මොනාලීසා සඟවාගෙන සිටින රහස්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මොනාලීසා සඟවාගෙන සිටින රහස්

    සුවහසක් නරඹන්නන්ට නොපෙන්වා මොනාලීසා සඟවාගෙන සිටින රහස්

    image_db8dd5b32d.jpg


    ප්‍රංශයේ පැරිස් නගරයේ ලූවර් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොනාලීසා චිත්‍රය දැකගැනීම ය. වැඩිම වාර ගණනක් ඡායාරූපයට නැගී ඇති චිත්‍රයක් මිහිපිට වේ නම්, ඒ මොනාලීසා සිතුවම ය. ඉතාලියේ ෆිරෙන්සි නගරයේ එවකට විසූ ලොනාර්ඩෝ ඩා වින්චි විසින් 1503 දී සිතුවම් කර ඇති මෙම සිතුවම වසරකට මිලියන දෙකක පමණ සංචාරකයින් පිරිසක් විසින් දැකගනු ලැබුව ද, මොනාලීසා විසින් සඟවාගෙන සිටින ඇතැම් රහස් බොහෝ දෙනෙකු දකින්නේ නැත.
    එවකට ෆිරෙන්සි නගරයේ විසූ ෆ්‍රැන්සිස්කෝ ජෙරර්දීනී ජොකොන්දා නම්වූ


    සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ ඇණවුම මත, ඔහුගේ බිරිඳගේ රුව ලෙනාර්ඩෝ ඩා වින්චි විසින් කරන ලද සිතුවම ය මොනාලීසා. ඉතාලි ජාතිකයෝ අද ද මොනාලීසා සිතුවම හඳුන්වනු ලබන්නේ ඇගේ සැමියාගේ පෙළපත් නාමය වන ජොකොන්දා නමින්ය.

    මොනාලීසාගේ සැබෑ නාමය වෙන්නේ මදොන්නා ලීසා ය. මදොන්නා යනු එවකට ෆිරෙන්සියේ ආර්යාව යන අරුත් දුන් යෙදුමකි. පසුව මොනාලීසා වූයේ මේ ලීසා අාර්යාවය.
    විද්‍යාත්මක පරීක්ෂණයන් සඳහා මොනාලීසා සිතුවම මෙතෙක් පරිහරණය කළ සහ කරනු ලබන අතළොස්සක පිරිස හැරුණු විට, එම සිතුවම නැරඹීමට පැමිණෙන කෝටි සංඛ්‍යාත සංචාරකයා එම චිත්‍රයේ පිටුපස දකින්නේ නැත.


    මොනාලීසා චිත්‍රයේ ඉදිරිපසින් එය කැන්වසයක් මත අඳින ලද්දක් ලෙස පෙණුනද, එම චිත්‍රය ඇඳ ඇත්තේ සෙන්ටි මීටර 77 ක් උස සෙන්ටි මීටර 53 ක් පළල ලෑල්ලක් මතය. මෙම ලෑල්ල බෝ ගස අයත් ඇසටු කුලයේ වෘක්ෂයකින් (POPLAR) ලබාගත්තකි.

    image_11d230f03a.jpg



    මොනාලීසා සිතුවමේ පිටුපස දකින්නෙකුගේ මුලින් ම ඇස ගැටෙන්නේ කාලයත් සමග ලෑල්ල ඇදකුද වීම වැළකීම සඳහා පිංතූර ලීස්තරයට තිරස් අතට සවිකර ඇති පටි හතරකින් එය ප්‍රතිශක්තීකරණය කර ඇති බව ය. මෙම සංරක්ෂණය කර ඇත්තේ 1825 වසරේදී ය. ලෑල්ලේ ඉහළ කොටසේ ඇති සෙ. මී. එකොළහක් දිග පැල්මක් වැසීම සඳහා සමනළ තටු ආකාරයෙන් දැවයෙන් කළ පැලැස්තර දෙකක් දමා ඇත.

    චිත්‍රය පසුපස ලෑල්ල මත H 29 ලෙස සංකේත අංකයක් සඳහන්ය. මේ 1797 දී මොනාලීසා සිතුවම ලූවර් කෞතුකාගාර භාරයට පත්වෙද්දී ලේඛනගතවූ අංකයයි. ඒ අතරම MR 716 ලෙස තවත් අංක සංකේතයක් මදක් විශාලව සටහන් කර ඇත. මෙය 1815 දී මොනාලීසා සිතුවම සංරක්ෂණය කිරීමෙන් පසුව, ලූවර් කෞතුකාගාර ලියකියවිලි අතර සිතුවම අලුතින් ලියාපදිංචි කළ සංකේත අංකයයි. මොනාලීසා චිත්‍රයේ පිටුපස පැහැදිලිව පෙනෙන තවත් නිල මුද්‍රා දෙකකි. විවිධ අවස්ථාවල මෙම සිතුවම විවිධ හේතූන් මත විදෙස්ගත කිරීමේදී තබන ලද මුද්‍රාවන්ය මේ.

    චිත්‍රය ඇඳීම සඳහා පාවිච්චි කර ඇත්තේ තෙල් සායම්ය. එවකට දැව මත තෙල් සායම් සිතුවම් ක්‍රමවේදය නවතාවක් විය. ලෙනාඩෝ ඩා වින්චි අත්හදාබැලීමේ තත්ත්වයෙන් දැවය මත තෙල්සායම් යොදාගන්නට ඇති බවට පැරණි චිත්‍ර විශේෂඥයෝ මත පළ කරති.

    පැරණි සාහිත්‍යකරු කාන්තා උවන සඳට උපමා කළේය. ඉන් අදහස් කළේ සඳමෙන් ම කාන්තා උවනේ ද සුදුමුදු බව ය. එහෙත් දුරේක්ෂ මගින් සඳ පරීක්ෂාකර බැලූවිට සඳ ආවාට සහිත බව හෙළිවූවා මිස එතරම් සුදුමුදු බවක් අනුමත වූයේ නැත. එමෙන්ම සංචාරකයා අනුමත දුරක සිට මොනාලීසා සිතුවම දෙස බැලීමේදී කඩතොලු රහිතව මටසිළුටු ලෙස එය පෙනුනද, මුළු සිතුවම පුරා පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ සියුම් ඉරිතැලීම් ලක්ෂ පහක් ඇත. (මෙය ඇදහීමට අසීරු වුවද, මෙම විශේෂණය ලබාගත්තේ 2017 ලූවර් කෞතුකාගාර වාර්තාවකින් බව සලකන්න. අද වෙන විට මෙම ඉරිතැලීම් සංඛ්‍යාව වැඩිවී තිබීමට ද බැරි නැත)

    මොනාලීසාට ඇසි බැමි හෝ ඇසි පිහාටු ඇති බවක් පියවි ඇසට පෙනෙන්නේ නැත. එවකට විවාහක කාන්තාවක අත අනිවාර්යය වූ මංගල මුදුව ද මොනාලීසා ඇත නැත. 1503 දී ලොනාඩෝ ඩා වින්චි විසින් මදොන්නා ලීසාගේ රුව සිතුවමට නගන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් සිතුවමින් පෙනෙන්නේ ලාබාල කාන්තාවක නොව වැඩිහිටි කාන්තා රුවකි. සිතුවමේ මුව දෙපස පැහැදිළි රේඛා සටහන් පෙනෙන නොපෙනෙන අයුරින් බොඳකර (UNFOCUS) දමා ඇත. (මොනාලීසාගේ දසන් නොපෙන්වන මායාකාරී සිනහවේ රහස එයයි)

    ලෙනාඩෝ ඩා වින්චි චිත්‍ර කලාවේ පමණක් නොව විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණතාවක් දැක්වූවෙකි. ඒ ක්ෂේත්‍රයන් අතර කාන්තා කොණ්ඩා මෝස්තර සහ ආභරණ නිර්මාණය ද විශේෂ වූවකි. ලෙනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කරන ලද කාන්තා රූපවලින් නව කොණ්ඩා මෝස්තර සහ නව ආභරණ හඳුන්වාදීමට ඔහු පෙළඹ සිටියේය. එහෙත් මොනාලීසා ස්වර්ණාභරණ රහිතව සිටීම කුතුහලයට කරුණකි. ඇතැම් විටෙක ලීසා ආර්යාව ස්වර්ණාභරණ නොපළඳින ඉතාම සරල කාන්තාවක් වූවා යයි සිතීමට ද පුළුවන.
    මොනාලීසාගේ නළල මත හිසකෙස්වලට ආසන්නයේ තිරස් අතට ඇති සියුම් රේඛාවකි. එය ඔස්සේ ගියහොත්, ඇය ඉතාම සියුම් වේලයකින් හිස වසා සිටින බව දැකගත හැකිය.
    මොනාලීසා සිතුවමේ වම්පස හිසකෙස්වලට මදක් ඉහළින් සිරස් අතට ඇති සියුම් පැල්මකි. 1956 දී මානසික අසමබරතාවයකින් පෙළෙන්නෙකු විසින් ගලකින් දමා ගසා සිදුකරන ලද කඩතොළුවක් මොනාලීසාගේ වම් වැලමිට අසළ ඇත.


    මෙම සටහනේ අඩංගු විස්තර පැරණි සිතුවම් සංරක්ෂණ ක්ෂේත්‍රයේ වාර්තාවලින් උපුටාගන්නා ලද කරුණු බව සැලකිය යුතුය. මෙම වාර්තාවන් සපයා ඇත්තේ මොනාලීසා සිතුවම පිළිබඳව කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව ය. ඉතා සියුම් අන්වීක්ෂ සහිත නව තාක්ෂණය යොදාගනිමින් ලබාගෙන ඇති මෙම විශේෂත්වයන් මොනාලීසා සිතුවම පියවි ඇසින් නරඹන සංචාරකයාට එහි රස විඳීමට බාධාවක් නොවෙන බව ද කරුණාවෙන් සැලකිය යුතුය. ඒ සියල්ල පිටට නොපෙන්වා මොනාලීසා තුළ ම සඟවාගෙන සිටින රහස් ය.


    යටියන
    ක්ලැරන්ස් කොස්තා.
    ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    mata hithena hatiyata oya kiyna thrama loku deyak oke naha ! okata ochchara prasiddiyak ave oka eka parak horakam kalayin psse! mamanm dakinne vichaarakayin visin oonaavata vadaa uluppa dakvana sithuvamak !
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මන් හිතුවා කතාව අවසානේ බෝ ලෑල්ල ලංකාවෙන් ගෙනියපු එකක් කියයි කියලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙම ලෑල්ල බෝ ගස අයත් ඇසටු කුලයේ වෘක්ෂයකින් (POPLAR) ලබාගත්තකි.

    කැනඩාවේ තියෙනවා ගහක් බෝ කොලය වගේ. (eastern cottonwood කියන්නේ poplar කුලයට අයත් එකක්) . මටත් හිතුන මේක බෝ ගහට සමානකම තියේවිද කියල. එත් හරියටම හිතාගන්න බැහැ


    d8841b.jpg



    see
    https://en.wikipedia.org/wiki/Ficus_religiosa

    https://en.wikipedia.org/wiki/Populus_deltoides
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මන් හිතුවා කතාව අවසානේ බෝ ලෑල්ල ලංකාවෙන් ගෙනියපු එකක් කියයි කියලා.
    ලංකාව වනාහි එවැනි රටකි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාලිසා යනු එක් පසකින් පිරිමියෙක් සහ අනිත් පසින් ගැහැණියක් වන කෙනෙක් කියල තැන් ටිකක වාර්තා වෙනවා.. තවද.. අවසන් භෝජන සංග්‍රහය අවස්ථාවේ එම කෑම මේසය මත ද මැය සිටි බවක් වාර්තා වෙනවා.. ජේසු තුමාගෙ බිරිද වශයෙන් හිටියා කියල සදහන් වෙනවා මැය. මේ පින්තූරේ ජේසුතුමාට වම් පැත්තෙන් ඉන්නෙ ඇය..

    Giampietrino-Last-Supper-ca-1520.jpg


    ඩාවින්චි කෝඩ් පොත සහ ඩාවින්චි කෝඩ් මූවි එක බලල වැඩිවිස්තර බලාගන්න පුලුවන්..
     
    Last edited: