මොරොක්කන්

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    TERROR ATTACKS : ලංකා ජමාත් ත්‍රස්තයින් හා ඔවුන්ගේ IS මෙහෙයුම්කරුවන් හඳුනාගැනීමට උපකාරිවුනු මොරොක්කෝ බුද්ධි අංශය


    ලංකා බුද්ධි අංශවලට, පාස්කු ප්‍රහාරයේ යෙදුනු ත්‍රස්තයින් නවදෙනාගේ අනන්‍යතාවය, ඔවුන් අයත් ලංකා මුස්ලිම් අන්තවාදී සංවිධානය හා ඔවුන්ගේ විදේශවෙල වෙසෙන ඉස්ලැමික් ස්ටේට් (IS) මෙහෙයුම්කරුවන් (handlers) හඳුනාගැනීමට මොරොක්කෝ ත්‍රස්ත-නාෂක බුද්ධි අංශ මගින් ලබාදුන් ඉතා රහස්‍ය තොරතුරු උපකාරීවූ බව ඉන්දියාවේ පලවන බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කරනවා.

    ප්‍රහාර සිදුවූ බව ආරංචිවූ වහාම රහසේම සිය ඔත්තුකරුවන් මෙහෙයවා ඇති මොරොක්කෝ බුද්ධි අංශ මේ පිලිබඳව තොරතුරු සිය ඔත්තුකරුවන් ජාලය හරහා ලබාගෙන ඇති අතර ප්‍රහාර සිදුවී පැය හතලිස් අටක් යන්නටත් මත්තෙන් ඒ තොරතුරු ලංකා හා ඉන්දීය බුද්ධි අංශවෙත ලබාදී තිබෙනවා.


    මේ ප්‍රහාරය විදෙස් ත්‍රස්ත සංවිධානයක් මගින් මෙහෙයවන්නට ඇතැයි යන්න බොහෝ විශ්වාසයකින් ප්‍රකාශකරන්නට අගමැතිවරයාට හා රජයේ වෙනත් මාධ්‍ය ප්‍රකාශකයින්ට හැකිවී ඇත්තේ මෙම බුද්ධි තොරතුරු මතයි. ඒ අනුව ලංකාවේ විමර්ෂකයින්ට හා බුද්ධි අංශවලට වේගයෙන් ත්‍රස්තයින් හඹා යන්නට හා ඔවුන් පැන යාමට පෙර අල්ලාගැනීමට මේ තොරතුරු උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි.

    එමෙන්ම තවත් ප්‍රහාර කිහිපයක් එල්ලවීමට ඉඩ ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු travel advisory නිවේදනය හා ඉන්දියානු බුද්ධි අංශ අණතුරු ඇඟවීම් තිබූ අතර ප්‍රහාරකයින් සැලසුම් කොට තිබූ මේ ප්‍රහාරද අතරමග අත්හැර දැමීමට මේ තොරතුරු හේතුවන්නට ඇති.

    උදාහරණයක් ලෙස ගුවන්තොටුපොල සිට එන මාර්ගයේ තිබූ විශාල පයිප්ප බෝම්බය කුමන හේතුවකට එතැනට ගෙනාවාද? සමහර විට විදෙස් ගතව සිටි ජනාධිපතිවරයා ප්‍රහාර ආරංචිවූ සැනින් ලංකාවට පැමිණෙන බව අනුමාන කල ත්‍රස්තයින් ඔහුව ඉලක්ක කලා වන්නට පුලුවන. ඔහුගේ පැමිණීම ප්‍රමාදවන විට ඔවුන් එය අතහැර පලා ගියා වන්නට පුලුවන්.

    එසේම අග්‍රාමාත්‍යවරයාද පැය 48 යනතෙක් විපතට පත්වූවන් බලන්නට නොගිය බවට චෝදනා තිබුණද ඔහුද ඉලක්කයක් බවට බුද්ධි තොරතුරු ලැබුණා විය හැකිය. මේවා මාධ්‍යවලට හෙලිකරමින්, මාධ්‍ය සංදර්ශ නොපවත්වන්නේ මේ තොරතුරු අපවෙත ලබාදීම සඳහා දිවි පරදුවට තබා ක්‍රියාත්මකවන දෙස් විදෙස් බුද්ධි අංශවල ඔත්තුකරුවන් ආරක්ෂාකරගැනීමටයි.

    අග්‍රාමාත්‍යවරයා පවා විදෙස් මාධ්‍ය සඳහා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ සමහර පැණවලදී, පරීක්ෂණවලට බාධාවන නිසා තමන්ට ලබාදිය හැක්කේ සීමිත තොරතුරු පමණක් බව ප්‍රකාශකලා.


    අහන්න ලැබෙන්නෙවත් නැති මොරොක්කෝව මෙයට සම්බන්ධ වුනේ කොහොමද?

    ලංකාව මෙන් තුන්ගුණයක් පමණ විශාල මොරොක්කෝව උතුරු අප්‍රිකාවේ මධ්‍යධරණී මුහුදට මුහුණලා පිහිටා තිබෙනවා. ඉතා සෞම්‍ය දේශගුණයක් ඇති මෙය යුරෝපීය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයක්. රාජාණ්ඩුවක් මගින් පාලනයවන මොරොක්කෝවේ ජනගහනය මිලියන 35ක් වන අතර ඉන් වැඩි දෙනා සුන්නි ඉස්ලාම් භක්තිකයින් වෙනවා.

    ඉස්ලැමික් ස්ටේට් වැනි සංවිධානද සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන බැවින් මොරොක්කෝව නිරන්තරයෙන් ඉස්ලාමීය ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ගොදුරුවන රටක්.

    මොරොක්කෝ තරුණයින් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට සහයදීම වැඩිවෙමින් ඇති අතර ඒ නිසාම නිතර නිතර ත්‍රස්ත ප්‍රහාරවලට බඳුන්වනවා. මේ ප්‍රහාර වැඩිවශයෙන්ම ඉලක්ක කරගන්නේ විදෙස් සංචාරකයින්. ඊයේ, එනම් අප්‍රේල් 23වැනිදාත් ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්තයින්ට හිතෛෂී තරුණයින් 7 දෙනෙකු ආයුධ හා අන්තවාදී ප්‍රකාශ පත්‍රිකා සමග අත් අඩංගුවට ගත් බව මොරොක්කෝ ත්‍රස්ත නාෂක පොලීසිය ප්‍රකාශකලා. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය හා ඇමරිකාව, ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි රටක් ලෙස මොරොක්කෝව පිලිබඳව travel advisory නිකුත්කර තිබෙනවා.

    එමෙන්ම ස්පාඤ්ඤයේ සෙවයිල් නුවර පාස්කු දින ප්‍රහාරයක් සඳහා සූදානම්වූවායයි සැක කෙරෙන ඉස්ලැමික් ස්ටේට් ජිහාඩියෙකු මොරොක්කෝවේදී අත් අඩංගුවට ගත්බව අප්‍රේල් 17 වැනිදා ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශය පැවසූවා. ස්පාඤ්ඤ-මොරොක්කෝ ඒකාබද්ධ බුද්ධි අංශ මෙහෙයුමක් මේ අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු හෙලිකරගත් බවයි පැවසෙන්නේ.

    මේ හේතුව නිසා මොරොක්කෝව ඉස්ලැමික් ස්ටෙට් හා අනෙකුත් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තයින් පිලිබඳව තොරතුරු සොයාබැලීමට ඉතාමත් සූක්ෂම ඔත්තුසේවා ජාලයක් පවත්වාගෙන යනවා. එමෙන්ම මොරොක්කෝ ත්‍රස්ත නාෂක පොලීසිය හා බුද්ධි අංශ ඉතා හොඳින් පුහුණුව ලැබූ, දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන නිළධාරීන්ගෙන් සමන්විත වන අතර එම බුද්ධි අංශ ඇමරිකානු, යුරෝපීය, බ්‍රිතාන්‍ය හා ඉන්දියානු බුද්ධි අංශ සමගද වෙනත් මිත්‍ර අරාබි රටවල්වල බුද්ධි අංශ සමගද ඉතාමත් සහයෝගයෙන්, බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින්, සම්බන්ධීකරණය කරනවා.

    ලංකා ජමාත් කල්ලියේ ප්‍රහාර සැලවූ විගස ඒ පිලිබඳව ඉතාමත් ඉක්මණින් තොරතුරු සොයාගැනීමට මොරොක්කෝ බුද්ධි අංශවලට හැකියාව ලැබුණේ මේ නිසා බවයි ආරක්ෂක තොරතුරු විචාරකයින් පවසන්නේ.


    Sources
    https://www.business-standard.com/a...n-bombings-ians-exclusive-119042400494_1.html
    https://thedefensepost.com/2019/04/17/spain-jihadist-planning-seville-attack-arrested-morocco/
    https://www.gov.uk/foreign-travel-advice/morocco/terrorism

    FytLzMl.png