UPS එකක් දැක්කම නොදන්න අය කියන්නෙ කම්පියුටර් බැට්රිය කියලා.. UPS කියන අකුරු තුනේ තේරුම uninterruptible power supply කියන එක. ඒ කියන්නෙ මේන් සප්ලයි එකට බාධා වුනත් මේකට සම්බන්ධ ඩිවයිස් එක හෝ ඩිවයිසස් වලට ඒකෙන් බලපෑමක් නොවී මේන් සප්ලයි එක යථාතත්වයට පත්වෙනකන් හෝ වෙන පවර් සෝස් එකකින් (generator, power inverter, etc) පවර් දෙනකන් ඒ ඩිවයිස් එක හෝ ඩිවයිසස් ක්‍රියාත්මකව තබාගැනීම තමයි මේකෙ කාර්යභාරය.
UPS එකක ප්‍රධාන කොටස් 3ක් තියෙනව. (මීට වඩා ගොඩක් සංකීර්ණයි, සරලව ඔපරේෂන් එක යන්නෙ මේ තුනේ එකතුවෙන්. ) චාජර්, ඉන්වර්ටර් සහ බැටරි. චාජරේ ඉතින් බැටරි චාජ් කරන්න, බැටරි කරන්ට් එක ගබඩා කරන්න සහ ඉන්වර්ටරේ DC කරන්ට් එක AC කරල 100V-230V කරල දෙන්න.
ගොඩක් domestic computer usersලා දන්නෙ මෙන්න මේ වගේ UPS. ප්ලාස්ටික් කේසින් එකක් තියෙන, ඉස්සරහ LED දෙක තුනක් තියෙන රවුම් ප්ලාස්ටික් බට්න් එකක් තියෙන UPS.
IT industry එකේ ඉන්න අය නම් මීට වඩා advanced UPS ගැන දන්නව ඇති. IT field එක ඇරුණම තව ගොඩක් තැන් වල මේ ඩිවයිසස් පාවිච්චි වෙනවා.
වර්ග දෙකක් තියෙනවා. line interactive සහ online තමා ඒ දෙක.
උඩ ෆොටෝ එක line interactive එකක්. මේ තියෙන්නෙ online UPS එකක්.
online ඒවල ගොඩක් වෙලාවට ඉස්සරහ ඩිස්ප්ලේ එකක් තියෙනවා, UPS එකේ තොරතුරු ඒකෙන් බලාගන්න පුළුවන් රියල්ටයිම්. ඒ වගේම UPS එක මොනිටර් කරන්න, ඔන් ඕෆ් කරන්න වගේ වැඩ LAN එකක් හරහා වගේම ඉන්ටර්නෙට් එක හරහාත් කරගන්න පුළුවන් මේ online UPS වල.
මේවයෙ වෙනස්කම බොහොම පැහැදිලියි. line interactive එකේ මේන් සප්ලයි එක තියෙනකොට රිලේ කීපයක් හරහා ඒ සප්ලයි එක කෙලින්ම අවුට්පුට් එකට දෙනවා.. මේන් සප්ලයි එක නැති වුනාම ඉන්වර්ටර් එක ඔන් වෙලා ඒ රිලේ එකම අනික් පැත්තට හැරිලා ඉන්වර්ටර් එකෙන් එන සප්ලයි එක අවුට්පුට් එකට දෙනවා.. මේන් සප්ලයි එක තියෙද්දි UPS එකෙන් කිසිම වැඩක් කෙරෙන්නෙ නෑ, නිකන් කරන්ට් එක පාස් කරනව විතරයි. මේන් සප්ලයි එක නැති උනොත් හෝ සැලකියයුතු මට්ටමේ වෝල්ටේජ් ඩ්‍රොප් එකක් උනොත් විතරක් ඉන්වර්ටර් එක ක්‍රියාත්මක වෙලා ලෝඩ් එක ගන්නවා..
ඔන්ලයින් එකක තියරිය හරියට වාහනේක ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක් වගේ. ලයිට් වයිපර් බ්ලෝවර් රේඩියෝ ඇතුලු සියලු විදුලි උපකරණ ක්‍රියාත්මක වෙන්නෙ බැටරියෙන්. එන්ජිමෙන් කරන්නෙ ඕල්ටනේටරය හරහා බැටරිය චාජ් කරන එක.
ඔන්ලයින් එකක ලෝඩ් එක සම්පූර්ණයෙන්ම දුවන්නෙ ඉන්වර්ටර් එක මත. ඒ කියන්නෙ බැටරි වලින් දෙන කරන්ට් එකෙන් තමයි ලෝඩ් එක වැඩ කරන්නේ. මේන් සප්ලයි එකෙන් කරන්නෙ මේ බැටරි චාජ් කරන එක. මේන් සප්ලයි එක නැති වෙලා ගියොත් බැට්‍රි චාජ් වෙන එක නතර වීම විතරයි වෙන්නේ.
ඇත්තටම කරන්ට් එක ගිය වෙලාවට කර කර හිටපු වැඩ ටික සේව් කරල පීසී එක ඕෆ් කරගන්න line interactive UPS පාවිච්චි කලාට online UPS වල භාවිතාව මීට වඩා ගොඩක් සංකීර්ණයි.
online එකේ තියෙන ලොකුම වාසිය තමා අවුට්පුට් එක මේන් සප්ලයි එකෙන් isolate වෙලා තිබීම. මේන් සප්ලයි එකේ වෝල්ටේජ් අඩු වැඩි වුනත්, ෆ්‍රීක්වන්සි අවුල් උනත්, මේන් සප්ලයි එක නැතුව ගියත් අවුට්පුට් එක නොසැලී 230V 50Hz වලින් දෙනවා.. මෙන්න මේ හේතුව නිසා IT loads සඳහා ඇරුණම මෙඩිකල් ෆැසිලිටි වල, ලැබ් වල මේවා බහුල වශයෙන් පාවිච්චි වෙනවා.
line interactive ups වල වෝල්ටේජ් වැඩි කරන්නෙ transformer වලින්. මේවල අවුට්පුට් වෝල්ටේජ් එක ගොඩක් unstable වගේම pure නැහැ..output waveform එකත් pure-sinewave එකක් නෙමෙයි ගොඩක් වෙලාවට. අඩු වියදමින් වැඩේ කරගන්න හදපුවා තමයි මේ. online UPS වල ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකකින් මේක සිද්ද වෙන්නේ. ඉතාම stable pure sinewave output එකක් ලැබෙනවා..
UPS එකක කැපෑසිටි එක බලන්නෙ Volt Amperes එහෙම VA නැත්නම් වලින්. P=VI සමීකරණය අනුව W=V x A නිසා මේ අගය වොට් වලට සමාන කරන්න පුළුවන්. නමුත් ඇත්තටම UPS එකකින් සපයන්න පුළුවන් වොට් ගාන මේ අගයට වඩා අඩුයි. ඒකට හේතුව තමා පවර් ෆැක්ටර් එක. මේ VA වලින් නිරූපණය කරන්නෙ බැටරි වලින් ඉන්වර්ටර් එකට දෙන වොට් ගාන. ඉන්වර්ටර් එකේදි යම්කිසි පවර් ලොස් එකක් වෙනව කියල තේරෙනවනේ. ඕනම විදුලි උපකරණයක්/යන්ත්‍රයක් වැඩ කරද්දි යම්කිසි ජව හානියක් වෙනව. අන්න ඒ ඔක්කොටම පස්සෙ අවුට්පුට් කරන වොට් ගාණ තමා UPS එකේ කැපෑසිටි එක. මේ පවර් ෆැක්ටර් එක නිෂ්පාදකයා විසින් දක්වනවා 0.8 0.9 වගේ අගයකින්. මේක 1ට කිට්ටු වෙන්න වෙන්න ඒ UPS එකේ කාර්‍යක්ෂමතාව වැඩියි.
මේක ගණනය කරන්නෙ VA ගාන පවර් ෆැක්ටර් එකෙන් වැඩි කරලා.
උදාහරණයක් විදියට 3000VA or 3kVA එකක පවර් ෆැක්ටර් එක 0.8 නම් ඒකට සපයන්න පුළුවන් වොට් 2400ක පවර් එකක්. (3000 x 0.8 = 2400)
අපි වැඩකට UPS එකක් තෝරගන්නකොට බලන්න ඕන අපි ඒ එකෙන් දුවන්න බලාපොරොත්තු වෙන ඩිවයිසස් වල වොට් ගාන. ඒ වොට් ගාණ එකතු කරාම එන අගය අර UPS එකේ අවුට්පුට් වොට් ගානට සමාන වෙන්න ඕනේ. 100-200W වගේ ටොලරන්ස් එකක් තියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
සිංගල් පේස් වගේම ත්‍රී පේස් UPS තියෙනවා. සර්වර් රැක් වලට මවුන්ට් කරන්න පුළුවන් ඒවා තියෙනවා..
ලොකු industrial ලෝඩ් ගන්න පුළුවන් 200kVA වගේ කැපෑසිටි වල UPS ත්යෙනවා.
APC (Schneider Electric), EATON, Vertiv, ABB වගේ බ්‍රෑන්ඩ්ස් වලින් හොඳ තත්වයෙ UPS නිෂ්පාදනය කරනව.
UPS එකක බැටරි බෑන්ක් එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, VA අගය වැඩි වෙනකොට බැටරි ප්‍රමාණය වැඩි වෙන්නෙ ඇයි වගේ ගොඩක් ටෙක්නිකල් තොරතුරු දැම්මෙ නෑ මේ ත්‍රෙඩ් එකට.
මේ ත්‍රෙඩ් එක දැම්මෙ UPS ගැන සමාජෙ තියෙන දුර්මතයක් ගැන දැනුවත් කරන්න. UPS එකක් තියෙන්නෙ කරන්ට් නැති වෙලාවට වැඩ ගන්න නෙමෙයි. බැකප් පවර් සෝස් එකකට මාරු වෙනකන් මැෂින් ටික ඩවුන් නොවී තියාගන්න සහ මේන් සප්ලයි එකේ තියෙන කචල් බචල් මැෂින් වලට නොදැනී තියාගන්න විතරයි. කරන්ට් නැති වෙලාවට දිගටම වැඩ කරන්න ඕන නම් ජෙනරේටරයක් හරි පවර් ඉන්වර්ටරයක් හරි පාවිච්චි කරන්න වෙනවා. කරන්ට් එක ගිහින් ඒ ජෙනිය හරි ඉන්වර්ටරේ හරි ඔන් වෙලා ලෝඩ් එක ගන්න සූදානම් වෙනකන් ලෝඩ් එක අල්ලගෙන ඉන්න විතරයි UPS පාවිච්චි කරන්නේ. කරන්ට් නැති වෙලාවට UPS එකක් පාවිච්චි කරල කරන්ට් එක ගන්න පුළුවන්, හැබැයි බැටරි ලයිෆ් එකට ඒක නරක විදියට බලපානවා. ඉක්මනට බැටරි සවුත්තු වෙනවා කියල චෝදනා කරන්න එපා.. UPS එකක් පාවිච්චි කල යුතු විදියට හරියට පාවිච්චි කරනව නම් අවුරුදු 2-3ක් බැටරි කල් පවතිනවා..