මොරගහකන්ද ව්‍යාපෘතිය

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    මොරගහකන්ද ව්‍යාපෘතිය

    මොරගහකන්ද ජලාශය මෙරට වසර 30 කට පසු ඉදිවන විශාලතම ජලාශය යි. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. අක්කර අඩි 463000 ක් විශාල මේ ජලාශය මොරගහකන්දේ සිට නාවුල දක්වා වර්ග කිලෝමීටර් 30 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී යයි.

    මෙය රජරට නැ‍ඟෙනහිර හා මාතලේ දිස්ත්‍රික්කවල ජල හිඟයට කදිම විසඳුමක් දෙන නව ව්‍යාපෘතියකි. මාතලේ අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අවශ්‍යතාවලට වාරි ජලය හා පානීය ජලය ලබාදෙන මේ නව ව්‍යාපෘතිය මොරගහකන්ද – කළුගඟ බහු කාර්ය සංවර්ධන ව්‍යාප‍ෘතියයි.
    රටටම සම්පත් කන්දක් ගෙනෙන මොරගහකන්ද ව්‍යාපෘතිය දැන් මධ්‍යම පළාතේ මාතලේ ඇලහැර හා ලග්ගල ප්‍රදේශවල වේගවත් ලෙස ක්‍රියාවට නැංවෙමින් තිබේ.
    මහවැලි මහ සැලැස්ම යටතේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට මූලික සැලසුම් තිබුණත් එය ඉදිනොවී තිස් වසරක් තිස්සේ සිහිනයක් ලෙස පමණක්ම පැවතිණි. පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත්වීම උනන්දුව මත අද ඒ සිහිනය යථාර්ථයක් බවට පත්වී තිබේ.

    මෙරට ආර්ථික විශේෂඥයන් පවසන පරිදි මෙරට ක්‍රියාවට නංවන විශාලතම කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය ලෙසත් මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහු කාර්ය ව්‍යාපෘතිය ලෙසත් මෙය හැඳින්වීමට පුළුවන.
    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස 2007 දී මෙය ඇරැඹූ නමුත් එය පසු කාලයේදී මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ ඉතා සෙමින් ය.
    මේ ව්‍යාප‍ෘතිය යළි වේගවත් කිරීම් මූල්‍ය ප්‍රතිපාදන සමඟ රජයේ පූර්ණ අවධානය යොමු වූයේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි මාසයේ රටේ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව ය. ඒ අනුව එතුමා පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න හා ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් යන මහත්වරුනට උපදෙස් හා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්නා අයුරු පෙන්වා දෙමින් ව්‍යාපෘතියේ ඉදිරි ගමන වේගවත් කිරීමට ක්‍රියා කළේ ය. මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම හා ව්‍යාපෘතියේ විවිධ ඉදිකිරීම් මාර්ග පද්ධතිය විවෘත කිරීම පසුගිය දෙසැම්බර් මාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් සිදුවිය. කළුගඟ ව්‍යාපෘතිය මහ වේල්ල මත නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (25 වැනිදා) සිදු කිරීමට ද නියමිත ය.
    මේ අනුව බලන විට ඉපැරැණි මානව ශිෂ්ටාචාරයකට පදනම සැලසූ නකල්ස් මිටියාවතේ අඹන් ගඟ – කළුගඟ ද්‍රෝණියේ සැඟව ඇති අපමණක් පුරාවෘත්තිය සමඟින් නව මානව ශිෂ්ටාචාරයක අපූරු උපතක් දැන් සිදුවෙමින් පවතී.
    එම උපත සමඟ ජන්ම ලාභය ලබන්නේ නව සංවර්ධන ශිෂ්ටාචාරයක නවෝත්පාදන ආර්ථික‍යකි. එය අනාගතය විසින් හඳුන්වනු ඇත්තේ ‘මොරගහකන්ද කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපාරය පරපුරක් දුටු ආශ්චර්යයේ සිහිනය’ ලෙසය. කෙනෙකු දුටු සෑම සිහිනයක්ම සැබෑ නොවේ. නමුත් අධිෂ්ඨානශීලී මිනිස්සු නමින් දුටු සිහින සැබෑ කරන්නට ප්‍රබල උත්සාහය යෙදෙති. මේ අනුව මේ මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මඟින් කරන මේ රටේ සංවර්ධන කාර්යයේ ප්‍රධාන නියමුවා හා මෙහෙයුම්කරුවා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

    වස්සාන කාලයෙහිදී අඹන්ගඟ ඔස්සේ මහ මුහුද වෙත ගලා යන මහා ජලස්කන්ධය මොරගහකන්ද ජලාශයේත්, කළුගඟ ඔස්සේ ගලා එන ජල කඳ කළුගඟ ජලාශයේත් රැස් කොට රජරට ජනතාව කාලාන්තරයක් තිස්සේ මුහුණදුන් ජල හිඟය දුරලීම මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙයි.
    මොරගහකන්ද කළුගඟ ජලාශයන්ට එක්වන ජල කදින් අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි කෙත් බිම් හෙක්ටයාර් 87.499 ක් දෙකන්නයේ වගා කිරීමට අවශ්‍ය ජල පහසුකම් නොඅඩුව සැපයීමට හැකිවනු ඇත. මේ ජලය ගෙන යාම පිණිස ඉහළ ඇලහැර ඇළ ඉදිකරනු ලැබේ.
    මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව, නාච්චදූව, නුවර වැව, හුරුළු වැව, පදවිය, වාහල්කඩ, මහකනදරාව හා මානන්කට්ටිය යන වැව් ද පොලොන්නරු දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ හා කවුඩුල්ල යන වැව් ද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ හා වෙන්ඩරාසකුලම් යන වැව් ද මාතලේ දිස්ත්‍රික්කයේ කන්දලම හා දඹුළුඔය යන වැව් ද මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අමතර ජල පහසුකම් ලබනු ඇත.
    මීට අමතරව මහවැලි – මොරගහකන්ද කලාපයට (ඇලහැර යෝධ ඇ‍ෙළන් පෝෂණය වන ඇලහැර බකමූණ ප්‍රදේශය) හුරුළු පෝෂිත ඇළ මඟින් පෝෂණය වන ප්‍රදේශයට හා කළුගඟ නිම්නයේ අලුතෙන් සංවර්ධනය කැරෙන ප්‍රදේශයට මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියෙන් සෙත සැලසේ.
    අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි ගෘහස්ත පාරිභෝජනය හා කර්මාන්ත සඳහා වන ජල අවශ්‍යතා සපුරාලීම ද මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතිශය වැදගත් අරමුණක් වෙයි. මෙම දිස්ත්‍රික්ක හතරෙහි දැනට එක් දිනයක ගෘහීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සපයන ඝන මීටර් 78,816 ක් වූ ජල ප්‍රමාණය මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා දිනකට ඝන මීටර් 253310 දක්වා වර්ධනය කරලීමට හැකිවනු ඇත.
    මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වාරි සංකීර්ණයකි. එබැවින් ම එය එකිනෙක හා බැඳුන ඉදිකිරීම් මහත් ගණනාවකින් සමන්විත වේ. බෝවතැන්න ජලාශයේ සිට මහවැලි ජලකඳ රජරටට යොමු කෙරෙන බෝවතැන්න ලෙනදොර උමඟ හා සමාන්තරව තවත් උමගයක් කැණ, බෝවතැන්නෙන් රජරටට හැරවෙන ජලකඳ ප්‍රවර්ධනය කිරීම ද මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අංගයක් වෙයි. මෙම සමාන්තර උමගය දිගින් කිලෝමීටර් 7.2 ක් වෙයි.
    මේ ව්‍යාපෘතිය යටතේ ඉදිවන විශාලතම ජලාශය මොරගහකන්ද ජලාශයයි. මාතලේ හා පොළොන්නරුව මායිමේ ඇලහැර ප්‍රදේශයේ ඉදිවන මේ ජලාශය මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා ජලාශය වේ. මෙරට ජලාශ අතර ප්‍රථම තැන ගන්නේ අම්පාර සේනානායක සමුද්‍රයයි. දෙවැන්න රන්දෙනිගල වන අතර තෙවැන්න වික්ටෝරියා වේ. කෙසේ වෙතත් මොරගහකන්ද ජලාශය මෙරට වසර 30 කට පසු ඉදිවන විශාලතම ජලාශය යි. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. අක්කර අඩි 463000 ක් විශාල මේ ජලාශය මොරගහකන්දේ සිට නාවුල දක්වා වර්ග කිලෝමීටර් 30 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී යයි.
    මොරගහකන්ද ජලාශය නිර්මාණය කෙරෙන්නේ ඇලහැර පෞරාණික අමුණට කිලෝමීටර් 2 ක් පමණ ඉස්මත්තේදී අඹන් ගඟ හරහා වේල්ලක් බැඳීමෙනි. එය මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල වන අතර ඒ හා සමඟ තවත් උපවේලි (සැදලි වේලි) දෙකක් ඉදිකෙරෙන්නේ ජලාශයේ එක්වන ජලය කඳු විවර අතරින් ගලා යෑම වැළැක්වීමට ය. ප්‍රධාන වේල්ලේ ඉදිකිරීම්වලින් සියයට 50 ක් පමණ අවසන් වී ඇත.
    අඹන් ගඟ හරහා ඉදිකෙරෙන ප්‍රධාන වේල්ල මුළුමනින් ම කොන්ක්‍රීට් වලින් ඉදිකෙරෙනු ඇත. උසින් මීටර් 61.3 ක් වන මෙම වේල්ලේ දිග මීටර් 420 කි. මුදුනත පළල මීටර් 08 කි.
    ගල් පිරවීමෙන් තැනෙන අංක 1 සැදලි වේල්ල උසින් මීටර් 58 ක් වන අතර දිගින් මීටර් 370 කි. මුදුනත පළල මීටර් 08 කි. මෙහි ඉදිකිරීම් 80% ක් අවසන් ය.
    අංක 2 සැදෑල වේල්ලේ උස මීටර් 21 කි. මීටර් 374ක දිගින් යුත් මෙම වේල්ලේ මුහුණත පළල මීටර් 7 කි. පස් පිරවීමෙන් තැනෙන මෙම වේල්ලේ ඉදිකිරීම් කටයුතු දැන් අවසන් වී ඇත.
    මොරගහකන්ද ප්‍රධාන වේල්ල අඹන් ගඟ හරස් කිරීමට පමණක් යොදා ගන්නා අතර මෙහිදී ඉදිවන අංක 1 සදැලි වේල්ල ආශ්‍රිතව ව්‍යාපෘතියේ වැදගත් නිර්මිත රැසක් ඉදිවෙන බව ද ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ විජයරත්න මහතා පවසයි.

    ඒ අනුව මෙගා වොට් 25 ක ජල විදුලි බලාගාර‍ය ඊට ජලය ලබාදෙන ප්‍රධාන නළ මාර්ග හතර, පිටවාන මඩ සොරොව්ව ආදිය ද මේ සදෑලි වේල්ල ආශ්‍රිතව දැන් ඉදි කරමින් සිටිති. ඊට අමතරව ජල විදුලි බලාගාරයෙන් පිටවන ජලයෙන් කොටසක් ඉහළ ඇළහැර නව ඇළට යොමු කරනු ලබන්නේ ද මොරගහකන්ද සදැලි වේලි අංක 1 මඟිනි. ඊට අමතරව අඹන් ග‍ඟේ පහළ ප්‍රයෝජනය ද ජලය යැවීම මෙම වේල්ල මඟින් සිදු කෙරේ. මේ පිටවානේ අරීය ගේට්ටු 5 ක් ඉදිකරන අතර ඉන් තත්පරයකට ජලය ඝන අඩි 4085 ක් උපරිම පිටකිරීමට හැකියාව ඇත.
    මේ සියලු කටයුතුවලින් සියයට 80 ක් පමණ අවසන් වී ඇති අයුරු අප කළ නිරීක්ෂණ චාරිකාවකදී පැහැදිලි විය.
    ඊට අමතරව සැදෑලි වේල්ලේ විදුලි බලාගාරයෙන් පිටවන ජලය පිටවන ඉහළ ඇළහැර නව ඇළ කිලෝමීටර් 35 ක් දුරට අනුරාධපුරය දක්වා මේ ව්‍යාපෘතිය මඟින් අලුතින් ඉදිකරනු ලැබේ. රජරට වැට් පෝෂණය කිරීමට නව දියවර ලැබෙන්නේ මේ අලුත් ඇළ මාර්ගය මඟිනි.‍
    මෙම ව්‍යාපෘතියේ අනෙක් ප්‍රධාන කාර්යය කළුගඟ වේල්ල හා ජලාශය ඉදිකිරීමයි. මේ කළුගඟ වනාහි අඹන් ගඟ පෝෂණය කරන අතු ගංගාවකි. එය ගලා එන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ සිට ය. කළුගඟ ලග්ගල ප්‍රදේශයේදී මීටර් 67 ක් උස වේල්ලක් මඟින් හරස්කර නව ජලාශයක් යැදීම මෙහිදී කරනු ලැබේ. පරාක්‍රම සමුද්‍රය මෙන් දේශගුණයක් විශාල මේ ජලාශයේ ඉදිකිරීම්වලින් දැන් සියයට 35 ක් අවසන් වී තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ තෙන්නකෝන් මහතා පවසයි.
    ම්බර (නකල්ස්) කඳුවැටියෙන් ඇරඹී අඹන් ගඟට වැටෙන කළුගඟ හරහා වත්මන් පල්ලේගම නගරයට කිලෝ මීටර් 10ක් පමණ උතුරු දෙසින් ප්‍රධාන වේල්ල ද නැ‍ඟෙනහිර දෙසින් සැදෑලි වේල්ලක් ද ඉදිකිරීමෙන් කළුගඟ ජලාශය නිර්මාණය වෙයි.
    කළුගඟ ජලාශයෙන් ප්‍රධාන වේල්ල ගල් පිරවීමෙන් නිර්මාණය වනු ඇත. එය උසින් මීටර් 67 ක් වන අතර දිගින් මීටර් 568කි. මුදුනත පළල මීටර් 08 කි. සැදෑල වේල්ල ගල් පිරවීමෙන් නිර්මාණය කෙරෙනු ඇත. එය දිගින් මීටර් 719 කි. උසින් මීටර් 28 කි. මුදුනත පළල මීටර් 08 කි.
    කළුගඟ ජලාශයේ පිටවාන පළලින් මීටර් 8.5 ක් ද උසින් මීටර් 7.8 ක් ද වන අරිය දොරටු 3 කින් සමන්විත වෙයි.‍
    කළුගඟ හරහා ඉදිකැරෙන ප්‍රධාන වේල්ලෙන් හා ‍උපවේල්ලෙන් නිර්මාණය වන කළුගඟ ජලාශයේ පූර්ණ ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ දෙසිය හැට හයකි. අක්කර අඩි 216000 කි.
    කළුගඟ ජලාශය ඉදිකැරෙන්නේ ප්‍රධාන වශයෙන් මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි. ඒ හැරුණුවට මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා කළුගඟ දකුණු ඉවුර හා වම් ඉවුර ද සංවර්ධනය කෙරේ. මෙසේ සංවර්ධනය කෙරෙන හෙක්ටයාර් 7800 ක ප්‍රදේශයට අවශ්‍ය ජලය සැපයෙන්නේ ද කළුගඟ ජලාශයෙනි.
    කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත ගෙන යනු ලබන්නේ කළුගඟ ජලාශයේ සිට තැනෙන දිගින් කිලෝමීටර් 9 ක් වූ ඇළ මාර්ගයකින් හා දිගින් කිලෝ මීටර් 3 ක් ව‍ූ උමං මාර්ගයකින් කඹරාව ඔයට යොමු කිරීමෙනි.
    නැවත පදිංචි කෙරෙන ප්‍රදේශ මහවැලි ‘එෆ්’ කලාපය ලෙසින් නම් කොට අන් මහවැලි ජනාවාසයන් මෙන් ම සියලු පහසුකම් සහිතව ඉක්මනින් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.‍
    කළුගඟ ජලාශයට යටවීමට නියමිත පල්ලේගම නගරය වෙනුවට ලග්ගල නව නගරය ඉදිකිරීමේ කටයුතු දැනට අවසන් කර තිබේ. නව නගරයේ රෝහල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය, විද්‍යාලයය ආදී පොදු සේවාවන් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම් දැනටමත් අරඹා තිබේ. ඒ සඳහා වියදම මිලියන 100 කි.
    මීට අමතරව වැල්ලේවෙල හා ගුරුවෙල යන කොට්ඨාස මධ්‍යස්ථානයන් හා තෝරපිටිය හා මා ඔය යන ග්‍රාමීය මධ්‍යස්ථානයන් සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද මේ වනවිටත් ඉදිකොට නිම කිරීමට ආසන්නව පවතී.
    මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන තවත් අතිශය වැදගත් කාර්ය භාරයක් වන්නේ මැදිරිගිරිය (කවුඩුල්ල වම් ඉවුර) සංවර්ධනයයි.
    මැදිරිගිරියට සෞභාග්‍යයෙන් පිරිපුන් යුගයක් උදාකරන මේ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1200 ක් වැයවෙතැයි අපේක්ෂිත ය.

    දස වසරක් තුළ නිම කිරීමට සැලසුම්කොට ඇති මැදිරිගිරිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් දොළොස් දහසක් පදිංචි කිරීමට නියමිත ය.
    මැදිරිගිරිය ජනාවාසකරණ වැඩසටහන යටතේ නැවත පදිංචි කැරෙන ගොවි පවුලක් සඳහා වාරිමාර්ග පහසුකම් සහිත කුඹුරු අක්කර එකහමාරක් හා ගෙවත්ත සඳහා අක්කර බාගයක් ද ලබාදෙනු ලැබේ. මෙම නව ජනාවාසයන්ට මාර්ග, අධ්‍යාපන, පානීය ජලය, සෞඛ්‍ය, රජයේ කාර්යාල, විදුලි දුරකථන ආදී සෑම පොදු පහසුකමක්ම සැපයීමට ද කටයුතු යොදා තිබේ.
    මැදිරිගිරියේ නව ගොවි බිම සඳහා අවශ්‍ය වාරිමාර්ග ජල සම්පාදනයට වැව් 32 ක් ඉදිකෙරේ. මැදිරිගිරි සංවර්ධනයේ අතිශය වැදගත් අංගයක් වන්නේ බිසෝපුර නව නගරයයි. බිසෝපුර නව නගරයේ ඉදිකිරීම් දැන් වේගවත් කර ඇත.
    බිසෝපුර නගරයේ විශේෂත්වයක් වන්නේ නගරයකට අවශ්‍ය සෑම අංගෝපාංගයකින් ම සමන්විතව ඉදිකිරීම ය.
    මැදිරිගිරිය – ත්‍රිකුණාමලය යෝජිත නව අධිවේගී මාර්ගය ද බිසෝපුර ඔස්සේ ඉදිකෙරේ. ඉන් ත්‍රිමලයට පොළොන්නරුවේ සිට දුර කිලෝ මීටර් 84 කින් අඩ‍ුවේ.
    මොරගහකන්ද හා කළුගඟ ජලාශයන්ට යටවීමට නියමිත මාර්ග වෙනුවෙන් නව මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ආරම්භ කරන ලද අතර දැන් නිමවෙමින් පවතී. මීට අමතරව නව සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදිකිරීමේ කටයුතු ද ක්‍රියාත්මක කර තිබේ.
    නාවුල – ඇලහැර මාර්ගයේ මොරගහකන්ද ජලාශයෙන් යටවීමට නියමිත මාර්ග කොටස වෙනුවෙන් ඉදිකැරෙන කූඹියන්ගඟ ඇල – මොරගහකන්ද මාර්ගය, මෙම මාර්ග සංවර්ධන කටයුතු අතර වැදගත් ස්ථානයක් ගනී. රුපියල් මිලියන 72 ක වියදමින් කිලෝමීටර් 13.5 ක් දිගට ඉදිවන මේ නවීන මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිටත් අවසන් ය. මොරගහකන්දේ දී අඹන්ගඟ හරහා ඉදිකැරෙන යෝධ පාලම ඇතුළු පාලම් 06 ක් ද කුඩා පාලම් 30 ක් ද මේ මාර්ග ව්‍යාපෘතියට අයත්ය.
    පල්ලේගම – හෙට්ටිපොළ මාර්ගයේ කළුගඟ ජලාශයෙන් යටවන කොටස වෙනුවට වැල්ලේවෙල සිට ගුරුවෙල දක්වා නව මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ද දැනටමත් අවසන් කර තිබේ. දිගින් කිලෝමීටර් 10 ක් පමණ වන මෙම මාර්ග ව්‍යාපෘතිය යටතේ විශාල පාලම් 4 ක් හා කුඩා පාලම් 40 ක් ද ඉදිකිරීමට නියමිත ය.
    මොරගහකන්ද – කළුගඟ සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ඉහළ ඇලහැර ඇළ සංවර්ධනයටත් වැයකරන මුළු මුදල රුපියල් කෝටි 15000 ක් පමණ වනු ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම කෘෂිකාර්මික හා බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද මෙය වේ.
    මෙය රටේ ලක්ෂ 12 කට අධික පිරිසකට ඍජු ප්‍රතිලාභත් පොදුවේ මුළු රටේ ම ජනතාවට වක්‍ර ප්‍රතිලාභත් ලබාදෙන මහා ව්‍යාපෘතියකි.‍ මෙරට ක්‍රියාත්මක බහු කාර්ය යෝජනා ක්‍රමවලින් මෙය දෙවැනි වන්නේ මහවැලි ව්‍යාපාරයට පමණි. ඒ අනුව මෙය ඉදිකිරීම මෙන් ම සුරැකීම යන කාර්යයනට අත හිත දීම රටවැසි සැමගේ යුතුකමකි.

    source

    http://sinhalanews.readsrilanka.com/archives/42105 නිහාල් පී. අබේසිංහ

    Edited

    යකුනේ දේශපාලකයොන්ට කඩේ යන්න නෙමෙ මෙක දැම්මේ. මහින්ද මෙෙත්‍රිද කියලා අදාල නෑ රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවනමි ඒචිචරයි. අහින්සක මිනිස්සුන්ගේ බදු සල්ලි (ණය අරන් කරත් ඒවා ගෙවන්නේ රටෙි මිනිස්සු මහින්දවත් මෙෙත්‍රිදවත් නෙමෙයි) අායොජනයට හොද ප්‍රතිලාභයක් රටට ලැබෙනවනමි කවුරු පටන් ගත්තත් කවුරු ඉවර කරත් රටට හොදයි බොලවු
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113

    Moragahakanda Dam
    From Wikipedia, the free encyclopedia
    Moragahakanda Dam
    Moragahakanda Dam is located in Sri Lanka Moragahakanda Dam
    Location of Moragahakanda Dam in Sri Lanka
    Country Sri Lanka
    Coordinates 07°42′17″N 80°46′59″ECoordinates: 07°42′17″N 80°46′59″E
    Purpose Power
    Status Under construction
    Construction began 25 January 2007
    Opening date 22 July 2016
    Owner(s) Mahaweli Authority
    Dam and spillways
    Type of dam Gravity dam
    Impounds Amban River
    Height (foundation) 65 m (213 ft)
    Reservoir
    Creates Moragahakanda Reservoir
    Active capacity 521,000,000 m3 (1.84×1010 cu ft)
    Normal elevation 185 m (607 ft)
    Power station
    Operator(s) CEB
    Installed capacity 25 MW
    The Moragahakanda Dam is a large gravity dam, and the main component of the larger and more complex Moragahakanda — Kalu Ganga Project, currently under construction across the Amban River at Elahera, in the Matale District of Sri Lanka. Construction of the project was launched by President Mahinda Rajapaksa on 25 January 2007.[1]

    The larger combined project involves the construction of the Moragahakanda Dam and Reservoir, along with the separate Kalu Ganga Dam and Reservoir, for irrigation and power generation purposes. Both these sites would be located approximately 10 km (6.2 mi) apart.[2]

    The total development cost for both sites totals to approximately Rs. 48.145 billion (approximately US$370 million) and is being carried out by SMEC Holdings and Sinohydro.[3][4][5]

    Contents [hide]
    1 Dam and reservoir
    2 Primary uses
    2.1 Irrigation
    2.2 Inland fishing
    2.3 Water supply
    2.4 Power generation
    3 Roads and bridges
    4 See also
    5 References
    6 External links
    Dam and reservoir[edit]
    The Moragahakanda Dam, will be a 65 m (213 ft) high gravity dam. The dam will create the Moragahakanda Reservoir, which will have an active storage capacity of 521,000,000 m3 (1.84×1010 cu ft) of water,[6] at a surface elevation of 185 m (607 ft).[7]

    Two additional embankment saddle dams will also be build to contain the Moragahakanda Reservoir. The reservoir of the Kalu Ganga Dam will be linked via tunnel.[1][7]

    Primary uses[edit]
    Irrigation[edit]
    Water from both, the Moragahakanda and Kalu Ganga reservoirs, will be primarily used to support agricultural needs to an area of at least 81,422 ha (814.2 km2). This will increase rice production by 81% or 109,000 t (240,000,000 lb), amounting to an estimated monetary benefit of US$1.67 million, annually.[6]

    Inland fishing[edit]
    The reservoirs would also create a source of inland fishing, generating approximately 4,700 t (10,400,000 lb) or the monetary equivalent of US$1.67 million, annually.[6]

    Water supply[edit]
    Along with the reservoir of the Kalu Ganga Dam, an increase of 64,000,000 m3 (2.3×109 cu ft) of potable and industrial water supply could be ensured by 2032, to regions including Matale, Anuradhapura, Trincomalee, and Polonnaruwa.[6]

    Power generation[edit]
    Water from the Moragahakanda Reservoir will be used to power the 25-megawatt Moragahakanda Hydroelectric Power Station, also currently under construction. The substitution of this hydropower with traditional fossil fuel power generation is estimated to save up to US$ 2.49 billion annually.[6]

    Construction of the power station costs US$382 million, with an IRR of 22%.[7]

    Roads and bridges[edit]
    The construction of the dam and reservoir also required the construction of multiple access roads and rerouting of existing main roads, as well as the construction of the 300 m (984 ft) long Moragahakanda Bridge costing Rs. 308 million.[8]

    See also
    https://en.wikipedia.org/wiki/Moragahakanda_Dam

    :confused::confused::yes::yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    දස වසරක් තුළ නිම කිරීමට සැලසුම්කොට ඇති මැදිරිගිරිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් දොළොස් දහසක් පදිංචි කිරීමට නියමිත ය.

    12000 Kohen Geneida?

    Uthurenda? Nagenahirenda? :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13769369_1635679700081592_4869996350008077880_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා

    from a web comment
     
    • Like
    Reactions: erozan

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka my3 awama nathara karanawa kiwwa neda? Kisima environmental report eka nathuwa patan gathu nisa jala upath sidila kiwwe? Oka moda project ekak gewal kadila kiwwa parasara haniya eishalai kiwwa . My3 pala kamathi une na kiwwa e dawas walath oka patan gaddi oarisara haniya nisa:baffled: aneee manda oii dan kiyanawa ulu patan gathe ugelu salasma
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oka my3 awama nathara karanawa kiwwa neda? Kisima environmental report eka nathuwa patan gathu nisa jala upath sidila kiwwe? Oka moda project ekak gewal kadila kiwwa parasara haniya eishalai kiwwa . My3 pala kamathi une na kiwwa e dawas walath oka patan gaddi oarisara haniya nisa:baffled: aneee manda oii dan kiyanawa ulu patan gathe ugelu salasma

    E oka newei ban. Uma oya thamai nawaththanawa kiwwe
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මුලු රට වැඩ බිමක නව සිතියම් ඇන්ද
    දස වසරක් පුරා කළ කී වැඩ කන්ද
    බොරුවෙන් වසා හංගන්නට පුලුවන්ද
    අපි දන්නවා කාගෙද මොරගහ කන්ද

    මංගල දියවරට දෝතින් නිධන් තියා
    අයිතිය කියන්නට පෙර සිරිසේන ඔයා
    හිතවත් මහින්දට ඇරයුම් පතක් ලියා
    කිව මැන රජුනි! දැන් වැඩ අහවරයි කියා

    from a web comment

    karai men kiyl:lol:.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    E oka newei ban. Uma oya thamai nawaththanawa kiwwe

    okath kiwwa ara namal go hotel ekak kiyala hambantota ekak kiwwa okath ekkama u iye pereda ghin eka open karala awill kiyanawa u china walin genapu project ekak lu ekaa ehe gihin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද සල්ලි හොයල සැලසුම් කරල හදපු මොරගකන්ද ජලාශය, වද *න්නයයි නිවට සිරයි රෙද්ද නැතුව ගිහින් විවෘත කරන්ඩ හදනව.:lol: පව් යකො පාන්ඩුව හොරා හොරා කියපු මනුස්සයගෙ දේවල්වලට වචාවෙන් නම දාගෙන, රෙදි නැතුව රට ඉස්සරහ බලු වෙනව.:confused::confused::confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    වසර 60 ක් තිස්සේ සාකච්ඡා අධ්‍යයනවලට පමණක් සීමාවී තිබු ලංකාවේ විශාලම කෘෂි ව්‍යාපෘතිය,
    ''මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය''
    මහින්ද චින්තනය යටතේ 2007 ජනවාරි 25 නැවත පටන් අරන් මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 8 එළියට බැහැලා යනකොට 75%ක් ඉවර කරලා තිබ්බා.
    දැන් රූපවාහිණියේ දැන්වීම් දානවා අවසාන වශයෙන් ජලාශය පතුලේ නිධන් වස්තු තැම්පත් කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට අනිත්දා දවසක පැවැත්වෙනවා කියලා.
    කොහොමත් මුන් දන්නේ අනුන් හදපුවා විවෘත කරන්න විතරම තමයි !!!
    ඒ ඇරෙන්න මුන්ට අලුත් දෙයක් තමන්ගේ පාලන කාලයේදී ජනතා අයිතියට පවරන්න ලැබෙන්නේ නැහැ කියන එකනම් ස්ථිරයි !

    fb