මොනවද මේ වඳ බෙහෙත්?

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මොනවද මේ වඳ බෙහෙත්?

    වචන⁣යේ අර්ථයෙන් ගත්තොත් කෙටියෙන්ම වඳ බෙහෙතක් කියන්නේ යම් ගැහැනියට හෝ පිරිමියෙකුට දරුවකු බිහි වීමේ හැකියාව නැති කරන යමක් වෙන්ඩ එපැයි. එතකොට උපත්පාලනයට අයිති වන මිතුරි පෙති, කොන්ඩම්, ලූප ආදිය මේකට අයිති වෙන්ඩ බෑ . මොකද වඳ කිරිමයි උපත් පාලනයයි කියන්නෙ දෙකක්. ඔය කියන ආකාරයට එකකදි සම්පූර්ණයෙන්ම සරැ බව නැති වෙනවා.

    මේ වඳ බෙහෙත් සම්බන්ධයෙන් වැදගත් පැහැදිලි කිරීමක් පහු ගිය රාවය පුවත්පතේ වෛද්‍යවරයෙක් විසින් කරල තිබුණා. එහි ජායාරූපයක් පහතින් ඇත.

    "කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
    - වෛද්‍ය දයානාත් රණතුංග -

    වෛද්‍යවරුන් මෙහෙම පැවසුවත් සමාජයේ නම් තියෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. වි⁣ශේෂයන්ම සමාජ මාධ්‍ය හරහා වඳ පෙති දැමූ ආහාර, ආපනශාලා පිළිබඳව මූලාශ්‍ර රහිත පුවත් විශාල වශයෙන් සැරිසරනය වෙනවා.මෙම මූලාශ්‍ර රහිත තොරතුරු බොහෝමයක් යම් ආගමික කොට්ඨාසයක් ඉලක්ක කරගෙන වෛරී සහගතව පැතිරවීම එකතරා ආකාරයට සමාජයට විශාල තර්ජනයක්. අප වැනි රටක සමාජ ජාල පරිහරණය කරන්නන් බොහොමයක් දෙනා කිසිදු වග විභාගයකින් තොරව දකින සියලුම දෑ විශ්වාස කිරීමත් එවැනි පිරිස් යම් යම් කඩාකප්පල් කාරී ක්‍රියාවන් සඳහා ලෙහෙසියෙන්ම පෙළඹවීමට හැකිවීමත් මෙහි ඇති විශාලම තර්ජනයයි. අතීතයේ යුද්ධය පැවැති වකවානුවේදීද මෙවැනිම දූෂ්‍යමාන තොරතුරු දමිළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ද පැතිරුණා. ඒ සිංහල මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා දමිළ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ට නැවත දරුඵල අහිමිවන පරිදි දමිළ වෛද්‍යවරුන් යම් යම් ක්‍රියා සිදු කරන බවයි. එවැනි පුවත්වලට එකල පියාපත් ලැබී තිබුණ අතර සමහර පුද්ගලයින් කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරවම එවන් පුවත් සත්‍ය බවට විශ්වාස කළ බවත් නොරහසක්.
    මේ දිවයි⁣නේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වඳ බොහෙත් පිළිබඳව පහුගිය පුවත්පතකට දැක්වූ අදහසක්.

    "කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙ⁣තෙක් සොයාගෙන නෑ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇති කරන බව ප්‍රචාරය ගෙන යන්නේ ජාතිවාදි පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා අැත්තේ නෑ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාර වලට රැවටීමෙන් වැළකිය යුතුයි.
    ආහාරයට විවධදේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන් ජෙලි වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇතිකළ නොහැකිය. වඳභාවයට හේතුව ජානමය තත්ත්වයකි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.
    උපත්පාලනය හා පවුල් සැලසුමත් වඳභාවයට හේතුවන කාරණා නොවෙයි.
    අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා.තමන්ට කැමති ආකාරයට දරුවන් ලබා ගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි.ඊට රජයේ අනුමැතියද තියෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.
    එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්,යුනිසෙෆ් සංවිධානයත් ⁣මෙම සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යක්ම ඒවා පිළිගෙන තියෙනවා.ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් තිබෙනවා.
    පවුල් සැලසුමකට යන්නෙ අවශ්‍ය අයගේ අවශ්‍යතාවය මත පමණයි. වඳභාවය මා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවයක් නැහැ. ජනගහන වර්ධනය පිළිබඳව ජාතිවාදි පදනමෙන් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැළඳුම් අතර සබඳතාවයක් නැහැ.
    ඒ වගේම වඳභාවය අැතිකරන්න පුලුවන් කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ."
    - වෛද්‍ය ආරියසේන යූ ගමගේ-

    වෛද්‍යවරුන් කෙසේ කීවද ජාතිවාදි පිටු අටවන් සිටිනා මිනිසුන් කිහිපදෙනෙකු උග්‍ර ජාතිවාදි අදහස් වපුරති.ඔවුන් කියනා සියල්ල පිලිගන්නා අනුගාමිකයන් පිරිසක්ද බිහිවී ඇත. ඔවුන් ඒවා ප්‍රශ්න කරන්නේ නැත. ගිරවුන් මෙන් ඇසෙන දේ පවසති. සමහරවිට එවැනි මිනිසුන්ට යම් අනාගත අභිලාෂ ඇතිවා වන්නට පුලුවන.සමහරුන්ගේ වෘත්තිය ගමින් ගමට ගොස් වෛරී අදහස් වැපරීමයි. ඔවුන් සමාජය හරහා මිත්‍යාව වපුරවති. මිත්‍යාවෙන් භීතිකාවන් වපුරති. ජාතින් අතර සැකය ඇති කරති. මිනිසුන් කොටවති. උෟරන් කැකුණ තලන විට හබන් කුකුළන් මඟුල් සමරති.


    22365727_10160139211835377_2950254826013585202_n.jpg



    21743012_484128475293939_5937093417901179298_n.jpg


    ඉස්සුවේ https://goo.gl/EaMXJP
     
    • Like
    Reactions: Rockstar Athelete

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    wada wennama kiyala hadapu behet nowenna puluwan

    samahara chemical tiyenawa agata giyama side effects enawa samahara behet warga unat ehemai .. itin anna ehema dewal dala denawa wenna barida
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    මම දේශපාලන වාසියට කහින ජාතිවාදියෙක් නෙවෙයි. ඒත් දොස්තරු ගැන නම් කතා කරන්න එපා මචන්. සල්ලි කුට්ටියක් දීලා කියන්න ඕන දේ කිව්වම ග්‍රැමක්සෝන් වලත් විටමින් තියෙනවා කියන්න මට්ටමට වෘත්තියක් විදිහට වැටිලයි තියෙන්නෙ. අපි දැක්කනෙ ග්ලයිෆෝසේට් තහනම් කරාම ඒවා හොඳයි, වකුගඩු වලට ප්‍රශ්නයක් නෑයි කියන්න ඉදිරිපත් වෙච්ච සෙට් එක. ඒ නිසා දොස්තර මහත්තයෙක් කිව්ව නම් හරි දෙයක් වෙන්න ඕන කියන මතය ඉස්සර තිබ්බට දැන් නම් ගෞරවය නෑ.
     
    • Like
    Reactions: Arrow11

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමහර උපත් පාලන පෙති වලට උනත් සයිඩ් ඉෆෙක්ට්ස් විදියට වඳ වෙන්ඩ පුළුවන්
    අදකාලේ ගොඩක් සිංහල බැදපු අයට දරුවෝ ලැබෙන්නේ නැති එක ප්‍රශ්නයක්.
    මොකද බැඳපු ගමන්ම ළමයි එපා කියල උපත් පාලන පෙති ගන්න නිසා.

    ඊට පස්සේ ඉතින් දරුවෙක් ඕන කාලෙට දරුපල නෑ
    රටේ ලෝකේ නැති බෙහෙත් හොයනවා ළමයි හදන්ඩ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සමහර උපත් පාලන පෙති වලට උනත් සයිඩ් ඉෆෙක්ට්ස් විදියට වඳ වෙන්ඩ පුළුවන්
    අදකාලේ ගොඩක් සිංහල බැදපු අයට දරුවෝ ලැබෙන්නේ නැති එක ප්‍රශ්නයක්.
    මොකද බැඳපු ගමන්ම ළමයි එපා කියල උපත් පාලන පෙති ගන්න නිසා.

    ඊට පස්සේ ඉතින් දරුවෙක් ඕන කාලෙට දරුපල නෑ
    රටේ ලෝකේ නැති බෙහෙත් හොයනවා ළමයි හදන්ඩ

    දීර්ග කාලීනව උපත් පාලන පෙති බාවිතය නිසා වඳ වෙනවා කියපු රිසච් එකක් හෝ අවස්ථාවක් පෙන්වා දෙන්න පුලුවන්ද? :lol:

    30 පැනල ළමයි හදන්න ගිහාම ඉතින් අමාරුයි තමයි :lol::lol: ලංකාවේ බහුතරයක් එහෙමනේ
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජොනී බට්ට;22380310 said:
    දීර්ග කාලීනව උපත් පාලන පෙති බාවිතය නිසා වඳ වෙනවා කියපු රිසච් එකක් හෝ අවස්ථාවක් පෙන්වා දෙන්න පුලුවන්ද? :lol:

    30 පැනල ළමයි හදන්න ගිහාම ඉතින් අමාරුයි තමයි :lol::lol: ලංකාවේ බහුතරයක් එහෙමනේ




    :yes::yes::yes:
    වඳ වෙන එක birth control methods වල side effect එකක් කියලා තියෙන reliable source එකක්‌ මටත් හොයාගන්න ලැබුණේ නෑ :confused:
     
    Last edited:

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    podi niwaradi kirimak karannam LRT sathkamen aththatama ganu kenage garbashaya ayin karanne naaa. eken karanne palopiya nala deka kapaa eka hari block karana ekai. thawa LRT pirimingeth karanawa ekedi wenne piriminge wrushana kosha wala idan ena nala deka awahira karana eka.. oya sathkama karanne podima poddi kapumak dala dawasen wage gedara yanna puluwan kiyalai ahala thiyenne.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල බෙහෙත් තියනව එක වේලෙන් වද කරන්න පුලුවන්. කලලය හැදෙන්නේ නැති වෙන්න බෙහෙත් තියෙනවා... ඒ වගේම හැදෙන කලලය එක සැරෙන් විනාශවෙලා යන්න බෙහෙත් තියෙනව. මේ වද බෙහෙත් නැ කියල කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ....
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    862
    1,737
    93
    උඹල ගබ්සාවයි වඳ කිරීමයි පටලවාගෙන.
    ගබ්සා සඳහා ඕන තරම් බෙහෙත් තියෙනවා.

    දොස්තරලා කියන දේවල් අහන්න එපා. කවුරුත් කියන දේවල් අහන්න එපා. දැන් අපි හැමෝටම ඉන්ටනෙට් තියෙනවා. google scholar එකේ මිලියන ගානක් රිසර්ච් පේපර් තියෙනවා. ඒවා ඕන එකක් කියවල බලල උඹලම දැනගනිල්ලා එහෙම බෙහෙත් තියෙනවද නැද්ද කියල.
    හැබැයි එහෙම කරන්න කලින් ජාතිවාදී කන්නාඩි කුට්ටම ගලවල ඉන්න ඕනේ. නැත්තම් පෙන්නේ නෑ .
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගබ්සා වෙන පෙති තියෙනවනේ .මතකනේ සතකුප්ප ටොන් ගානක් අහු උනා.අර ඩොකා තම්බින්ට කඩේ යන පකෙක්.මේ ලදී ටොන් ගානක ගබ්සා පෙති පකිස්තානෙන් ගෙනාව නානා කෙනෙක් අහු උනානේ.තම්බියෝ උපත් පාලනයක් කරන්නේ නැති නම් ඉතුරු ටික හිතා ගන්න පලුවන් නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මම දේශපාලන වාසියට කහින ජාතිවාදියෙක් නෙවෙයි. ඒත් දොස්තරු ගැන නම් කතා කරන්න එපා මචන්. සල්ලි කුට්ටියක් දීලා කියන්න ඕන දේ කිව්වම ග්‍රැමක්සෝන් වලත් විටමින් තියෙනවා කියන්න මට්ටමට වෘත්තියක් විදිහට වැටිලයි තියෙන්නෙ. අපි දැක්කනෙ ග්ලයිෆෝසේට් තහනම් කරාම ඒවා හොඳයි, වකුගඩු වලට ප්‍රශ්නයක් නෑයි කියන්න ඉදිරිපත් වෙච්ච සෙට් එක. ඒ නිසා දොස්තර මහත්තයෙක් කිව්ව නම් හරි දෙයක් වෙන්න ඕන කියන මතය ඉස්සර තිබ්බට දැන් නම් ගෞරවය නෑ.

    samahara female hormones piriminge wadi unoth wanda wenna puluwan man hithanne estrogen wage hormones

    lankawe doca la nam satha pahakata sure na.

    haal wadi unama bath kanna hoda na
    sini wadi unama sini kanna hoda na
    :baffled::baffled: