මොහොතක් නතරවෙන්න. තමුන් කොතැනද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මොහොතක් නතරවෙන්න. තමුන් කොතැනද?

    මොහොතක් නතරවෙන්න.....තමුන් කොතැනද.....


    images.jpg



    අපි බොහො විට අපිට නැති දේ ගැන දුක් වෙනවා..... හැබැයි අපි ලඟ තියන දේ ගැන අපි වැඩිය හිතන්නේ නැහැ.... සමහර වෙලාවට අපිට තියෙන්නේ මොනද කියලා අපි වටහාගෙන නැහැ....


    මේ ලෝකේ මිනිස්සු වර්ග හතරක් මම දකිනවා.....


    1. තමන් දන්නා බව දන්නා කොටස...
    2. තමන් දන්නා බව නොදන්නා කොටස..
    3. තමන් නොදන්නා බව දන්නා කොටස
    4. තමන් නොදන්නා බව නොදන්නා කොටස


    මෙන්න මේ විදියට දැනුම අනුව අපිට සමාජය වර්ග කරන්න පුලුවන්...


    මේ අතරින් තමා දන්නා බව අය...නිතරම සමාජයත් පුද්ගලයාත් සංවර්ධනයට වගේම සමාජ ප්‍රගමනයකට උරදෙන කොටසක්, නොදන්නා බව දන්නා කොටස තමන් නොදන්නා‍ දේ දැනගැනීමට පෙළබෙන එහෙමත් නැත්නම් දැනුම හොයාගෙන යන කොටසක් ... ගැටළුව තියෙන්නේ මේ අනිත් කොටස් දෙක.... තමන් යමක් දන්නා බව නොදන්නා කොටස.. මේ අය හරියට "පතෝල" වගේ ගුනත් නෑ අගුනත් නෑ....ඔවුන් දන්නා දෙයින් ඔවුන්ටත්... සමාජයටත් වැඩක් නැහැ.....මේ අවසාන කොටස තමයි මෙලෝ රහක් නැත්තේ...මේ කොටස සමා‍ජයට බරක්.....මොවුන් තමයි සාමාජය අවුලට පත්කරන්නේ....


    විරාමයක් ගන්න ජීවිතේ...අරගන්න කොලයක්.. පෑනක්...1 න් පටන් අරගෙන ලියන්න තමන්ට පුලුවන් දේ අවංකවම... උදාහරණයක් විදියට ඔබට උයන්න පුලුවන්ද ? ලියන්න... මල් වවන්න...ලියන්න...කවි ලියන්න...මෙකී නොකී සියලු හැකියාවන් ලියන්න ලැයිස්තුවක්....ඔබ කොයිතරම් දේ දන්නවද ? ඔබ නොදන්නා දේ මොනවද ? ඇතිකරගන්න වැටහීමක්......ඔබ යමක් තේරැම් ගනියි... ඔබත් හැකියාවන් රැසක් ඇති පුද්ගලයෙක් බව.....


    හැකියාව, දැනුම හා ආකල්ප වර්ධනය කරගන්න.... කුසලතාවක් ඇත්තෙකුට වඩා නිපුනත්වයත් ඇත්තෙකු වන්න උත්සහ කරන්න..මෙහි වෙනසක් ඇත...එය හඳුනාගන්න.....උත්සහකරන්න....ඔබ පරාජයට පත් වුනත් ඒ ලත් අත්දැකීම් දිනක ප්‍රයෝජනවත් වනු ඇත.....



    පාවහන් නැතිව ලතවෙන අපට දෙපා නැත්තන්ගෙන් බොහෝ දේ උගත හැකිය....





    Source : ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..

    Code:
    http://jbasnayaka.blogspot.com


    :yes::yes::yes::yes:


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල..උඹ ඉමේජ් එකක් දැම්මද? ඕපන් වෙන්නෙ නැහැ.... රෙප් +5
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    නියමයි..
    ඇත්ත තමා අපිට තියෙන දේ ගැන නෙමෙයි අපි නිතරම හිතන්නෙ අපිට නැත්තෙ මොනාද කියන එක..