මොරිස්_මයිනර්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොරිස් මයිනර් හැදූ එංගලන්තයටත් අමතර කොටස් යවන ගාල්ලේ මොරිස් මයිනර් වැඩපළ . . .
    Morris Minor Workshop in Sri Lanka . . .

    o0xgn6.jpg

    මේ ලිපියෙන් කියවෙන්නේ එංගලන්තය ඇතුළු අනිකුත් යුරෝපා රටවල් සහ මොරිස් මයිනර් රථ භාවිතා කරන අනිකුත් රට වල් සඳහා අදටත් මොරිස් මයිනර් අමතර කොටස් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ දකුණු . පලාතේ ඇති ලොකයේ එකම මොරිස් මයිනර් අමතර කොටස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගැනයි. සමහර විට ඔයාලා මේක මීට කලින් කියවාලා තියෙන්න පුළුවන්, එහෙම නැත්තන් එලකිරි එකේ කව් රු හරි කලින් පල කරලා තියෙන්නත් පුළුවන්, එත් ඒ එකක්වත් නොදැකපු අය වෙනුවෙන් මම මේක පොස්ට් කරන්නේ, රීපොස්ට් නම් කරුණාකර සමාව භජනය කරනු මැන. උපුටා ගැනීම අන්තරජාලය ඇසුරෙනි.

    එංගලන්තය ලංකාවට ක්‍රිකට් ඉගැන්නුවේය. ලංකාව එංගලන්තයට වඩා හොඳට ක්‍රිකට් ගසා පෙන්වීය. මේ ගුරුගෝල මාරුව අද ඊටත් එහා ගොස් තිබේ. ඒ ක්‍රිකට් ලෙසින්ම ලංකාව එංගලන්තයට ‘මොරිස් මයිනර්’ හදන හැටිද කියා දී ඇති හෙයිනි.

    vinzfc.jpg[

    අභියෝග බාර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ නොතිත් උනන්දුවකි. එම නිසාම ලොව පුරා නමක්‌ දිනා ගැනීමට මෙම පුංචි කොදෙව්වට හැකි වී ඇත. මොරිස්‌ මයිනර් කාර්වල අනාගතය පිළිබඳව පසු කාලයේ ලියවෙන්නේද එවැනි අභියෝගාත්මක කතාවකි.

    මෝටර් රථ නිෂ්පාදනයෙහිලා ප්‍රමුඛතම නමක්‌ දිනාගෙන සිටි බ්‍රිතාන්‍ය මෝටර් රථ සමාගම ස්‌වකීය අභිමානයෙන් ලොවට දායාද කළ මොරිස්‌ මයිනර් මෝටර් රථය එකළ ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත විය. එය 50-60 දශකවලදී ලොවේ වඩාත් ඉල්ලුම් සහිත මෝටර් රථය බවට පත්වී තිබිණි. ශ්‍රී ලංකාවට ද මෙම සුපිරි මෝටර් රථයක්‌ පළමු වරට ආනයනය කරන ලද්දේ 1951 දීය. ඒ වන විට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් දේශපාලන නිදහස ලැබුවා පමණි. සියවස්‌ එකහමාරකටත් අධික කාලයක්‌ මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන්ට මොරිස්‌ මයිනර් කාර්එක මේ රටේ පහසුවෙන් ජනප්‍රිය කිරීමට ද හැකි විය. රියෑදුරු ඇතුළු සිව් දෙනකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි වූ එම කුඩා මෝටර් රථය එකල "පවුලේ වාහනය" බවට ද පත් විය. එමෙන්ම බොහෝ දෙනකුගේ ජනප්‍රියම කුලී රථය බවට ද මෙම මෝටර් රථය ප්‍රචලිත විය.

    එකල ශ්‍රී ලංකාවේ දී රුපියල් 6990 කට මොරිස්‌ මයිනර් රථයක්‌ අලෙවි කෙරිණි. හිටපු අගමැති විජයානන්ද දහනායක මහතාගේ ද නිල රථය බවට පත් වූයේ ද මෙම මෝටර් රථයකි. ඉතා ජනප්‍රිය මෙම මෝටර් රථය එකළ දිවයින පුරා බොහෝ ප්‍රචලිත වී තිබිණි.

    2wp32q9.jpg

    ශ්‍රී ලංකාවට මෙවැනි මොරිස්‌ මයිනර් කාර් 8000 කට ආසන්න සංඛ්‍යාවක්‌ ආනයනය කොට තිබේ. එමෙන්ම එය ලොව පුරා ලක්‌ෂ 16 ක්‌ පමණ අලෙවි වී ඇති බවද පැවසේ. එහෙත් 1964 න් පසුව බ්‍රිතාන්‍ය මොරිස්‌ මයිනර් කාර් නිෂ්පාදනය කළේ නැත. ජපන් මෝටර් රථ ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම නිසා මොරිස්‌ සඳහා වූ ඉල්ලුම් පහත වැටුණි. බ්‍රිතාන්‍යය මොරිස්‌ මයිනර් කාර් හෝ අමතර කොටස්‌ නිෂ්පාදනය නතර කිරීම නිසා එම කාර් තවදුරටත් ධාවනය කිරීමේ අභියෝගයක්‌ ඇති විය. ඒ සඳහා යම් පමණකට හෝ සහාය වූයේ 1979 දී බ්‍රිතාන්‍යයේ බාත් නුවර දී ආරම්භ කරන ලද "චාල්ස්‌ වෙයාර් මොරිස්‌ මයිනර් සෙන්ටර්" නමැති ආයතනයයි. එය කාර් අලුත්වැඩියාව සහ නවීකරණය අරමුණු කරගත් ව්‍යාපාරයකි එහෙත් ඊට චැසි කොටස්‌ ආදිය නිෂ්පාදනය සිදු කරමින් මොරිස්‌ මයිනර් කාර් තවත් කාලයක්‌ යනතුරු ලොව පුරා ධාවනය කරවීමේ අභියෝගයට මුහුණ දීමට නොහැකි විය.

    දකුණේ උපන් ශ්‍රී ලාංකිකයකුට එම දැවැන්ත අභියෝගය භාර වූයේ ඉන් පසුවය. අකැමැත්තක්‌ නැතිවම මොරිස්‌ මයිනර් මෝටර් රථය සඳහා අවශ්‍ය චැසි කොටස්‌ නිෂ්පාදනය කිරීමේ අභියෝගය ඔහු භාර ගත්තේය. ඒ සඳහා සුදුසු තාක්‌ෂණයක්‌ තබා ශ්‍රම ශක්‌තියක්‌වත් නොමැතිව ආරම්භ කළ එම නිෂ්පාදන කටයුතු සුදු ජාතිකයන්ගේ ද නිරන්තර පැසසුමට ලක්‌විය. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාව ගැන ඔවුහු යළි යළිත් පුදුමයෙන් කතා කළහ.

    28cqadw.jpg

    ගාල්ලේ බටදූව උපන් ධනපාල සමරසේකර මහතා උපතින්ම යමක්‌කමක්‌ ඇතිව සිටියේය. මොරිස්‌ මයිනර් මෝටර් රථ අමතර කොටස්‌ නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට පෙර ධනපාල සමරසේකර මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවය කළේය. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහු අවුරුදු ගණනාවක්‌ම බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටියේය. බ්‍රිතාන්‍යයේ තිබූ "චාල්ස්‌ වෙයාර් මොරිස්‌ මයිනර් සෙන්ටර් ආයතනයේ" හිමිකරු වූ චාල්ස්‌ වෙයාර් මහතා මිත්‍රයකු ලෙස ඇසුරු කිරීමට එහි දී ධනපාල මහතාට හැකි විය. ඒ මිතුරුකම නිසා ධනපාල මහතාට මොරිස්‌ මයිනර් කාර් පිළිබඳ උනන්දුවක්‌ ඇති විය. අමතර කොටස්‌ නිෂ්පාදනය කොට චාල්ස්‌ වෙයාර් සමාගමට අපනයනය කරන්නට ද මෙම මිත්‍ර ගිවිසුම හේතු විය.

    ශ්‍රී ලාංකික ශිල්පීන්ගෙන් සමන්විත කාර්ය මණ්‌ඩලයකින් 1991 අප්‍රේල් මස 20 වැනිදා ගාල්ල, උඩුගම පාර, බටදූව ඩියුරබල් කාර්ස්‌ ලංකා පුද්ගලික සමාගම හෙවත් "මොරිස්‌ මයිනර් සෙන්ටර්" නමින් එම නිෂ්පාදන ආයතනය ආරම්භ කරන ලදී. එය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඩේවිඩ් ග්ලැඩ්ස්‌ටන් මහතා ද සහභාගි විය.

    බටදූව මොරිස්‌ මයිනර් සෙන්ටර් හි නිෂ්පාදනය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඩබ්. ඒ විමලසිරි මහතාය. මොරිස්‌ මයිනර් කාර් ශ්‍රී ලංකාවට ආනයනය කළ කාලයේ සිට ඔහුට ඒ පිළිබඳ හොඳ දැනුමක්‌ ඇත. මෙම ආයතනයේ දී සිදු කෙරෙන නිෂ්පාදනය පිළිබඳ ඔහු මෙලෙස ප්‍රකාශ කරයි.

    opcwpf.jpg

    "මොරිස්‌ මයිනර් කාර්" සඳහා අවශ්‍ය කොටස්‌වලින් අපි 65% විතරක්‌ම නිෂ්පාදනය කරනවා. එන්ජිම නිෂ්පාදනය කරන්නේ නැහැ. ඊට අවශ්‍යතාවක්‌ නැහැ. එන්ජිම හොඳයි. චැසිවල උඩ කොටස්‌ දැන් තිබෙන වාහනවලට වඩා කිහිප ගුණයක්‌ම ශක්‌තිමත්. තවත් කාලයකට ඔරොත්තු දෙනවා. ඒ නිසා අපි චැසියේ තෙල් ටැංකියේ සිට යට කොටස්‌ තමයි බහුල වශයෙන් නිෂපාදනය කරන්නේ.

    බටදුව මොරිස්‌ මයිනර් ආයතනයේ එම කාර් සඳහා අවශ්‍ය අමතර කොටස්‌ සියයකටත් වැඩියෙන් නිෂ්පාදනය කරනු ලබනවා. ඒවා සියල්ලක්‌ම පාහේ අපනයනය කෙරේ. එමෙන්ම දේශීය වෙළෙඳපොළට අවශ්‍යතා අනුව ඒවා ලබාදීම සිදු වේ.

    286reip.jpg

    ආයතනයේ ගණකාධිකාරී ලයනල් පර්ල් ද සිල්වා මහතා මෙසේ පවසයි.

    "මෙහි අමතර කොටස්‌ නිෂ්පාදනය කරන්නේ අපනයනය සඳහා ලැබෙන ඇණවුම් අනුවයි. අපේ ප්‍රධාන ගැනුම්කරුවා එංගලන්තය. එමෙන්ම ඕස්‌ටේ්‍රලියාව, ඩෙන්මාර්කය ආදී රටවලටත් සුළු වශයෙන් අපනයනය කරනවා. දවස්‌ 30 කට 40 කට වරක්‌ අපි අමතර කොටස්‌ කන්ටේනරයක්‌ අපනයනය කරනවා."

    මොරිස්‌ මයිනර් කාර් වර්ග කිහිපයක්‌ ඇත. පළමුවෙන්ම වෙළෙඳ පොළට පැමිණ ඇත්තේ සීරිස්‌ එම්. එම්. නමැති දොර දෙක සහිත මෝටර් රථයකි. ඉන්පසුව සීරිස්‌ එම්. එම්. II මයිනර් 1000, මයිනර් 1110 ආදී වාහන කිහිපයක්‌ම වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබිණි.

    xnhswo.jpg

    මොරිස්‌ මයිනර් සෙන්ටර් ආයතනයේ කාර්ය මණ්‌ඩලය 30 කට අධිකය. එහි අමතර කොටස්‌ නිෂ්පාදනය කරන අයගේ අදහස තමන්ට කාර් එකක්‌ වූව ද නිෂ්පාදනය කිරීමට දැනුම ඇති බවකි. එහෙත් එවැනි දෙයකට රජය හෝ වෙනත් ආයතනයක දිරිගැන්වීමක්‌ නොවන බව ද ඔවුහු අප සමග පැවසූහ.

    දසක හයක්‌ වයසැති මොරිස්‌ මයිනර් කාර් තවදුරටත් මේ මහ පොළොව මත ඔබ මොබ ධාවනය කරන බටදූව මොරිස්‌ මයිනර් ආයතනය රටට ආඩම්බරයකි.

    qyip0h.jpg

    හිරු නොබසින අධිරාජ්‍යයේ සාඩම්බර නිෂ්පාදනයක්‌ වූ මොරිස්‌ මයිනර් කාර් අද වන විට ධාවනය වන්නේ ශ්‍රී ලංකාව නිසා යෑයි 1940 දශකයේ අග භාගයේදී මොරිස්‌ මයිනර් මෝටර් රථය නිර්මාණය කරන ලද සර් ඇලෙක්‌ස්‌ ඉසිගොනිස්‌දීරස්‌ අද වන විටත් ජීවත් වූවා නම් පුදුම වනු ඇත. ඒ එතුමා එවැන්නක්‌ සිහිනෙන්වත් නොසිතන්නට ඇති නිසාය.

    මෙරට භාවිතා වන බොහෝ දෑ Made in යන්නට පසු වෙන රටක නමකින් සැරසී ඇතිදෑය. එවන් තත්ත්වයක් තුළ රැජිනගේ රටේත්, වෙනත් යුරෝපා රටවලත් Made in Sri Lanka යන්නෙන් සැරසුණු මෝටර් රථ අමතර කොටස් හෝ තිබිම සතුටකි. එයත් ඔවුන් ගෞරවයෙන් සලකන මොරිස් මයිනර් නාමය යටතේ වීම ආඩම්බරයකි.

    o0xgn6.jpg


    Durable Cars Lanka (Pvt) Ltd
    Udugama Road,
    Bataduwa,
    Galle,
    Sri Lanka.

    Tel:+94 91 2234287​
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකේ ආර්ටිකල් එකකුත් දැක්කා මචන්. UK වල පත්තරෙකත් නිවුස් එක තිබුනා. ආඩම්බරයි මේ වගේ වැඩ කාරයෝ අපේ ලංකාවේ ඉන්න එක ගැන