~ මොසාඩ් ලිපි අංක 7 ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ මොසාඩ් ලිපි අංක 7 ~

    ~ මොසාඩ් ලිපි අංක 7 ~



    මෙය " මියුනිච් සංහාරය සහ දේව උදහස" සිව්වන ලිපියයි. පෙර ලිපි තුන සඳහා

    1. http://www.elakiri.com/forum/showpost.php?p=24514307&postcount=1



    2. http://www.elakiri.com/forum/showpost.php?p=24520168&postcount=1

    3. http://www.elakiri.com/forum/showpost.php?p=24525672&postcount=1

    .............................................................................................

    දවස් කිහිපයකට පසු Mike Harari ගේ නායකත්වයෙන් යුත් මොසාඩ් ඝාතන කණ්ඩායම Lillehammer හි ස්ථානගත වුයේය. කඳුකරය ආශ්‍රිත සාමකාමී නගරයක් වුනු මෙහි Salameh කුමක් කරන්නේද යන්න ගැන කිසිවෙකුටත් අවබෝධයක් නොවීය. පළමු කණ්ඩායම Ben amana පසුපස හඹායමින් සිටින අතරතුර ඔහු පිහිණුම් තටාකයක් අසලදී අරාබි ජාතිකයෙකු යැයි සැක සිතිය හැකි පුද්ගලයෙක් හමුවනු ඔවුන් නිරීක්ෂනය කලේය. ඔවුන්ට ලැබී තිබුනු ඡායාරූප සමග සංසන්දනය කිරීමෙන් පසු මෙම පුද්ගලයා අවිවාදයෙන්ම Salameh බව ඝාතන කණ්ඩායමේ තුන් දෙනෙකු විසින්ම නිගමනයකට පැමිණියේය. නමුත් ඔවුන්ගේ හතරවැනි සගයාට අනුව Salameh එහි සිටි අනෙක් අය සමග නෝර්වීජියානු බසින් අදහස් හුවමාරුකරනා අයුරු ඔහු දැක තිබුනා. Salameh නෝර්වීජියානු බස හැසිරවීම සිදු නොවිය හැක්කක් බවට ඔහු පල කල අදහස බහුතර එකඟතාවය නිසා යටපත්විය.

    මොසාඩ් කණ්ඩායමට Salameh ගේ අනන්‍යතාවය ගැන සැකයක් නොවුනු අතර නගරය පුරා ඔහු පසුපස හඹා ගිය ඔවුන්ට නෝර්වේ ජාතික තරුණ ගැබිණි කාන්තාවක් සමග ඔහු ඇවිද යන ආකාරය දැකගැනීමට හැකිවිය.

    මෙහෙයුමේ අවසාන භාගය සඳහා තවත් මොසාඩ් ඒජන්තයින් කිහිප දෙනෙක්ම ඊශ්‍රයාලයේ සිට නෝර්වේ වෙත ලඟාවිය. මේ අය අතර මොසාඩ් ප්‍රධානී Zvi Zamir ද විය. Black September හි අවසානය සනිටුහන් කෙරෙන Salameh ගේ ඝාතනය පෞද්ගලිකවම දැකගැනීමට ඔහුට අවශ්‍යය වුනා. සහය කණ්ඩායම් කුළියට ගත් මෝටර් රථ සහ හෝටල් කාමර සංචාරකයන් ගෙන් පිරීයාම නිසා මේ කුඩා නගරය තුල වසන්ත සෘතුව තුල වෙනදා දක්නට නොලැබෙන තදබදයක්ද නගරවාසීන්ට නිරීක්ෂනය විය.

    1973 ජුලි 21 වැනි දින Salameh සහ ඔහුගේ යෙහෙළිය සිනමා ශාලාවකින් එළියට පැමිණියේ ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ Where Eagles Dare චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුවය. බස් රථයකට නැගුණු ඔවුන් පාළු ජන ශූන්‍යය වීදියක් අසලදි එයින් බැස ගත්තේය. හදිසියේම සුදු පැහැති මෝටර් රථයක් ඔවුන් අසලින් නැවතුනි. එයින් බැසගත් මිනිසුන් දෙදෙනෙක් Salameh ගේ ශරීරයතුලට වෙඩි උණ්ඩ 14ක් නිකුත් කලේ ඔහු සදහටම නිහඬ කරමින්ය.

    Red Prince මරා දමා අවසන්. මෙහෙයුමත් ඒ අනුව අවසන්ය. Mike Harari ගේ අණ පරිදි සුපුරුදු ක්‍රියාපටිපාටිය අනුව යමින් මොසාඩ් කණ්ඩායම් රටින් ඉවත් කරගැනීම ඇරඹුනේය. ඝාතන කණ්ඩායම පළමුව ගුවන් මගින් පිටව ගියේ භාවිත කල මෝටර් රථ නගර මධ්‍යයේ අත් හැර දැමීමෙන් පසුවය. බහුතරයක් වූ අනෙක් කණ්ඩායම Mike harrari සමග පිටත්වීමට නියමිත වූ අතර ඔවුන්ගේ අනෙක් සහයක සගයන් නිවාස සහ වාහන බාර දී පසුව පැමිණීමට නියමිත විය. නමුත් අනපේක්ෂිත අහඹු සිදුවීමක් නිසා සියල්ල උඩුයටිකුරු වූයේය.

    ඝාතනය සිදුවූ ආසන්නයේ සිටි කාන්තාවක් විසින් මෝටර් රථය සුදු පැහැති Peugeot වර්ගයේ රථයක් දැක තිබුනේය. සුරූපී කාන්තාවක් විසින් Lillehmmer සිට ඔස්ලෝ වෙත ධාවනය කරන සුදු පැහැති Peugeot රථයක් මාර්ගය අසල සිටි පොලිස් නිළධාරියෙක්ගේ නිරීක්ෂණයට හසුවූයේද ඒහා සමගාමීවය. මෝටර් රථයේ අංකය සනිටුහන් කරගැනීමටද ඔහු සමත්වෙනවා. පසු දිනයේදී මෝටර් රථය අදාල ආයතනය වෙත භාරදීමට පැමිණි මොසාඩ් ඒජන්තයින් දෙපල නෝර්වේ පොලිස් භාරයට පත්වන්නේ ඒ අනුවය, එදිනම තවත් මොසාඩ් ප්‍රහාරකයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේය. ඉතා දැඩි ප්‍රශ්ණ කිරීම් හමුවේ ඒජන්තයින් දෙපලකගෙන් මෙහෙයුම සම්බන්ධ රහස් අනාවරණය කරගැනීමට නෝර්වේ පොලිසියට හැකිවෙනවා. ඔවුන් සිටි ආරාක්ෂිත නිවස්න පරීක්ෂාවට ලක්කරමින් ලියකියවිලි විශාල ප්‍රමාණයක් සොයාගන්නා පොලිසිය ඊශ්‍රයාල තානාපති කාර්යලයේ සේවය කරන මොසාඩ් නියෝජිතයෙක් පිළිබදවද හෙලි කරගැනීමට සමත් වූයේය.

    පසුදිනයේදී නෝර්වේ මාධ්‍යය තුල ඊශ්‍රයාල නියෝජිතයන්ගේ අත් අඩංගුවට ගැනීම සහ මෙහෙයුම සම්බන්ධව ප්‍රවෘත්ති පල විය. මොසාඩ් සංවිධානයේ අභිමානයට මෙය මරු පහරක් වූයේය. නමුත් නෝර්වේ මාධ්‍යය තුල පළවූ තවත් ප්‍රවෘත්තියකින් මොසාඩ් සංවිධානය දෙදරවීමට ලක්වූයේය.

    ඔවුන් ඝාතනය කර තිබුනේ වැරදි පුද්ගලයෙක්ය.

    මරා දැමුණු මිනිසා Ali hassan Salameh නොව Ahmed Bushiki නම් මොරොක්කෝවේ සිට නෝර්වේ වෙත රැකියාවක් සොයමින් සංක්‍රමණය වූ වේටර්වරයෙකි. ඔහු නෝර්වේ ජාතික කාන්තාවන් හා විවාහව සිටි අතර ඒ වනවිට ඇය සත්මස් ගැබිණියකි.

    ලොව පුරා පුවත්පත් සංවේදී සිරස්තල වලින් වැසිගියේය. අල්ලාගත් මොසාඩ් ඒජන්තයින් නඩු විභාගවලින් අනතුරුව දීර්ඝ සිරදඬුවම් වලට යටත් විය.

    නෝර්වෙහිදි සිදුවූ පසුබෑමෙන් අනතුරුව මොසාඩ් හට යුරෝපය පුරා පිහිටි ඔවුන්ගේ ආරක්ෂිත නිවස්න අත්හැර දැමීමටත්, ඔත්තුකරුවන් ගොඩනගාගත් සබඳතා ජාල සම්පූර්ණයෙන්ම නැවත ගොඩනගා ගැනීමටත් සිදුවිය. Ahmed Bushiki ගේ ඝාතනයේ වගකීම ඔවුන්ට භාර ගැනීමට සිදුවුනු අතර ඔහුගේ පවුලේ අයට ඇමරිකානු ඩොලර් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමටද සිදුවිය. මොසාඩ් පිළිබඳව තිබුනු දැවැන්ත කීර්තිනාමය මේ හේතුවෙන් වැනසී යාම වඩාත් හානිදායක කාරණය බවට පත්විය.

    අගමැතිනි ගොල්ඩා මෙයීර් Wrath of God මෙහෙයුම වහාම නවතා දමන ලෙස Zvi Zamir ට නියෝග කලේය. නමුත් විශේෂ සිදුවීමක් නිසා මොසාඩ් හි දුර්වල මෙහෙයුම ගැන අවධානය අඩුවී ගියේය. එනම් ඔක්තෝබර් 6 වැනිදා ඊශ්‍රයාලයට එරෙහිව ඊජිප්තු සහ සිරියානු හමුදා ඒකාබද්ධව එල්ල කරන ලද හදිසි ප්‍රහාරය නිසාය. Yom Kippur යුද්ධය එසේ ආරම්භ විය.

    වසර දෙකක් ගත විය.

    1975 වසරේ දිනක ලෙබනනයේ බීරුට් නුවර නිවසක සාදයක් පැවැත්වෙමින් තිබුනා. මෙම සාදයේ දිදුලන තරුව වූයේ වසර හතරකට පෙර මයාමි හි පැවති විශ්ව රූරැජින තරඟය ජයග්‍රහණය කරන ලද ලෙබනන් ජාතික සුරූපිණියක වූ Georgina Rizk ය. ඇය ජයග්‍රහණයෙන් අනතුරුව ලොව වටා සංචාරය කරමින් විවිධ උත්සවයන්ට සහ සුබසාධන වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් ලොව පුරා රාජ්‍යය නායකයන් ඇසුරු කර තිබු සුරූපිණියකි. ඉන් පසු ලෙබනනය තුල නිරූපිකාවක් ලෙස සහ විලාසිතා සම්බන්ධ ව්‍යාපාරයක හිමිකාරිණියක් ලෙසද නමක් දිනූ තැනැත්තියකි.

    යෙහෙළියකගේ නිවසේදී පැවති එම සාදය අතර තුර ඇයට කඩවසම්, උද්යෝගිමත් තරුණයෙක් හඳුනා ගැනීමට ලැබුනේය. ඔවුන් පසුව ආදරයෙන් බැඳුණු අතර වසර දෙකකට පසු 1977 දී විවාහ දිවියට ඇතුළු විය. විවාහප්‍රාප්තව ප්‍රීතිමත් නවමු දිවියකට පා තැබූ මෙම තරුණයා Ali Hassan Salameh නම් විය.

    Black September කඩා වැටීමෙන් පසු යසර් අර්ෆත්ගේ දකුණු අත ලෙස ක්‍රියාකරමින් සිටි ඔහු අර්ෆත්ගේ අනුප්‍රාප්තිකයා ලෙසද බොහෝ දෙනෙක් හඳුන්වන්නට විය. අර්ෆත්ගේ පුද්ගලික ආරක්ෂක කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කල ඔහු එක්සත් ජාතීන්ගේ සමුළුවට ඔලිව් අත්තක් රැගෙන යසර් අර්ෆත් ඇතුලුවූ ඓතිහාසික අවස්ථාවේ ඔහු අසල සිටි පුදගලයා Salameh විය. පසුව රුසියාව වෙතද සංචාරය කරමින් රාජ්‍යය නායකයන් හමුවූ ඔහු ගැන ඊශ්‍රයාලය පුදුම කරවන ආරංචියක්ද වුයේය. එනම් Salameh ඇමරිකානු CIA සංවිධානයේ ඔත්තු සපයන්නෙක් බවය.

    CIA සංවිධානය සලාමේ ගේ ත්‍රස්ථවාදී අතීතය අමතක කිරීමට තීරණය කර තිබුනේය. මියුනිච් සංහාරයත්, කාර්ටුම් හි ඇමරිකානු තානාපතිවරු ඝාතනය කිරීමත් මෙන්ම ඔහු තවමත් ලොව භයානකම ත්‍රස්ථවාදියෙක් යන සියල්ලම ඔවුන් අමතක කර දමමින් CIA ඔත්තුකරුවෙක් ලෙස ඔහුව බඳවා ගැනීමට කටයුතු කර තිබුනේය. ඔහු ඇමරිකාවට කීකරු පක්ෂපාතී සේවකයෙකු වනු ඇති බවට ඔවුන් විශ්වාස කලේය. ඇමරිකානුවන් ලබාදුන් මුදල් ප්‍රතික්ෂේප කරත් ඔහු CIA විසින් සියලුම වියදම් දැරූ දීර්ඝ හවායි සංචාරයක නිරත වුයේය.

    ඊශ්‍රයාලය තුලද මේ වනවිට වෙනස්කම් සිදුව තිබුනි, අගමැති ධූරයේ ඒ වනවිට කටයුතු කරමින් සිටියේ Menachem Begin ය. මොසාඩ් ප්‍රධානියාද වෙනස්වී ජනරාල් Yitzhak Hofi එම ධූරයට පත්වී තිබුනේය.

    සලාමේ ගේ ජීවන පෙරළියෙන් පසුව තවදුරටත් ඔහුගේ ජීවිතයට අනතුරක් නොමැති බව ඔහුගේ මිතුරන් විශ්වාස කලේය. නමුත් ඔහුට නිරතුරුවම අනතුරක ඉව දැනෙමින් තිබුනේය. ඔහු වරින් වර ඒ ගැන අදහස්ද පලකර තිබුනේය. "මගේ ඉරණම විසඳෙන දිනය ඉක්මණින්ම පැමිණෙනු ඇත, එවිට මා බේරා ගැන්මට කිසිවකුටත් නොහැකිවනු ඇත" මාධ්‍යයවේදියෙකුට අදහස් පල කරමින් ඔහු කියා තිබුනි.

    ඉරණම වෙත ඔහු ලඟා කරවීමට ඊශ්‍රයාලය නැවතත් තීරණය කලේය.

    රහසිගත මොසාඩ් ඒජන්තයෙකු බේරුට් වෙත යවා සලාමේ ව්‍යායාම කිරීම සඳහා යොදාගන්නා ශරීර සුවතා මධ්‍යස්ථානයේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු සම්පාදනය විය. එක් දිනක් මෙම නියෝජිතයා හුමාල ස්නානය පිණිසවූ කුටියට ඇතුලු වූ විට ඒ තුල නිරුවතින් සිටින සලාමේ මුහුණට මුහුණ හමුවිය.

    මේ අදහාගත නොහැකි සොයාගැනීම මොසාඩ් මූලස්ථානය තුල විවිධාකාරයේ වාද විවාද ඇතිවීමට හේතු කාරණා වුයේය. වැසුණු කුටියක නිරුවතින් සිටින සලාමේ ගොදුරු කර ගැනීම ඉතාම පහසු ක්‍රියාවකි. අනෙක් අතින් ඔහු එහිදී මරා දැමීම සිවිල් වැසියන් කිහිප දෙනෙකුගේම ජීවිත අනතුරේ දැමීමකි. විවාද රාශියක් අවසානයේ එම සැලසුම අත්හැර දැමීමට මොසාඩ් තීරණය කලේය.

    දැන් අපි Erika Mary ගේ කුටියට ඇතුල් වෙමු.

    ඇය තනිව විසූ ඉංග්‍රීසි ජාතික කාන්තාවකි. පසුගිය වසර කිහිපය ජර්මනියේ ජීවත්ව තිබුනු ඇය බේරුට් නුවර මහල් නිවාසයක කුළී පදනම මත නැවතී සිටියේය. අසල්වැසියන් ඇයව පෙනලොප් යන අනවර්ථ නාමයෙන් හැදින්වීය. Erika ඔවුන්ට පැවසූ ආකාරයට ඇය සේවය කරන ලද්දේ දුප්පත් කුඩා දරුවන් වෙනුවෙන් සුභ සාධන කටයුතු සිදු කෙරුනු ජාත්‍යන්තර සංවිධානයකය. ඇත්තවශයෙන්ම ඇය රෝහල් සහ එවැනි සංවිධානයන්හි කාර්යාල අසල දැකගත හැකිවිය. ඇය සලාමේ හමුවන බවටත් සමහරුන් අතර අදහසක් විය. කෙසේනමුත් හුදකලා ගැහැණියක් ලෙස දිවි ගෙවන ඇයගේ තනියට බළලුන් කිහිප දෙනෙක් එහි සෑම විටම සිටියේය. චිත්‍රකලාවේ සමත් කම් ඇති තැනැත්තියක් බව කීවත් ඇයගේ සිතුවම් කරණය දුටු අයට එය එතරම් සත්‍යය නොවන බව පසක් විය.

    ලෙබනනයේ සුන්දරත්වය සිතුවම් කිරීමට වඩා ඇය සත්‍යය වශයෙන්ම කැමැත්තක් දැක්වූයේ පහළින් ඇති වීදියේ ගමන් කරනා වාහන පිළිබඳව සොයා බැලීමටයි. දිනපතා මෙම වීදීයේ ගමන් ගන්නා මෝටර් රථ දෙකක් ඇයගේ නිරීක්ෂණයට හසුවිය. එම Chevrolet Station wagon වර්ගයේ වාහනය සහ සැම විටම එය පසු පසින් ගමන් ගන්නා Land Rover ජිප් රථය දිනපතා ගමන් ගන්නා වේලාව සහ දිශාවන් ඇය රහස් සංකේත භාවිතා කරමින් සටහන් කරගත්තේය. සෑම උදෑසනකම අසල පෙදෙසකින් පැමිණෙන මෙම වාහන යුගලය ෆටා මූලස්ථානය දෙසට ගමන් ගත්තේය. නැවතත් දහවලේදී අනෙක් පසට ගමන් ගෙන සවස් වන විට නැවත ෆටා මූලස්ථානය වෙත ගමන් කලේය.

    දුර දක්නයක් භාවිතා කර කරනු ලැබූ නිරීක්ෂණයේදී Chervolet රථයේ පසුපස අසුනේ සිටින සලාමේ Erika ට දක්නට ලැබුනේය. ඔහු සමග ශරීරාරක්ෂකයින් කිහිප දෙනෙක්ද එහි සිටියේය.

    සලාමේ ආරක්ෂා කිරීමට ඔහුගේ ආරක්ෂකයින්ට හැකියාව තිබුනත්, රහස් දිවියක භයානකම දුර්වලතාවය වන ඒකාකාරී ජීවන රටාවෙන් ඔහු මුදවා ගැනීමට ඔවුන්ට නොහැක. සලාමේගේ විවාහයෙන් පසු ඔහු ස්ථීර ජීවන චක්‍රයකට මැදි වුනේය. බිරිඳ සමග Snoubra පෙදෙසේ පදිංචිව සිටි ඔහු සෑම උදෑසනකම එකම වේලාවකදී සේවය පිණිස පිටත්ව ගොස් දහවලේදී නැවත නිවස වෙත පැමිණ ආහාර ගෙන විවේකයෙන් සිට සවස නැවතත් සේවා ස්ථානය වෙත ගමන් කිරීම පුරුද්දක් බවට පත්ව තිබුනේය. ඔහුට නොදැනුවත්වම රහස් දිවියකදී සිදු කල යුතු,

    ඒකාකාරී පුරුදු ඇති කර ගැනීම, එකම ලිපිනයේ රැදී නොසිටීම, එකම වේලාවක ගමන් නොකිරීම, එකම මාර්ගය භාවිතා නොකිරීම වැනි දේ ඔහු නොසලකා හැර තිබුනි.

    1979 ජනවාරි 18 වැනි දින බේරුට් වෙත පැමිණි Peter Scriver නම් බ්‍රිතාන්‍යය සංචාරකයෙක් සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන Volkswagen වර්ගයේ මෝටර් රථයක්ද කුළියට ලබාගත්තේය. එදිනම ඔහු වෙනත් හෝටලයක නවාතැන් ගෙන සිටි Ronald Kolberg නම් කැනේඩියානු ජාතිකයෙක් හමුවූයේය. ඔහු සතුවද කුළියට ලබාගත් මෝටර් රථයක් විය. මේ Kolberg යනු අන් කවරෙකුත් නොව සුප්‍රසිද්ධ මොසාඩ් ප්‍රහාරකයා වූ David Molad ය. ඔවුන්ගේ තුන්වන සගයා වූ Erika ද සංචාරයක් පිණිස බව පවසා Datsun වර්ගයේ මෝටර් රථයක් ලබාගෙන ඇයගේ නිවස අසල ගාල් කර තාබා ගත්තේය.

    එදින රාත්‍රියේ බීරුට් හි පාළු වෙරළකට ලඟාවූ ඊශ්‍රයාල මිසයිල බෝට්ටු තුනකින් විශාල පුපුරණද්‍රව්‍යය තොගයක් වෙරලේ අතහැර ගියේය, Kolberg සහ Scriver එහි පැමිණ ඒවා Volkswagen රථයට පටවාගෙන පිටත් විය.

    ජනවාරි 21 වැනි දින හෝටලයෙන් පිටත් වූ Peter Scriver ඔහුගේ Volkswagen රථය Rue Verdun වීදියේ පිහිටි Erika ගේ නිවසට පෙනෙන ස්ථානයක වාහනය ගාල් කර පසු කුළී රියකින් ගුවන්තොටුපල වෙත ලඟාවී සයිප්‍රසය බලා ගමන් කලේය. Kolberg ද සිය වාසස්ථානය වෙනස් කරමින් වෙනත් හෝටලයක ලැගුම් ගත්තේය.

    සවස 4.45ට, සුපුරුදු පරිදි සලාමේ සිය රථය වෙත ගොඩවී ආරක්ෂකයින් සිටි Land Rover රථයත් සමග ෆටා මූලස්ථානය දෙසට ගමන් ඇරඹුවේය. මෝටර් රථ යුගලය ටික වේලාවකින් Madame Curie වීදියේ සිට Rue Verdun වෙත ලඟා වූයේය.

    අසල ගොඩනැගිල්ලේ අටවැනි මහලේ සිටි Erika Chambers ඔවුන් වීදිය කරා ලඟාවන ආකාරය බලා සිටියේය. ඇය අසලම Molad ද සිටියේ දුරස්ථ පාලන උපකරණයක් අත දරාගෙනය.

    සලාමේගේ Chervolet රථය නවතා තිබුනු Volkswagen රථය පසු කරමින් සිටියේය. එවිටම Molad දුරස්ථ පාලකය ක්‍රියාත්මක කලේය.

    විශාල දුම්වලාවක් නගමින් Volkswagen රථය පුපුරා ගියේය. Charvelot රථය තුලින් ගිනිදැල් නැගෙන ආකාරය දැකගත හැකිවිය. අසල නිවාස වල ජනෙල් වීදුරු කම්පනයෙන් බිඳී ගොස් තිබුනේය. මෝටර් රථය කරා ලඟාවූ ජනයා මෝටර් රථය තුල වැටී තිබුනු සිරුරු විමසා බලන්නට විය.

    ඩැමස්කස් නුවර සමුළුවක සිටි යසර් අර්ෆත් වෙත විශේෂ පණිවුඩකරුවෙක් පැමිණ ටෙලිග්‍රෑම් පතක් ලබාදුනි. එය කියවමින් සිටි අර්ෆත් එක්වරම හඬාවැටෙන්නට විය.

    එදින රාත්‍රියේ ඊශ්‍රයාල මිසයිල බෝට්ටුවකින් නිකුත් කෙරුණු රබර් ඩිංගියකට නැගුනු Ronald Kolberg සහ Erika Chambers පැය කිහිපයකට පසු ඊශ්‍රායලය වෙත ලඟාවුයේය.

    Black September හි අවසානය ලඟා කරවූ Operation Wrath of God හි අවසානය එසේ සනිටුහන් විය.

    ...............................................................................................

    Mossad: The Greatest Missions of the Israeli Secret Service කෘතිය ඇසුරෙනි.



    qc1yHdg.jpg



    Yasser Arafat සහ Abu hassan salameh




    0aKkdm0.jpg



    Salameh ගේ බිරිඳ වූ Georgina Risk
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොසාඩ් ලිපි අංක 1


    http://www.elakiri.com/forum/showpos...75&postcount=1



    මොසාඩ් ලිපි අංක 2


    http://www.elakiri.com/forum/showpos...27&postcount=1




    මොසාඩ් ලිපි අංක 3


    http://www.elakiri.com/forum/showpos...18&postcount=1



    මොසාඩ් ලිපි අංක 4


    http://www.elakiri.com/forum/showpos...07&postcount=1


    මොසාඩ් ලිපි අංක 5


    http://www.elakiri.com/forum/showpos...68&postcount=1






    මොසාඩ් ලිපි අංක 6

    http://www.elakiri.com/forum/showpost.php?p=24525672&postcount=1
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ මෙව්වනේ බන්, ඉන්ටෙලිජන්ට් ගේම්...පට්ටම පට්ට.

    උඹට රෙප් දෙන්න එපාලු දැන්ම......

    මේ සීරිස් එක නම් මරු බන්...

    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔත්තු සේවා ක්‍රියාන්විත වලදී දේව වාක්‍යක් බදු වන confirm, confirm & again confirm යන්න එකතු වුයේ ඔය කියන මොසාඩ් හි වැරදුනු කුරුමානම වන නොර්වේ දඩයම නිසාය.....

    මෙලොව සිටින අතිශයින්ම බුද්ධිමත් සහ දේශප්‍රේමී මිනිසුන් මට හමුවී ඇත්තේ ඔත්තු සේවා තුලදීය.......
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔත්තු සේවා ක්‍රියාන්විත වලදී දේව වාක්‍යක් බදු වන confirm, confirm & again confirm යන්න එකතු වුයේ ඔය කියන මොසාඩ් හි වැරදුනු කුරුමානම වන නොර්වේ දඩයම නිසාය.....

    මෙලොව සිටින අතිශයින්ම බුද්ධිමත් සහ දේශප්‍රේමී මිනිසුන් මට හමුවී ඇත්තේ ඔත්තු සේවා තුලදීය.......


    :)
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ඔත්තු සේවා ක්‍රියාන්විත වලදී දේව වාක්‍යක් බදු වන confirm, confirm & again confirm යන්න එකතු වුයේ ඔය කියන මොසාඩ් හි වැරදුනු කුරුමානම වන නොර්වේ දඩයම නිසාය.....

    මෙලොව සිටින අතිශයින්ම බුද්ධිමත් සහ දේශප්‍රේමී මිනිසුන් මට හමුවී ඇත්තේ ඔත්තු සේවා තුලදීය.......
    :yes: