මොනවාද මේ VIP Numbers (2022)

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,147
    8,146
    113
    M-Town
    පහුගිය දවස් ටිකේ දැකපු post, comments නිසා මට හිතුනා ලංකාවේ වාහන වල registration number එක ගැන සරලව සිංහලෙන් කියන්න. දැනුමට දෙයක් එකතු කර ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියවන්න.

    ලංකාවට මුලින්ම වාහනයක් ගොඩ බහින්නේ 1902. මුලින්ම Petrol වාහනයක් ලංකාවට එන්නේ 1904දි (Roberts, 2013). Wikipedia(2022) ට අනුව ලංකාවේ numbers පටන් අරන් තියෙන්නේ Q අකුරෙන්, ඒ 1902 - 1904 අතර කාලෙදි. දැනට තියෙන පරණම registration number එක "Q 53".

    ඔයින් පස්සේ, අද වාහන වල number plate එකේ WP, SG, SP වගේ අකුරු වලින් වාහනේ register කරලා තියෙන පළාත පෙන්නනවා වගේ 1920 ගණන් වල වගේ වාහන වල ඉංග්‍රීසි අකුරු දුන්නේ ඒ වාහනේ තියෙන location එක අනුව.
    උදාහරණයක් හැටියට, C 1234 - C අකුරෙන් කියන්නේ මේක කොළඹ වාහනයක් කියලා (Roberts, 2013)

    A - Colombo district
    B - Kaluthara
    C - Colombo Municipality
    D - Kandy District

    ඔය වගේ ලංකාව කොටස් වලට කඩලා තමා 1940 වෙනකන් වාහන register කලේ. ඕක X, Z වෙනකන් කාණ්ඩ තිබිලා තියෙනවා. තාමත් ඔය කාණ්ඩයේ වාහන තියේ පරිස්සමට (NS, 2015). දන්නවද?, 1920 දි විතර ලංකාවේ අඩුම වශයෙන් Rolls-Royce වාහන තුනක් විතර තිබිලා තියෙනවා (Karunanayake, 2019)

    ----------------------------

    ඊට පස්සේ 1940 - 1958 දක්වා තමා අපි ගොඩක් අය දන්න, දැකලා තියෙන CY, EY, EN වගේ numbers ආවේ. ඒ CEYLON කියන නමේ අකුරු වලින්

    ----------------------------

    1958 දි තමා "ශ්‍රී" numbers එන්න පටන් ගත්තේ.
    ශ්‍රී අකුර එක්ක මුලින්ම ලංකාවේ Register උන වාහනේ තමා සර් ජෝන් කොතලාවල මහත්මයාට අයිතිව තිබුන "1 ශ්‍රී 1" Cadillac කාර් එක (Ma*r*co, 2016)

    "ශ්‍රී" අකුරු හඳුන්වලා දෙනවත් එක්කම දමිළ දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙන් ලොකු විරෝධයක් පවා ඇවිත් තියෙනවා (Sunday Times, 2011).

    කාලෙත් එක්ක ඔතන "ශ්‍රී"වෙනුවට "-" මාරු වෙන්න ගත්තා, හේතුව නම් නොදනී.

    ඔය කාලේ වාහනේ register කලේ පිළිවලකට, number එකෙන් වාහන කාණ්ඩය, පෙට්‍රල් ද, ඩීසල්ද කියන එක අඳුර ගන්න පුළුවන්කම තිබුනා. ඒ මේ විදිහට,

    1 -19 , 300 - 302 = Petrol light vehicles
    20 = Dual purpose petrol van
    34 - 38 = Petrol lorry
    24 - 28 = Diesel heavy
    29 - 30 = Diesel Bus
    31 - 32 = Diesel light vehicles
    47 - 48 = Diesel heavy vehicles
    50 - 59 = Diesel dual purpose
    60 - 63 = Diesel bus
    64 - 65 = Diesel light vehicles
    96 - 99 = Embassy vehicles
    (මේ කාණ්ඩ ටික ගැන විස්තර දීපු සහෝදරයට ස්තුතියි)

    ----------------------------

    යාන්තම් හරි පිළිවලට තිබුන registration process එක ඩිංගක් අනා ගත්තේ පස්සේ 2000 දි තමා. 2000 පස්සේ තමා අපි දන්න ඉංග්‍රීසි අකුරු එක්ක number plate issue කරන්න ගත්තේ. පටන් ගත්තේ GA 0001 වලින්, BMW car එකක් තමා ඔය number එකෙන් register වෙලා තියෙන්නේ.

    ඒත් එක්කම "ශ්‍රී" numbers තිබුන අයට අවස්ථාව දුන්නා රු. 20,000ක වගේ මුදලක් ගෙවලා "AA-0001 ඉදන් FZ-9999" වෙනකන් number එහෙකට මාරු වෙන්න (Commissioner General of Motor Traffic, 2011). ඒවා තමා අපි ඔය දකින්නේ අද "EA" වගේ numbers වලින් register කරලා තියෙනවා. "96-99" වගේ තිබ්බ තානාපති වාහන තමා FZ වගේ numbers වලින් අද තියෙන්නේ.

    කෝමත් හරි, ඉංග්‍රීසි අකුරු හඳුන්වලා දුන්නට පස්සේ කිසිම පිළිවලක් නැතුව වාහන register උනේ. G, H, J වගේ අකුරු වලින් බස්, කාර්, බයික් එකී මෙකී ඔක්කොම කවලමේ register උනා. ඉතිං බස් එහෙම හොරට බයික් numbers වලින් පවා දුවන්න ගත්තා. ලොකු ප්‍රශ්නයක් උනා ඒක. ඒ ප්‍රශ්නේ නිසා තමා අදටත් G number වගේ වාහනයක් One day service දාලා RMV එක හරහා transfer කර ගන්න බැරි. ඔය කාලේ

    G, H, J = මේ අකුරු වාහන ඔක්කොමටම ආවා
    T, U, V, W, X = මේ අකුරු බයිසිකල් වලට ආවා

    ඔය පැටලුම් ලිහන්න තමා පස්සේ කාලෙක KA වල ඉදන් වාහන කාණ්ඩ වලට කඩලා වාහන register කරන්න පටන් ගත්තේ. ඒ මේ විදිහට,

    KA-KZ = Motor Cars
    LA-LU = Motor Lorries
    LV = Motor Vehicles (fork lift) and cranes fixed to motor lorries
    LW = Motor Ambulance
    LX = Lorry Trailer/Lorry Trailer Bowser
    LY = Prime Movers
    LZ = Hearse
    MA-MZ = Motor cycles
    NA-NZ = Motor Coach
    PA-PY = Dual purpose vehicles
    PZ = Invalid Carriages
    QA-QX = Motor Tricycle
    QY-QZ = Motor Tricycle Van
    RA-RR = Agricultural Land vehicles
    RS-RU = non agricultural land vehicles
    RV-RZ = Tractor Trailer/Tractor Trailer Bowser
    SA-SZ = Two wheel tractors
    (Daily News)

    අකුරු දෙකෙන් පස්සේ, 2013 දි තමා ඉංග්‍රීසි අකුරු තුන යටතේ වාහන register කරන්න පටන් ගත්තේ. ඒ CAA-0001 වලින්, Kia Jeep එකක් තමා මුලින්ම register වුනේ. අකුරු තුන වාහන කාණ්ඩ කිහිපයකට කැඩුනා. ඒ,

    AAA සිට = Motor Tricycle
    BAA සිට = Motor Cycles
    CAA සිට = Motor cars
    DAA සිට = Motor Lorries

    වර්ථමානයේ දැන් තියෙන්නේ ඔය ක්‍රමය..

    ----------------------------

    මීට අමතරව,

    2000 දී ඉංග්‍රීසි අකුරු හඳුන්වලා දෙනවත් එක්කම, number plate එකට තවත් දේවල් එකතු උනා. ඒ වාහනේ Register කරලා තියෙන පළාත පෙන්වන අකුරු. ඒ WP, SG, SP වගේ අකුරු. ඒ වගේම වාහනේ ඉන්ධන වර්ගය පෙන්නව P, D වගේ වගේ අකුරු. ඒ වගේම Diplomatic වාහන වල පලාත වෙනුවට DP කියන අකුරු දෙක පාවිච්චි කරනවා.

    වර්ථමානයේ අකුරු තුන එක්ක දැන් වාහනේ ඉන්ධන වර්ගය පෙන්වන අකුරු number plate එකෙන් අයින් කරලා තියෙනවා. ඉඩ මදි නිසා වෙන්න ඇති. ඒ වගේම පළාත සඳහන් වෙන එකත් අයින් කරන්න කියලා ගෙනාපු යෝජනාවටත් cabinet approval එක 2021 දි ලැබුනා (Newswire, 2021). ඒත් ඒක ක්‍රියාත්මක වෙනවද කියලා නම් දන්නේ නෑ.

    ----------------------------

    දැන් බලමු එක එක ජාතියේ තියෙන number plates මොනවද කියලා,

    සමහරු දැකලා ඇති ඉංග්‍රීසි අකුරුයි, අංකයි ඔක්කොම රතු පාටින් තියෙන ඒවා, ඊට අමතරව මැද ඉරයි " - ", පෙට්‍රල් ද ඩීසල් ද කියන P and D අකුරු දෙකයි විතරක් රතු පාටින් තියෙන වාහන. ඒ 2008 දී වගේ Permit වලින් ගෙන්නපු වාහන අඳුර ගන්න කරපු දෙයක්. පස්සේ කාලෙක ඒ ක්‍රමය නැති වෙලා ගියා.

    තව 1950 ගණන් වල Taxi අඳුර ගන්න ඒවාට සුදු පසුබිමේ රතු අකුරු දුන්නා කියලත් කියලා තියෙනවා (worldlicenseplates).

    තවත් බැලුවම, අපේ පුද්ගලික වාහන වල number plate එකේ අකුරු කලු පාටයි. ඒත් රජයේ වාහන වල අකුරු තද නිල් පාටයි. සමහරු මේ වෙනස දැකලා ඇති. රාජ්‍ය ආයතන වලට ගන්න, රජයට හිමි සියලුම වාහන වල අංක තද නිල් පාටයි.

    ඔයිට අමතරව තනි නිල් පාටින් number plates දැකලා ඇති සමහරු. මං දන්න තරමින් ඒ UN(United Nations) එකට වගේ හිමි වාහන.

    ඊලඟට හැමෝම දන්න Garage number plate, ඒවා issue කරන්නේ Sale owners ලට, ගරාජ් owners ලට unregistered වාහන transport කරන්න, test drive යන්න වගේ කාරණා වලට.

    අහ් තව දෙයක්, අලුතෙන් වාහනයක් register කරනකොට රු 50,000 / රු 60,000 / රු 70,000 වගේ මුදල් ගෙවලා එවලේ තියෙන registration number එකට වඩා numbers පිළිවලින් 10,000 / 20,000 / 30,000 වගේ ඉස්සරහින් තියෙන number එකක් අපිට ගන්න පුළුවන්. ඒ ගැන විස්තර Department of Motor Traffic website එකේ තියෙනවා.

    ----------------------------

    අන්තිමට ඒනම් බලමු මොකද්ද මේ හැමෝම කථාවෙන VIP numbers, රු. මිලියනයේ numbers කියන්නේ මොකද්ද කියලා.

    2014 දි එවකට හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා යෝජනාවක් ගෙනාවා රුපියල් මිලියනයක් වගේ මුදලකට Personalised number plate ලබා ගන්න අවසර දෙන්න කියලා (Sunday Times, 2014). ඒ යෝජනාවේ තිබුනේ තමන්ගේ නමහි කොටසක් එක්ක registration number එක ගන්න අවස්ථාවක්. අවුරුදු 10ක් යනකන් ඒ number plate එකක් valid වෙනවා කියලත් තිබ්බා (Business times).

    ඒක ආපු යෝජනාවක් මිසක්, ඒ සඳහා අවසර ලැබුනා කියලවත්, ඒ ගැන කිසිම සඳහනක් වත් මම දන්න තරමින් නෑ. ඒ නිසා තමන්ට කැමති විදිහට නම් ගහ ගත්තු වාහන, 0000 එහෙම තියෙන වාහන, ඉංග්‍රීසි අකුරු වෙනස් කරපු වාහන ලංකාවේ නීතියට අනුව පාරේ යන්න බෑ. බහුතරයක් ඔය දකින පින්තූර Edit කරපුවා.

    එහෙම number එක වෙනස් කරලා Facebook එකට එහෙම ෆොටෝ එකක් දාන්න ඕනී නම් Photo editor එහෙකින් ඒ වැඩේ විනාඩියෙන් කර ගන්න පුළුවන් 😅

    ඕං ඕකයි ඉතිං ලංකාවේ වාහන වල number එකේ කතන්දරේ.

    ----------------------------

    මම විස්තර ගත්තු sources හැම එකක් ගැනම මම සඳහන් කරලා තියෙනවා post එකේ.

    මට මග හැරුන දෙයක්, මට වැරදුන දෙයක් තියේ නම් කරුණාකරලා පෙන්නලා දෙන්න, එකතු කරන්න.

    ස්තුතියි
    Asitha Jayasinghe
    FB_IMG_1643251723895.jpg