බදියුදීන් විල්පත්තුව කපා වැරදිකරුවෙකු වූයේ ය. අධිකරණය මගීන් ඔහු වැරදිකරු බව තීන්දු කරන ලදී. එහෙත් ඔහුට ලබා දුන් දඬුවම වූයේ නැවත ගස් සිටුවන ලෙසයි. පරිසර පද්ධතියක් විනාශ කළ පුද්ගලයෙකුට දඬුවම නම් ගස් සිටුවීම යැයි අධිකරණය නිගමනය කළේ ය. අපි පුරවැසියෙකු ලෙස එය ඉවසා සිටිය යුතුය. නැතහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක් වී රන්ජන් පන්නයේ හිර බත් කෑමකට ලක් විය හැක. ඒ බිය නිසා අපි නිහඬ වන්නෙමු.
පාස්කු ප්‍රහාරය වෙලාවේ ඒ වගකීම් දෑරූ සිරිසේන, පොලිස් පති සහ ආරක්ෂක ලේකම් සිය ධූරයෙහි වගකීම පැහැර හැරි බවට අධිකරණය තීන්දු කළේ ය. එනම්, අධිකරණය විසින් ඔවුන් වැරදි කරුවන් කර තිබේ.දඬුවම මුදලක් ගෙවීම ය. සිරිසේන තවමත් පාර්ලිමේන්තු මංත්‍රී ය. විශ්‍රාම ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිලාභ ජනතා මුදලින් භුක්ති විඳියි.
රට දශක ගණනාවක් දුකට පත් කළ ආර්ථිකය විනාශ කළ පුද්ගලයින් රැසක් එහි වගකිව යුත්තක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එහි රාජපක්ෂ ත්‍රිත්වයකි. සුප්‍රසිද්ධ පීබී සහ කබ්‍රාල් වෙති. දඬුවම සුළු දඩ මුදලකි. ජනතාවට මෙතරම් විනාශයක් සිදු කළ පුද්ගලයන් සුළු දඩයක් ගෙවා නිදහස් වෙති. මහින්ද තවමත් තනතුරේ ය. ගෝඨා තවමත් විශ්‍රාමික ජනාධිපති ප්‍රතිලාභ ජනතා මුදලින් විඳියි.
ප්‍රසන්න රණතුංග කප්පං ගැනීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදි කරු වූවෙකි. ඔහු තවමත් පාර්ලිමේන්තුවේ මංත්‍රී ය. නීති සම්පාදනය කරන තැන නියෝජිතයෙකි.
මේ අපේ සමාජ ක්‍රමයයි.
පාරේ යන විට වැරද්දක් කර පාට් එකකුත් දමා යන මිනිසුන් අප දැක තිබේ. රවී කරුණානායක යළිත් දේශපාලනයට පිවිසෙන විට ඔහුව කරේ තබා ගෙන යමින් මල් මලා පැළඳීමට මිනිසුන් ඔහුට සිටී. අධිකරණයෙන් මිනීමරුවෙකු කළ රත්නපුර අපේක්ෂකයාට ඉහළින් ඡන්දය ලබා දී පාර්ලිමේන්තුවේ එවීමට එහේ ජනතාව කටයුතු කළේ ය. කුඩු මුදලාලිලා, බුකි රේස් කරුවන් පාර්ලිමේන්තුවට පත් වෙති. මිනිසුන් සිය ක්‍රියාවන් සාධාරණීකරණය කර ගති. වැරදි මග යෑමට එකඟ වෙති.
මේ රටේ දේශපාලකයාද පුරවැසියා ද එකම ලෙස පිරිහී ගිය මේ සමාජ ක්‍රමයට යහමින් අනුගතවී සිටී. ඒ අනුගත වීමම එය වෙනස් කිරීමට ඇති ප්‍රභලම බාදකය වී තිබේ.
මෙවන් සමාජ ක්‍රමයක මේ දේශපාලකයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට අධිකරණ ක්‍රමයකට ස්වාධීනව හැකියාවක් නැත. මක් නිසා ද යත්, ඒ මිනිසුන්ම මේ දේශපාලන ක්‍රමයේ පැවත්ම උදෙසා, දිනක දඬුවම් පැමිණවූ විනිසුරුවරුන් ද පෙරළා පහර දෙනු ඇතැයි නොසිතිය හැක්කේ කාට ද? හුදෙක් සිය රාජකාරිය පමණක් කර මේ මිනිසුන්ට ගෙදර ගොස් සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි ද?
මෙය අධිකරණයේ දුර්වලතාවයක් නොව, අප ජීවත් වන සමාජ ක්‍රමයේ දුර්වලතාවයකි. හරි පාර තෝරා ගන්න මිනිසුන් මේ සමාජය තුල අනාරක්ෂිතය.
එනයින්, ලැබෙන තීන්දුවක් බාර ගෙන ඉවසා සිටීම හැර ඔබට වෙන කලහැකි යමක් නොමැත. ඔබට අලුත් රටක් ඕනේ නම්, මේ පිරිහුණු සමාජ ක්‍රමයට අනුගත වීමෙන් වළකින්න.
ඔබට පුළුවන්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස් #හරිත #පැතූනොමික්ස්