මුට්ටිය දැම්මේ ඉක්මනට එන්නත් ලැබේවා කියලා පණිවිඩයක් ලියලා වෙන්න ඇති. මුට්ටිය මූදේ පාවෙලා පාවෙලා ගිහින් චීනෙට ගියාම ෂී ජිං පිං පින්වතාණන්ට පින් සිදු වෙන්න එන්නත් ලැබෙන්න ඇති.
අඩු පාඩු astrazenica ඉන්දියාවෙන් අරන් දෙන්න කියලා හින්දු දෙවි කෙනෙකුට කන්නලවු කරන්න පවිත්රා ගියා. ගව මුත්රා බොන හින්ද ඒක නං අහලා තියෙන්නේ ජපන් දෙවි කෙනෙක් වගේ.
කෝම හරි මේක තමයි අපේ ඉල්ලීම් ටික දිනාගන්න සුප්පා ටයිම් එක කියලා අපේ බුද්ධිමත් හෙද කට්ටියයි ගුරු කට්ටියයි තේරුම් ගත්තා. ඉතින් ඒගොල්ලෝ උඩ පනින අතරේ වෙනත් විරුවෝ කොටසක් එන්නත් කරනවා. ඕක තමා ලංකාද්වීපයේ අපූරු කතන්දරය.