ක් පමණ වන අතර වසරක භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 9.5% පමණ වේ. එසේම මෙම ආයෝජන තුළින් ලැබෙන පොලී ආදායම 10%ක් වූ රඳවා ගැනීමේ බද්දට යටත් වන බැවින් මෙම තැන්පතුවලින් ලැබෙන ශුද්ධ පොලී ආදායම 10%ට වඩා අඩු මට්ටමක පවතී. නමුත් මේ වසරේ නිකුත් කළ ණය කර පොලිය විමසීමේදී එය සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වේ. විශේෂයෙන්ම 2013 අය වැය මඟින් ණයකර පොලිය රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමත් මීට ඍජු හේතුවකි. නමුත් තවමත් ජනතාව ණයකර මත ආයෝජනය සිදු කිරීම සීමාවී ඇත.
ණයකර මත ආයෝජනය සීමා වීමට හේතු
ණයකර වෙළෙඳපොළ පිළිබඳව මහජනතාව සතු අඩු අවබෝධය මීට ප්‍රධාන වශයෙන්ම බලපායි. තවමත් සාමාන්‍ය ජනතාවට ණයකර පිළිබඳ ඇත්තේ අඩු දැනීමකි. මේ නිසා මෙම ආයෝජනයට ජනතාව පෙලඹෙන්නේ නැත. එසේම ණයකරය පිළිබඳ ලබා දෙන ණය ශේර්ණිය පිළිබඳ ජනතාව වෙත ඇත්තේ විශ්වසනීය හැඟීමක් නොවේ. ලෝක ආර්ථික අවපාතය හමුවේ කඩාවැටුණු මූල්‍ය ආයතන රැසක ණය ශේර්ණිගත කිරීම ඉතා ඉහළ මට්ටමක පැවැතිණි. නමුත් ආර්ථික අවපාතයේදී ඒවාට ස්ථාවර භාවය රඳවා ගැනීමට නොහැකි විය. මෙයත් යම් ප්‍රමාණයකට ණයකර වෙළෙඳපොළ වෙත ජනතාව ආකර්ෂණය වීම සීමාවීමට බලපා ඇත.
එසේම ණයකර සම්බන්ධයෙන් වූ ද්විතීක වෙළෙඳපොළ සක්‍රීය නොවීමත් ණයකර වෙතින් ජනතාව අෑත් කිරීමට හේතු වී ඇත. සියලුම ණයකර කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලියාපදිංචි වුවත් ණයකර හුවමාරුව එතරම් සක්‍රීය නොවීම තුළින් මහජනයාට තමා සතු ණයකර මුදල් අවශ්‍යතාවකට හුවමාරු කිරීමේ අපහසුවද ජනතාව ඉන් ඉවත් වීමට හේතු වී ඇත. තවමත් ණයකර හුවමාරුව සීග්‍රයෙන් සිදුවන්නේ ප්‍රාථමික වෙළෙඳපොළේදී පමණි. එසේම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින සීමිත ද්‍රවශීලතාවද ණයකර වෙළෙඳපොළ සක්‍රිය වීම සීමා වීමට හේතු වී ඇත.
එනම් වෙළෙඳපොළේ පවතින සීමිත මුදල් ප්‍රමාණය හේතුවෙන් ආයතන නිකුත් කරන ණයකර වෙත ප්‍රමාණවත් ඉල්ලුමක් නොපැමිණියොත් එය ආයතනයේ කීර්තිනාමයට විශාල හානියක් වේ. එමෙන්ම ණයකර නිකුතුවට විශාල මුදලක් වියදම් කළ යුතු අතර එසේ මුදල් වියදම් කිරීමෙන් පසු තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වුවොත් එය ආයතනයට බරපතළ අර්බුදයක් වනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීමට ණයකර නිකුත් කරන ආයතන එම ණයකර වෙත වැඩි පොළියක් ගෙවීමට උත්සුක වේ. මේ නිසා එය මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීමට ගෙවන පොලියට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවීමේ තත්ත්වයක්ද විය හැකිය. ණයකර නිකුතුව සම්බන්ධයෙන් සිදුවන මූලික වියදමද සලකන විට එය ආයතනයට විශාල පිරිවැයක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ ණයකර වෙළෙඳපොළේ අනාගතය
2009දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිමාවීමත් සමඟම ආයෝජකයන්ගේ දේශීය වෙළෙඳපොළේ ආයෝජනයට තිබූ මැළිකම තුරන්වීමත් සමඟම ණයකර වෙළෙඳපොළ යම් ආකර්ෂණීය තත්ත්වයකට පත්විය. එසේම දේශීය විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ පැවැති ඇතැම් නීති ප්‍රතිපාදන ලිහිල් වීමත් සමඟම එනම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය සුරැකුම් කොමිසම සහ කොළඹ කොටස් වෙළෙඳපොළ තම නීති රෙගුලාසි ආයෝජකයන් දිරිමත් කරන ආකාරයට වෙනස් කිරීම සිදු කරන ලදී. මේ තත්ත්වය ණයකර වෙළෙඳපොළ වර්ධනයට හේතු විය. විශේෂයෙන්ම 2013 අය වැය මඟින් ණයකර මත තිබූ 10%ක් වූ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම ණයකර වෙත ආයෝජකයන් ආකර්ෂණයට හේතු විය. මේ නිසා 2013 වර්ෂයේදී වසරක් තුළ නිකුත් කළ වැඩිම ණයකර ප්‍රමාණය වෙළෙඳපොළ වෙත මුදා හැරීම සිදුවිය. එසේම ණයකර පොලිය රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීමෙන් පසු නිකුත් කළ ණයකර වැඩි ප්‍රමාණයක් අධි ඉල්ලුමක් මඟින් ඉතාමත් කෙටි කලකින් නිකුත් කළ දිනයේම හෝ දින කීපයකින් විකිණී අවසන් විය.
එසේම 2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ණය දීමේ හැකියාව සීමා කරමින් පනවන ලද කොන්දේසිද ආයතනවල මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ණයකර වෙළෙඳපොළට යොමු කිරීමට හේතු විය. සිවිල් යුද්ධය අවසන්වීමත් සමඟම 2009දී කොටස් වෙළෙඳපොළ ඉතා වේගයෙන් ඉහළ ගියද 2012 වර්ෂයේදී අනපේක්ෂිත ලෙස කොටස් වෙළෙඳපොළ කඩාවැටීමද ආයතන මෙන්ම ජනතාවද ණයකර වෙළෙඳපොළ වෙත ආකර්ෂණය කිරීමට හේතු විය. කොටස් වෙළෙඳපොළේ පසුගාමී තත්ත්වය හමුවේ ආයතනවලට තම මූල්‍ය අවශ්‍යතාව මහජනයා වෙත කොටස් නිකුත් කිරීමෙන් ඉටු කර ගත නොහැකි වූ බැවින් ණයකර වෙත යොමු වූ අතර කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබෙන බැවින් ආයෝජකයෝද ණයකර වෙත ආයෝජනයට පෙලැඹුණහ. එසේම 2012දී යම් ප්‍රමාණයක ඉහළ ගිය පොලී අනුපාතය තම දිශානතිය වෙනස් කරමින් 2013දී පහළ යෑමත් ණයකර වෙළෙඳපොළ සක්‍රිය වීමට හේතු විය.
2012දී මාස ෙදාළහක භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 13%ක් දක්වා වර්ධනය වුවත් එය 2013 දී 10%ට වඩා අඩු මට්ටමකට පැමිණීමෙන් ආයෝජකයන් භාණ්ඩාගාර බිල්පත් මත ආයෝජනය වෙනුවට ණයකර මත ආයෝජනයට තල්ලු කිරීමට හේතු විය. එමෙන්ම වෙළෙඳපොළ පොලී අනුපාතය තීරණය කරන ප්‍රති මිලදී ගැනුම් අනුපාතය 6.5% දක්වා අඩු මට්ටමකට පත්කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකුව ණයකර වෙළෙඳපොළ සක්‍රිය කිරීමට සිදු කළ ක්‍රියාවක් බව පෙන්වා දිය හැකිය. මෙසේ රටේ පොලී අනුපාතය අඩු වීමෙන් ආයතනවලට තම ණයකර අඩු පොලී අනුපාතයකට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති වන අතරම ජනතාවටත් තම විකල්ප ආයෝජනවල ප්‍රතිලාභ අවම මට්ටමක පවතින බැවින් ණයකර වෙත යොමු වීමේ අවශ්‍යතාව ඇති කරයි. මේ නිසාම නුදුරු අනාගතයේදී ණයකර වෙළෙඳපොළත් කොටස් වෙළෙඳපොළ මෙන්ම මහජන සහභාගිත්වයකින් යුතුව සක්‍රිය වීමේ හැකියාව පෙන්නුම් කරයි. ණයකර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට පැමිණීමෙන් සහ ජනතාව ඒවා මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ද්විතීක ණයකර වෙළෙඳපොළක් සක්‍රිය වන බවට සාක්ෂි පෙන්නුම් කරයි.
රුවන් මංජුල සමරක්කොඩි
උපුටා ගැනීමකි.
URL: http://www.mawbima.lk/83-46402-news-detail.html
මටත් මේ ගැන ලොකු idea 1 නෑ එ්ත් search කරද්දි හම්බ උනා ඒ නිසා කට්ටිය එක්ක share කරගන්න හිතුවා...
re-post නම් sorry...