මොනවද මේ බැදුම්කර

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද මේ බැදුම්කර

    [FONT=&quot]භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර[/FONT]
    Treasury_bills.jpg
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]රජයක් ආදායමට වඩා වියදම් කරන විට එම ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා ණය ගන්නට සිදුවේ. මේ ණය විදේශ ණය හා දේශීය ණය ලෙස වර්ග කළ හැකිය. දේශීය ණය ප්‍රධාන වශයෙන්ම ලබා ගන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟිනි.[/FONT]

    [FONT=&quot]කල් පිරීමේ කාලය වසරකට වඩා වැඩි රාජ්‍ය සුරැකුම්පතක් භාණ්ඩාගාර බැඳුම්කරයක් ලෙසත්[/FONT], [FONT=&quot]එම කාලය වසරක් හෝ අඩු කාලයක් වන සුරැකුම්පතක් භාණ්ඩාගාර බිල්පතක් ලෙසත් හැඳින්වේ. සාමාන්‍යයෙන් දින [/FONT]91, 182[FONT=&quot] හෝ [/FONT]364[FONT=&quot] කින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන අතර[/FONT], [FONT=&quot]වසර [/FONT]2, 3, 5, 10, 15, 20[FONT=&quot] හෝ [/FONT]30[FONT=&quot] වැනි කාලයකින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. සුරැකුම්පතක කල් පිරීමේ කාලය මෙවැනි රවුම් ගණනක් නොවන්නටද පුළුවන. මෙහිදී කල් පිරීමේ කාලය ලෙස හඳුන්වන්නේ සුරැකුම්පතක් මිලදී ගන්නා අයෙකුට රජය විසින් එහි මුහුණත වටිනාකම ගෙවීමට ගත වන කාලයයි.[/FONT]

    [FONT=&quot]මුහුණත වටිනාකම යනු රාජ්‍ය සුරැකුම්පත් මුද්‍රිත සහතිකව පැවති කාලයේ මුදල් නෝට්ටු වල හෝ ස්ථිර තැන්පතු සහතික වල මෙන් එම සුරැකුම් සහතිකපත් වල මුහුණතේ මුද්‍රණය කර තිබුණු මුදලයි. මේ වන විට රාජ්‍ය සුරැකුම්පතක් යනු විද්‍යුත් ලේඛණයක් පමණක් වුවත් මුහුණත වටිනාකම යන යෙදුම තවමත් භාවිතා වේ.[/FONT]

    [FONT=&quot]රාජ්‍ය ආදායම් වියදම් පරතරය කාලයත් සමඟ වෙනස්වන රටාව හා ගලපමින්[/FONT], [FONT=&quot]පොලී වියදම අවම වන පරිදි භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර වැනි රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම සාමාන්‍යයෙන් රටක රාජ්‍ය භාණ්ඩාගාරයේ කටයුත්තකි. කිසියම් ඓතිහාසික හේතුවක් නිසා ලංකාවේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම හා කළමනාකරණය කිරීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.[/FONT]

    [FONT=&quot]වසරකින් කල් පිරෙන[/FONT], [FONT=&quot]මුහුණත වටිනාකම රුපියල් මිලියන [/FONT]100[FONT=&quot]ක් වන භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නා අයෙකුට වසරකින් පසු එම බිල්පත කල් පිරෙන දින රුපියල් මිලියනක් ලැබේ. ඒ නිසා[/FONT], [FONT=&quot]කල් පිරෙන දින එහි වටිනාකම එහි මුහුණත වටිනාකමට හරියටම සමානය.[/FONT]

    [FONT=&quot]අනාගතයේ ලැබෙන රුපියල් මිලියන [/FONT]100[FONT=&quot]ක් වෙනුවෙන් අද රුපියල් මිලියන [/FONT]100[FONT=&quot]ක් ගෙවන්නට කිසිදු ආයෝජකයෙකු සූදානම් නැත. ඒ නිසා භාණ්ඩාගාර බිල්පතක් කිසි විටෙකත් එහි මුහුණත වටිනාකමට අලෙවි කළ නොහැකිය. එවැන්නක් හැම විටෙකම අලෙවි වන්නේ මුහුණත වටිනාකමට වඩා අඩු මුදලකටය.[/FONT]

    [FONT=&quot]වසරකින් ලැබෙන රුපියල් [/FONT]100[FONT=&quot]ක් සඳහා ඔබ අද ගෙවන්නට සූදානම් මුදල කුමක්ද[/FONT]? [FONT=&quot]මෙයට සෑම දෙනෙකුටම එකඟ විය හැකි නිශ්චිත පිළිතුරක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. අයෙකුට එය රුපියල් [/FONT]95[FONT=&quot]ක්ද[/FONT], [FONT=&quot]තවත් අයෙකුට රුපියල් [/FONT]90[FONT=&quot]ක්ද[/FONT], [FONT=&quot]තෙවැන්නෙකුට රුපියල් [/FONT]88[FONT=&quot]ක්ද විය හැකිය. යමෙකු භාණ්ඩාගාර බිල්පතක් මිලදී ගන්නට පෙළඹෙන්නේ ඔහුගේ හෝ ඇයගේ මුදලේ කාල වටිනාකම් සමඟ සැසඳීමෙන් පසු ලාභයක් ලැබේනම් පමණි.[/FONT]

    [FONT=&quot]භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී රජයට වඩාත්ම වාසිදායක වන්නේ මුහුණත වටිනාකමට හැකිතාක් ආසන්න මුදලකට ඒවා අලෙවි කිරීමට හැකි වන තරමටය. මේ විකිණුම් මිල වැඩි වූ තරමට ගෙවිය යුතු පොලිය අඩු වේ. ඇත්තටම මේ පොලිය සෘජුව ගණනය වන්නේ නැත. එය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පතක් අලෙවි වන මිල අනුවය.[/FONT]

    [FONT=&quot]රුපියල් මිලියන [/FONT]100[FONT=&quot]ක මුහුණත වටිනාකමක් හා වසරක පරිණත කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පතක් රුපියල් මිලියන [/FONT]90[FONT=&quot]කට අලෙවි වූයේයැයි සිතමු. මෙහිදී[/FONT], [FONT=&quot]ඇත්තටම රජයට ලැබෙන මුදල රුපියල් මිලියන [/FONT]90[FONT=&quot]ක් පමණක් වන අතර[/FONT], [FONT=&quot]එම මුදල සඳහා වසරකින් පසු රුපියල් මිලියන [/FONT]10[FONT=&quot]ක් පොලිය ලෙස ගෙවිය යුතුය. ඒ අනුව[/FONT], [FONT=&quot]පොලී අනුපාතිකය [/FONT]10/90= 11.11%[FONT=&quot]ක් වේ.[/FONT]

    [FONT=&quot]මෙම බිල්පතම රුපියල් මිලියන [/FONT]91[FONT=&quot]කට විකිණිය හැකි වීනම් රජයට වහාම ලැබෙන මුදල රුපියල් මිලියන [/FONT]91[FONT=&quot] දක්වා වැඩිවන අතරම ගෙවිය යුතු පොලියද රුපියල් මිලියන [/FONT]9[FONT=&quot] දක්වා අඩුවේ. එවිට[/FONT], [FONT=&quot]පොලී අනුපාතිකය [/FONT]9/91=9.89%[FONT=&quot]ක් පමණි.[/FONT]

    [FONT=&quot]භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම ඒවා වැඩිම මිලකට අලෙවි කිරීම මඟින් අඩුම පොලියක් ගෙවිය හැකි මඟකි. බොහෝ දෙනෙකු ලන්සු තබන විට අනාගත මුදලේ වත්මන් කාල වටිනාකම වැඩි අය ඒ අතර සිටීමේ ඉඩකඩද වැඩිය.[/FONT]

    [FONT=&quot]ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අමතරව වෙනත් ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකටද සෘජුව සහභාගී විය හැකිය. මෙසේ සහභාගී විය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැනි ක්‍රමය වනුයේ වෙන්දේසියේදී තීරණය වන කවර හෝ මිලකට තමන් මිලදී ගැනීමට සූදානම් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉදිරිපත් කිරීමයි. මෙය තරඟකාරී නොවන ලන්සුවක් ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙවැනි තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් වන්නේ [/FONT]1%[FONT=&quot]ක පමණ ඉතා සීමිත ප්‍රමාණයකි.[/FONT]

    [FONT=&quot]දෙවන ක්‍රමය තරඟකාරී ලන්සු ක්‍රමයයි. මෙහිදී[/FONT], [FONT=&quot]මිලදී ගැනීමට සූදානම් බිල්පත් ප්‍රමාණය මෙන්ම ඒ වෙනුවෙන් අපේක්ෂා කරන පොලිය හෝ ඩොලර් [/FONT]100[FONT=&quot]ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් ගෙවීමට සූදානම් මිලද ඉදිරිපත් කළ යුතුය. එක් අයෙකුට මෙවැනි තරඟකාරී ලන්සු ඉදිරිපත් කළ හැක්කේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති බිල්පත් ප්‍රමාණයෙන් [/FONT]35%[FONT=&quot] නොඉක්මවන ප්‍රමාණයට පමණි. මෙහි අරමුණ එක් අයෙකුට පොලී අනුපාතික පාලනය කිරීමට ඇති හැකියාව අවම කිරීමයි.[/FONT]

    [FONT=&quot]දැන් අපි වෙන්දේසියෙන් පසු ඇමරිකාවේ මේ බිල්පත් තරඟකරුවන් අතර වෙන් කරන ආකාරය විමසා බලමු. ලැබුණු ලන්සු (ඩොලර් මිලියන) පහත පරිදියැයි සිතමු.[/FONT]

    [FONT=&quot]තරඟකාරී නොවන- [/FONT]30
    99.9% - 970
    99.8% - 4,000
    99.7% - 5,000
    99.6% - 10,000
    99.5 - 10,000
    99.4% - 10,000
    99.3% - 10,000
    99.2% - 10,000
    99.1% - 10,000
    .....

    [FONT=&quot]වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් මිලියන [/FONT]60,000[FONT=&quot]ක් යැයි සිතමු. මේ ප්‍රමාණය අලෙවි කළ හැකි උපරිම මිල වනුයේ මුහුණත වටිනාකමින් [/FONT]99.2%[FONT=&quot]කි. ඊට වඩා මිලකට මුළු බිල්පත් ප්‍රමාණයම විකුණන්නට තරම් ඉල්ලුමක් නැත. ඒ නිසා[/FONT], [FONT=&quot]එම මිල හෝ වැඩි මිලක් ගෙවන්නට සූදානම් වූ සියල්ලන්ටම (තරඟකාරී නොවන ලංසුකරුවන්ද ඇතුළුව) තමන් ඉල්ලූ බිල්පත් ප්‍රමාණය මුහුණත වටිනාකමින් [/FONT]99.2%[FONT=&quot]ක මිලකට නිකුත් කෙරේ.[/FONT]

    [FONT=&quot]ලංකාවේ මෙය සිදුවන ආකාරයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තිබේ.[/FONT]

    -[FONT=&quot]වෙන්දේසියට සහභාගී විය හැක්කේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට[/FONT], [FONT=&quot]වාණිජ බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදල වැනි සීමිත ආයතන ගණනකට පමණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    -[FONT=&quot]එක් අයෙකුට ලන්සු තැබිය හැකි උපරිම සීමාවක් නැත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    -[FONT=&quot]මහ බැංකුව සිය අභිමතය පරිදි වෙන්දේසියට ඉදිරිපත් කළ සුරැකුම්පත් ප්‍රමාණය[/FONT], [FONT=&quot]එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හෝ අඩු ප්‍රමාණයක් නිකුත් කිරීමට මෙන්ම ලන්සු ලබා ගැනීමෙන් පසු වෙන්දේසිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද ඉඩ තිබේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    -[FONT=&quot]සුරැකුම්පත් විකුණන්නේ එක් එක් ආයතනය විසින් ලන්සු තැබූ මිලට මිස සියල්ලන්ටම එකම මිලකට නොවේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Source - http://emgesathapaha.blogspot.com
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    දැන් ඉතින් අයවැයෙන් කෙලවලා
    චන්දෙත් ඉවර වෙනකම් මේ නාට්ටිය ඇතිවෙයි රටේ හරක් ව චූන් කරන්න :rofl::rofl:

     

    Similar threads