මොන ප යන්නක්ද මේ ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,572
    113
    පොන්සි ආණ්ඩුව
    මොන ප යන්නක්ද මේ ?

    මොන ප යන්නක්ද මේ ?


    “ඔවුන් නිරායුද කරන්න” – රට හැරගිය ද්‍රවිඩ මාධ්‍යවේදීන් ජනපතිගෙන් ඉල්ලයි
    ප්‍රවෘත්ති January 25, 2015 No Comments http://sinhala.lankaherald.com/?p=16506

    උතුරු -නැගෙනහිර පළාතේ නිදහස් හා සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට නම් අවිගත් කණ්ඩායම් නිරායුධ කරන්නැයි පසුගිය ආණ්ඩුව සමයේ රටඅතහැර ගොස් සිටින දෙමළ මාධ්‍යවේදීන් ඉල්ල සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පවසන්නේ එවන් ක්‍රියා මාර්ගයකින් පසුව එම ප්‍රදේශවල ජනමාධ්‍යට නිදහසේ වැඩ කිරීමේ වටපිටාවක් නිර්මාණය වන බවයි. ජීවිත තර්ජන හේතුවෙන් ස්විස්ටර්ලන්තයට පිටුවහල් වූ නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් වන රාමසාමි තුරෛරත්නම් හා නිරාජ් ඩේවිඩ් ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.

    නව ආණ්ඩුව පත් වූ විගසම පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට නැවත රටට පැමිණෙන ලෙස කළ ඇරයුම පිළිගන්නා බව පවසන ඔවුන් දෙමළ මාධ්‍යවේදීන්ට බලපාන්නාවූ ගැටළු කිහිපයක් හා පවතින තත්වය ගැන ඔවුන්ගේ ස්ථාවරය ජනාධිපති වරයා වෙත යොමු කර ඇත.

    “රාජපක්‍ෂ ආණ්ඩු කාලයේදී 15 කට වැඩි දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුණි. තවත් සමහරු අතුරුදන් කෙරිණ. තවත් 30 කට වැඩි මාධ්‍යවේදීන් පිරිසක් ජිවිත තර්ජන නිසා රට අත්හැර ගියහ. පසුගිය ආණ්ඩු සමයේ කරුණා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්දා, සහ PLOTE වැනි සන්නද්ධ කල්ලි දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය කරන ලද්දේ හමුදා බුද්ධි අංශ වල අනුග්‍රහය ඇතිවය. එමෙන්ම මෙම කල්ලිවල මරණ තර්ජන හේතුවෙන් උතුරු – නැගෙනහිර මෙන්ම කොළඹ මාධ්‍යකරණයේ නියැලි දෙමළ මාධ්‍යවේදීන් රැසකට රටින් පිටුවහල් වන්නට සිදු විය. නඩේසන්, සුහීර්දරාජන් වැනි මාධ්‍යවේදීන්ට අමතරව ජනමාධ්‍යවේදියෙකු පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරාජසිංහම්, මඩකලපුව පුරපති සෙලියම් පෙරිම්බනායගම් වැනි දෙමළ නායකයන් මරා දැමුනේ කරුණා, පිල්ලෙයාන් ආදි සන්නද්ධ කල්ලි විසිනි. උතුරේ නිමලරාජන්, දේවකුමාර්, රජීව් වර්මන්, චන්ද්‍රබෝස් ආදීන් මරා දැමුනේ හමුදා බුද්ධි අංශ වල අනුග්‍රහයෙන් EPDP සන්නද්ධ කල්ලි විසිනි. ඊට අමතරව යාපනයේ පළ කෙරෙන ‘උදයන්’ පුවත් පත් කාර්යාලයට පහරදී මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් මරා දමනු ලැබුණි. එහි ප්‍රවෘත්ති සංස්කාරකවරයා මහ මගදී පහර කෑමට ලක් වී’ යැයි අදාළ නිවේදනයෙන් ඔවුහු අවධාරණය කරති.

    නව රජය බලයට පත් වූ විගසම සහෝදර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන බොහෝ කතා බහට ලක් වූ බව පෙන්වාදෙන දෙමළ මාධ්‍යකරුවන්ගේ නිවේදනය එම ඝාතනයට වගකිව යුතු පුද්ගලයන් නිතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීමට ගන්නා උනන්දුව අගේ කොට සළකන අතර ඒ ආකාරයෙන්ම කොළඹදී පැහැරගෙන ගොස් මරා දැමුණු මාධ්‍යවේදියෙකු මෙන්ම බුද්ධිමතෙකු වූ තරාකී නොහොත් ධර්මරත්නම් සිවරාම් ඇතුළු මරා දැමුණු අනෙකුත් දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතකයන්ද නිතිය හමුවට පැමිණවිය යුතු බව පෙන්වා දෙයි.

    සිවරාම් ඝාතනය ගැන PLOTE සාමාජිකයන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරිණි. නිමලරාජන් ඝාතනය ගැන EPDP සාමාජිකයන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් නිදහස් කරනු ලැබුයේ දේශපාලන බලපෑම් මත ය. අයියාතුරෛ නඩේසන්, ජෝශප් පරරාජසිංහම් ඇතුළු අනෙකුත් මාධ්‍යවේදී ඝාතනයන් ගැන මුලික පරික්ෂණයක් වත් සිදු කර නොමැත. ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ කල්ලි මේ ඝාතනයන් පසුපස සිටි බැවින් ඒවා මුළුමනින්ම යටපත් කරනු ලැබිණි.

    “මෙවැනි පසුබිමක කරුණා පිල්ලේයාන්, ඩග්ලස්ගේ හා වෙනත් නීති විරෝධී සන්නද්ධ කල්ලි උතුරු නැගෙනහිර ප්‍රදේශ වල තවමත් ක්‍රියාත්මක ය. නව රජය පත් වූ පසු දකුණු ප්‍රදේශයේ සාමකාමී වටපිටාවක් නිර්මාණය වී තිබුණද එවන් තත්වයක් උතුරු නැගෙනහිර පළාත් වල දක්නට නොමැත. රටින් පිටුවහල් වූ දෙමළ මාධ්‍යවේදීන් වන අපට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට වඩාත් විශ්වාසනීය තත්ත්වයක් නිර්මාණය විය යුතු ය . ඒ සඳහා මේ නීති විරෝධී සන්නද්ධ කල්ලි වහා නිරායුධ කළ යුතුය. එමෙන්ම මාධ්‍යවේදී ඝාතන පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වා වැරදි කරුවන්ට දඩුවම් ලබාදිය යුතු ය. එවන් පසුබිමක් ඔබ ආණ්ඩුව විසින් නිර්මාණය කරන තෙක් අප හට තවදුරටත් පිටුවහල් ව සිටින්නට සිදු වනු ඇත”.☐
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    දැන් මේ කියන්නේ කරුණ,පිල්ලේ වගේ උන්ග්ව නිරායුධ කරන්න කියලනේ
    ඉතිං ඒක හොඳයි නේ
    ඔකුං කොච්චර කිව්වත් කලෙකදී ඔකුං අපිට අරින්න ඉඩ තියෙනව
    අල්කයිඩ ඇමරිකාවට කරා වගේ
    මුන් හමුදා අයින් කරන්න කියන්නේ නෑ නේ
    සන්නද්ධ කල්ලි නිරායුධ කරල ඒ වෙනුවට හමුදා බලය වැඩි කරමු. හමුදාව අපේ නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හමුදාව ගැන නෙමයි ඔය කියලා තියෙන්නේ.

    කරුණා
    පිල්ලෙයාන්
    ලගේ කල්ලි ගැන