මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    ඒත් එක්කම තව කාරණයක් මතුකරන්න හිතෙනව. බුද්ධදර්මය පැහැදිලිවම අනිත් ආගම් වල පේන්න නැති "ගැඹුරු" පැත්තක් තියෙනවනෙ. ගැඹුරුයි කියල කියද්දි ඇත්තටම අපි අදහස් කරන්නෙ අභිදාර්මික විවරණ ටිකනෙ. මට තියෙන ප්‍රශ්නයක්...මේ ටික ඇත්තටම canonical ද? බුද්ධ භාෂිතයද? ඕව බුද්ධ ගෙන් ටික කාලයකට පස්සෙ බුද්ධ ගෙ දර්ශනයෙ ගැට ලිහා ගැනීමෙ හි ලා පටන් ගැනුන දාර්ශනික ව්‍යාපෘතියෙ ප්‍රතිඵලයක් විදිහට පැන නැගුන කාරනා නෙමේද. නාගර්ජුන, විභජ්ජවාද, ස්ථවිර, සුත්ත වගේ නාලන්දා සහ මහාවිහාර ශාස්ත්‍රීය ගුරුකුල නිකායන් වලින්. මේ ගැන හොඳින් දන්න කෙනෙක් විස්තර කරනව නම් මන් සතුටු වෙනව. මේ කියන කාරනේ එහෙම්පිටින්ම වැරදි වෙන්නත් පුලුවන්, එහෙමනම් ඉතින් වැරදි බව කියන්න.

    බොහොමයක් දෙනා බුදුදහම "ගැඹුරුයි" කියලා අදහස්කරනකොට අභිධර්මය මුල් කරගෙන එහෙම කරනවා ඇති. නමුත් මමනම් ගැඹුර දකින්නෙ ශූන්‍යතා දේශනා වල. හැබැයි මට හැකියාවක් නැහැ දෙකෙන් කෝකද වඩාත් ගැඹුරු කියලා අදහසක් පල කරන්න. මොකද මගේ අභිධාර්මික දැනුම ඉතාම පොඩියි. සූත්‍ර ගැන දැනුමත් සීමිතයි. ඒනිසා ඔයාට කෙලින්ම උදව්කරන්න මට අපහසුයි.

    අභිධර්මය බුද්ධ භාශිතද නැද්ද කියන කාරණෙන් ඒකෙ ඕතන්ටිසිටිය නේද ගැටළුවට ලක්වෙන්නෙ? ඒ ගැන දැනටමත් තියන මත ඔයා දන්නවා ඇතිනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ අද එහෙම ඒකාන්ත කරලා ඕක විසඳලා "පෙන්වන්න" පුලුවන්ද කියන එක. මම නම් හිතන්නෙ බැහැ.

    ඒනිසා ඔයාගෙ ඉන්ක්වයරි එක වෙන දිශාවකට යොමුකරන්න හිතාගෙන ඉතිරි ටික ටයිප් කරන්නම්.

    බුදුදහමට අනුව ලෝකයේ ඇත කියලා ස්ථාවරයක් ගන්න බැහැ නිරුද්ධ වෙන නිසා, නැත කියලා ස්ථාවරයක් ගන්න බැහැ හටගන්න නිසා. නමුත් අපිට යම්කිසි කාරණයක් වචනයෙන් පැහැදිලි කිරීමට යාමේදී අනිවාර්යෙන්ම "ඇත" හෝ "නැත" කියන අන්ත දෙකෙන් එකකට හෝ දෙකටම බහින්න වෙනවා. ඉතින් ඔන්න ඔය අන්ත දෙකේ ඇත කියන අන්තයෙන් පටන් අරන් මේක පැහැදිලි කරන්න හදනකොට අභිධාර්මික ස්වරූපයකුත්, නැත කියන අන්තයෙන් පටන් අරන් මේක පැහැදිලි කරනකොට මූලමධ්‍යමකාරිකා වැනි ව්‍යායාමත් නිපදවෙනවා කියලා හිතනවා.

    එතකොට ඔය අභිධර්මය හරිද වැරදිද/ඕතන්ටික්ද නැද්ද කියන ප්‍රශ්නය රීතිංක් කරන්න වෙනවා කියන එකයි දැනට මගේ අදහස. මූලාශ්‍ර තහවුරු කරගන්න තියන අපහසුව නිසා, ප්‍රායෝගික අර්ථය සලකා තීරණගත යුතුයි.

    ටැග් ලයින් එකක් විදිහට අපේ එක පෙනුමෙන් ගැඹුරුය ඒ නිසා හොඳයි වගේ කතා ඒ තරම් පදනමක් නැති බව මගේ හැඟීමයි. ඒ අය මඟ හරින කාරනය බයිබලයෙන් පස්සෙත් ඇක්වයිනාස්, ඉරාස්මස්, මුවර් වගෙ අයගෙන් දේවධර්මය ශාස්ත්‍රීය අධ්‍යනයක් විදිහට ඉදිරියට ආපු බව. හරියටම
    නාගර්ජුනල අතින් බුද්ධ භාෂිතය පොහොසත් උනා වගේ. කැනොනිකල් ටෙක්ස්ට් එක විතරක් සලකනව නම් බුද්දාගමෙත් ඔය කියන "ඩීප්" කොටස් ටිකත් හැලීමේ අවදානමක් තියෙනව. ඉතුරුවෙන්නෙ ශූන්‍යතාවය කියන එකයි ප්‍රධානවම. හැබැයි ඒකත් සැළකිය යුතු තරම් දාර්ශනික සංශයක් තියෙන සංකල්පයක්. බුද්ධ ගෙ බුද්ධිමය දායකත්වයෙ කර්නල් එක.

    බුද්ධ භාෂිතය "පොහොසත්" උනාට වඩා බුද්ධ භාශිතය විවරණය කරන එක්තරා ක්‍රමවේදයක් පොහොසත් උනා කියන එකට මම වඩාත් ප්‍රියයි.

    ශුන්‍යතාවය ටූල් එකක්. ඒක තියෙන්නෙ නිවන් අවබෝධයට උදවු කරගන්න. ධර්මය ගැන දැනුමක් තියන අය අතරෙ කමියුනිකේට් කරගන්න.එහෙම නැතිව අද කරන විදිහට ලෝකය ශූන්‍යද, මොකුත්ම නැද්ද, වැනි විඥ්ඥනවාදයකට වැටුනොත් නැවතත් අනතුරේ.

    පරමත්ථ සහිත අභිධර්මය ටූල් එකක්. ඒක තියෙන්නෙ නිවන් අවබෝධයට උදවු කරගන්න. ධර්මය ගැන දැනුමක් තියන අය අතරෙ කමියුනිකේට් කරගන්න.
    එහෙම නැතිව අද කරන විදිහට පරමත්ථ ධාතූන් තියනවාමයී වැනි උග්‍ර වාදයකට වැටුනොත් නැවතත් අනතුරේ.
     
    • Like
    Reactions: lovethebomb

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මටත් පුළුවන් BLACKLIST ආගම කියලා ආගමක් හදන්න. මම අකැමැති උන් list එකට එකතු කරනවා. ලෝක සාමය සහ මනුෂ්‍යයා ගෙ යහපත පතා ඒ ලිස්ට් එකට add කරන උං හොයන් ගිහින් මරණ දඬුවමට දෙන එක මාගෙ අනුගාමිකයින් හට භාර කරනවා.

    මගෙ ආගම ට සම අයිතිවාසිකම් තිබිය යුතුයි නේද? :D
    අන්තවාදී පාලනයක් නැති සියලු රටටවල් ඒක ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    View attachment 133234
    රේරුකානේ හිමි - අභිධර්ම මාර්ගය - Not original Abhidharma pitaka

    රේරුකාණේ ස්වාමින්වහන්සේගෙ ඔය පොත කියවලා තමා මමත් ඕක දැන ගත්තේ. මම හොයන්නෙ අභිධර්මයේ කොතනද ඕක තියෙන්නෙ කියලා. විශුද්ධි මාර්ගයේ නම් තියනවලු.

    රේරුකාණේ ස්වාමීන්වහන්සේ තමා මාව බුදුදහමට යොමුකළේ. උන්වහන්සේගෙ සූවිසි මහා ගුණය පොත කියවලා, මෙවැනි ගුණ තියන කෙනෙක් ප්‍රකාශ කරපු දහමක්, මෙවැනි ගුණ දෙන දහමක් අත්හදා බලන එක හොඳයි කියලා හිතිලා තමා මම ප්‍රථමවරට භාවනා මධ්‍යස්ථානයක නේවාසිකව භාවනාවකට යොමු උනේ.

    ඕපී තරහා වෙන්නැතිවෙයි කියලා හිතනවා එයාගෙ ත්‍රෙඩ් එක ඩිරේල් කරාට;)
     
    • Like
    Reactions: Ragna_SL

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    View attachment 133234
    රේරුකානේ හිමි - අභිධර්ම මාර්ගය - Not original Abhidharma pitaka

    :lol::lol::lol::lol:
    1625028691900.png

    මේ පරන බොරු කියව කියව කාලෙ කන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න බලපන්. රටට ලොකෙට තියා තමන්ටවත් වටින දෙයක් කරපල්ලා මේ ආදි කාලෙ එවුන් ලියපු ටොන් පච ඔලුවට ගන්නෙ නැතුව :lol:
    ------ Post added on Jun 30, 2021 at 10:24 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113

    ආටිකල් එක ලියපු කෙනාට කොහිරන්ට් අදහසක් පලකරන්න බැහැනෙ. ටයිට්ල් එක හදවතක් නැතිව ජීවත් වෙනවා කියලා. යටින් තියනවා ආටිෆිශල් හදවතක් තියනවා කියලා. අනික හදවතත්, හදවත ආශ්‍රය කරං අඩපතක් පමණ "ලේ" කියන දෙය දෙකක් බව තේරුම් ගන්න බැරිද? ප්‍රත්‍යක්ශව නොදන්නා දේවල් විවෘතව තබන්න තරම් හියුමිලිටි එකක් නැද්ද?

    මේ පරන බොරු කියව කියව කාලෙ කන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න බලපන්. රටට ලොකෙට තියා තමන්ටවත් වටින දෙයක් කරපල්ලා මේ ආදි කාලෙ එවුන් ලියපු ටොන් පච ඔලුවට ගන්නෙ නැතුව :lol:
    ------ Post added on Jun 30, 2021 at 10:24 AM

    "මේ අලුත් බොරු කියව කියව කාලෙ කන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න බලපන්. රටට ලොකෙට තියා තමන්ටවත් වටින දෙයක් කරපල්ලා මේ අලුත් කාලෙ එවුන් ලියපු ටොන් පච ඔලුවට ගන්නෙ නැතුව"

    ත්‍රෙඩ් එකේ බහුතරයක් තමන් දන්නා නොදන්නා දේ සකච්චා කරන තැනට පැන්නා මැද්දට " සියල්ල දත්" මෙහෙම කරපියවු "අන්තවාදියා":rofl:

    ඔය "මතය" පිලිගත් තෙ නැතිනම් ඒ අයට උසුළු විසුළු කරමුද? ස්පීච් එක කම්පෙල් කරමුද, කතාකිරීම නීතිවිරෝධී කරමුද. හිරේ දාමුද, බෝංබ බැඳං ගිහිං පුපුරව ගමුද?
     
    • Like
    Reactions: Ragna_SL

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    "මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක"

    "මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!"

    පු*නුත් හිනා :LOL::LOL::LOL::LOL::LOL:
     
    • Like
    Reactions: shan4max

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    ආටිකල් එක ලියපු කෙනාට කොහිරන්ට් අදහසක් පලකරන්න බැහැනෙ. ටයිට්ල් එක හදවතක් නැතිව ජීවත් වෙනවා කියලා. යටින් තියනවා ආටිෆිශල් හදවතක් තියනවා කියලා. අනික හදවතත්, හදවත ආශ්‍රය කරං අඩපතක් පමණ "ලේ" කියන දෙය දෙකක් බව තේරුම් ගන්න බැරිද? ප්‍රත්‍යක්ශව නොදන්නා දේවල් විවෘතව තබන්න තරම් හියුමිලිටි එකක් නැද්ද?

    "මේ අලුත් බොරු කියව කියව කාලෙ කන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න බලපන්. රටට ලොකෙට තියා තමන්ටවත් වටින දෙයක් කරපල්ලා මේ අලුත් කාලෙ එවුන් ලියපු ටොන් පච ඔලුවට ගන්නෙ නැතුව"

    ත්‍රෙඩ් එකේ බහුතරයක් තමන් දන්නා නොදන්නා දේ සකච්චා කරන තැනට පැන්නා මැද්දට " සියල්ල දත්" මෙහෙම කරපියවු "අන්තවාදියා":rofl:

    ඔය "මතය" පිලිගත් තෙ නැතිනම් ඒ අයට උසුළු විසුළු කරමුද? ස්පීච් එක කම්පෙල් කරමුද, කතාකිරීම නීතිවිරෝධී කරමුද. හිරේ දාමුද, බෝංබ බැඳං ගිහිං පුපුරව ගමුද?

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    බොහොමයක් දෙනා බුදුදහම "ගැඹුරුයි" කියලා අදහස්කරනකොට අභිධර්මය මුල් කරගෙන එහෙම කරනවා ඇති. නමුත් මමනම් ගැඹුර දකින්නෙ ශූන්‍යතා දේශනා වල. හැබැයි මට හැකියාවක් නැහැ දෙකෙන් කෝකද වඩාත් ගැඹුරු කියලා අදහසක් පල කරන්න. මොකද මගේ අභිධාර්මික දැනුම ඉතාම පොඩියි. සූත්‍ර ගැන දැනුමත් සීමිතයි. ඒනිසා ඔයාට කෙලින්ම උදව්කරන්න මට අපහසුයි.

    අභිධර්මය බුද්ධ භාශිතද නැද්ද කියන කාරණෙන් ඒකෙ ඕතන්ටිසිටිය නේද ගැටළුවට ලක්වෙන්නෙ? ඒ ගැන දැනටමත් තියන මත ඔයා දන්නවා ඇතිනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ අද එහෙම ඒකාන්ත කරලා ඕක විසඳලා "පෙන්වන්න" පුලුවන්ද කියන එක. මම නම් හිතන්නෙ බැහැ.

    ඒනිසා ඔයාගෙ ඉන්ක්වයරි එක වෙන දිශාවකට යොමුකරන්න හිතාගෙන ඉතිරි ටික ටයිප් කරන්නම්.

    බුදුදහමට අනුව ලෝකයේ ඇත කියලා ස්ථාවරයක් ගන්න බැහැ නිරුද්ධ වෙන නිසා, නැත කියලා ස්ථාවරයක් ගන්න බැහැ හටගන්න නිසා. නමුත් අපිට යම්කිසි කාරණයක් වචනයෙන් පැහැදිලි කිරීමට යාමේදී අනිවාර්යෙන්ම "ඇත" හෝ "නැත" කියන අන්ත දෙකෙන් එකකට හෝ දෙකටම බහින්න වෙනවා. ඉතින් ඔන්න ඔය අන්ත දෙකේ ඇත කියන අන්තයෙන් පටන් අරන් මේක පැහැදිලි කරන්න හදනකොට අභිධාර්මික ස්වරූපයකුත්, නැත කියන අන්තයෙන් පටන් අරන් මේක පැහැදිලි කරනකොට මූලමධ්‍යමකාරිකා වැනි ව්‍යායාමත් නිපදවෙනවා කියලා හිතනවා.

    එතකොට ඔය අභිධර්මය හරිද වැරදිද/ඕතන්ටික්ද නැද්ද කියන ප්‍රශ්නය රීතිංක් කරන්න වෙනවා කියන එකයි දැනට මගේ අදහස. මූලාශ්‍ර තහවුරු කරගන්න තියන අපහසුව නිසා, ප්‍රායෝගික අර්ථය සලකා තීරණගත යුතුයි.

    බුද්ධ භාෂිතය "පොහොසත්" උනාට වඩා බුද්ධ භාශිතය විවරණය කරන එක්තරා ක්‍රමවේදයක් පොහොසත් උනා කියන එකට මම වඩාත් ප්‍රියයි.

    ශුන්‍යතාවය ටූල් එකක්. ඒක තියෙන්නෙ නිවන් අවබෝධයට උදවු කරගන්න. ධර්මය ගැන දැනුමක් තියන අය අතරෙ කමියුනිකේට් කරගන්න.එහෙම නැතිව අද කරන විදිහට ලෝකය ශූන්‍යද, මොකුත්ම නැද්ද, වැනි විඥ්ඥනවාදයකට වැටුනොත් නැවතත් අනතුරේ.

    පරමත්ථ සහිත අභිධර්මය ටූල් එකක්. ඒක තියෙන්නෙ නිවන් අවබෝධයට උදවු කරගන්න. ධර්මය ගැන දැනුමක් තියන අය අතරෙ කමියුනිකේට් කරගන්න.
    එහෙම නැතිව අද කරන විදිහට පරමත්ථ ධාතූන් තියනවාමයී වැනි උග්‍ර වාදයකට වැටුනොත් නැවතත් අනතුරේ.
    මමත් බර දෙන්නෙ ශූන්‍යතා සංකල්පයට තමයි. මේක තරමක බ්‍රෝඩ් ඒත් සාධාරණ ජෙනරලයිස් කිරීමක්, ගොඩ දෙනෙක්ට බුද්ධර්මය ඩීප් කියල ස්වයං වින්දනය කරන මානසිකත්වය එන්නෙ අභිධර්මයෙ සංකීර්ණ පෙනුම සෙන්සේෂනලයිස් කිරීමෙන්. තමන්ට ශාස්ත්‍රීය උනන්දුවක් නැත්තන්, ඒකත් එක්ක අවංක බුද්ධිමය අරගලයක් කරලත් නැත්තන් ඒ ප්‍රශංසා හිස්. දැන් මාත් අභිධර්මය දුරට හදාරල නෑ, ඒ නිසා හරි වැරැද්දක් ගැන කොමෙන්ට් කරන්න යන්නෙ නෑ. තේරෙන්නැති නිසා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113

    *** මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!

    මම දැකලා තියනවා ලෝකේ හැම රටකම වගේ තියනවා බයිබල් අද්‍යයන ආයතන, ඉතාමත් ඉහලට ඉගන ගත්තු මිනිස්සු පවා ඉන්නවා තමන්ගේ කාලය වැයකරලා බයිබල් අද්‍යනය කරනවා. මගේ හොද යාලුවොත් ඉන්නව එහෙම කරන. මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ? බයිබලය විස්වසකරන්නන් හෝ අදහනන්ගේ සංගමය කිවනම් කමක් නෑ ...නමුත් මොනවාද මේ දක්වා අද්‍යනය කරලා හොයාගන තියෙන්නේ.....?

    එළකිරියේ කතෝලික යාලුවෝ ඉන්නවනම් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න කෝ ....
    සිංහල බෞද්ධයෙක් ආරම්භ කළ මේ සංවාදය නියමයි...
    ------ Post added on Jun 30, 2021 at 7:20 PM
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සාහිත්‍ය ගොඩ නඟපු එක සැක කරන්නෙ මොන පදනමකින්ද. ඕක ඕපපාතිකව පැන නගින්නයැ. සෙමිටික් සංස්කෘතියෙ වැදගත්ම (defining) ලක්ෂණය තේරුම් ගන්නව නම් ඔය ප්‍රශ්නය ඇහෙන්නෙ නෑ. ඒ අය ගෙ strong suit එක අකුරු, වචන, සාහිත්‍යය. ඊජිපිතුවෙ භෞතික ගොඩනැංවීම් වෙද්දි සෙමයිට් ල පැත්තකට වෙලා අකුරු ඉගෙනීම තමා වෙනස. එක එක ශිෂ්ඨාචාර වල පාණ්ඩිත්‍යයන් වෙනස් නෙව.

    ඇයි ඔයා මේක පෙරදිග vs. අපෙරදිග ප්‍රශ්නයක් විදිහට ගත්තෙ එකපාරටම. insecure වෙන්න අවශ්‍ය නෑ.

    මම රිප්ලයි එකේ වේදික ශාස්ත්‍ර ගැන කිසි දෙයක් කියල නෑ. ඇත්තටම වේදික ග්‍රන්ථ වලට තමා මම කැමතිම. මට සතුටුයි ඒ වගේ වර්ණවත් ශාස්ත්‍රයක් බිහිවුන ශිෂ්ඨාචාරයක ඈතකින් හරි සම්බන්ධයක් තිබීම ගැන. නමුත් සාහිත්‍යය අතින් පරණ තෙස්තමේන්තුව ඉදිරියෙන්. ඒකෙ තියෙන sarcasm, sense of irony, humor, නිර්මාණශීලි උපමා...මේව සමකාලීන සාහිත්‍ය වල හොයාගන්න වත් බෑ. වේදික සාහිත්‍යයත් රසවත්, ඒත් ඒක වෙනම කේස් එකක්.

    මෙව්වා පර්සනල් ඔපීනියන් විතරයි, තව කෙනෙක්ට බයිබලේ තියෙන බ්‍රිලියන්ස් එක මිස් වෙන්න පුලුවන් ඒකෙ ගැටලුවක් නෑ. සබ්ජෙක්ටිව් දේවල් නෙ. සමහර දේවල් අගය කරන්න බුද්ධිමය සූදානමක් අවශ්‍යයි.
    එහෙනම් අහගන්නකෝ ....

    සාහිත්‍ය ගොඩ නඟපු එක සැක කරන්නෙ මොන පදනමකින්ද.?

    පදනම තමයි පුරාවිද්‍යාවේ හා සමාජ විද්‍යාවේ (ශිස්ටාචාර විකාශනය) තියන මුලිකම කරුණක්: ශිස්ටචාරයක වර්දනයේදී එයතුල ගොඩක් දේවල් (සාහිත්‍ය, කලාව , සිවිල් ඉංජිනේරු නිර්මාණ, වෙදකම වගේ ..) ඊට සමගාමිව දියුනිවෙනවා කියන එක. සාහිත්‍ය පමණක් දියුණු වෙලා අනිත් අංග ගැන සැලකියයුතු යමක් දකින්න නැති වුනහම ඒ ගැන සැකයි. නමුත් ඔය මෝසස් ගේ ජන කොටසේ වෙනත් කිසිම අංගයක් සැලකියයුතු දිවුනුවක් පෙන්වලා නෑ.

    උදා: ලංකාවට බුද්දාගමේ පැමිණීමත් එක්ක, ... කලාවක් , වාරි කර්මාන්ත, පාලන ක්‍රම , ගෘහ නිර්මාණ වගේ තවත් දේවල් ඊට සමගාමිව අපේ මුල් සිස්ටාචරය ඇතුලේ දියුණු වුනා, අදටත් ඒවගේ සලකුණු තියනවා. ඒ හින්දා ඔයා කියන සාහිත්‍ය ඕපපාතිකව තමයි දියුණු වෙලා තියෙන්නේ

    ඇයි ඔයා මේක පෙරදිග vs. අපෙරදිග ප්‍රශ්නයක් විදිහට ගත්තෙ එකපාරටම: යමක් සැසදීමට හොදම විදිහ එයට සමාන වෙනත් ඒ මටමේ උදාහරණයක් එක්ක ගලපා බැලීමයි.

    හැබැයි ඔයා ගොඩක් වටේ ගිහින් අන්තිමට මගේ මුලික ප්‍රශ්නය මගහැරලා ග්හිලා ......

    ඔයා බයිබලය අද්‍යනය කරලා හොයාගත්තු එක ගැබුරු කරුණක් පැහැදිලි කරන්නකෝ ... ඉතුරුටික මම පස්සේ අහන්නම්

    බයිබලයේ තනි පාඨයක් අල්ලගෙන ඒකේ ගැබුරු මදි වගේ ලද බොලද කතා කියන්ඩ කලින්, කියවලා බලපන් නව ගිවිසුමේ සන්ශිප්තයවත්, ඒකේ ගැඹුරක් තියේද නැද්ද කියලා? එහෙම නැතිව කොහොමද නිගමනයකට එන්නේ?
    ඉතින් දෙයියනේ ඒක නේ මේ මුල ඉදලම ඉල්ලන්නේ ... මට නව ගිවිසුමේ ඔය ගැබුර තියන තැන පෙන්වපන්

    1625077204544.png

    පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ
    ------ Post added on Jun 30, 2021 at 11:50 PM
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    සහෝදරයා. විස්වාසය තමයි.

    බයිබලය කතෘ වෙන්නේ ශුද්ධාත්මයාණන්ව වහන්සේ. එකේ උප කතෘ තමයි මනුස්සයා. ඒ කියන්නේ ශුද්ධාත්මයාණන්ව කරුණු කොටගෙන මනුෂ්‍යයා විසින් ලියන ලද්දක් තමයි බයිබලය කියලා කියන්නේ.

    නිකන් ගැඹුරක් නැති ජනප්‍රවාද වගේ හිතන්නේ ඒ ගැන සරලව බැලුවහම. ඕකේ තියන දේ මෙහෙම කොටස් වලට නිකන් බේදුවිත්

    01. දෙවියන් වහන්සේ විසින් ලෝකේ ආරම්භය
    02. ජේසුස් වහන්සේ අපේ ගැලවීම උදෙසා වැඩීම හා උන්වහන්සේගේ ජීවිතය.
    03. උන්වහන්සේගේ උත්ථානයේ න් පසු ලෝක සභාව වර්ධනය උනා විදිහ
    04. එළිදරව් පොත ( මේකේ තියන්නේ ජේසු වහන්සේගේ නැවත වැඩීම සහා අනාගතය ගැන )

    ඔය නිකන් පොඩි හැඳින්වීමක් දුන්නේ මං. බයිබලයෙ තියනවා මචං ජේසුස් වහන්සේගේ "මම වෙමි"‍ ප්‍රකාශ කියලා දෙයක්. මං මේ එක පැත්තක් විතරක් අරන් සරල විදිහට අදහසක් දෙන්න හදන්නේ.

    උදා - "ලෝකයේ ආලෝකය මම වෙමි" ,

    "මාර්ගයද, සත්‍යද , ජීවනයද මම වෙමි"

    "රජුන්ගේ රජු, සුවාමින්ගෙත් සුවාමි, ආරම්භයද අවසානයද මම වෙමි."

    ඔන්න ඔය වගේ දේවල්. දැන් ඔය එකක් අරන් බැලුවහම මොකද්ද මේ ජේසුස් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ කියලා අපිට බලන්න ඒ ගැන අධයනය කරන්න වෙනවා. එතකොට ඒ කාලේ සමාජීය ආර්ථික දේශපාලනික කරුණුත් බලනවා. මොකද නැතුව තේරුම ගන්න බැහැ.

    අනික මචං ජේසුස් වහන්සේ ගැන විස්වාසය නොකර ඕක ගැන කොහොම බැලුවත් නිකන් වැදගත් නොවන දෙයක් විදිහට පේන්නේ. මුළු කතෝලික ආගම තියන්නේ විස්වාසය සහ ආදරය තුළ.

    මං මේ ගැන විශාරදයෙක් නෙමෙයි. මං දන්න විදිහට මේ අදහසක් දෙන්න හදන්නේ. කැමති අයට විවිධ මත දරන්න පුළුවන්. ඔයා කියන යාළුවා ඉගෙන ගන්නෙත් ඒ වගේ දේවල් තමයි. අලුත් ගිවිසුමේ තියෙන සුබ ආරංචි පොත් 4ම ලියලා තියන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතය ගැන. හැබැයි වෙනස් වෙන තැන් තියනවා. එහෙම වෙන්නේ මොකද වගේ දේවල් තමයි ඔය අධයනය කරනවා කියලා කරන්නේ. ඔය වගේ ගොඩක් පැති තියෙනවා මචං. ජේසුස් වහන්සේ දේශනා කරේ ගොඩක්ම උපමා යොදාගෙන. එතකොට ඒව ගැන වෙනම ඉගෙන ගන්නවා. ඔය වගේ දේවල් තමයි මචං.
     
    • Love
    Reactions: Lahiru120

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    එහෙනම් අහගන්නකෝ ....

    සාහිත්‍ය ගොඩ නඟපු එක සැක කරන්නෙ මොන පදනමකින්ද.?

    පදනම තමයි පුරාවිද්‍යාවේ හා සමාජ විද්‍යාවේ (ශිස්ටාචාර විකාශනය) තියන මුලිකම කරුණක්: ශිස්ටචාරයක වර්දනයේදී එයතුල ගොඩක් දේවල් (සාහිත්‍ය, කලාව , සිවිල් ඉංජිනේරු නිර්මාණ, වෙදකම වගේ ..) ඊට සමගාමිව දියුනිවෙනවා කියන එක. සාහිත්‍ය පමණක් දියුණු වෙලා අනිත් අංග ගැන සැලකියයුතු යමක් දකින්න නැති වුනහම ඒ ගැන සැකයි. නමුත් ඔය මෝසස් ගේ ජන කොටසේ වෙනත් කිසිම අංගයක් සැලකියයුතු දිවුනුවක් පෙන්වලා නෑ.

    උදා: ලංකාවට බුද්දාගමේ පැමිණීමත් එක්ක, ... කලාවක් , වාරි කර්මාන්ත, පාලන ක්‍රම , ගෘහ නිර්මාණ වගේ තවත් දේවල් ඊට සමගාමිව අපේ මුල් සිස්ටාචරය ඇතුලේ දියුණු වුනා, අදටත් ඒවගේ සලකුණු තියනවා. ඒ හින්දා ඔයා කියන සාහිත්‍ය ඕපපාතිකව තමයි දියුණු වෙලා තියෙන්නේ

    ඇයි ඔයා මේක පෙරදිග vs. අපෙරදිග ප්‍රශ්නයක් විදිහට ගත්තෙ එකපාරටම: යමක් සැසදීමට හොදම විදිහ එයට සමාන වෙනත් ඒ මටමේ උදාහරණයක් එක්ක ගලපා බැලීමයි.

    හැබැයි ඔයා ගොඩක් වටේ ගිහින් අන්තිමට මගේ මුලික ප්‍රශ්නය මගහැරලා ග්හිලා ......

    උඩින් කියල තියෙන පොයින්ට් එක නම් ලොවෙත් දියාරුයි. කොග්නිෂන් සහ භාෂා ප්‍රවීනත්වය අතර තියෙන දැඩි සහ සම්බන්ධය ගැන මම මෙතන කියන්න යන්නෙ නෑ. භාෂාව හැසිරවීම කියන්නෙ මිනිස්සුන්ට සවභාවයෙන්ම ලැබෙන පළවෙනි මෙන්ටල් කැල්ක්‍යුලේෂන් එක. පුරාතන යුග වලදි ලිටරරි දස්කම් දැක්වීමෙම දිගුවක් තමයි පසු කාලෙක යුරෝපයෙදි සෙමයිට් ලගෙ බුද්ධිමය සාර්ථකත්වය කියන්නෙත්. කලින් භාෂාව, පසුව විද්‍යාව. දෙකම ඇනලිටිකල් කලාප දෙකක් මිත්‍යා ගොඩනැංවීම් වලින් පෝෂණය වෙන. ඒ අය හෙඩ් ස්ටාර්ට් එකක් ඇරන් තියෙන්නෙ අහම්බෙකින්.

    ඔයාගෙ ඇප්‍රෝච් එකේ තියෙන්නෙම සන්සන්දනයන්. ශාස්ත්‍රීය උනන්දුවකින් නම් මේව ගැන කතා කරන්නෙ මේක dick measuring contest කරගන්නෙ නෑ. අපෝ ඕව මොනාද වගෙ, that's just a fluke වගේ ප්‍රතිචාර එන්නෙ ඔය මානසිකත්වය නිසා.

    ඔයා බයිබලය අද්‍යනය කරලා හොයාගත්තු එක ගැබුරු කරුණක් පැහැදිලි කරන්නකෝ ... ඉතුරුටික මම පස්සේ අහන්නම්

    මම බයිබලය කියවන්නෙ ආගමික මෝටිවේෂන් එකකින් නෙමේ. ඒ නිසා මට ඒ මාදිලියෙ ප්‍රතිවේධාත්මක නිමේෂයක් ගැන කියන්න බෑ. ඉතාම කැතාර්ටික් හෝ අධ්‍යාත්මික පාඨක අත්දැකීම් නම් ඕනෙ තරම් ලැබිල තියෙනව ඒත් ඒව මෙහෙම ශෝට් ෆෝම් කියන්න අපහසුයිනෙ.
     
    • Like
    Reactions: White_Raven

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මම කිසිම ආගමක් අදහන්නේ නැති තැන ඉදන් තමයි මේ පිළිතුර ලියන්නේ. (දැන් කියයි නිරාගමිකයෙක් කියල, නමුත් නිරාගමිකයොත් එකිනෙකට වෙනස් කියල හිතෙනවා ) නමුත් එහෙම තැනක ඉදල බලන කොට තමයි යම් දෙයක් හරියට දකින්න පුළුවන්.

    සමහරු කියල තියෙනවා, බයිබලේ පටන් ගත්තු තැන ඉඳල බොරු තියෙන්නේ කියල. මමත් ඉන්නේ එතන තමයි. මොකද ලෝකය මවල, ආදම් මවල, ඊටපස්සේ ඊව වත් මවනවනේ....... නමුත් මෙහි අද්‍යනය කරන්න දෙයකුත් තියෙනවා.

    "මැවීම මොන බොරුවක්ද" කියල , බුදු දහම පිලි ගන්න අයෙකු සමච්චලයෙන් අහන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේට වටිනාකමක් නැහැ, ඔහු බෞද්ධයෙක්‌ ලෙස පරිණාමය පිළිගන්නවද නැද්ද කියල කියනකම් .

    අන්න ඒ නිසයි මම හිතන්නේ යමක් අද්‍යනය කරනවානම්,හැකි තරම් ස්වාදීන වීම වැදගත් කියල.

    දැන් බලමු මොකක්ද බයිබලයේ අද්‍යනය කරන්න තියෙන්නේ කියලා.

    අපි පරිනාමය දැඩිව පිළිගත්තත් අපිta ඒක ඔප්පු කර පෙන්වන්න බැහැ තවමත්. ඒක සෛලික ජීවියෙක් නිර්මාණය වූ දවසේ සිට අද සිටින මිනිසා දක්වාම , මෙය බාහිර බල පෑමකින් තොරව autonomous සිදුවීම අපි හිතන තරම් ලේසි දෙයක් නොවෙයි . අනික් අතට මනස ගැන අපි නොදන්නා දේ, දන්නා දේට වඩා ඉහලයි. (සිග්මන් ෆ්‍රොයිඩ් කවුද කියල හිතෙනවා බුද්ධාගමේ මනස ගැන විස්තර කිරීම බලන විට. නමුත් ඒ එක්කම මට නම් සාධාරණ ප්‍රශ්නයක් එනවා, ඔය තරම් මනස විග්‍රහ කරන ගමන් , මනස ඇත්තේ "හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" කියල අබිධර්මයේ කියවෙන විට.)

    කෙසේ හෝ අර , පරිණාමය ඔප්පු කර පෙන්වීමේ අපොහොසත්කම, තව කොටසක් උපයෝගී කර ගන්නවා බයිබලයේ "මැවීම" සංකල්පයට වැදගත් කමක් දීමට. එතැනදී ඔවුන් කියනව , ඔවුන්ගේ මතයේත් සත්‍යක් තියෙනවාද කියා අද්‍යනය කරන්නය කියල.

    මීට වඩා වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ජීවයේ උපත කියන කාරණාව . මේ සදහා විද්‍යාත්මක මත කීපයක් තියෙනවානේ. බයිබලයේ පැත්තෙන් කියන්නේ මැවීම කියන එක. දැන් මැවීම බොරු කියල පෙන්වන්න නම් අපිට වෙනවා , ජීවයේ උපත සිදුවූ අයුරු ඔප්පු කරන්න. නමුත් විද්‍යාවට එක තාම කරන්නත් බැරි වෙලා තියෙනවා.

    ඒ වගේම තමයි ජීවයට අත්‍යවශ්‍යම , ප්‍රෝටීන කියන දේ , ඇමයිනෝ අම්ල මගින් නිර්මාණය වීමට ඇති සම්බාවිතාව කොතරම්ම සිමිතද කියනවනම් , එය ප්‍රයෝගිකව පෙන්වදිමටත් තවම විද්‍යාවත් අසමත් වෙලා තියෙනවා. (මම වැරදි නම් කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන්)

    ඒක මට දැනෙන විදිහට මේ වගේ දෙයක් . ගඩොල් කපන ෆැක්ටරියක් තියෙනවා කියල hiතන්න. නමුත් කවුරුත් නැතිව ගඩොල් කපන මැෂින් එක ඉබේ වැඩ කරනවා. ඒ නිසා ගඩොල් මිලියනය සියක් කැපෙන විට එක ගඩොලක් තමයි ප්‍රයෝජනවත් විදිහට කැපෙන්නේ . දැන් ගෙදරක් හදන්න ගඩොල් දහ දාහක් ඕනි නම් , ෆැක්ටරියේ ගඩොල් කියක් කැපෙයිද කියල හිතන්න ගෙට අවශ්‍ය ගඩොල් ටික ගන්න . දැන් ගමේ ගේ හදන්න වත් ඉඩක් නැහැ නේද වැරදි ගඩොල් ගොඩ ගැහුවම. මේ ප්‍රෝටීන ප්‍රශ්නෙත් ඒවගේ තමයි. ජීවයට අවශ්‍ය ප්‍රෝටීන නිර්මාණය වීමත් ඒවගේ ම තමයි. මේ ලෝකයයම වැසි ගොස් තියෙන්න ඕනි පලක් නැති ප්‍රෝටීන වලින් මේ වෙන කොට එහෙම බැලුවොත් .

    chirality problem කියල google කලොත් මේ ගැන කියවන්න පුළුවනි.

    ඉතින් මේකත් එක කරුණක්, තවමත් බයිබලය අද්‍යනය කරන පිරිසක් ලෝකේ ඉන්න. ඔවුන් කියන්නේ විද්‍යාවටත් තවම ඔප්පු කර ගන්න බැරි උණු " ලෝකය සහ ජිවය" නිර්මාණය උනේ මැවීමක් ලෙසද කියල සොයන එක නතර නොකළ යුතුයි කියල .

    පෘතුවිය පැතලිය කියල තාමත් පිලි ගන්න පිරිසක් ඉන්න විට, මේක පුදුම විය යුතු දෙයකුත් නොවේ. නමුත් මම නම් තවමත් විශ්වාස කරන්නේ ජිවය ඇතිවීම autonomous අහබු සිදු වීමක් කියලම තමයි.
    මචං ඉතාම අගනා දෙයක් ලියල තියෙන්නෙ...අනෙක වාරයක් ස්තුතියි

    මුලින්ම පිලිගන්නවා මම අන්තගාමී වචනයක් පවිච්චිකලා කියලා ...."“පටන්ගත්ත තැන ඉඳලා බොරු ගොඩක් නේ තියෙන්නේ" කියනඑක මම සමාව ඉල්ලන ගමන්ම ඉල්ලා අස්කර ගන්නවා. බැහැයි බයිබලය යම් තරමකට කියවූ මට ඒ අදහස නිරායාසයෙන් ආවා කියය්ය්න පුළුවන් . මොකද බයිබලයේ පටන්ගනා චේදයේම තියෙන්නේ " ලෝකය දින 6කින් මැව්වා, ඊට පස්සේ ඉරහද මැව්වා, ලෝකය මැවීම සිදුවුනේ අ. 10000කට මෙපිටින් කියලා.....

    හැබැයි ඔබ කියන දෙයක් එක්ක මම එකග නෑ ... "බයිබලයෙ තියෙන්නෙ ත්‍රිපිටකය හා සමාන දේවල්" - ත්‍රිපිටකය කතා කරන්නේ ඉතාමත් ගැබුරු ධර්ශනික කරුණු ත්‍රිපිටකය කතා කරන කරුනුත් එක්ක බැලුවහම බයිබලය අහලකින් වත් තියන්න බෑ .... ( එකග වෙන්නේ නැතිනම් උදාහරණයක් දෙන්න ). මෛත්‍රිය... කරැනාව....ආදරය වගේ දේවල් කොහොමත් බුද්දාගමේ තියන් දේවල්. එහෙමයි කියලා ඒ දෙකේ ඇතුලත හරය එකම වෙන්නේ නෑ. ගැබුරු බුදුදහමට අනුව ආදරය වුනත් කෙලෙස් බැදීමක් ..එයත් අපේ සසර ගමන දික්කරනවා !

    නමුත් ඔයා ඉදිරිපත් කරලා තියන අදහසට මම ගරු කරනවා !
    මචං ම මුලින්ම කියන්න ඔන මෙතන අදහස් හුවමාරැ විමක් මිස argument එකක් නැකි බව.
    ආනන්තරිය පාප කර්ම 5 හැරැනුකොට අනිකුත් සියලුම අකුසල් කුසල් තුලින් යටපත් කරලිය හැකිද නොහැකිද...එසේ හැකිනම් මම දකින්නෙ පවි සමාකරලිමක් විදිහටයි... ඒ මම දකින විදිහ පමනි.
    මචං බුදු දහමෙහිත් බයිබලයෙත් කියනව little knowledge is dangerous කියල.
    බයිබලයෙ කියනව (ගලාති 6: 7-8) ඔබ වපුරපු දෙ කපා ගන්නවා ඇත කියල..
    බුදු දහමෙ කියලව නේද...යාසිදෙ|ෙ වපතො බිජං..තාදිසෙ හරතෙ පලං...මොකක්ද තේරැම..ඔඹ වපුරපු දේම තමයි නෙලා ගන්නෙ කියල...
    ආගමි දෙකේම කියනව වෛරයෙන් අවෛයිරය සන්සිදෙ කියල...
    මට සමානකම් තව ලියන්න පුලුවනි ඔඹට ඇති තරමි...
    I am comfortable writing the rest in English sorry bro…
    Both religions stress ethical loving comparison and love all do wrong to none. Both religions has a strong devotional aspects. තිවිද රත්නය (බුද්ධ ධම්ම සංග) වගේම ක්‍රිස්තියානි අය ත්‍රිත්වය (Father son and the holly spirit) අදහනව.
    ලොකයෙ වැවිල්ල ගැන විවිද මත ඉදිරිපත් කරල තිබුනත් කොතනද ඒව සාදක සමගින් ඔප්පු කරල තියෙන්නෙ... එහෙමනං කොහොමද බයිබලය බොරැ ගොඩක් කියල කියන්නෙ...ඒක සාදාරනද කියල හිතල බලපං මචං...මම ඔයාගෙ අමිම ඔයාව හදන්න දරපු උත්සහය නොදැන මම ඇය ගැන මගෙ මතය ඉදිරිපත් කිරිම කොතරමි සාදාරනද…. මේ මට හැගෙන දෙ පමනයි මචො
    ------ Post added on Jul 1, 2021 at 1:34 AM
     
    • Like
    Reactions: nalinpr

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මම මෙහි බොහෝ කරුණු වලට එකයි .....

    මුලින්ම මම එකග නොවෙන තැනක් පෙන්වන්නම් : "මනස ඇත්තේ හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" - මට අවබෝද වන හැටියට මේක වැරදි විග්‍රහයක් !
    බුදුන් මනස/සිත ගැන ඉතා ගැබුරු විග්‍රහයක් කරන ධමම පදයේ , චිත්ත වග්ගයේ කිසිම තැනක මනස කුමක් වගේද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් වත් ගන්නේ නෑ. මොකද එහෙම ගත්තු ගමන් මනස ගැන උදහරරණයට අනුව චිත්තරූපය මවන්නේ අයෙත් මනසේම උදව්වෙන් ....නමුත් ඔයා කියනවා වගේ බුදු ධහම තුල මනස හා හර්දයේ යම්කිසි සම්බන්දයක් කියන තැනක් තියනවා තමා ....ඒක තව අද්‍යනය කරන්න ඕනේ. නමත් මනස ඇත්තේ හදවතේ කියලා අදහසක් බුදුන් දේශනා කරා කියලා මම පුද්ගලිකව පිළිගන්නේ නෑ....

    ඊටපස්සේ ඔයා කියන කතා සියල්ලටම වගේ මම එකයි ... ඔව් බයිබලයේ කියන කතාව ඇත්තද බලන්න අපි එය හැදෑරිය යුතුයි (100% එකයි ) . එහෙනම් මුලින්ම කරන්න ඕනේ බයිබලය හොදින් කියවන එකනේ ....කියවපුවහම එකේ තියෙන්නේ එකිනෙකට එකතු කරපු කතා ගොඩක්. අන්න ඒ කතා ඇතුලේ ඔය කියන තරම් ගැබුරක් නෑ කියලයි මම කියන්නේ ......

    උදාහරනයක් විදිහට ක්‍රි.පූ. 6-7 සියවස් වල ඉන්දියාවේ "ආත්මන්" කියන සංකල්පය ගැන මිනිස්සු බෙල්ල කඩාගන තර්ක කළා, හොයන්න පටන්ගත්තා .... එතකොට සමකාලීන බුද්දගමේත් ඉතත සංකල්පය ගැන (දිගින් දිගට යන ආත්මයක් තියනවද කියලා ) ගැබුරු විග්‍රහයක් තියනවා. මම අහන්නේ අන්න ඒ වගේ ගැබුරු කරුණු බයිබලයේ නෑ කියලයි. අද්‍යනය කරන්න ඕන එක ඇත්ත ...නමුත් අද්‍යනය කරලා මේ දක්වා හොයාගත්තු ගැබුරු කරුණ මොකද්ද ????
    If you study bible you will realize why people have stress, how to treasure your relationships how to overcome our feelings and fears and many more…. ඒක කරලම බලන්න ඔන සහෝ.....
    සමාවෙයං.. මම ලොකු කමකට නෙවෙයි ඉංග්‍රියෙන් ලියුවෙ වැඩිය හොදට ලියන්න පුලුවං නිසයි...
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    ඉන්තින් මේ කියනදේ මම වටිනා මිනිස් ගුණධර්මයක් කියලා පිල්ගන්නවා ...

    එත් මේකේ ගැබුරු තම මොකද්ද ? සංකීර්ණ කරුණ මොකද්ද කාලේ වැයකරලා හදාරන්න තියන. මට පෙන්නපන් සාමාන්‍ය මිනිහෙකුට තේරුම්ගන්න බැරි ඉතා ගැබුරු අර්ථය මොකද්ද මෙහි.

    යකෝ බුද්දාගමේ තියන එක පාටයක් මිටවඩා ඉතා ගබුරුයි නේ ...

    නජච්චා වසලෝ භෝති - න ජච්චා හෝති බ්‍රාහ්මනෝ
    කම්මනා වසලෝ භෝති - කම්මනා හෝති බ්‍රාහ්මනෝ
    උඹ ගැඹුරු කියන්නේ පාලි, සංස්කෘත වලින් ලියපු ඒවාට නම්..
    බයිබලේත් උඹට ගැඹුරු විදියට.දකින්න පුළුවන් හීබ්රු බාසාවෙන් ලියපු එක කියෙව්වනම්

    aed5799786be4fd7c51ae6188f54c6c3.gif

    "אהוב את שכנך"
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් මම මෙහි බොහෝ කරුණු වලට එකයි .....

    මුලින්ම මම එකග නොවෙන තැනක් පෙන්වන්නම් : "මනස ඇත්තේ හර්දයේ අඩපතක් පමණ වූ රුධිරය කුහරය තුල" - මට අවබෝද වන හැටියට මේක වැරදි විග්‍රහයක් !
    බුදුන් මනස/සිත ගැන ඉතා ගැබුරු විග්‍රහයක් කරන ධමම පදයේ , චිත්ත වග්ගයේ කිසිම තැනක මනස කුමක් වගේද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් වත් ගන්නේ නෑ. මොකද එහෙම ගත්තු ගමන් මනස ගැන උදහරරණයට අනුව චිත්තරූපය මවන්නේ අයෙත් මනසේම උදව්වෙන් ....නමුත් ඔයා කියනවා වගේ බුදු ධහම තුල මනස හා හර්දයේ යම්කිසි සම්බන්දයක් කියන තැනක් තියනවා තමා ....ඒක තව අද්‍යනය කරන්න ඕනේ. නමත් මනස ඇත්තේ හදවතේ කියලා අදහසක් බුදුන් දේශනා කරා කියලා මම පුද්ගලිකව පිළිගන්නේ නෑ....

    ඊටපස්සේ ඔයා කියන කතා සියල්ලටම වගේ මම එකයි ... ඔව් බයිබලයේ කියන කතාව ඇත්තද බලන්න අපි එය හැදෑරිය යුතුයි (100% එකයි ) . එහෙනම් මුලින්ම කරන්න ඕනේ බයිබලය හොදින් කියවන එකනේ ....කියවපුවහම එකේ තියෙන්නේ එකිනෙකට එකතු කරපු කතා ගොඩක්. අන්න ඒ කතා ඇතුලේ ඔය කියන තරම් ගැබුරක් නෑ කියලයි මම කියන්නේ ......

    උදාහරනයක් විදිහට ක්‍රි.පූ. 6-7 සියවස් වල ඉන්දියාවේ "ආත්මන්" කියන සංකල්පය ගැන මිනිස්සු බෙල්ල කඩාගන තර්ක කළා, හොයන්න පටන්ගත්තා .... එතකොට සමකාලීන බුද්දගමේත් ඉතත සංකල්පය ගැන (දිගින් දිගට යන ආත්මයක් තියනවද කියලා ) ගැබුරු විග්‍රහයක් තියනවා. මම අහන්නේ අන්න ඒ වගේ ගැබුරු කරුණු බයිබලයේ නෑ කියලයි. අද්‍යනය කරන්න ඕන එක ඇත්ත ...නමුත් අද්‍යනය කරලා මේ දක්වා හොයාගත්තු ගැබුරු කරුණ මොකද්ද ????
    ඇයි අභිධර්මයෙ ලියල තියෙන එකෙන් කියවෙන්නෙ ඒ අර්ථය නෙවෙයිද?මනස ඇත්තේ හදවතේ කියන වචන තුනෙන් වෙන අර්ථයක් මැවෙනවද ඔයාට?
    නැත්තම් බුද්ධාගමෙත් බොරු ලොට් එකක් තියෙනව කියල පිලිගන්න අකමැත්තද?මට නම් පේන්නේ ඔයා ලෝකය දවස් හයෙන් මැව්ව කියන එකට කෝචොක් කරන ගමන් ඉපදුන ගමන් ලමයෙක් ඇවිද්ද එක,ඒ ලමය අඩිය තියනකොට පොලොවෙන් නෙලුම් මල් මතු වුන එක,වැස්ස ඇතිවෙන්නෙ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම කියන එක පට්ට ඇත්ත විදියට හිතන් ඉන්නවා කියලයි.අර අනිත් ආගම් පහත් කරල තමන්ගෙ එක මාර ලොකුයි කියාගන්න කරන උත්සාහයක් වගේ පේන්නේ.තමන්ට කලිසමේ රෙවුනම තවත් කලිසමේ රෙවුන එකෙක්ට කතා කරලා උඹෙ බෙට්ටට වඩා මගෙ බෙට්ට දිගයි කියනව වගේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    1. "මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක"

    2. "මෙය කිසිදු ආගමකට මඩගැසීමට කරන උත්සායක් නොවන අතර සියලු ආගම වලට සම අයිතිවාසිකමක් තිබිය යුතු බව තරයේ විස්වාස කරමි!"

    පු*නුත් හිනා :LOL::LOL::LOL::LOL::LOL:
    ඔයාගේ ටිකිරි මොළේට නොතේරෙන අරුත ....

    1. ආගම ගැන විග්‍රගයක් කරනවිට ඒ ගැන මට පුද්ගලික මතකක් දැරීමේ අයිතියඇත!

    (මට තියන ප්‍රශ්නය තමයි, මිනිස්සුන්ගේ ජනප්‍රවාද එකතු කරලා ලියපු, අවුරුදු 6000 කට විතර කලින් ලෝකේ බිහිවුණා කියන ප්‍රබන්ද කතා පොතක මොනවාද ඔච්චර පැල්බැදගන අධ්‍යනය කරන්න තියෙන්නේ?) --- මෙතන මම කියලා තියෙන්නේ මට තියන පුද්ගලික ගැටලුවක් !!!

    2. නමුත් , ඕනෑම මිනිහෙකුට ඕන බොරුවක් ආගමක් විදිහට ඇදහීමේ අයිතිය මා පිළිගන්නා අතර එම අයිතියට ගරුකරමි!

    සහෝදරයා. විස්වාසය තමයි.
    ...........................

    අනික මචං ජේසුස් වහන්සේ ගැන විස්වාසය නොකර ඕක ගැන කොහොම බැලුවත් නිකන් වැදගත් නොවන දෙයක් විදිහට පේන්නේ. මුළු කතෝලික ආගම තියන්නේ විස්වාසය සහ ආදරය තුළ.
    ................................................
    හොද පැහැදිලිකිරීමක් කරනන උත්සහයක් දරලා තියනවා .... ස්තුතියි.

    ඔයා හොද කරුණක් මතුකරලා තියනවා .. " විස්වාසය" ... මම ඔබේ විශ්වාසයට ගරුකරනවා .

    හැබැයි මට තේරෙන දේ තමයි යමක් අද්‍යනය කරන්න යනවනම් යම්තාක් දුරකට හෝ විවුර්ථ මනසකින් යන්න ඕනේ ... පස්සේ අද්යනයෙන් ඔප්පුවන කරුණුවල සත්‍ය තාව මත තමයි ඒගැන ගවුරවයයත් විස්වාසයත් ඇතිවෙන්නේ .... නමුත් ඔයා කියන විදිහට (අනික මචං ජේසුස් වහන්සේ ගැන විස්වාසය නොකර ඕක ගැන කොහොම බැලුවත් නිකන් වැදගත් නොවන දෙයක් ....) මුලින්ම විශ්වාසයෙන් ඇස්දෙක වහගත්තොත් අපට එකේ වැරදි තැන පෙන්නේ නෑ .... මේ මගේ මතය පමණයි !

    ------ Post added on Jul 1, 2021 at 7:34 AM

    උඩින් කියල තියෙන පොයින්ට් එක නම් ලොවෙත් දියාරුයි. ...
    ඔයා එහෙන් මෙහෙන් වචන ටිකක් එකතුකරලා මුලික කරුණු දෙකෙන්ම පැනලා යනවා ...

    යම්කිසි සංස්කෘතියක සාහිත්‍ය පමණක් ඉහල තැනකට ගිහින් අනිත් කරුණු නොදියුණු තත්වයේ තියෙන්න බෑ ....හොදම හා අපට සමීපම දේ තමයි බුදුදහමෙන් පසු ලංකාවේ සංස්කෘතියේ විකාසනය . නැතිනම් ඊට බොහෝ පරණ හොවැන්හෝ සිස්ටචාරයේ විකාශනය බලන්න.

    ,,,,,,. ඉතාම කැතාර්ටික් හෝ අධ්‍යාත්මික පාඨක අත්දැකීම් නම් ඕනෙ තරම් ලැබිල තියෙනව ඒත් ඒව මෙහෙම ශෝට් ෆෝම් කියන්න අපහසුයිනෙ.

    පේනවනේ ...මෝසස් ගේ මී මුනුපුරාමයි කියලා තියෙන්නේ....:rofl::rofl::rofl::rofl::rofl:

    1625105494085.png

    ------ Post added on Jul 1, 2021 at 7:42 AM

    මචං ඉතාම අගනා දෙයක් ලියල තියෙන්නෙ...අනෙක වාරයක් ස්තුතියි

    මචං ම මුලින්ම කියන්න ඔන මෙතන අදහස් හුවමාරැ විමක් මිස argument එකක් නැකි බව.
    ආනන්තරිය පාප කර්ම 5 හැරැනුකොට අනිකුත් සියලුම අකුසල් කුසල් තුලින් යටපත් කරලිය හැකිද නොහැකිද...එසේ හැකිනම් මම දකින්නෙ පවි සමාකරලිමක් විදිහටයි... ඒ මම දකින විදිහ පමනි.
    මචං බුදු දහමෙහිත් බයිබලයෙත් කියනව little knowledge is dangerous කියල.
    බයිබලයෙ කියනව (ගලාති 6: 7-8) ඔබ වපුරපු දෙ කපා ගන්නවා ඇත කියල..
    බුදු දහමෙ කියලව නේද...යාසිදෙ|ෙ වපතො බිජං..තාදිසෙ හරතෙ පලං...මොකක්ද තේරැම..ඔඹ වපුරපු දේම තමයි නෙලා ගන්නෙ කියල...
    ආගමි දෙකේම කියනව වෛරයෙන් අවෛයිරය සන්සිදෙ කියල...
    මට සමානකම් තව ලියන්න පුලුවනි ඔඹට ඇති තරමි...
    I am comfortable writing the rest in English sorry bro…
    Both religions stress ethical loving comparison and love all do wrong to none. Both religions has a strong devotional aspects. තිවිද රත්නය (බුද්ධ ධම්ම සංග) වගේම ක්‍රිස්තියානි අය ත්‍රිත්වය (Father son and the holly spirit) අදහනව.
    ලොකයෙ මැවිල්ල ගැන විවිද මත ඉදිරිපත් කරල තිබුනත් කොතනද ඒව සාදක සමගින් ඔප්පු කරල තියෙන්නෙ... එහෙමනං කොහොමද බයිබලය බොරැ ගොඩක් කියල කියන්නෙ...ඒක සාදාරනද කියල හිතල බලපං මචං...මම ඔයාගෙ අමිම ඔයාව හදන්න දරපු උත්සහය නොදැන මම ඇය ගැන මගෙ මතය ඉදිරිපත් කිරිම කොතරමි සාදාරනද…. මේ මට හැගෙන දෙ පමනයි මචො
    ------ Post added on Jul 1, 2021 at 1:34 AM
    අනිවා මචන් ! එකනේ මම මුලින්ම කියලා තියෙන්නේ "මට තේරෙන්නේ නෑ , දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න" කියලා. ඒවගේම ඔයා උත්සහයක් දරලා තියනවා , ගොඩක් වටිනවා.

    මම ගොඩක් දේවල් අහන්නේ නැතුව එකදෙයක් අහන්නම් ..... ඔයා පුද්ගලිකව ලෝකේ ඇතිවුනේ අ. 8000 කට මෙහා කියලා පිළිගන්නවද ?

    එකම කරුණක් ගැන මත ගොඩක් තිබුනා කියලා, ඒවා ඔප්පු කරගන්න බෑ කියලා වෙන මතයක් නිවැරදි වෙන්නේ නෑ!!

    ------ Post added on Jul 1, 2021 at 7:51 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    උඹ ගැඹුරු කියන්නේ පාලි, සංස්කෘත වලින් ලියපු ඒවාට නම්..
    බයිබලේත් උඹට ගැඹුරු විදියට.දකින්න පුළුවන් හීබ්රු බාසාවෙන් ලියපු එක කියෙව්වනම්

    View attachment 133332
    "אהוב את שכנך"
    ප්‍රශ්නයෙන් පැනලා යන්න හදන්න එපා......

    මම කොහෙවත් කියල තියනවාද බාසාවක් ගැන , මම කතා කරේ අර්ථය ගැන

    "love thy neighbor as you love thy self"- උබට මේ සරල කරුණ තේරුම් ගන්න මහා අද්යනයක් කරන්න වුනාද ?? :rofl:

    ඕනෑම දියුණු මනුස්ස සංස්කෘතියක මේවගේ ගුණාංග ගැන කියලා තියනවා ... ගොත්ත්‍රික සියටැල් පවා කියලා තියනවා ඔයිට වඩා හොදට

    ඇයි අභිධර්මයෙ ලියල තියෙන එකෙන් කියවෙන්නෙ ඒ අර්ථය නෙවෙයිද?මනස ඇත්තේ හදවතේ කියන වචන තුනෙන් වෙන අර්ථයක් මැවෙනවද ඔයාට?
    නැත්තම් බුද්ධාගමෙත් බොරු ලොට් එකක් තියෙනව කියල පිලිගන්න අකමැත්තද?මට නම් පේන්නේ ඔයා ලෝකය දවස් හයෙන් මැව්ව කියන එකට කෝචොක් කරන ගමන් ඉපදුන ගමන් ලමයෙක් ඇවිද්ද එක,ඒ ලමය අඩිය තියනකොට පොලොවෙන් නෙලුම් මල් මතු වුන එක,වැස්ස ඇතිවෙන්නෙ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම කියන එක පට්ට ඇත්ත විදියට හිතන් ඉන්නවා කියලයි.අර අනිත් ආගම් පහත් කරල තමන්ගෙ එක මාර ලොකුයි කියාගන්න කරන උත්සාහයක් වගේ පේන්නේ.තමන්ට කලිසමේ රෙවුනම තවත් කලිසමේ රෙවුන එකෙක්ට කතා කරලා උඹෙ බෙට්ටට වඩා මගෙ බෙට්ට දිගයි කියනව වගේ.
    අනේ මහත්යෝ කියන දේ බාගෙට කියවන්නේ නැතුව සම්පුරණයෙන් කියවලා ප්‍රශ්න අහන්න ...

    "මනස ඇත්තේ හදවතේ කියන වචන තුනෙන් වෙන අර්ථයක් මැවෙනවද ඔයාට?" -- මම එකග නොවන හේතුව පෙන්වලා තියනවා (ධම්මපදයේ චිත්තවග්‍ය reference කරලා) අනික ඕකලියපු කෙනා තේරුම්ගත විහිහටනේ ලියලා තියෙන්නේ .. මනස තියෙන්නේ මෙතැනයි කියලා බුද්ද දේශනාවේ කිසි තැනක් හරියට කියලා නැ !! ඒක බුදුන් කරපු ඉතාමත් බුද්දිමත් වැඩක් !!! මොකද එහෙම දේශනා කලානම් ඒගැන අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලා ... ඒක අතාත්විකයි !

    පොඩ්ඩක් වැඩිහිටි වෙයන්කෝ.... බුද්දාගමේ තියනවා අනිත් ආගම වල වගේම බවුද්ද සහිතය හා දර්ශනය කියලා කොටස් දෙකක් .... "පදුන ගමන් ලමයෙක් ඇවිද්ද" වගේ දේවල් සාහිතයේ දේවල්. ඒවා මම පිළිගන්නේ නෑ ..නමුත් බයිබලයේ තියෙන්නේ මට අනුව සාහිත්‍ය පමණයි .... දර්ශනයක් තියනවනම් පෙන්නපන් ඇබරෙන්නේ නැතුව ! :rofl: :rofl:

    දැන් පොඩ්ඩක් ඔයාගේ කලිසම බලන්න (ඔයා කියලා තියනවා වගේම ):rofl::P:rofl:

    ------ Post added on Jul 1, 2021 at 8:15 AM
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රශ්නයෙන් පැනලා යන්න හදන්න එපා......

    මම කොහෙවත් කියල තියනවාද බාසාවක් ගැන , මම කතා කරේ අර්ථය ගැන

    "love thy neighbor as you love thy self"- උබට මේ සරල කරුණ තේරුම් ගන්න මහා අද්යනයක් කරන්න වුනාද ?? :rofl:

    ඕනෑම දියුණු මනුස්ස සංස්කෘතියක මේවගේ ගුණාංග ගැන කියලා තියනවා ... ගොත්ත්‍රික සියටැල් පවා කියලා තියනවා ඔයිට වඩා හොදට

    අනේ මහත්යෝ කියන දේ බාගෙට කියවන්නේ නැතුව සම්පුරණයෙන් කියවලා ප්‍රශ්න අහන්න ...

    "මනස ඇත්තේ හදවතේ කියන වචන තුනෙන් වෙන අර්ථයක් මැවෙනවද ඔයාට?" -- මම එකග නොවන හේතුව පෙන්වලා තියනවා (ධම්මපදයේ චිත්තවග්‍ය reference කරලා) අනික ඕකලියපු කෙනා තේරුම්ගත විහිහටනේ ලියලා තියෙන්නේ .. මනස තියෙන්නේ මෙතැනයි කියලා බුද්ද දේශනාවේ කිසි තැනක් හරියට කියලා නැ !! ඒක බුදුන් කරපු ඉතාමත් බුද්දිමත් වැඩක් !!! මොකද එහෙම දේශනා කලානම් ඒගැන අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලා ... ඒක අතාත්විකයි !

    පොඩ්ඩක් වැඩිහිටි වෙයන්කෝ.... බුද්දාගමේ තියනවා අනිත් ආගම වල වගේම බවුද්ද සහිතය හා දර්ශනය කියලා කොටස් දෙකක් .... "පදුන ගමන් ලමයෙක් ඇවිද්ද" වගේ දේවල් සාහිතයේ දේවල්. ඒවා මම පිළිගන්නේ නෑ ..නමුත් බයිබලයේ තියෙන්නේ මට අනුව සාහිත්‍ය පමණයි .... දර්ශනයක් තියනවනම් පෙන්නපන් ඇබරෙන්නේ නැතුව ! :rofl: :rofl:

    දැන් පොඩ්ඩක් ඔයාගේ කලිසම බලන්න (ඔයා කියලා තියනවා වගේම ):rofl::P:rofl:

    ------ Post added on Jul 1, 2021 at 8:15 AM
    ඒ කියන්නේ අභිධර්ම පිටකයේ එක විදියකටත් සූත්‍ර පිටකයේ තව විදියකටත් මනස ගැන කියල තියෙනවා.ඔයා කියනවා ඒ දෙකෙන් මෝඩ පාට අර්ථ දැක්වීම බුදුන් කියපු එකක් නෙවෙයි.ඒ කොටස ලියපු කෙනා තේරුම් ගත්ත විදිය කියලා.මට කියන්න ඔයා කොහොමද දන්නේ ඒ කොටස විතරක් වැරදුනා කියලා.සූත්‍ර පිටකයේ තියෙන ටිකත් තේරුම් ගත්ත විදියට ලිව්වා වෙන්න බැරි ඇයි?ඔයා කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන ටික බුද්ධ භාෂිතය,අභිධර්මයේ තියෙන ටික වැරදි පරිවර්තනයක් කියලා.බුද්ධ ධර්මයෙත් පරස්පර තැන් තියෙනවා කියල පිලිගන්න ඔයාට බෑ අනුන්ගෙ ආගම් වල ඇදකුද හෙව්වට.අනිත් ආගම් තාර්කික නෑ ගැඹුරු නෑ කියන ගමන් තමන්ගෙ ආගමේ අතාර්කික තැන් බොළඳ තර්ක දදා ඔප්පු කරන්න හදනවා.
    ඊලඟට,හරි ඉපදුන ගමන් ඇවිද්ද එක,මල් පිපුන එක බෞද්ධ සාහිත්‍ය කියමුකෝ.ඒත් අර වැස්ස ඇති වෙන්නෙ වැස්ස වලාහක දෙවියන්ට සෙක්ස් කරන්න හිතුනම කියන එක තියෙන්නෙ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායෙ ඛන්ද වර්ගයේ.ඒ ගැන මොකද කියන්නෙ?ඒකත් අහපු කෙනා වැරදියට අහලද?නැත්තම් ත්‍රිපිටකයෙ තියෙන්නෙත් සාහිත්‍යද?එහෙමත් නැත්තම් ජල චක්‍රය බොරුද?කියන්නකෝ බලන්න.ඒක ගැන ඔයාගෙ පැහැදිලි කිරීම.