මම කිසිම ආගමක් අදහන්නේ නැති තැන ඉදන් තමයි මේ පිළිතුර ලියන්නේ. (දැන් කියයි නිරාගමිකයෙක් කියල, නමුත් නිරාගමිකයොත් එකිනෙකට වෙනස් කියල හිතෙනවා ) නමුත් එහෙම තැනක ඉදල බලන කොට තමයි යම් දෙයක් හරියට දකින්න පුළුවන්.
සමහරු කියල තියෙනවා, බයිබලේ පටන් ගත්තු තැන ඉඳල බොරු තියෙන්නේ කියල. මමත් ඉන්නේ එතන තමයි. මොකද ලෝකය මවල, ආදම් මවල, ඊටපස්සේ ඊව වත් මවනවනේ....... නමුත් මෙහි අද්‍යනය කරන්න දෙයකුත් තියෙනවා.
"මැවීම මොන බොරුවක්ද" කියල , බුදු දහම පිලි ගන්න අයෙකු සමච්චලයෙන් අහන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේට වටිනාකමක් නැහැ, ඔහු බෞද්ධයෙක් ලෙස පරිණාමය පිළිගන්නවද නැද්ද කියල කියනකම් .
අන්න ඒ නිසයි මම හිතන්නේ යමක් අද්‍යනය කරනවානම්,හැකි තරම් ස්වාදීන වීම වැදගත් කියල.
දැන් බලමු මොකක්ද බයිබලයේ අද්‍යනය කරන්න තියෙන්නේ කියලා.
අපි පරිනාමය දැඩිව පිළිගත්තත් අපිta ඒක ඔප්පු කර පෙන්වන්න බැහැ තවමත්. ඒක සෛලික ජීවියෙක් නිර්මාණය වූ දවසේ සිට අද සිටින මිනිසා දක්වාම , මෙය බාහිර බල පෑමකින් තොරව autonomous සිදුවීම අපි හිතන තරම් ලේසි දෙයක් නොවෙයි . අනික් අතට මනස ගැන අපි නොදන්නා දේ, දන්නා දේට වඩා ඉහලයි. (සිග්මන් ෆ්‍රොයිඩ් කවුද කියල හිතෙනවා බුද්ධාගමේ මනස ගැන විස්තර කිරීම බලන විට. නමුත් ඒ එක්කම මට නම් සාධාරණ ප්‍රශ්නයක් එනවා, ඔය තරම් මනස විග්රහ කරන ගමන් , මනස ඇත්තේ "හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" කියල අබිධර්මයේ කියවෙන විට.)
කෙසේ හෝ අර , පරිණාමය ඔප්පු කර පෙන්වීමේ අපොහොසත්කම, තව කොටසක් උපයෝගී කර ගන්නවා බයිබලයේ "මැවීම" සංකල්පයට වැදගත් කමක් දීමට. එතැනදී ඔවුන් කියනව , ඔවුන්ගේ මතයේත් සත්‍යක් තියෙනවාද කියා අද්‍යනය කරන්නය කියල.
මීට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජීවයේ උපත කියන කාරණාව . මේ සදහා විද්‍යාත්මක මත කීපයක් තියෙනවානේ. බයිබලයේ පැත්තෙන් කියන්නේ මැවීම කියන එක. දැන් මැවීම බොරු කියල පෙන්වන්න නම් අපිට වෙනවා , ජීවයේ උපත සිදුවූ අයුරු ඔප්පු කරන්න. නමුත් විද්‍යාවට එක තාම කරන්නත් බැරි වෙලා තියෙනවා.
ඒ වගේම තමයි ජීවයට අත්‍යවශ්‍යම , ප්‍රෝටීන කියන දේ , ඇමයිනෝ අම්ල මගින් නිර්මාණය වීමට ඇති සම්බාවිතාව කොතරම්ම සිමිතද කියනවනම් , එය ප්‍රයෝගිකව පෙන්වදිමටත් තවම විද්‍යාවත් අසමත් වෙලා තියෙනවා. (මම වැරදි නම් කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්)
ඒක මට දැනෙන විදිහට මේ වගේ දෙයක් . ගඩොල් කපන ෆැක්ටරියක් තියෙනවා කියල hiතන්න. නමුත් කවුරුත් නැතිව ගඩොල් කපන මැෂින් එක ඉබේ වැඩ කරනවා. ඒ නිසා ගඩොල් මිලියනය සියක් කැපෙන විට එක ගඩොලක් තමයි ප්‍රයෝජනවත් විදිහට කැපෙන්නේ . දැන් ගෙදරක් හදන්න ගඩොල් දහ දාහක් ඕනි නම් , ෆැක්ටරියේ ගඩොල් කියක් කැපෙයිද කියල හිතන්න ගෙට අවශ්‍ය ගඩොල් ටික ගන්න . දැන් ගමේ ගේ හදන්න වත් ඉඩක් නැහැ නේද වැරදි ගඩොල් ගොඩ ගැහුවම. මේ ප්‍රෝටීන ප්‍රශ්නෙත් ඒවගේ තමයි. ජීවයට අවශ්‍ය ප්‍රෝටීන නිර්මාණය වීමත් ඒවගේ ම තමයි. මේ ලෝකයයම වැසි ගොස් තියෙන්න ඕනි පලක් නැති ප්‍රෝටීන වලින් මේ වෙන කොට එහෙම බැලුවොත් .
chirality problem කියල google කලොත් මේ ගැන කියවන්න පුළුවනි.
ඉතින් මේකත් එක කරුණක්, තවමත් බයිබලය අද්‍යනය කරන පිරිසක් ලෝකේ ඉන්න. ඔවුන් කියන්නේ විද්‍යාවටත් තවම ඔප්පු කර ගන්න බැරි උණු " ලෝකය සහ ජිවය" නිර්මාණය උනේ මැවීමක් ලෙසද කියල සොයන එක නතර නොකළ යුතුයි කියල .
පෘතුවිය පැතලිය කියල තාමත් පිලි ගන්න පිරිසක් ඉන්න විට, මේක පුදුම විය යුතු දෙයකුත් නොවේ. නමුත් මම නම් තවමත් විශ්වාස කරන්නේ ජිවය ඇතිවීම autonomous අහබු සිදු වීමක් කියලම තමයි.