ඒත් එක්කම තව කාරණයක් මතුකරන්න හිතෙනව. බුද්ධදර්මය පැහැදිලිවම අනිත් ආගම් වල පේන්න නැති "ගැඹුරු" පැත්තක් තියෙනවනෙ. ගැඹුරුයි කියල කියද්දි ඇත්තටම අපි අදහස් කරන්නෙ අභිදාර්මික විවරණ ටිකනෙ. මට තියෙන ප්‍රශ්නයක්...මේ ටික ඇත්තටම canonical ද? බුද්ධ භාෂිතයද? ඕව බුද්ධ ගෙන් ටික කාලයකට පස්සෙ බුද්ධ ගෙ දර්ශනයෙ ගැට ලිහා ගැනීමෙ හි ලා පටන් ගැනුන දාර්ශනික ව්‍යාපෘතියෙ ප්‍රතිඵලයක් විදිහට පැන නැගුන කාරනා නෙමේද. නාගර්ජුන, විභජ්ජවාද, ස්ථවිර, සුත්ත වගේ නාලන්දා සහ මහාවිහාර ශාස්ත්‍රීය ගුරුකුල නිකායන් වලින්. මේ ගැන හොඳින් දන්න කෙනෙක් විස්තර කරනව නම් මන් සතුටු වෙනව. මේ කියන කාරනේ එහෙම්පිටින්ම වැරදි වෙන්නත් පුලුවන්, එහෙමනම් ඉතින් වැරදි බව කියන්න.
බොහොමයක් දෙනා බුදුදහම "ගැඹුරුයි" කියලා අදහස්කරනකොට අභිධර්මය මුල් කරගෙන එහෙම කරනවා ඇති. නමුත් මමනම් ගැඹුර දකින්නෙ ශූන්‍යතා දේශනා වල. හැබැයි මට හැකියාවක් නැහැ දෙකෙන් කෝකද වඩාත් ගැඹුරු කියලා අදහසක් පල කරන්න. මොකද මගේ අභිධාර්මික දැනුම ඉතාම පොඩියි. සූත්‍ර ගැන දැනුමත් සීමිතයි. ඒනිසා ඔයාට කෙලින්ම උදව්කරන්න මට අපහසුයි.
අභිධර්මය බුද්ධ භාශිතද නැද්ද කියන කාරණෙන් ඒකෙ ඕතන්ටිසිටිය නේද ගැටළුවට ලක්වෙන්නෙ? ඒ ගැන දැනටමත් තියන මත ඔයා දන්නවා ඇතිනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ අද එහෙම ඒකාන්ත කරලා ඕක විසඳලා "පෙන්වන්න" පුලුවන්ද කියන එක. මම නම් හිතන්නෙ බැහැ.
ඒනිසා ඔයාගෙ ඉන්ක්වයරි එක වෙන දිශාවකට යොමුකරන්න හිතාගෙන ඉතිරි ටික ටයිප් කරන්නම්.
බුදුදහමට අනුව ලෝකයේ ඇත කියලා ස්ථාවරයක් ගන්න බැහැ නිරුද්ධ වෙන නිසා, නැත කියලා ස්ථාවරයක් ගන්න බැහැ හටගන්න නිසා. නමුත් අපිට යම්කිසි කාරණයක් වචනයෙන් පැහැදිලි කිරීමට යාමේදී අනිවාර්යෙන්ම "ඇත" හෝ "නැත" කියන අන්ත දෙකෙන් එකකට හෝ දෙකටම බහින්න වෙනවා. ඉතින් ඔන්න ඔය අන්ත දෙකේ ඇත කියන අන්තයෙන් පටන් අරන් මේක පැහැදිලි කරන්න හදනකොට අභිධාර්මික ස්වරූපයකුත්, නැත කියන අන්තයෙන් පටන් අරන් මේක පැහැදිලි කරනකොට මූලමධ්‍යමකාරිකා වැනි ව්‍යායාමත් නිපදවෙනවා කියලා හිතනවා.
එතකොට ඔය අභිධර්මය හරිද වැරදිද/ඕතන්ටික්ද නැද්ද කියන ප්‍රශ්නය රීතිංක් කරන්න වෙනවා කියන එකයි දැනට මගේ අදහස. මූලාශ්‍ර තහවුරු කරගන්න තියන අපහසුව නිසා, ප්‍රායෝගික අර්ථය සලකා තීරණගත යුතුයි.
ටැග් ලයින් එකක් විදිහට අපේ එක පෙනුමෙන් ගැඹුරුය ඒ නිසා හොඳයි වගේ කතා ඒ තරම් පදනමක් නැති බව මගේ හැඟීමයි. ඒ අය මඟ හරින කාරනය බයිබලයෙන් පස්සෙත් ඇක්වයිනාස්, ඉරාස්මස්, මුවර් වගෙ අයගෙන් දේවධර්මය ශාස්ත්‍රීය අධ්‍යනයක් විදිහට ඉදිරියට ආපු බව. හරියටම
නාගර්ජුනල අතින් බුද්ධ භාෂිතය පොහොසත් උනා වගේ. කැනොනිකල් ටෙක්ස්ට් එක විතරක් සලකනව නම් බුද්දාගමෙත් ඔය කියන "ඩීප්" කොටස් ටිකත් හැලීමේ අවදානමක් තියෙනව. ඉතුරුවෙන්නෙ ශූන්‍යතාවය කියන එකයි ප්‍රධානවම. හැබැයි ඒකත් සැළකිය යුතු තරම් දාර්ශනික සංශයක් තියෙන සංකල්පයක්. බුද්ධ ගෙ බුද්ධිමය දායකත්වයෙ කර්නල් එක.
බුද්ධ භාෂිතය "පොහොසත්" උනාට වඩා බුද්ධ භාශිතය විවරණය කරන එක්තරා ක්‍රමවේදයක් පොහොසත් උනා කියන එකට මම වඩාත් ප්‍රියයි.
ශුන්‍යතාවය ටූල් එකක්. ඒක තියෙන්නෙ නිවන් අවබෝධයට උදවු කරගන්න. ධර්මය ගැන දැනුමක් තියන අය අතරෙ කමියුනිකේට් කරගන්න.එහෙම නැතිව අද කරන විදිහට ලෝකය ශූන්‍යද, මොකුත්ම නැද්ද, වැනි විඥ්ඥනවාදයකට වැටුනොත් නැවතත් අනතුරේ.
පරමත්ථ සහිත අභිධර්මය ටූල් එකක්. ඒක තියෙන්නෙ නිවන් අවබෝධයට උදවු කරගන්න. ධර්මය ගැන දැනුමක් තියන අය අතරෙ කමියුනිකේට් කරගන්න.
එහෙම නැතිව අද කරන විදිහට පරමත්ථ ධාතූන් තියනවාමයී වැනි උග්‍ර වාදයකට වැටුනොත් නැවතත් අනතුරේ.



