මොනවද මේ 2G/3G/4G කියන්නෙ?
මොනවද මේ 2G/3G/4G කියන්නෙ?
වර්තමාණයේ බොහෝ දෙනෙක් ලඟ 3G/4G smart phone එහෙම තිබුනට සුළු පිරිසයි ඇත්තටම දන්නෙ 2G/3G/4G කියන්නෙ මොකක්ද කියල. අපි මුලින්ම බලමු 2G/3G/4G වල G අකුරින් කියැවෙන්නෙ මොකක්ද කියන එක. ඒ තමයි Generation, සිංහලෙන් නම් පරම්පරාව. මේව අදාල වෙන්නෙ රැහැන් රහිත විදුලි සන්දේශනය සඳහා පමණයි.
1G ලෙස හඳුන්වන්නෙ 1980දී ඇරඹුන මුල්ම ඇනලොග් දුරකතන ජාලයයි. (නමුත් ඊට පෙරද රේඩියෝ දුරකතන පහසුකම් ලෝකයේ තිබුන). 1G ජාලයන් වල තිබුනේ සාමන්‍ය voice call පමණයි. Data සඳහා කිසිඳු පහසුකමක් එහි තිබුනෙ නෑ.
2G හෙවත් GSM කරලියට එන්නෙ 1990 දශකයේ. මෙහි හොඳ පැහැදිලි හඬක් හා හොඳ සුරක්ෂිතතාවක් පවතිනව. 2G කියන්නෙ ඇනලොග් දුරකතන තාක්ෂනයේ සිට ඩිජිටල් තාක්ෂණයට හැරවුම් ලක්ෂය. අදටත් voice call සඳහා භාවිතා වෙන්නෙ මේ 2G එක්ක ආපු GSM තාක්ෂණයයි. ඊට ටික කලකට පසු 2.5G ලෙසින් GPRS තාක්ෂණය හන්දුන්වා දුන්න. GPRS තාක්ෂණයත් සමඟ mobile phone data සඳහා විවෘත උනා. මේ අවදියේදී සුළු වශයෙන් අන්තර්ජාලයේ සැරිසැරීමට හැකි mobile phone ඉතා ඉහල මුදලට වෙළඳපොලට ආව. GPRS තාක්ෂණයෙන් සෛද්ධාන්තිකව 144 kbit/s ක උපරිම ශීඝ්‍රතාවකින් data ගමන් කිරීමට හැකියාව තියෙනව.
3G, UMTS යනුවෙන් හඳුන්වන සම්මතය සමඟ කරලියට පැමිණියා. මෙම පරම්පරාවට 384 kbit/s වලට වඩා සීඝ්‍රතාවයකින් data ගමන් කරන්න පුළුවන්. ඔබේ smart phone එකේ E, 3G, H, H+ ලෙස සිග්නල් පෙන්වන්නේ 3G වලට අයත් තාක්ෂණයන්.
E = EDGE (Data සීඝ්‍රතාව = 384 kbps)
3G (Data සීඝ්‍රතාව = 3.1 Mbps)
H = HSDPA (Data සීඝ්‍රතාව = 14 Mbps)
H+ = HSPA+ (Data සීඝ්‍රතාව = සෛද්ධාන්තිකව 168 Mbps, ප්‍රායෝගිකව 42 Mbps)
4G හෙවත් 4 වන පරම්පරාව යනුවෙන් හඳුන්වන්නේ LTE (Long-Term Evolution) සහ WiMAX සම්මතයන්ය. සෛද්ධාන්තිකව මෙයට නිශ්චල අවස්ථාවේදී 1 Gbps වේගයක්ද ජංගම අවස්ථාවේදී 100 Mbps ක වේගයක්ද ලබාදෙන්න පුළුවන්. නමුත් මෙම වේගයන් දැනට ලෝකයේ පවතින කිසිඳු දුරකතන ජාලයකින් දෙන්න බැරි වෙලා තියෙනව. සාමන්‍යයෙන් ලංකාවෙ නම් 40 Mbps - 50 Mbps අතර වගේ වේගයක් තමයි හොඳ මට්ටමකට සිග්නල් තිබෙන තැනකදි ලැබෙන්නෙ.

ඔන්න රතු කොටුව නිල් පාට උනා..