මොනවද මේ ‘අයිස්’?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    "මත්ද්‍රව්‍ය භාවිතයේ දී කිසිදු ආකාරයක ආරක්ෂිත මාත්‍රාවක් නැත. මත්ද්‍රව්‍ය භාවිතය සෑම අවස්ථාවක දීම ඉහළ අවදානමක් සහිත වේ."
    නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ ලෝකය පුරා පැතිරුණු ප්‍රබල ගැටළුවක්ව පවතිනවා. මේ හරහා රටක ආර්ථිකයට, සමාජ යහපැවැත්මට, සහ සෞඛ්‍ය පද්ධතියට ඉතා ඉහළ පීඩනයක් එල්ල කරනු ලබනවා. තාක්ෂණයේ පිබිදීම සමග නව ආරයන්ගේ මත්ද්‍රව්‍ය, අලුත් අලුත් ක්‍රමයන්ට සමාජගත වීම පැහැදිලි සමාජ ගැටලුවක් වී අවසාන යි. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවක් වර්තමානය වන විට මෙහි ගොදුරක් වී අවසාන යි. මෑතකාලීන ලංකාවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් බහුල වශයෙන් වාර්තා වුණා. මේ අතර ඉතා වේගයෙන් තාරුණ්‍යය බිලිගන්නා එක් මත්ද්‍රව්‍යයක් වර්ධනීය සමාජගතවීමක් පෙනෙන්නට තිබුණා.

    මොනවද මේ ‘අයිස්’?
    මෙතැම්ෆිටමීන් හෙවත් ‘අයිස්’ උත්තේජක මත්ද්‍රව්‍යයක් ලෙස හඳුන්වනු ලබනවා. ‘ක්‍රිස්ටල් මෙත්’, සහ ‘ක්‍රිස්ටල්’ වැනි නාමයන්ගෙන් ද හැඳින්වෙන මෙහි ක්‍රියාකාරීත්වය වන්නේ මොළය සහ ශරීරය අතර පණිවුඩ හුවමාරුව වේගවත් කිරීම යි. ඉතා බලවත් මත්ද්‍රව්‍යයක් වන මෙය වහා ඇබ්බැහි කරවනසුළු වන අතර එම කාරණාව නිසාම, ඉතා බරපතල අතුරු ආබාධ ඇති කිරීමට සමත් වෙන බව සඳහන් වෙනවා.

    අයිස් සාමාන්‍යයෙන් පළිඟු හැඩැති කුඩා ස්ඵටික ආකාරයෙන් දැකගත හැකි අතර, සුදු හෝ දුඹුරු පැහැති, තියුණු ගන්ධයක් සහිත කුඩක් වශයෙන් ද සමාජ සංසරණයට එක්වන බව සඳහන්.

    OCTovXChtaTJ5bDs_2 (1).jpg

    මත්ද්‍රව්‍ය වරක් හෝ භාවිතා කිරීම සෞඛ්‍යාරක්ෂිත නැහැ. (Parhlo.com)


    අයිස් භාවිතයට ගැනීමේ දී බහුල වශයෙන් දුමක් වශයෙන් භාවිතය ගනු ලබන්නේ ඉන් ඇතිවන බලපෑම ශරීරයට ඉතා ඉක්මනින් දැනෙන නිසා යි. ඊට අමතරව එන්නත් කටු භාවිතයෙන් මෙන්ම මුඛය හරහා ද ගනු ලබන නමුත් ඉන් ශරීරයට සංවේදනය ඇති කිරීමට විනාඩි 15 -30 අතර කාලයක් ගතවනවා. මෙම ක්‍රමයන්ට අමතරව නාසයෙන් කුඩක් සේ ඉහළට ඇදීමෙන් ද විනාඩි 3 - 5 අතර කාලයක දී සංවේදනය වීම ආරම්භ වෙනවා.

    මෙම මත්ද්‍රව්‍යයෙන් උද්වේගකර හැඟීමක් ඇතිකරන්නේ මිනිත්තු කීපයකට පමණ යි. ඉන්පසු එහි සාමාන්‍ය බලපෑම පැය කීපයක් පුරා රඳා පවතිනවා. මෙනිසා මත්ද්‍රව්‍ය මට්ටම අඛණ්ඩව රුධිරයේ තබාගැනීමට නම් දිගින් දිගටම මෙම මත්ද්‍රව්‍යය ලබාගැනීමට භාවිතා කරන්නාට සිදුවෙනවා. ඇබ්බැහිය ආරම්භ වන්නේ මෙවිට යි. මෙනිසා දින කීපයක් යනතුරු සුවදායී නින්දක් ලබා ගැනීමට අපහසු වීම, කෑම අරුචිය ඇතිවිය හැකියි.

    මෙම මත්ද්‍රව්‍යය භාවිතයෙන් පොදුවේ ඉස්මතු වන ශාරීරික සහ හැසිරීම් වෙනස්කම් කීපයක් පවතිනවා.

    • සුළු වේලාවකට පවතින අසාමාන්‍ය සතුටක්, ආත්ම විශ්වාසයක් ඇතිවීම
    • ශරීරය කිතිකැවෙන, පොපියන ස්වභාවයක් දැනීම
    • ඇසේ කණීනිකාව විශාල වීම සහ මුඛය වියළීම
    • දත්මිටි කෑම සහ අධික ලෙස දහදිය දැමීම
    • හෘද ස්පන්දනය ඉහළ යාම සහ වේගවත් හුස්ම ගැනීම
    • ආහාර රුචිය අවම වීම
    • ලිංගික ආශාවන් ඉහළ යාම සහ නැඹුරුතාව ඉහළ යාම
    එසේම අයිස් එන්නත් කටු භාවිතයෙන් ලබාගැනීම මඟින් පිටගැස්ම, වෙනත් ආසාදන බෝවීම හෝ රුධිර ශිරාවන්ට හානිවීම් වැනි ආබාධයන් ඇතිවිය හැකියි. එන්නත් කටු හවුලේ භාවිතය මඟින් හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී, HIV වැනි රෝග ආසාදනය විය හැකි සම්භාවිතාවයක් පවතිනවා. නාසය හරහා භාවිතා කිරීමේ දී නාස් කුහරය තුවාල වීම හරහා නාසයෙන් රුධිරය වහනය වීමේ අවදානමක් පවතින අතර එයින් සහ ආඝ්‍රානයෙන්, ශ්වසන පද්ධතියට හානි වීමට හැකියි.

    අයිස් අධිමාත්‍රාවක් භාවිතා කිරීමෙන් ඇතිවන බලපෑම
    අයිස් පමණක් නොවෙයි, ඕනෑම මත්ද්‍රව්‍යයක අධිමාත්‍රාවක් භාවිතයට ගැනීම මරණයෙන් කෙළවර විය හැකි හෝ සදාකාලික ශාරීරික ආබාධ ඇති කළ හැකි ක්‍රියාවක්. අයිස් මත්ද්‍රව්‍යයේ අධිමාත්‍රාවක් ලබාගත් තැනැත්තෙකු හට ඇතිවිය හැකි සංකූලතා ගණනාවක් පවතිනවා.

    • හෘද ස්පන්දනය ඉහළ යාම සහ පපුවේ වේදනාව
    • හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම
    • ශරීරය පාලනයකින් තොරව තදින් ගැස්සීම
    • අධික ලෙස ආවේගශීලී වීම, වික්ෂිප්ත ස්වභාවය සහ නොසංසුන් බව
    • හදිසියේ ඇතිවන හිසේ කැක්කුම
    • සිහිමූර්ඡා වීම
    • ආඝාතය, හෘදයාබාධ ඇතිවීම, හෝ මරණය සිදුවීම.
    1HBSM19KdR0Gnsnx_4.png

    අයිස් මත්ද්‍රව්‍ය භාවිතය නිසා ශරීරයේ වෙනස් විම බාහිර වශයෙන් පෙන්නුම් කිරීම.


    යමෙකු අයිස් වරක් භාවිතා නතර කිරීමෙන් පසු දින කීපයක් ඇතුළත නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීම සිදුවෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ මත්වී සිටි කාලයේ දැනුණු හැඟීම්වල සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඇති වීම යි. ඒ අනුව සංසුන්භාවයට පැමිණීමේ දී තීරණ ගැනීමේ පහසුතා, අවධානය යොමු කිරීමේ ගැටළු, සහ යමක් සැලසුම් කිරීමේ අපහසුතා පැන නැඟීමේ ඉහළ ඉඩකඩක් පවතිනවා. එමෙන්ම එහිදී වෙනත් ශාරීරික සහ මානසික සංකූලතා හටගැනීමට ද හැකියි. ඒවා අතර,

    • සුවදායී නින්දක් නොලැබීම හා අධික වෙහෙසකර බව
    • හිසේ කැක්කුම, කැරැකැවිල්ල, සහ පෙනීමේ දුර්වලතා ඇති වීම
    • පීඩනෝන්මාදය, මායාරූප පෙනීම හා වික්ෂිප්ත ස්වභාවය
    • මානසික බිඳවැටීම්
    යන කරුණු ප්‍රමුඛ ස්ථානයක් ලබාගන්නවා.

    මෙහි ඇති බරපතලම තත්ත්වය නම් අයිස් දීර්ඝකාලීනව භාවිතය මඟින් ඉතා බරපතල පුද්ගලානුබද්ධ සංකූලතා හට ගැනීමට ඉතා ඉහළ අවධානමක් ඇති වීම යි. ඒ අනුව දීර්ඝකාලීන භාවිතය සමග ශරීරයට බලපෑම් විශාල ප්‍රමාණයක් ඇති වන බව සඳහන් වෙනවා.

    • අධික ලෙස ශරීරයේ බර අඩු වීම සහ ආහාර රුචිය අවම වීම
    • ඒකාකාරී නින්දක් නොලැබීම
    • මුඛය වියළීම සහ දන්ත ගැටළු
    • දෛනික සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ හට ගැනීම
    • හුස්ම ගැනීමේ පහසුතා ඇතිවීම
    • කාංසාව, පීඩනෝන්මාදය, සහ ප්‍රචණ්ඩකාරී බව
    • විශාදය ඇති වීම
    • හදවත් සහ වකුගඩු රෝග හට ගැනීම
    • ආඝාත තත්ත්වයක් ඇතිවීමේ අවධානම ඉහළ යාම
    • අයිස් මනෝවිකාරය ඇති වීම
    • මානසික රෝග ඇතිවීම
    • ආර්ථික බලපෑම්, සෞඛ්‍ය පද්ධතියට ඇතිවන අනවශ්‍ය පීඩනය, රැකියාවට, අධ්‍යාපනයට සහ සමාජයට වන බලපෑම්.
    අයිස් ඇබ්බැහියෙන් මිදෙන්න බැරි ද?

    s9NmEyvkZVPQcRe3_511.png

    මෙත් නිෂ්ක්‍රමණ කාල රාමුව (Verywellmind.com)


    අයිස් මත්ද්‍රව්‍යයෙන් පවා ඕනෑම අයෙකුට නිෂ්ක්‍රමණය වීමේ (ඇබ්බැහියෙන් මිදීමේ) හැකියාව පවතිනවා. ඕනෑම මත්ද්‍රව්‍යයක් නිෂ්ක්‍රමණය කිරීමේ දී පොදුවේ ඇතිවිය හැකි එම මත්ද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය බව තදින් දැනීම, ප්‍රචණ්ඩකාරී බව, ශාරීරික වේදනා ඇතිවීම, අධික වෙහෙස හා විශාදය වැනි තත්ත්වයන් ඇති වීම වැනි පොදු සංකූලතාවලින් අනතුරුව ඉන් මිදීමේ හැකියාව පවතිනවා. නමුත් අයිස් නිෂ්ක්‍රමණ උග්‍රතාව විවිධාකාර පුද්ගලානුබද්ධ කරුණු කාරණා ගණනාවක් මත් වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. ඒවා අතර,

    • කොපමණ කාලයක් අයිස් භාවිතා කර තිබේ ද?
    • කොපමණ ප්‍රමාණයක් භාවිතා කර තිබේ ද?
    • අදාල පුද්ගලයාගේ ඇබ්බැහි වීමේ ස්වභාවය කෙබඳු ද?
    යන කරුණු ඉතා වැදගත්.

    දීර්ඝකාලීනව අයිස් භාවිතා කර ඇති විට, එයින් නිෂ්ක්‍රමණයත් වඩාත් අපහසු යි. එමෙන්ම එහිදී තරුණයෙකුට වඩා උග්‍ර සංකූලතා වැඩිහිටියන් පෙන්නුම් කරන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්ක්‍රමණය ඉතා බැරෑරුම් ක්‍රියාවලියක්. මේ නිසා පළපුරුදු විශේෂඥ දැනුමක් ඇති පිරිසකගේ උපදෙස් සහ අධීක්ෂණය අනුව එය සිදුකිරීම යෝග්‍ය යි. මීට අමතරව මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මානසික සෞඛ්‍ය දියුණු කරන භාවනා ක්‍රම, නිෂ්ක්‍රමණ කාල සීමාව තුළ සිත වෙනතකට යොමුවන පරිදි කාර්යබහුල වීම, සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට නැවත පෙළඹිය හැකි උත්තේජකයන්ගෙන් ඈත්ව සිටීමට කටයුතු කිරීම වැදගත්. මීට අමතරව වෛද්‍ය අධීක්ෂණය යටතේ දීර්ඝකාලීන ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

    තරුණයා රටක ජීවනාලිය ලෙස රටේ ආර්ථික ශක්තියට උරදෙනු ලබන කණ්ඩායම යි. රටක තරුණ පරම්පරාවේ කඩාවැටීම රටේ ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රධානම සාධකයක් විය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය සෑම විටකම රටක සමාජ ගැටළු ඇති කරමින්, රටේ සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එක් කරන අතරේ භාවිතා කරන්නාගේ පුද්ගලික ජිවිතයේ ද මහත් ගැටළු ඇතිකරනවා. ඒ නිසා අපත් රැකෙන, රටත් රකින වගකිවයුතු පුද්ගලයෙකු වීම අප කාගේත් වගකීමක්.


    මූලාශ්‍රයයන්:

    -උපුටාගැනීමකි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අයිස් තවම ලංකාවේ ප්‍රසිද්ධ නැහැ. මෙහෙම ලිපි ලියලා ලියලා එක ගැනත් දැනුවත් කරයි වගේ අපේ කට්ටිය😬
    kudonta wada ice karayo ban dan inne okkoma 16-25 kollo awrudu dekak athulatha ice price eka bagayaking adu karala customers la wadi karagena yanne . Haiti yata wechcha de thamayi lankwata wune wenna yanne .

    me wena de gana aluth kollo danuwath karanna one nathnam loku winashayak atha laga api inne
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    අයිස් තවම ලංකාවේ ප්‍රසිද්ධ නැහැ. මෙහෙම ලිපි ලියලා ලියලා එක ගැනත් දැනුවත් කරයි වගේ අපේ කට්ටිය😬
    දැන් ප්‍රසිද්ද වෙන්න පුලුවන් උපරිමෙටම ගිහින් තියෙන්නේ..හැමොම හොරෙන් ගහන්නේ එකයි වෙනස..

    අයිස් ගහන මිත්‍ර්‍යින්ගේ අගනා වැකිය''එකට සික් නැ බන්'' :lol:
    ------ Post added on Jan 11, 2021 at 8:57 PM
     
    • Like
    Reactions: PHBhagya