Bills ඔක්කොම සෑහෙන්න වැඩියි. කෑම බීම වැඩියි. ළමයින්ට උගන්නන්න පුදුම වියදමක් යන්නෙ. වාහන වල කෑලි පට්ට ගණන්. ඉගෙන ගත්ත එවුන්ගෙ සහ පොඩි උන්ගෙ අනාගතේ ඉවරෙටම ඉවරයි. මේක තේරෙන රටෙන් යන්නත් බැරි කොටසක් හූල්ල හූල්ල ඉන්නවා. උදේට බස් එකේ කෝච්චියෙ තෙරපිලා වැඩට ගිහින් 8 - 5 වැඩ කරලා මාසෙට 30k - 100k අතර පඩියක් ගන්න එකෙක් නම්, මාසෙ අන්තිමට වියදම් ටික බැලුවහම සසර කළ කිරෙනවා. වියදම් වැඩි වෙනවා, ආදායම් වැඩි වෙන්නෙ නැහැ. ගන්න පඩිය මදි මසෙ වියදම් ටික කවර් කරගෙන ජීවත් වෙන්න. නැහිලා නැහිලා ගන්න ඒකෙනුත් මුන් හොරකන් කරපු ඒවා පියවගන්න බදු ගහනවා. මේ ටිකේම social media වල අඳෝනා. ළමයි ඉන්න උන් අඬනවා ළමන්ගෙ වැඩ ටික කරගන්න බැරුව. තව ටික දවසකින් ලෙඩකට බෙහෙත් ටිකක්වත් නැත්තටම නැති වෙලා ගිහාම බලන්න ඕනි සැප. ගොඩක් මිනිස්සු දැන් ශරීර සෞඛ්‍යය අතින් ඉස්සරට වඩා දුර්වලයි. කන්නෙ බොන්නෙ පිරිමහගෙන. ගමන් බිමන් යන්නෙ අඩුවෙන්. තාමත් ඉතින් මිනිස්සුන්ට මේකෙන් ගොඩ එන්න නියම උවමනාවක් නැහැ. හැමදාම වගේ උන් මේකට හැඩ ගැහෙන්නයි බලන්නෙ. තනියම කරන්න පුලුවන් වැඩක් නෙමෙයි මේක. නිවට හැත්තක් ඉන්නෙ ලංකාවෙ. ඒකයි මුන්මේ තරම් නටන්නෙ.
රටේ මෙච්චර සම්පත් තියෙද්දි, ඒව වලින් ප්‍රෙයා්ජනයක් නොගෙන කොමිස් කන්න ඒ ඔක්කොම පෙනි පෙනි විකුණනවා දැක දැක උඩ බලාගෙන ඉන්නවා. අවුරුදු 2500 ක පට්ට ඉතිහාසයක් ගැන පම්පෝරි ගහන සිංහලු අද, අවුරුදු 74 ක් ලෝකෙන්ම හිඟ හිඟ එදා වේල ගැටගහ ගන්න ජාතියක් වෙලා. මිනිස්සුන්ව අන්දන්න වංචා දූෂණ අල්ලන්න කෝප් කමිටුයි අරවයි මේවයි තියලා මාධ්‍ය සංදර්ශණ දානවා. උන්ම කියනවා කෝටි අච්චරයි මෙච්චරයිලු ගැහිලි. ඒත් ඒවට කිසිම නීතියක් නැහැ. වැරදි කරපු උන්ට කිසිම දඬුවමක් නැහැ. එතනින්ම ඒ කතාව යට යනවා. දූෂිත දේශපාලුවො, ව්‍යාපාරිකයො සහ නිලධාරීන් තමන්ට ඕනි විධියට උන්ගෙ දූෂණ වංචා වහගෙන, දිගටම බලයෙ රැදෙන්න නීතිය ඕනි ඕනි විධියට නවනවා. මිනිස්සු අන්ත දුක් විඳ විඳ ඔහේ උන්ගෙ හොරකන් වංචා දූෂණ දිහා බලාගෙන ඉන්නවා. රටම අන්ද අන්ද දේශපාලුවො ටික බොරුවට මරාගන්නව වගේ උන්ගෙ නාට්‍ය රටට පෙන්නගෙන, උන් එකතුවෙලා සුර සැප විඳිනවා. එකපාර මුලු රටම පාරට බැහැලා පට්ට හොරු ටික ඔක්කොම අතුගාලම දාළා මේක සුද්ද කරලා ඉවරයක් කරනකන් හැමදාම මේ විධියම තමයි. බොරු බයිලා කිය කිය කල් මර මර උන් උන්ගෙ ගේම ගහගෙන බලේ ඉඳලා තව කන්න පුලුවන් ටික කන්නයි බලන්නෙ. ඕක කවදාවත් මුන් නවත්තන්නෙ නැහැ. උන් මේ දූෂිත ක්‍රමේ හරි විධියට වෙනස් කරන්න දෙන්නෙත් නැහැ. වෙනස් කරනවට කැමතිත් නැහැ. මේ වගේ ඕනි තරම් හොරා කාගෙන සෙල්ලන් දාන්න බැහැ වෙන රටවල. දූෂිතම, නීතියක් නැති රටක්නෙ ලංකාව. මුන්ට විරුද්ධව නඩු ඇහිලි අරවා මේවා කවදාවත් කෙරෙන වැඩ නෙමෙයි. දැන් LTTE එක වත් හිටිය නම් මුන් ටිකට කෙළලා දාන්න සපෝට් එක දෙනවා එකෙන්ම අපේ උන්. අද ගෙවල් ගාව මයිනලට ඉස්සර ඉඳලම සැරටම වැඩ කරපු එකෙක්, කාක්කා එයාපෝට් එකට ගොඩ බැස්සහම කට්ටිය ගිහින් පෝලිමේ වැඳලා පිළිගන්නවා කියලා නිවුස්වල පෙන්නනවා දැකලා කියනවා, “පට්ට හොරුන්ට වඳින්න මුන්ට පිස්සුනෙ, ඕකට දමළා පිහිපාරක්වත් ඇණලා දාන්න හරි එකෙක් නැහැනෙ“ කියලා. ඒ තරම් තරහකින් ඉන්නෙ හැම මිනිහම.