මොනවද මේ හයිබ්‍රිඩ් All about Hybrid Vehicles - I

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද මේ හයිබ්‍රිඩ් All about Hybrid Vehicles - I

    හයිබ්‍රිඩ් කාර් (Hybrid Cars) කියන්නේ මේ දවස් වල ලංකාවේ වාහන පිළිබදව කැක්කුමක් තියෙන කා අතරත් කතා බහට ලක්වන අලුත් මාතෘකාවක්. මේ දවස්‌ වල ලංකාවේ බොහොම ජනප්‍රිය Toyota Prius සහ Honda Insight කියන මෝටර් රථ දෙවර්ගයම මේ කියන හයිබ්‍රිඩ් තාක්‌ෂණය සාර්ථකව යොදා ගන්නා රථ දෙකක්.





    මොකක්ද හැබෑටම මේ හයිබ්‍රිඩ් කියන්නේ ? මොකක්ද හයිබ්‍රිඩ් වාහනයක සහ වෙනත් වාහනයක තියෙන වෙනස..? හයිබ්‍රිඩ් වාහනයක් කොහොමද වැඩ කරන්නේ ? හයිබ්‍රිඩ් වාහනයක තියෙන වාසි අවාසි මොනවාද ? අද ආරම්භ කරන මේ ලිපි පෙලින් ඔය කිව්ව කාරණා ගැන කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

    මොකක්ද මේ හයිබ්‍රිඩ් කියන්නේ ?
    හයිබ්‍රිඩ් කියන වචනයේ සිංහල තේරුම තමයි දෙමුහුන්කරණය. මෙහෙම කිව්වා කියල ඉතින් මේ ලෝකේ දෙයක් තේරෙන එකක් යැ ! ඒ නිසා ඔය " හයිබ්‍රිඩ් " කියන වචනේ එහෙමම තියෙන්න ඇරලා මම ඒ ගැන සරලව විස්තර කරන්නම්.

    අපි කව්රුත් දන්නා විදියට සාමාන්‍ය වාහනයක තියෙන්නේ අභ්‍යන්තර දහන එන්ජිමක් ( Internal Combustion Engine). ඔය එන්ජිම ඇතුලේ පැට්‍රොල් (Petrol) හරි ඩීසල් (Diesel) හරි ඉන්ධනයක් දහනය කරලා , එන්ජිමේ පිස්ටන් උඩට පහලට තල්ලු කරලා එයින් ඇතිවන බලය පාවිච්චි කරලා තමා සාමාන්‍ය වාහනයක් ධාවනය කරන්නේ. නමුත් හයිබ්‍රිඩ් වාහනයක අභ්‍යන්තර දහන එන්ජිමට අමතරව වාහනය ධාවනය කරන්න විද්‍යුතයෙන් ක්‍රීයා කරන විදුලි මෝටරයකුත් (Electric Motor) සවි කරලා තියෙනවා. විදුලි මෝටරයට බලය සපයන්නේ වාහනයේ සවි කරලා තියෙන විශේෂ බැටරියක ආධාරයෙන්. මේ බැටරිය සාමාන්‍යයෙන් Nickel Metal Hydride (Ni-mH) හෝ Lithium Ion (Li-Ion) යොදාගෙන තමා හදල තියෙන්නේ. විශේෂයෙන් lithium බොහොම සැහැල්ලු මූලද්‍රව්‍යයක් නිසා එය භාවිතයෙන් හදන බැටරියත් අනෙකුත් බැටරි වර්ග වලට වඩා බරින් අඩුයි. ඒ නිසා මෑත වසර වලදී හයිබ්‍රිඩ් වාහන සදහා Li-Ion බැටරි භාවිතා කරන්න තමා නිෂ්පාදකයින් වැඩි උනන්දුවක් දක්වන්නේ.


    ඉතින් මේ විදිහට වාහනයේ ක්‍රියාකාරිත්වයට උදව් වෙන්න ශක්ති ප්‍රභව දෙකක් තියෙන නිසා තමයි මේ හයිබ්‍රිඩ් කියන නම ලැබිල තියෙන්නේ.

    Green+Basics+Hybrid+Explained.jpg


    හයිබ්‍රිඩ් කිව්වමත් ඉතින් එක එක ප්‍රභේද තියෙනවා. ඔක්කොම ගැන කතා කරන්න ගියොත් මේක අච්චාරුවක් වෙන නිසා පූර්ණ හයිබ්‍රිඩ් තාක්ෂණය ( Full Hybrid Technology) ගැන මම විස්තර කරන්නම්. පූර්ණ හයිබ්‍රිඩ් තාක්ෂණය භාවිත කරන වාහනයක් ධාවනයේදී එහි ඇති විදුලි මෝටරය සහ අභ්‍යන්තර දහන එන්ජිම කීප ආකාරයින් ධාවනයට ඉවහල වෙනවා.


    1. විදුලි මෝටරයෙන් පමණක් වාහනය ධාවනය වන අවස්ථාව


    2. අභ්‍යන්තර දහන එන්ජිම පමණක් ධාවනයට උදව් වන අවස්ථාව


    3. අභ්‍යන්තර දහන එන්ජිම සහ විදුලි මෝටරය යන ප්‍රභව දෙකම ධාවනයට උදව් වන අවස්ථාව


    4. විදුලි මෝටරය පන ගන්වන බැටරිය නැවත ආරෝපණය කරන අවස්ථාව


    දැනට ලංකාවේ දකින්න ලැබෙන Toyota Prius රථය ඉහත පියවර 4 භාවිතා කරමින් තමා ධාවනය වෙන්නේ. ඉහත කියපු අවස්ථා 4 අතර රථයේ ක්‍රියාකාරිත්වය මාරු වන ආකාරයත්, එමගින් හයිබ්‍රිඩ් රථයක ඉන්ධන දහනය (Fuel Consumption) අඩු කරගන්න ආකාරයත් අපි ඊලග ලිපියෙන් හොයල බලමු.
     
    • Like
    Reactions: Aktamge and tshirtZ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks Machan..

    Thanks Machan..

    Thanks Machan..

    thanks machan :)
    You're Welcome Machan..

    THANKS & REP++
    Thanks Machan..

    good post
    Thanks Machan..

    niyamai machan
    Thanks Machan..

    Thanks Machan..

    Godak wedagath machan. Thanx share kalata.
    :):):):):):):):):):)
    But...,

    71911630.jpg

    :(:(:(:(:(:(:(:(:(:(
    Thanks Machan..

    pattai bn
    Thanks Machan..

    ela......
    Thanks Machan..

    kiyak withara wenawada machn?
    දන්නෑ මචං උපුටා ගනිපු එකක් මේක..:no:

    You're Welcome Machan..

    Honda Insight

    Meka Thamai Hodama Eka
    Thanka Macho.. Elazzz
    11.gif


    RePost බුවා;12824579 said:
    ela machan
    Thanks Machan..