මොවුන් විය මිහිපිට දෙවියෝ..

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    මොවුන් විය මිහිපිට දෙවියෝ..

    555365_403378053041012_1300006234_n.jpg

    ලුතිනන් ජනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව...

    ශ්‍රී ලංකා ධරණි තලයේ මෙතෙක්‌ පහළ වූ ශ්‍රේෂ්ඨතම රණවිරුවෙක් වශයෙන් ඉතිහාසයට නම එක්‌කළ, යුද ශිල්පය පිළිබද අතිදක්‍ෂ මෙම අසහාය යුද වීරයා, 'වංක දේශපාලනයේ' තවත් ගොදුරක් බවට පත්වූයේ ජනප්‍රිය බව, නුවණැති බව, දැහැමි බව, සත්‍යවාදී බව හා තමන් සතු කාර්යය හරියට ඉටු කිරීම යන ගුණාංග එතුමා තුළ තිබුණු හෙයිනි ........!

    රටට අහිමි වුන රටේ සම්පතක් වන මොහු උපත ලැබුවේ
    1940 දීය, තම රට වෙනුවෙන්ම කැපවී සිටේ මෙතුමානන්
    1960 සිට 1992 දක්වා වසර 32 ක කාලයක් ශ්‍රී ලංකා
    යුද්ද හමුදාවි ලුතිනල් ජෙනරාල් වරයෙක් ලෙස සේවය කල
    අතර
    රණ වික්‍රම පදක්කම,
    රණ සූර පදක්කම,
    විශිස්ට සේවා විබූශනය,
    සහ
    උත්තම සේවා පදක්කම
    යනාදී පදක්කම් රැසකින් මොහු පිදුම් ලැබුවේය
    අප මවුබිමට සිය ජීවිතය කැපකොට අපමන දුක්කම්කටුලු
    විඳ දරා තම මවුබිමට තම ජීවිතයටත් වඩා ආදරය කල
    මේ උදාර වූ මිනිසා 1992 වසරේදී අවාසනාවන්ත ලෙස දැයෙන්
    සමුගත්තේය…….!

    සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව
    ඔබව මේ මුලුමහත් ජාතියටම අමරණීයයි..!!
    උතුමානනි ඔබට ජාතියේ ආචාරය………………!!
    !!!!……..!!!……!!!…..උතුමානනි ඔබට ජාතියේ ආචාරය…..!!!…….!!!……..!!!!

    552870_403383603040457_670157767_n.jpg



    ඔබට මොහු මතකද ''ජනරාල් ජානක පෙරේරා '' ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ 503ක් විනාශ කර දැමූවේය. ජාතියේ විරුවණනි ඔබට නිවන් සුව !!!


    521406_403368893041928_1541886851_n.jpg


    මවුබිම වෙනුවෙන් එදා, සිංහල රුධිරය, දහඩියට හැරවූයේ අපි වෙනුවෙන් නොවේද ?
    ඔහු අදටත් තම මවිබිම වෙනුවෙන්, බටහිර ජාතීන්ට එරෙහිව තනිවම සටන් කරමින් සිටී.
    උතුමානෙනි, දැයේ වීරෝදාර රණවිරුවානෙනි, ඔබ ලබාදුන් මේ මවුබිම අපිට සදා ඔබට ණයගැති වන්නෙමු.
    විරුවණි ඔබ තනිවී නැත, සිංහ රුධිරය සැමදා ඔබ ලගයි
    සර් !!!
    ටෙරාලා 200ක් විතර බේස් එක පැත්තට එනවා. අපි මොකද කරන්නෙ????
    අපේ කට්ටිය මදිවෙයි. අපි එහා කෑම්ප් එකෙන් කොල්ලො ටිකක් ඉල්ලමුද??
    අපි ගහමු කොල්ලනේ. උන් ටික එහෙ බලා ගනී, අපිට ඔය 200 මහ ගානක් නෙමෙයි, කොල්ලනේ රට් වෙනුවෙන් උඹලා ලෑස්තිද ??? සර්ව අපිට විස්වාසයි සර් අපි ඕනම දේකට සර් එක්කමයි.
    "හැබැයි කොල්ලනේ මට උබල සේරම ආයි ඔනේ, එක නිසා වැඩේ ඉවර වෙලා ඔක්කොම කෑම්ප්1ට එන්න ඔනි." ඒ ජාතියේ අභිමානවත් රණවිරුවෙකුගෙ රණ හඩයි. අපේ රණවිරුවන් 20 දෙනෙකුගෙන් පවා 200ක් සමග සටන් කල අභිමානවත් ශ්‍රි ලාංකික ඉතිහාසයේ 58 වෙනි සේනාන්කාධිපති මේජය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විරුවණන්ගෙ රණ හඩයි.

    මවුබිම වෙනුවෙන් එදා, සිංහල රුධිරය, දහඩියට හැරවූයේ අපි වෙනුවෙන් නොවේද ?
    ඔහු අදටත් තම මවිබිම වෙනුවෙන්, බටහිර ජාතීන්ට එරෙහිව තනිවම සටන් කරමින් සිටී.
    උතුමානෙනි, දැයේ වීරෝදාර රණවිරුවානෙනි, ඔබ ලබාදුන් මේ මවුබිම අපිට සදා ඔබට ණයගැති වන්නෙමු.
    විරුවණි ඔබ තනිවී නැත, සිංහ රුධිරය සැමදා ඔබ ලගයි.


    536809_403403199705164_11409400_n.jpg


    පටු දේශපාලන අනාතයන් ඔබව එදා අමාරුවේ නොදැමුවානම්.......

    එහෙත් ඔබ අපට තවමත් වීරයෙකි...

    මෙරට ජනතාව වසර තිහක් තිස්සේ විඳි දුක්ගිනි නිමාකර දීමට ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ අභීත සෙන්පතියාණෙනි, ඔබතුමා ඇතුළු සමස්ත වීරෝධාර හමුදාවිරුවන් වෙනුවෙන් අපේ භක්තිය සැමදා පුද කරන්නේ අප‍්‍රමාණ වූ ගෞරවයෙනි....

    576761_403358769709607_1848143024_n.jpg



    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ WWV, RWP, RSP (වීර වික්‍රම විභූශණය,රණ වික්‍රම පදක්කම,රණ ශූර පදක්කම,) යනු ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ (Special Forces Regiment of the Sri Lanka Army ) සේවය කල නිළධාරියෙකු වන අතර ඔහු නිර්භීතකම සදහා ශ්‍රී ලංකා යුද හමුදාව තුල පිදෙන දෙවන ඉහලම පදක්කම වන වීර වික්‍රම විභූශණයෙන් දෙවරක්ම පිදුම් ලද අභීත ශ්‍රී ලංකා පුත්‍රයෙකි.

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අධ්‍යාපනය ලැබුවේ අවිස්සාවේල්ල ජනධිපති විද්‍යාලයේ සහ කොළඹ දකුන ලුම්බිනි විද්‍යාලයේය.පාසල් සමයේ දක්‍ෂ රගර් ක්‍රීඩකයෙකු වූ මොහු 2008 ජනවාරි මසදී කෞෂල්‍යා රොඩ්‍රිගූ මෙනෙවිය සමග විවාපත් විය.

    1997 ජනවාරි 22 දෙවන ලුතිනන් වරයෙක්(Second Lieutenant) ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 6 වන ගැමුණු හේවා බලඇණියට එක් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පසුව ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායට එක් වීමට යුද හමුදා විශේෂ බලකා පුහුනු පාඨමාලාව හැදෑරීය. පුහුනුව සාර්ථකව නිමා කල ඔහු 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවට (3rd Special Forces Regiment) අනුයුක්ත විය.මූලික පුහුනුවට අමතරව තවත් දෙස් විදෙස් පුහුනු පාඨමාලා රැසකට සහභාගී වූ ඔහු ඉන්දියාව,චීනය,ඇමරිකාව සහ බංග්ලාදේශය යන රටවල විදේශ පාඨමාලා සදහා සහභාගී වී ඇත.යුධ බිමේ ඔහු දැක්වූ සුවිශේෂ වූ හැකියාව නිසාම වසර දහයක් වැනි කෙටි කාලයකින් කපිතාන් සහ මේජර් තනතුරු වලට පත් වීමට ඔහුට හැකි විය

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ අති විශිෂ්ඨතම සෙබලුන් ගෙන් සමන්විත වන ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා දිගු දුර විහිදුම් බලකායේ(SF-LRRP : Special Forces Long Range Reconnaissance Patrol) කැපී පෙනෙන සාමාජිකයෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දිගු දුර මෙහෙයුම් වල විශේෂඥයෙකු විය. ත්‍රස්තවාදීන් බියෙන් සලිත කල මෙම දිගු දුර විහිදුම් බලකායේ සෙබලුන් කිලෝමීටර් 25-30ක් පමන කොටි පාලන ප්‍රදේශ තුලට වැදී කොටි මර්මස්ථාන වලට එල්ල කල ප්‍රහාර නිසා ත්‍රස්තවාදීන් විශ්මයට පත් විය. මෙම හේතුව නිසාම මෙම බලකාය "මහසෝන් බලකාය" යන අන්වර්ථ නාමයෙන් ද හැදින්විනි.තම සේවා කාලය තුල මෙවන් විශ්මිත මෙහෙයුම් ගණනාවකට නායකත්වය ලබා දුන් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ LTTE සන්නද්ධ අංශයේ ඉහල පෙලේ නායකයෙකු වූ කර්නල් ශංකර්,LTTE බුද්ධි අංශ ඉහල පෙලේ නායකයෙකු වූ චාර්ල්ස්(2008 ජනවාරි) සහ මුහුදු කොටි නියෝජ්‍ය නායක කනගයි අමරන් මරා දමා ඇත.

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස 26 වන දින මිය ගිය අතර ඒ වන විටත් ඔහු ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දිගු දුර මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියේය. ඒ වන විට විශේෂ බලකා සෙබලුන් අට දෙනෙකුගෙන් සමන්විත වූ ඔවුන්ගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30ක පමන දුරක් ත්‍රස්තවාදීන් යටතේ පාලනය වූ ප්‍රදේශය තුලට වැදී සිටියහ.කොටින්ගේ මහා වීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකයන් ලලිත් ඇතුලු කණ්ඩායමේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පලමු ඉලක්කය සාර්ථකව සපුරා ගත් ඔවුන් කණ්ඩායම ඔවුන්ගේ දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් විය. මින් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තුවාල ලැබූ අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්‍රමිකව ආරක්‍ෂිත ස්ථානයකට පසු බැසීය. මෙසේ පසු බැසීමේදී දින නමයක් තිස්සෙම වගුරු සහිත ප්‍රදේශ වල හමුදා සපත්තු පැලද සිටීම නිසා ලලිත්ගේ හා ඔහුගේ සගයන්ගේ කකුල් කුණු විය.මේ නිසා ඉක්මනින් යලි හමුදා පාලන ප්‍රදේශයට ඒමට අපහසු විය.මේ අතර ඔවුන් කණ්ඩායම දෙවන වරටත් ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර එහිදී ඇති වූ සටනේදී ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අභීත විරුවා ජීවිතක්‍ෂයට පත් විය.කණ්ඩායමේ දිවි ගැලවුනු සාමාජිකයන් 7 දෙනා සහ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ දේහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි 24 යානා යොදා පසුව බේරා ගත්තේය.

    මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.
    2008 ජනවාරි මස විවාහපත් වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 2008 නොවැම්බර් මස මියයන විට තම බිරියගේ කුසයේ වැඩුනු මෙලොව එලිය නුදුටු පස් මස් වියැති බිලිදියකගේ පියෙකි.ඔහු මිය යන විටත් පදිංචිව සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුලී නිවසකය..

    251906_403373106374840_1950183238_n.jpg


    547198_403373046374846_794873675_n.jpg


    398830_403388746373276_1073688313_n.jpg



     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    සදා සමරමු යුධ වීරයෝ මොවුන් විය මිහිපිට දෙවියෝ..

    මල්යහනාවක්‌ මත සුව මරණය හෙළවිරුවන් හට උරුම නැතේ...
    කිසිදා නොමියෙන මල් පිබිදෙනවා රණවිරුවන් මළබිම මත්තේ .........!!!

    547193_403373286374822_1913860698_n.jpg



    ''අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත් විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.

    'කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා'
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    556742_403821132996704_377927020_n.jpg


    "වහාම බෙල් 212 සහ එම්.අයි 24 සූදානම් කරන්න, විශේශ මෙහෙයුමක්, SF එකෙ කොල්ලො ටිකක් හිර වෙලා ටෙරාල වට කරගෙන ගහනවලු, ඉක්මනින් ගිහින් අරන් ඔවුන් රැගෙන එන්න." පණිවිඩය අවසන් වන විටත් වීරෝධාර ගුවන් නියමුවන් යාන වලට නැග හමාරය, ඉලක්කයේ නිවැරදි තොරතුරු ලබා ගත් ඔවුන් ක්ෂණිකයෙන් ගුවන් ගත වුනි."
    --------------------------------------------------------
    කිලිනොච්චි කොටින්ගේ රජ දහන මැද විශේශ බලකායේ ආදරණීය හයේ කණ්ඩායමක් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් සිටියදී සෙබලුන් දෙදෙනෙකු දේශය වෙනුවෙන් දිවි පුදා හමාර වී තිබුණි. තවත් සෙබලුන් දෙදෙනෙකු දරුනු ලෙස තුවාල වී තිබුණි. එක් මල සිරුරක් කොටි අතට පත් වූ අතර, අනෙත් සිරුර සහ තුවාල ලැබූ සඟයන් රැගෙන කිලෝමීටර 25කටත් වඩා පසු පසට ඒමට සෙබලුන්ට අභියෝගයක් විය.
    ඔවුන් පණිවිඩ හුවමාරු මගින් ගුවන් නියමුවන්ට රහස් තැනක් ලබදෙන්නේ මේ අතර තුරයි.
    --------------------------------------------------------
    සහෝදර යුධ හමුදා සෙබලුන් බේරා ගැනීමට පැමිණි ගුවන් යානා වලට කොටි දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන්නට විය, යාන වලට කර කියා ගත දෙයක් නොවීය, නමුත් තම ජීවිත ගැන පවා නොතකා අභිමානවත් බෙල් 212 විරුවා වෙඩි වරුසා මැද, පරිවාරක හෙලිකොප්ටර සහයද ඇතුව කොටි රජ දහනට ගොඩ බෑවේ, යුධ ගුවන් නියමුවෙකු සතු සැබෑ වීරත්වය ලොවටම පෙන්වමිනි.
    --------------------------------------------------------
    කාලතුවක්කු, මෝටාර් සහ වෙඩි වරුසා මැද සෙබලුන් ගත් යානය ගුවනට එසවෙන්නේ ලාංකීය ගුවන් හමුදා ඉතිහාසයේ වීරෝදාරවත් බව සහ සැබෑ අභිමානයම ලොවට පෙන්වමිනි. එම්.අයි 24 නියමුවන් නැවතත් ආරක්ෂාව ලබා දෙමින් සෙබලු රැගත් යානය අනුරාධපුරය දක්වා ගෙන යාමට මග සලසා දුණි.
    --------------------------------------------------------
    ආදරණීය මිතුරනේ, ඔවුන් ‍යුධ සහ නාවික හමුදාවන් වෙනුවෙන් කල මෙහෙය අප අද කතා කරන්නේ ඉතා අඩුවෙනි, අමතක නොකරන්න යුධ ජයග්‍රහණයේ තුනෙන් එකක පූර්ණ අයිතිය ඔවුන් සතු බව!
    කොටින්ගේ රජදහන වන කිලිනොච්චියටම ගොස් 100% නිවැරදිව තම කාර්‍යය ඉටු කල අභිමානවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කෙරෙන දේශයේ උත්තමාචාරයයි මේ!
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කවදාවත් අමතක කරන්න බැරි අපේ වීර සහෝදරයන්!

    මේ නූල දැම්මට බොහොම ස්තුතියි මචන්.​