මොනවද මේ ස්ක්‍රීන්සර්වස්??

thathmi

Member
Apr 8, 2010
36
4
0
මොනවද මේ ස්ක්‍රීන්සර්වස්??

දැන් ගොඩාක් අය පාවිච්චි කරන්නෙ එල්.සී.ඩී මොනිටර් උනාට මෑත අතීතයෙ වැඩිපුරම භාවිතා උනෙ සී.ටී.අර් මොනිටර්.

benq-world-fastest-lcd-monitor.jpg

එල්.සී.ඩී මොනිටර්


17%20CRT.jpg

සී.ටී.අර් මොනිටර්


crt.gif

කැතෝඩ කිරණ නලය


මම දෙවෙනියට සදහන් කරපු වර්ගයේ මොනිටර් වල දත්ත දර්ශනය වෙන්නෙ කැතෝඩ කිරණ නලයක් උදව් කර ගෙන.. එකම රූපය එක දිගට පැයක් පමණ තිබුනොත් මොනිටර් එකේ දෘශ්‍ය අගයන් වෙනස් වෙනවා... ඒ කියන්නෙ වැඩිවෙලාවක් දර්ශනය උන ඡායාරූපයෙ තද වර්ණ තිබුන තැන් මොනිටර් එකේ සදාකාලිකවම සටහන් වෙනවා.. මේක නවත්තන්න විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම අතහදා බැලුවා. අවසානයේ "John Socha" විසින් අයි.බී.එම් පරිගණකයකට "scrnsave" නමින් ලොව ප්‍රථම සාර්ථක ස්ක්‍රීන්සවරය නිර්මාණය කෙරුවා. එතැන් පටන් වර්තමානය දක්වා අති විශාල ස්ක්‍රීන්සවර්ස් ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියනවා. ඔබ භාවිතා කරන්නෙ සී.ආර්.ටී මොනිටරයක් නම් ස්ක්‍රීන්සවරයක් භාවිතා කරන එක නුවණට හුරුයි